IMG-LOGO

2025 ජනවාරි මස 03 වන සිකුරාදා


ව්‍යවසායකත්වය රට පුරාම ප්‍රචලිත කිරීම මගේ අරමුණයි - සර්ව ජනබලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උපාලි ජයසේකර

මෙවර මහ මැතිවරණයට සර්ව ජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උපාලි ජයසේකර මහතා සමග කළ සාකච්ඡාවකි.

 සර්ව ජන බලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ඔබයි. මොනවද තබා තිබෙන බලාපොරොත්තු?

මේ මැතිවරණයට අපි ඉතාම හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කර තියෙනවා. ජනාධිපතිවරණයේ දී අද අපේ පක්ෂයේ නායක දිලිත් ජයවීර මැතිතුමා සමග එකතුවෙලා රට දිනවීමට සමත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. වෙන අය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරනකොට අපි ඉදිරිපත් කළේ වැඩපිළිවෙළක්. රටට කෙරෙන්න ඕනෑ දේ මොකක්ද කියලා කරන්න පුළුවන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් අපි ඉදිරිපත් කළා.

 මොකක්ද ඒ වැඩපිළිවෙළේ විශේෂත්වය?

රටේ ආර්ථිකය ගත්තොත් මාසික පඩියක් ලබන ගෙදරක තියෙන ආර්ථිකේනෙ තියෙන්නේ. අපි එතැනින් එළියට එන්නනම් විශාල පිම්මක් පනින්න ඕනෑ. ගෙදර මාසික ආදායම වැඩි කරගන්න මොනවා හරි කරනවා වගේ රටේ ආදායම වැඩි කරගන්න යමක් කළ යුතුයි. රටේ දල දේශීය නිෂ්පාදනය දෙගුණයක් තුන් ගුණයක් බවට ඉතාම කෙටි කාලයකින් ගේන්න ඕනෑ. ඒකට අවශ්‍ය උපාය මාර්ගික සැලැස්මක් තමයි අපි ඉදිරිපත් කර තියෙන්නේ. අපේ රටේ තියෙන සම්පත් ප්‍රයෝජනයට අරගෙන ආර්ථීකය නංවන වැඩපිළිවෙළක් තමයි අපි ඉදිරිපත් කර තියෙන්නේ.

 මොනවද ඔය ඔබ කියන සම්පත්?

අපේ රටට අයිති සම්පත් වර්ග 5ක් තියෙනවා. පළමුවැනි දේ තමයි මහ මුහුද හා ඒ ආශ්‍රිත සම්පත්. ඒ වගේම අපේ අහස සහ අහස ආශ්‍රිත සම්පත් ටික. අපට අයිති මහ පොළොව සහ එයට අයිති සම්පත් ටික. අපේ රටේ වැදගත්ම සම්පත තමයි මානව සම්පත. ඒ වගේම අපට තව සම්පතක් තියෙනවා පිටරට තියෙන සම්පත් ටික. මේ සම්පත් පහ හරියට අපි කළමනාකරණය කරලා රටේ ආර්ථිකය පොහොසත් කරලා ලෝකයේ ඉතාම දියුණු ජාතියක් හැටියට නැගී සිටින්නේ කොහොමද කියලා තමයි අපි අපේ උපායමාර්ගික සැලැස්මෙන් ඉදිරිපත් කර තියෙන්නේ. ඒ වැඩපිළිවෙළ ජනතාවට අපි ඉදිරිපත් කළා. දිලිත් ජයවීර මැතිතුමාට විශාල ජනතා ආකර්ෂණයක් වගේම මනාප විශාල ප්‍රමාණයක් ලැබුණා. මනාප ගණන් කළානම් දෙවැනි තැනට දිලිත් ජයවීර පත්වෙන්න තිබුණා.

 ඔහොම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න රාජ්‍ය බලය අවශ්‍යයි. එහෙත් ඔබලා ඉල්ලන්නේ විපක්ෂයේ බලය?


අපි මේ පාර විපක්ෂයේ බලය ඉල්ලන්නේ විපක්ෂයේ මෙච්චර කාලයක් හිටියේ නෑ දැක්මක් තියෙන පිරිසක්. 1977 න් පස්සේ මේ රටේ හිටපු කිසිම විපක්ෂ නායක කෙනකු මේ රටේ ජනාධිපති වුණේ නෑ. එක අවස්ථාවක් තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2002 – 2004 ඉතාම කෙටි කාලයක් විපක්ෂ නායක වෙලා හිටියා. එතුමා හැර 77 න් පස්සේ වෙන කිසිම කෙනෙක් විපක්ෂනායක වෙලා ඉඳලා ජනාධිපති වෙලා නෑ. ඒකට හේතුව තමයි ඒ කිසිම විපක්ෂනායකයකුට දැක්මක් තිබුණේ නෑ. වෙනත් රටවල පවතින රජය පෙරළුණාම බලයට එන්නේ විපක්ෂයනේ. හැබැයි ලංකාවේ එහෙම නෑ. හැමදාම වුණේ ඉන්න විපක්ෂනායක මොකක් හරි දෙයක් කරලා කාව හරි ඉදිරිපත් කරනවා. මේක වෙනස් කරන්න ඕනැ නිසා තමයි අපි විපක්ෂයට එන්න හදන්නේ. මාලිමාවේ ජනාධිපති විශාල පොරොන්දු තොගයක් ජනතාවට දීලා තියෙනවා. මේ පොරොන්දු ඉටු කරගන්න ඒගොල්ලන්ට සහාය දෙන්න පුළුවන් පිරිසක් විපක්ෂයේ ඉන්න ඕනෑ. ජනතාවට දීලා පොරොන්දු ඉටු කළොත්නේ ජනතාවට සතුටෙන් ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසයි දැක්මක් තියෙන විපක්ෂයක් ඉන්න ඕනෑ. ආණ්ඩුව කරන හොඳ වැඩවලට සහාය දෙන රටට අහිතකර දේ වළක්වන්න පුළුවන් හොඳ විපක්ෂයක් වගේම හොඳ විපක්ෂ නායකයකු ඉන්න ඕනෑ. ඉතින් අපේ නායකතුමාම හොඳ දැක්මක් තියෙන දුරදක්නා නුවණින් කටයුතු කරන හොඳ නායකයෙක්. එවැනි පුද්ගලයකු මේ රටේ ඊළඟ නායකයා හැටියට අපි යෝජනා කරනවා. ඒ වෙනුවෙන් තමයි අපි විපක්ෂයේ බලය ඉල්ලන්නේත්. එතුමා විපක්ෂනායක කරන්න ඉල්ලන්නේත්.

 මේ මැතිවරණය අභියෝගාත්මක නැද්ද?

මේ අවස්ථාව අභියෝගාත්මක තමයි. මේ අභියෝගය අපට විශාල අවස්ථාවක් ලැබිලා තියෙනවා. වෙන කිසිම පක්ෂයකට නායකයෙක් නෑ. නායකයකු කියලා ඉන්න අය ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. විපක්ෂ කණ්ඩායම්වල ඡන්ද ඉල්ලන පක්ෂවල කිසිම නායකයකු නෑ ජනතාව පිළිගත්ත. විපක්ෂයෙන් ඡන්දෙ ඉල්ලන අපේක්ෂකයන් විශාල වශයෙන් ප්‍රතික්ෂේප වෙච්ච අය 225 ම  එපා කියලනේ කිව්වේ. එයින් හැටක් විතර තමයි ඡන්දෙ ඉල්ලන්නේ නැත්තේ. තව 165 ක් ඉන්නවා. ඒ අය අතුරෙන් සියයට 95 ක් ඉන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු අය. ඔවුන් ගෙදර තියන්න හොඳ අවස්ථාවක් මේ මහ මැතිවරණය. සර්ව ජන බලය අපි ඉදිරිපත් කරලා තියෙන කණ්ඩායම් පෙනේරයකින් පෙරළා ගන්නවා වගේ පෙරළා ගත්ත හොඳම පිරිසක්. මම ව්‍යවසායකයෙක් වගේම වරලත් ගණකාධිකාරිවරයෙක්. මම ඡන්දෙකට එන පළමු අවස්ථාව. ව්‍යාපාර  ක්ෂේත්‍රයෙන් මම දියුණු වෙච්ච කෙනෙක්. මම මේ රටේ කර්මාන්තකරුවන්ට සෘජුවම සම්බන්ධ කෙනෙක්. මට අවශ්‍ය වුණා ව්‍යවසායකත්වය රට පුරාම ප්‍රචලිත කරන්න. ඒ වෙනුවෙන් තමයි මම ඡන්දයට එන්නේ.


  • ප්‍රසන්න සංජීව තෙන්නකෝන්

 



අදහස් (0)

ව්‍යවසායකත්වය රට පුරාම ප්‍රචලිත කිරීම මගේ අරමුණයි - සර්ව ජනබලය පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක උපාලි ජයසේකර

ඔබේ අදහස් එවන්න

දේශපාලන

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 591 0

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


දරුවන් පාසලෙන් ඈත්වීම ගැන සොයා බැලිය යුතුයි
2025 ජනවාරි මස 02 782 7

උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා


’’ඔබට හොඳ සෞඛ්‍යයක් දීම අපේ වගකීමයි’’
2025 ජනවාරි මස 01 659 2

ආර්ථිකය නැංවීමට දායකවන ජනතාවට නිරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් අත්පත් කරදීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වන බව නව වසරේ රාජකාරී ආරම්භ කරමින් සෞඛ්


තරුණ-ක්‍රීඩා අමාත්‍යංශයත් ක්ලීන් වෙයි
2025 ජනවාරි මස 01 1213 3

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ද රජයේ Clean Sri Lanka වැඩසටහනට සමගාමීව අද වැඩ ඇරැඹූහ.


‘දූෂණ පිළිකාව සුව කරනවා‘
2025 ජනවාරි මස 01 783 3

ශ්‍රී ලංකාවට වැළඳී තිබෙන දූෂණය වංචාව නාස්තිය නැමැති පිළිකාව සුව කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනාධිපති කාර්යා


අපි ගහන්නේ විස්සයි 20 මැච් එකක් නොවේ
2024 දෙසැම්බර් මස 29 1028 1

මීට පෙර මෙරට බලයට පත්වූ රජයන් ක්‍රියාත්මක කළ දින 50,100 මාස 06, අවුරුද්ද වැඩසටහන් මෙන් නොව ජාතික ජන බලවේගයේ වැඩසටහන අඛණ්ඩව දිගටම කරගෙන යන බව ජාතික ජන බලවේගය ම


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 371 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 191 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 175 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site