(මුදිතා දයානන්ද)
අපි රට ණය කරන වාණිජ ණය ගන්නේ නැහැ. මාළඹේ කොටුව සැහැල්ලූ දුම්රිය මාර්ගය ඉදිකිරිමට ජයිකා ආයතනයෙන් ණය ගනු ලබන්නේ 0.1% පොලියක් මත යැයිද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (29) පැවසීය.
රණවක මහතා මේ බව සඳහන් කළේ මාළඹේ- කොටුව සැහැල්ලූ දුම්රිය මාර්ගය ඉදිකිරිමේ ශක්‍යතා වාර්තාව ජයිකා ආයතනයේ ප‍්‍රධාන නියෝජිත උසාකෝ තනාකා මහතා විසින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදි සැහැල්ලූ දුම්රිය මාර්ග ඉදිකිරිමේ ව්‍යාපෘතියට අදාල වෙබි අඩවිය විවෘත කිරීමද අමාත්‍ය පාඨළී චම්පික රණවක මහතා අතින් සිදුකෙරුණ අතර අඅඅගජකරගකන ඔස්සේ ඕනෑම කෙනෙකුට එහි තොරතුරු ලබාගත හැකිය.
කොළඹට පිවිසෙන ප‍්‍රධාන මහාමාර්ග අතරින් වැඩිම වාහන ප‍්‍රමාණයක් ගන්නා මාර්ගය ලෙස හඳුනාගෙන තිබෙන කඩුවෙල කොටුව මාර්ගයෙන් කොළඹට පැමිණෙන වාහන ප‍්‍රමාණය අවම කිරිම හා මිනිස් ශ‍්‍රම කාලය අපතේ යාම අවම කිරිම ඇතුලූ අරමුණ රැසක් ඉලක්ක කරගත් මෙම ව්‍යාපෘතිය 2020දී වැඩ ආරම්භ කර 2024 දී ජනතා අයිතියට පැවරීමට අමාත්‍යංශය බලාපොරොත්තු වේ.
මෙම දුම්රිය ගමනාන්තයට ගත කරන කාලය මිනිත්තු තිහක් වන අතර එක නැවතුම්පොළකට ගතකරන කාලය තත්පර තිහකි. ගමනාන්තය දක්වා දුර කිලෝමීටර 16ක් වන අතර නැවතුම් පොළ 16ක්ද ඉදිකෙරේ. කාර්යාල සංකීර්ණ පවතින ස්ථාන ආශ‍්‍රිතව පවතින නැවතුම්පොළවල සිට අදාල ආයතන පරිශ‍්‍රය ආසන්නයටම දුම්රිය මාර්ගයට සමාන්තරව ඉහළින් පදික මාවතක්ද ඉදිකෙරේ.
මෙහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙසේද පැවසීය.
අපි කිසිම ව්‍යාපෘතියක් රට ණය බරෙන් මිරිකෙන සේ සිදුකරන්නේ නැහැ. මේ දුම්රිය මාර්ගය හා සමානව තවත් මාර්ග තුනක් ඉදිකිරිමට අපි සැලසුම් කර තිබෙනවා. ඒවා සියල්ල රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස තමයි ක‍්‍රියාත්මක කරන්නේ.
රට සංවර්ධනය සඳහා කියලා චීනෙන් ණය අරන් තමන්ගේ පෞද්ගලික මැතිවරණ ව්‍යාපාරවලට යොදවා සමහරු රට ණය කළා. ඒ ගැනත් ඉදිරියේදී පරික්ෂන ක‍්‍රියාත්මක වෙනවා.
මෙම අවස්ථාවට මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ හා ජයිකා ආයතනයේ නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජිව
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ශ්රී ලංකාව ණය කරන වාණිජ ණය අපි ගන්නේ නැහැ‘- පාඨලී
Mo77 Friday, 29 June 2018 02:04 PM
කොපමණ අධ්‍යයනයන් මේ ව්‍යාපෘතිය සඳහා සිදුකර තිබේද?
senarath Friday, 29 June 2018 06:24 PM
ණයක් නොවී ණයගන්න අලුත් ක්‍රමයක් සොයාගෙන වෙන්න ඇති. එහෙම ණය අරගනිපු නිසා වෙන්න ඇති 2015 දී රුපියල් 133 ට තිබුණු ඩොලරය අද රුපියල් 161 ක් වුනේ... ණය ගත්තට කමක් නැහැ. ඒ මුදලෙන් රටට වැඩදායක දෙයක් කරනවා නම්.... දැන් කෙරෙන කිසිම දෙයක් නැහැ. එ්ත් ණය කන්ද හිටු කියලා වැඩිවෙනවා. ඇමතිලා සැපවිඳිනවා. දුප්පත් මිනිහට එක වේලක් කන්නත් බැහැ. ඇමැතිලා බලාගෙන ඉන්නේ තමන්ට ගාණ කපාගන්නේ කොහොමද කියලා.