IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්

(අශන්ති වරුණසූරිය)

සජිත් ප්‍රේමදාස මහතා සීනිබෝල දේශපාලනයක නිරතව සිටින බවද ඔහුට නායකයකු විය නොහැකි බවත් තමන් ආණ්ඩුවට එකතු වීමට ගත් තීරණය සම්බන්දයෙන් සතුටට පත් වන බව ද හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති බවත් සාධාරණ සමාජයක් වැඩ පිළිවෙල වෙනුවෙන් නායකත්වය ලබා දීමට  සූදානම් බවත් සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. එම ගමනට තමන් සමඟ මන්ත්‍රී කණ්ඩායමක් එකතු වීමට ද නියමිත බව අමාත්‍යවරයා පැවසුවේය.

මේ ඔහු සමඟ කළ සංවාදයකි. 

 

පසුගිය දා උපන්දිනේ සැමරුවා නේද ?

කොන්ඩේ ප්‍රශ්ණයක් නිසා පාටියක් ගන්න බැරි වුණා. සාමාන්‍ය විදියට හිටියා. මම හිතුවට වඩා විශේෂ සුබ පැතුම් රාශියක් ලැබුණා. සියල්ලෙන් යම්කිසි විශ්වාසයක් ගොඩ නැගීගෙන එනවා කියලා තේරුණා.

ආණ්ඩුවට එකතු වෙන්න ඔබ ගත්ත තීරණේ ගැන අද මොකද හිතෙන්නේ ?

මගේ හදවතට එකඟව ගත්ත තීරණයක්. හෙටක් නැති රටක් බාර අරං ඒකට පොඩි එළියක් වැටෙනකොට, ඒක නැති කරන්න උත්සහ කරන මිනිස්සු ඉන්න එක ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ. නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා රටේ මිනිස්සු මේ තත්වය තේරුම් ගනියි කියලා. කවුරු කොහොම විවේචනය කළත් කළ නොහැකියි කියූ දේ අපි කරමින් ඉන්නවා. තනි මිනිහෙක් ජනාධිපති වෙලා, ඔහුට විරුද්ධ වූ කණ්ඩායමක් සමඟ මේ කරන වැඩේ අගයන්න අවශ්‍යයි. අද අපි මේ පිරිස සමඟ වැඩ කරන්නේ විපක්‍ෂය නොපැමිණි නිසා. 

විපක්‍ෂය ද ? සජිත් ප්‍රේමදාස ද ?

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස ඇතුළු සියලු දෙනාටම එදා ආරාධනා කළා. නමුත් ඔවුන් රට පසෙකලා තනි බලයක් ගැනීමට තරම් ආත්මාර්ථකාමී වුණා. රට ප්‍රශ්නෙක නම් ඊට මුල් තැන දිය යුතුයි. මම ගෙනාපු නායකයා සජිත්, නමුත් ඔහු අභියෝගයක් බාර ගත නොහැකි කෙනෙක්. ඉතිං එහෙම කෙනෙක් සමඟ රැඳීම වැඩක් නැහැ කියලා මට හිතුණා.

නමුත් මන්ත්‍රී මුජුබර් රහුමාන් නම් කියන්නේ ඩීල් එකකට අනුව මේ මාරුව සිදු වුණා කියලා ?

කිසිදු වැටුපක් ගන්නේ නැතුව, ආණ්ඩුවෙන් කිසිම දේකට සත පහක්වත් නොගැනීම තමයි ඩීල් එක.

එදා ඔබට සාර්ථක නායකයෙක් ලෙස පෙනුන සජිත්ගේ අඩුපාඩු ගොඩක් අද පෙනෙන්න අරං ?

කෙනෙක්ව හරියට තේරුම් ගන්න පුළුවන් ප්‍රශ්නයක් ආපු වෙලාවට. පසුගියදා මෙරට සිදු වූ බොහෝ සිදුවීම් මට තිගැස්සමක් ඇති කළා. ගෙවල් ගිණි ගනිද්දී මට සංවේදී වුණේ පවුලේ මිනිස්සු ගැන සහ අසරණ සත්තු ගැන. තිරිසන් තත්වෙකට රට පත්වූ විට දේශපාල කෝණයකින් රට ගැන බලනවට වඩා නායකත්වයක් දෙන්න ඕන තැනක් එතන. එවන් අවස්ථාවක ජනාධිපතිකතා කළාම නායත්වය ගත්තේ නැති එක ප්‍රශ්ණයක්. සජබේ හිතන් ඉන්නේ ඊළඟ ආණ්ඩුව ඔවුන්ට කියලා. එතැනදී කැබිනට් ලැබෙයි කියලා.

සියල්ල සමඟ සජිත් කියන්නේ මම දැකපු කෙනා නෙමෙයි කියලා මම තේරුම් ගත්තා. මම තනියෙන් තීන්දුවක් ගත්තා. මනූෂත් එම තීරණයටම පැමිණියා. ඒවගේම කියන්න ඕන, සජබේ තව අය ඉන්නවා මේ තීරණේ ගන්න. සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්. එහෙම කෙනෙක්ට නායකයෙක් වෙන්න බැහැ. නායකයෙක් වෙන්න නම් ඔහුගේ වටේ වින්මෑන් ලා සිටීම වැදගත්. නමුත් සජිත් හිතන් ඉන්නේ ඔහු තමයි එකම මෑන් කියලා.

ක්‍රමය වෙනස් කරන්න ඔබත් වෙනස් වෙන්න සූදානම් ද ?

ඔව්, පසුගිය දා කරූ ජයසූරිය සහ වික්ටර් අයිවන් ඔවුන්ගේ යෝජනා පත්‍රයක් කැබිනට් එකට ලබා දුන්නා. ඒ යෝජනාවන් කියෙවුවට පසුව මගේ ඇස් දෙක අරුනා. ඉතිං මේ ක්‍රමය වෙනස් කරන්න සාධාරණ සමාජයක් වැඩපිළිවෙලට එකතු වෙන්න මම හිතුවා. කාටවත් බැන බැන ඉදල හරි යන්නේ නැහැ  තව මාස 6,7කින් මගේ මන්ත්‍රීකම දීලා එම වැඩ පිළිවෙල පටන් ගන්න මම කැමතියි.

මෙකී වැඩපිළිවෙලට නායකත්වයක් ලබා දෙන්න ද සූදානම ?

ඔව් මම සූදානම්. මම විතරක් නෙමෙයි තව කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුත් එකතු වෙන්න කැමතියි. එජාපය පැමිණීමට අදහසක් නොමැති බවත් මේ වැඩපිළිවෙලට නායකත්වයක් ලබා දෙන බවත් මම රනිල් වික්‍රමසිංහ මහත්තයටත් පැවසුවා.

ඒ කියන්නේ SJB කණ්ඩායමක් කැඩෙනවා ? 

මම හදපු පක්‍ෂය කඩන්න මට අවශ්‍ය නැහැ. අපිට ආසාවක් තිබ්බා හර්ෂ ද සිල්වා ඇවිල්ලා මුදල් අමාත්‍යංශය ගන්නවා නම්. නමුත් හර්ෂත් සජිත් වගේ ආසයි බයයි ගතියෙන් ඉන්නේ. දේශපාලනයේදී අභියෝග බාර ගන්න අවශ්‍යයි. මම ගත්ත තීරණේ අමාරුයි, නමුත් සාර්ථක තැනකට යමින් ඉන්නවා.

සජබේ වගේම එජාපය කඩුවේ ඔබ කියලා චෝදනාවක් තියෙනවා ?

මම කැඩුවේ නැහැ. කරන්න බැරිනම් යන්න කියලා කිවුවේ සජිත්. එහෙම කිවුවට පස්සේ තවත් ඉන්න ගෙම්බෙක් වෙන්න මම කැමති නැහැ මම රට වෙනුවෙන් තීන්දුවක් ගන්න ඕන කියන තැනක හිටියේ. අපි නිධානයක් උඩ ඉදගෙන අඬනවා. ඒ ආත්මාර්ථකාමීත්වය නිසා. මම ඉල්ලන්නේ හුස්ම ගන්න කාලයක් දෙන්න. ජන්දෙකට යා යුතුයි තමයි නමුත් ඊට කළින් රට සාමාන්‍ය විය යුතුයි. අරගලෙත් පටන් ගත්තේ අපි. එදත් සජිත් බැහැ කියලා කියද්දී මම ඔහුව බලෙන් එක්කන් ගියේ. පස්සේ අරගලේ තරුණ පිරිස් අතට ගත්තා. අද වෙන්නේ එකේ රිවර්ස් එකක්. එවන් තත්වෙක ගෙම්බෙක් නෙමෙයි ඉබ්බෙක් වෙලා හරි සජෙබෙන් යන එක වටිනවා.

ඔබ දකින නායකයා රනිල් වික්‍රමසිංහ ද ?

නැහැ. තිබෙන තත්වේ එක්ක ඔහු හරි. දැන් අපිත් නෙමෙයි අලුත් චරිත එන්න ඕන. පක්ෂ වලින් ඔබ්බට ගිය නායකයෙක් අවශ්‍යයි. ඊට අවශ්‍ය වපසරිය අපි හදලා දිය යුතුයි.

ඔබේ විෂයට එමු. සංචාරකයින් ගෙන්වන වැඩපිළිවෙල කොතන ද ?

කාලකන්ණි වැඩ නොකොළොත් 2023 ලංකාවට හොඳම සංචාරක කාලයක් උදා වේවි. පෙරටුගාමීන් එක්ක එකතු වෙලා සජිත් නැති පෞරුෂයක් හදාගෙන පොරක් වෙන්න උත්සහ කරනවා. පොරක් වෙන්න මේක හොඳ වෙලාවක් නෙමෙයි. මොවුන් ඔවුන්ගේ ප්‍රතිපත්ති ගැන ලැජ්ජා වෙන්න ඕන. අපි අනෙක් රටවලට ගිහිං ලංකාව දැන් සාමාන්‍යයි කියලා ඔවුන්ට විශ්වාසයක් ඇති කළේ හරිම අමාරුවෙන්. එවන් තත්වෙක නැවත විරෝධතා නිසා සංචාරකයන්ගේ බුකින් කැන්සල් වී මේ රට වැටුණොත් එකේ වගකීම සජිත් බාර ගන්නම ඕන.

ඉඩම් සම්බන්දයෙන් රැගෙන ඇති නව වැඩපිළිවෙලවල් කෙබඳුද ?

ලංකාවේ ඉඩම් විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් කිසිම තැනක ඉඩම් ගැන නිසි විස්තරයක් හොයා ගන්න බැහැ. ලෑන්ඩ් බෑන්ක් එකක් නැහැ. ඉඩමක ගැටළුවක් විසඳා ගැනීමට එක මනුස්සයෙක් සිය වතාවකට වඩා ලංකාවට ගුවන් ගමන් කර තිබුණා. එහෙම තත්වෙක තවත් එයිද? ඉඩම් සම්බන්දයෙන් ලංකාවේ දැනට තිබෙන ක්‍රමවේදය වෙනස් කරන්න ජනපති වැඩපිළිවෙලක් සකස් කරමින් ඉන්නවා.

 

ඔබේ රාජ්‍ය අමාත්‍යවරිය ඔබව විවේචනයට ලක් කරනවා?

ඇය පත්වූ විට මම ඇයට කතා කරලා අවශ්‍ය වැඩ කරන්න කිවුවා. මම දන්නෙත් නැති දෙයක් ගැන ඇය පාර්ලිමේන්තුවේ ගිහිං මට විනය පරීක්ෂණ කරන්න කියනවා. එහෙම කිවුවට පස්සේ ඇයට මාත් එක්ක කතා කරන්න බැහැනේ. ඇයට කථානායකතුමා එක්ක ඒ පරීක්ෂණ කරන්න කියලා මම බලන් ඉන්නවා. මට පුද්ගලිකව ප්‍රශ්නයක් නැහැ. මේවා මාධ්‍ය සංදර්ශන. මම කියපු දේ කරන කෙනෙක්. ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ

එතකොට හිටපු සභාපතිනිය ඉවත් කළාද ?

සභාපති තනතුර දේශපාලන තනතුරක්. ආණ්ඩු මාරු වෙනකොට සාමාන්‍ය විදියට අදාල අයට ලිපියක් යනවා. ඉතිං ඇයටත් එම ලිපිය ගියාම ඇය මගේ අදහසවත් දන්නේ නැතුව කලබල වෙලා මට බැන්නා. ඊට පස්සේ යාළු වෙන්න බැහැනේ. මට ඇයත් සමඟ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇය දක්ෂ කාන්තාවක්. මේවා තාවකාලික තනතුරු. සභාපති තනතුරු. ඉතිං අලුත් කණ්ඩායමක් එක්ක මම වැඩ කරගෙන යනවා.

 

සම්පුර්ණ වීඩියෝව  - https://youtu.be/WuUwjy8yodw



අදහස් (9)

සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක්

ganegoda Thursday, 10 November 2022 10:11 AM

සජිත්ගේ සීනිබෝලෙට වැඩිය ඔහෙලගේ තිත්ත අප්‍රසන්න දේශපාලනය ජනතාව විඩාවට පත්කරලා නේද...!

:       4       21

de silva Wednesday, 16 November 2022 08:01 PM

මම අභියෝගවලට බය නැහැ. නමුත් තාත්තා කියපු නිසා මම පල්ලි නොගිහින් ගෙදර සිටියා.., ගියපු අය කම්මුතු වුණා..

:       1       29

Kumara Thursday, 17 November 2022 10:43 PM

ඔයා කරන්නේ බේරෙ වැවේ දේශපාලනයනේ...!

:       3       19

විජේ Friday, 18 November 2022 03:38 PM

එතකොට කව්ද කොකේන් දේශපාලනය කරන්නේ...?

:       1       16

ධනු Sunday, 20 November 2022 01:57 PM

කරන්නේ සපත්තු ලෙවකන එකයි.

:       5       15

Bamunuaracchi Saturday, 26 November 2022 06:53 PM

සජිත් කරන්නේ සීනිබෝල දේශපාලනයක් තමයි.. ඔයා කරන්නේ වඳුරු දේශපාලනයක්.. ඔය කරන දේශපාලනය හුඟක්ම අප්‍රසන්නයි,කුජීතයි..

:       4       12

akalanka Monday, 28 November 2022 03:32 PM

සජිත්ගේ සීනි බෝලෙ හොඳයි ඔය ෂෝ වලට වඩා. රනිල්ටත් ඔහොම්මමනේ කියවන්නේ ඔයා.

:       3       11

nanda Tuesday, 06 December 2022 09:42 AM

බදුල්ලෙන් ඡන්ද ගත්තා වගේ ගම්පහින් ඡන්ද ගන්න පුළුවන් වෙයිද?

:       0       3

Kumara Saturday, 17 December 2022 06:30 PM

අනේ දැන් ඇති මේ ගම්කබරයින්ගේ මුහුණු අයින් කළොත් හොඳ නැද්ද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2139 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 497 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 201 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 731 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site