(අංජුල මහික වීරරත්න සහ අතුල බණ්ඩාර)
සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි ඉල්ලා සිටින්නේ ජනතා මුදලින් සිල් රෙදි බෙදා නොව සැබෑ ලෙසම බුදු දහම පෝෂණය කර ආදර්ශය දීම නිසා යැයි එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය 2019 ප්‍රචාරක ව්‍යාපාරය සමාප්ත කරමින් පැවසීය.
ඡන්ද පොළේදී ජනතාව තීරණය කරන්නේ තම අනාගතය මෙන්ම රටේ අනාගතය බව කී අග්‍රාමාත්‍යවරයා රට මස් කඩයක් කරනවාද? නොඑසේ නම් නිදහස් නිවහල් දේශය බවට පත් කරනවා දැයි යන්න නිවැරදිව තීන්දු කළ යුතුව ඇතැයිද සඳහන් කළේය.
ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති අවසන් ජන රැලිවලට අති විශාල ජනකාය සහභාගී වී සිටියහ.
අනුරාධපුරයේත්, ගාල්ල, කළුතර සහ මැද කොළඹත් (මරදාන ටවර් රඟහල ඉදිරිපිට) පැවැති අවසන් ජනාධිපතිවරණ ප්‍රචාරක රැලි ඇමතූ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
සෙනසුරාදා ඡන්ද පොළට ගොස් ඔබගේ අනාගතය තීරණය කරනවා. එමෙන්ම රටේ අනාගතය තීරණය කරනවා. එසේ නම් නොවැම්බර් 16 වැනිදා හංසයාට ඡන්දය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.
මේ රැස්වීම පවත්වන්නේ පොහොය දිනකයි. රාජපක්ෂ ආණ්ඩුව තිබුණා නම් අද සිල් රෙදි බෙදනවා. නැතිනම් ඡන්ද ගුණ්ඩු ලෙස දන්සල් පවත්වනවා. ජනතා මුදලින් අප සිල් රෙදි බෙදන්නේ නැහැ. දන්සල් දාන්නේ නැහැ. අප ඡන්දය ඉල්ලන්නේ සිල් රෙදි බෙදා නොව බුදු දහම පෝෂණය කර බව අවධාරණය කළ යුතුයි.
මිහින්තලය ජාතික උරුමයක් බවට අප පත් කළා. භික්ෂුන් වහන්සේ උදෙසා බුදු පුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය ඇති කළා. මධ්‍යම සංස්කෘතික අරමුදලකින්, ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් මෙන්ම බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් බෞද්ධ සිද්ධස්ථාන සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4000 කට වැඩි මුදලක් වෙන් කළා. බුදු දහම පෝෂණය කරන සෙසු වැඩසටහන් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා.
අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් බුදු දහම පෝෂණය සඳහා බොහෝ කටයුතු කර ඇති අතර ජනපති ලෙසත් ඒ කටයුතු කරන බව මා සඳහන් කරන්න කැමැතියි.
තරුණයන්ට අවශ්‍ය නිදහසයි. මා රටේ නිදහස ඇති කළා. බය නැති කළා. අතුරුදන් වීම නැති කළා. ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කළා. නිදහස් සමාජයක් ඇති කළා.
ගම්පෙරළිය, රන්මාවත්, ළඟම පාසල හොඳම පාසල, ආදී වැඩසටහන් ක්‍රියාත්මක කළා. සෞඛ්‍ය ක්ෂේත්‍රය දියුණුවට පත් කළා. තරුණියන් ඉල්ලන මීටත් වඩා නිදහස අප දෙනවා. සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි මා කියන්නේ ඒ නිසයි. සජිත් ප්‍රේමදාස මහතා සමග තරුණ පරපුරට ගැලපෙන දේශපාලනය කරන්න ඔබට හැකියි.
අද 4-ජී සමාජය ඇති වෙලා. හෙට 5-ජී සමාජය උදා වෙනවා. ඩිජිටල් සමාජය උදා කර ගන්න සජිත් ප්‍රේමදාස ජනපති කරන්නැයි මා ඉල්ලනවා.
ඬේටා නිදහස අවශ්‍ය බව තරුණ පරපුර පවසනවා. අද තිබෙන රුපියල් 99 පැකේජයෙන් පැයක් වත් වැඩ කරන්න නොහැකි බව කියනවා. ඒ නිසා මෙරටට ෆයිබර් කේබල් යොදවා අදාළ ගාස්තු මා අඩු කරනවා. ඒ කාර්යය කරනතුරු විශ්වවිද්‍යාල සිසුන්ට හා උසස් අධ්‍යාපනය, අයි.ටී. පුහුණුව ලබන සිසු සිසුවියන් සඳහා සහන ක්‍රමයට ඬේටා දෙන බවට මා පොරොන්දු වෙනවා.
තරුණ ඔබට 6-ජී ඩිජිටල් අනාගතයක් අවශ්‍ය නම් හංසයාට ඡන්දය දෙන්න. සජිත් ප්‍රේමදාස ජනපති කරන්න. ඔබට අවශ්‍ය හැම ගෙදරකටම මස් කඩයක් ද? 6-ජී ඩිජිටල් ක්‍රමවේදයක් ද කියා ඔබම තීරණය කළ යුතුයි. නොවැම්බර් 16 වැනිදා හංසයාට ඡන්දය දී ඒ ගමන ආරම්භ කරමු යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
“සජිත් ජනපති කරන්න කියන්නේ බුදුදහම පෝෂණය කර ආදර්ශයක් දීම නිසයි“
Raveendra Thursday, 14 November 2019 05:43 AM
දැන් නම් හොදටම බයවෙලා වගේ...
Bandara Thursday, 14 November 2019 06:36 AM
කරපු පෝෂණය හොදටම ඇති. දැන්වත් බොරු කියන්නේ නැතුව ඉන්න.
Raveendra Thursday, 14 November 2019 11:20 AM
බැංකුව කඩනවිට මසුරන් පෝෂණය දැක්කාද ? මසුරන් මන්දපෝෂණය නිසා ධර්මය අමතක උනාද ? ලබන සතියේ මේ ඔක්කොම මන්ද පෝෂණය වෙනවාද ?
Ali Monday, 18 November 2019 03:40 AM
හයියෝ පැරදුණා.. දැන්වත් යන්න.
gamarala Tuesday, 19 November 2019 07:42 AM
අනේ සජිත් නැති උනාට අපේ ගෝඨාභය මහත්තය ඔය ටික කොහොමත් කරයි. ඒ ගැන මොහොතකටවත් දුක්වන්න එපා රනිල් මහත්තයෝ.....