IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


’’සමගිජන බලවේගයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගෙන ජනතාවාදී පාලනයක් ගෙනයනවා’’

 


 
(නිමල කොඩිතුවක්කු)

ජනතා විරෝධී ආණ්ඩුවට එරෙහිව පුළුල් බලවේගයක් ගොඩනගා සමගි ජනබලවේගයේ ජනාධිපතිවරයෙක් පත්කරගෙන ජනතාවාදී පාලනයක් ගෙන යන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී පැවසීය.

සමගි ජන බලවේගයට එක් කරගන්නා වෙනත් පක්ෂ සමඟ මේ දිනවල සාකච්ඡා පවත්වමින් සිටින බවත් අත්තනායක මහතා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ අද(28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී  තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය.

"සමගි ජන බලවේගයේ නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමෙන් පසුව වෙනත් පක්ෂ සමග  සාකච්ඡා පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා.

2024 ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා දැනටමත් අපි සැලසුම් සකස් කරමින් සිටිනවා. ඒ සදහා බිම් මට්ටමින් සාමාජික ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. දිනමු වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කිරීම අපි සිදු කරගෙන යනවා.
 සහ විරෝධී මේ ආණ්ඩුවට  එරෙහිව තිබෙන එකම විකල්පය බවට සමගි බලවේගය පත්ව තිබෙනවා.

පාසල් දරුවන් ලක්ෂ 45ක ගේ අධ්‍යාපනය අද අනතුරට වැටී තිබෙනවා.

ඔන්ලයින් උගන්වනවා කිව්වට හැම තැනම ඔන්ලයින් නෑ. අම්මලාට ඒ සඳහා මුදල් වියදම් කරන්න අපහසුයි. ගම්වලට මේ වැඩපිළිවෙළ විවෘත කළ යුතුයි. රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය  ආයතන මේ සඳහා පෙරමුණ ගත යුතුයි.

අද රටේ ආර්ථිකය අන්තිම අඩියට වැටිල තියෙනවා. අපේ රට ණය ශ්‍රේණිගත කිරීම්වල පහතට ම ඇද වැටී තිබෙනවා. ණයවර ලිපි භාර නොගැනීමට විදේශීය රටවල් තීරණයක් සමග ලංකාවේ වෙළෙඳ ව්‍යාපාරිකයන් ඉතා අපහසු තත්ත්වයට පත්වෙලා.

ආණ්ඩුව පුරසාරම් දොඩවනවා පමණයි. ජාතික සම්පත් විකුණලා රට ගෙනියනන ආණ්ඩුව සැලසුම් කරල තියනවා.

සමගි ජන බලවේගය විදිහට අපි සියලුම පක්ෂ සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතික පක්ෂය  සමඟත් සාකච්ඡා ඉදිරියේ දී පැවැත්වෙනවා.

පළාත් සභා පිළිබදව සමගි ජන බලවේගයෙ ස්ථාවරය වන්නේ එය පැවැත්විය යුතු බවයි. පවත්වන කාලය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. පළාත් සභා නොපැවැත් වුවත් එම වියදම ම දැනටත් දරන්න රජයට සිදු වෙලා තියෙනවා" යයිද ඔහු එහිදී පැවසීය
 
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා :
    "කිරියෙන් පැණියෙන් ඉතිරෙන වය කියූ 2020 පැණියෙන් පමණක් ඉතිරෙන බව මේ ආණ්ඩුව ඔප්පු කරල තියෙනවා. අද විද්‍යාව පසෙකලා මිථ්‍යාව සමඟ ගමන් කරන රජයක් බවට මේ රජය පත් වෙලා තියෙනවා.
2021 සෞභාග්‍යයෙන් නොව සව් කැඳ ටිකක් වත් නොලැබෙන වසරක් බවට පත්වේ යැයි මේ රජය සමග සිටින විට දැනෙනවා. කොරෝනා එන්නතට මාලදිවයින බංගලාදේශය ඉන්දියාව සූදානම් වනවා. නමුත් ලංකාව ඒ සඳහා තවමත් සූදානමක් නෑ. බිලියන දහයක් සීනිවලට ගිල්ලා. ඒ සල්ලි වලින් එන්නත ගේන්න තිබ්බා. වියත් මගේ ජයසුමනලා සීතා නෝනලා මොනවද දැන් කියන්නේ කියලා අපි අහනවා.

විරකියාව එන්න එන්න වැඩි වෙලා. ජී එස් පී ප්ලස් නැති වෙන්නයි යන්නේ. පරිසරයට හානි වෙනවා සේනා දළඹුවා ඇවිල්ලා එක පැත්තකින් විනාශ කරනවා, රාජපක්ෂ හිතවාදීන් තව පැත්තකින් විනාශ කරනවා.

ජනාධිපතිතුමා අනුරාධපුරයේ ගිහිල්ලා වැඩිපුර ගත කරන්නේ මිථ්‍යාව සමගයි. සේමසිංහල ඉදිරියේදී සිටින විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වියතුන් පිටුපසට වී සිටිනවා. වැඩ බැරි ටාසන්ලා ඉස්සරහ වැඩ පුළුවන් අය පිටිපස්සේ. එහෙම තමයි මේ ආණ්ඩුවේ වැඩ" යයිද ඔහු එහිදී පැවසීය.

 



අදහස් (8)

’’සමගිජන බලවේගයෙන් ජනාධිපතිවරයෙක් පත් කරගෙන ජනතාවාදී පාලනයක් ගෙනයනවා’’

Mr.MILAN Monday, 28 December 2020 10:00 AM

හීනෙන් තමයි .... ඒත් නැතිනම් තව ආත්ම ගණනාවකින්.... හා හා ....

:       0       9

liyanage Monday, 28 December 2020 09:55 PM

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පමණක් නොව එම පක්ෂයේ කිසිවකු (මැතිවරණයකට ඉදිරිපත් වූයේ නම් මොවුන් සියලුදෙනා ගෙදරයි) රටේ ජනතාව ඉදිරියේ ප්‍රකාශ කරන්නා වූ කිසිවක් රටේ ජනතාව පිළිගන්නේ නැත. රටේ ජනතාව කියන්නේ සමගි ජනබලවේගය යනු ඉදිරියක් නොමැති දැක්මක් නොමැති පක්ෂයක් බවයි.

:       0       0

Raveendra Tuesday, 29 December 2020 06:02 AM

අනේ තිස්ස මල්ලියේ "ජනතාවාදී පාලනකයක්" කිව්වේ මොකක්ද යන්න තව හොදින් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද මල්ලියේ.... ඒක හරියට අර "ප්‍රේම අයියා" මැද කොලබ "සටකපට කාලකන්නි හිවල්ලුන්ගේ" චන්ද ගොඩ බලාගෙන ප්‍රසාද ආසනවල ප්‍රතිශතය කෙටිමකෙටි පැය ගණනකින් වෙනස් කරලා මුළු රටටම ගිනි බෝලයක් දුන්න වගේද තිස්ස මල්ලියේ...?

:       0       12

Rata Perata Tuesday, 29 December 2020 07:50 AM

හොර අත්සන් ගහලා රාජපක්ෂලා පෝෂණය කරන්න පැන්නේ නැතිනම් ඔක එක දවස්වලම කරගන්න තිබුණා. ඒ වගේ වැඩකරලා දැන් කයිවාරු ගහන්න එපා...

:       2       7

BamunuarachchiThursday, 31 December 2020 02:00 AM

මෙරටේ ජාතිමාමක සිංහලයෝ ඉන්නකම් මේ කල්පයේ ඔබලාට රටේ ජනාධිපති කමක් ලැබෙන්නේ නැහැ.

:       0       7

gamunu Tuesday, 29 December 2020 09:41 PM

වර්තමාන දේශපාලනයේ රැඳී සිටින බොහෝ දේශපාලකයාගේ දෑසේ නැගෙන්නාවූ කිඹුල් කඳුළුවලට රටේ ජනතාවගේ දෑස්වල සතුටු කදුළු ලබාදිය හැකිද?

:       0       0

Bamunuarachchi Thursday, 31 December 2020 01:56 AM

බදියුදීන්ලාට අමාත්‍යාංශ කීයක් දෙනවද? ඒකයි සිංහල අපිට තිබෙන පලවෙනි ප්‍රශ්නය. කොරෝන මිනී වලලන්න ඉඩ දෙනවාද? ඔය ප්‍රශ්න දෙකට ලැබෙන උත්තර වලින් කියන්න පුළුවන් සමගි කාරයෝ බලයට එනවද නැද්ද කියලා.

:       0       8

Bamunuarachchi Thursday, 31 December 2020 01:59 AM

මෙ රටේ ජාතිමාමක සිංහලයෝ ඉන්නකම් මේ කල්පයේ ඔබලාට රටේ ජනාධිපති කමක් ලැබෙන්නේ නැහැ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2193 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1921 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 51 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site