IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


සමගි ජන බලවේගයේ නාමයෝජනා එජාපයට එකතුවෙන්නේ නෑ

(*** අංජුල මහික වීරරත්න)

සමගි ජනබලවේගයෙන් මහා මැතිවරණයට නාම යෝජනා දුන් කිසිවකුත් නැවත එක්සත් ජාතික පක්ෂය සමග එකතු වෙන්නේ නැතැයි ද එලෙස එකතු වන එක් අයකු හෝ සිටී නම් පෙන්වන්නැයි අභියෝග කරන බවද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවේදී පැවැසීය.

ගිලෙන නැවකට කිසිවකුත් පනින්නේ නැතැයි කී අජිත් පී. පෙරේරා මහතා අද සමස්ත එක්සත් ජාතික පක්ෂයම සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමග බව යයි අවධාරණය කළේය.

ඇතුල්කෝට්ටේ සමගි ජනබලවේග කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී. පෙරේරා මහතා මෙසේද පැවැසීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු අයිතියට දීම පිළිබඳ ගනුදෙනුව ඩොලර් බිලියන 1.1යි. ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අතර නායකයන් සාකච්ඡා කර එකඟතාවක් මත එය කතා කර ගෙන තිබෙනවා කියලා අපට දැන ගන්න ලැබුණා. සත්‍ය තත්ත්වය රටට හෙළි කළ යුතුයි. ඉන්දියානු අගමැතිවරයාත්, මෙරට ජනාධිපතිවරයාත් අතර සිද්ධ වූ දුරකතන සංවාදය හෙළිකර ගත යුතුයි.

ඒ සංවාදයේ අපට අහන්න ලැබුණේ සාරාංශයක් පමණයි. කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කළා විතරයි අපට දැන ගන්න ලැබුණේ සාකච්ඡාවේදී නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දීම පිළිබඳව තීරණාත්මක සාකච්ඡාවක් ඇතිවුණු බව අප දන්නවා. කරුණාකරලා ඒ ගැන හෙළිදරව් කරන්න ඔබ මොකක්ද කරන්න යන්නේ කියලා දැන ගන්න ජනතාවට අයිතියක් තිබෙනවා.

ඒ වගේම බොහෝ දෙනාගේ අවධානය ඡන්දයට යොමු වෙලා කොහොම හරි මැතිවරණ තියලා කවුරුහරි මැතිරණය දිනලා  කොහොම හෝ ආණ්ඩුව පත්කර ගන්න එක නොවෙයි කෙරෙන්න ඕනෑ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් කියන්නේම 33 ව්‍යවස්ථාවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමයි. ඒ සඳහා භෞතික හා නෛතික පරිසරයක් තිබිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිසරය දිය යුත්තේ ජනාධිපතිවරයායි.

බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල යන දෙදෙනා මැතිවරණ කොමිසම පක්ෂපාතීයි, මැතිවරණ කොමිසම ගැන තිබෙන බලාපොරොත්තුව අවසන් වෙලා, කොමිසම විපක්ෂයට උදව් කරනවා. මැතිවරණ කොමිසම මැතිවරණය කල් දාන්න හදනවා කියනවා. මෙය සම්පූර්ණයෙන්ම වැරදියි.

මෙතෙක් මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙන්නේ පුරවැසියාගේ ඡන්ද අයිතිය රැක ගන්න, පුරවැසියාගේ අයිතිය ආරක්ෂා කර ගැනීමට, නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීම වෙනුවෙනුයි.

ඒ නිසා කොරෝනා තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඒ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මැතිවරණ කොමිසම වෙත දැනුම් දී සති 10ක් 12ක් ඇතුළත මැතිවරණය පවත්වන්න පුළුවන් කියන මතය මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දිය යුතුයි. ඒ පිළිගැනීම අනුව මැතිවරණය පවත්වන්න පුළුවනි.

දැන් ආණ්ඩුව කලබල වෙලා.  ඇයි ඒ. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩන් වැටිලා ජනතාවට රුපියල් 5000 දීමනාව බෙදාගන්න විදිහක් නෑ මැතිවරණ කාලයේ කියපු රැකියා ලක්ෂයක් දීගන්න විදිහක් නැහැ. සංවර්ධනය නැහැ. බඩු මිල අඩු කරනවා කිව්වට අද සැමන්, පරිප්පු අඩු කළ මිලටත් වඩා වැඩියෙන් මිල වැඩි වෙලා. ඒවාට අතිරේක බදු ගහලා.

​ලෝක වෙළඳපොළේ ගෑස්, ඉන්ධන මිල ගණන් අඩු වෙද්දී අ​පේ රටේ ගෑස් මිල වැඩි කරනවා. ආණ්ඩුව කරන්නේ ආර්ථිකය කඩන් වැටෙන නිසා වෙන කරන්න දෙයක් නෑ කීව ජනතාව මත පැටවීමයි.

බදු ගැහුවා කියා ජනතාව අපව විපක්ෂයට යවා අපට දඬුවම් කළා. ඒත් මේ රජය බලයට ඇවිත් ආර්ථිකය හෝ කොරෝනා අර්බුදය හෝ කළමනාකරණය කර ගන්න නොහැකි වෙලා.

මහ මැතිවරණයක් ඉක්මනින් අවශ්‍යයි. පාර්ලිමේන්තුව තිබෙන්න අවශ්‍යයි. විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය කියන තුනම රටක් පාලනය කරන්න අවශ්‍යයි. නැතිව විධායකයට විතරක් රට පාලනය කළ නොහැකියි. ඒ නිසා ඡන්ද දායකයාගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි සහ ඡන්ද අපේක්ෂකයාගේ ආරක්ෂාව පිළිබඳ සහතිකයක් ලැබෙන මැතිවරණ රාජකාරීවල නිරත වන මිලියනයකට වැඩි රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි ක්‍රම සහ විධි  අනුගමනය කරමින් නිසි කාලයට නිසියාකාරව මැතිවරණය පැවැත්විය යුතුයි.

මැතිවරණ කොමිසම අධිකරණයට දැනුම් දුන් ආකාරයට බො​හෝ දුරට අගෝස්තු මාසයේ මුල් සතියේ හෝ දෙවන සතියේ හෝ මැතිවරණයක් පවත්වන්න පුළුවන් විය යුතුයි. කොරෝනා රෝගය පාලනය කර තිබෙනවා නම් ඒ ගැන සෞඛ්‍ය බලධාරීන් සහතික කරනවා නම් මැතිවරණය පැවැත්විය යුතු නිසි ක්‍රමවේද අනුගමනය කරනවා නම් සහ විධි විධාන සලසා උපකරණ දෙනවා නම් අතිරේක පහසුකම් ඇතිකර ගන්න මැතිවරණ කොමිසමට කාලය අවශ්‍යයි.

රටට ආදරය කරන මිනිස්සු නිදහස් හා සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු වෙනවා. අප මැතිවරණයකට භය නැහැ.
සමාජය තුළ විශාල වශයෙන් අසත්‍ය පතුරුවලා. ජාතිවාදය අවුස්සලා ජනාධිපතිවරණය දිනුවත් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ වැඩ බැරි ජනාධිපතිවරයෙක්  බව අද ඔප්පු වෙලා. ඔහු දුර්වල නායකයකු බව දවසින් දවස ඔප්පු වෙනවා. තව සතියක් දෙකක් වනවිට ඒ බව තව පෙනෙයි.

ඒ වගේම තව සති කිහිපයක් යනවිට මැතිවරණය එපා කියා කවුරුවත් කියන එකක් නැහැ. ඒත් ආණ්ඩුවට අවශ්‍ය වෙලා තිබෙන්නේ ජනතාව හිර කර පට ගාලා ඡන්දය තියා ගන්නයි. ඒ නිසා ආණ්ඩුව පසුගිය අප්‍රේල් 19 වැනිදා ව්‍යාජ ලෙස කොරෝනා අර්බුදය ඉවරයි කියා ප්‍රකාශ කළේ. එහෙම කළේ මැතිවරණය තියා ගන්නයි.

එක්සත් ජාතික  පක්ෂයේ රනිල් වික්‍රමසිංහ – අකිල විරාජ් පාර්ශ්වය අද රට පුරා බොරු මත ප්‍රකාශ කරනවා. එකක් තමයි සමගි ජනබලවේගයේ මූලස්ථානය වසා ඇත කියන එක. ඒක පට්ටපල් බොරුවක් අද මා මාධ්‍ය හමුව පවත්වන්නේ අපේ පක්ෂ මූලස්ථානයේයි. එය ක්‍රියාකාරියි. මේ ස්ථානයට අප කුලිය ගෙවනවා. අපේ සංවිධානයේ වැඩ මේ ස්ථානයේම පවත්වාගෙන යනවා. එහි ගැටලුවක් නැහැ.

කිසිම හොරකමකට සම්බන්ධ නොවුණු සිංහල බෞද්ධ නායකයන් රැසක් පක්ෂයේ ඉන්නවා. නියම එක්සත් ජාතික පාක්ෂිකයෝ අපයි. අද වනවිට පුවත්පත්වල  නිර්මාණය කරන පුවත් පළ වෙනවා. ඒවාට රැවටෙන්න එපා. අප සමග නාම යෝජනා අත්සන් කළ කිසිවකු ඔවුන් සමග එක්වන්නේ නැහැ.

ගිලෙන නැවකට කවුරුවත් පනින්නේ නෑ හා අපි අභියෝග කරනවා එහෙම එක්කෙනකු ඉන්නවා නම් අපට පෙන්වන්න. ඒකේ අනික් පැත්ත වෙන්නේ කියලා. අප ඉදිරියේදී පෙන්වන්නම්. නියම එක්සත් ජාතික පාක්ෂිකයෝ සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතා සමගයි. බොරුවලට අහුවෙන්න එපා කියා අපේ පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (10)

සමගි ජන බලවේගයේ නාමයෝජනා එජාපයට එකතුවෙන්නේ නෑ

vivinida Friday, 29 May 2020 10:06 AM

එජාපයේ මේ වනවිට කල්ලි නැත... සිටි කල්ලිය පක්ෂයෙන් පිටව ගොස් ඇත. පක්ෂයේ තිබූ කොඩිවිනය කපා අවසානයි. පක්ෂයේ සිටි භූතයින්, ප්‍රේතයින්, කුම්භාණ්ඩයින් සියල්ල වෙන තැනක් සොයා ගෙන ඇත. මේ වනවිට පක්ෂ හොඳින් පිරිසිදුව සහ ආරක්ෂා කර සුබ දිසාවකට ගමන් කමින් සිටියි. පක්ෂය ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ විනයක් ඇතිව බව කිව යුතුවේ. පක්ෂයෙන් පිටව ගොස් කොපමණ දෝෂාරෝපණය කළත් දැන් ප්‍රශ්නයක් නොමැත. පක්ෂය තුළ සිට පක්ෂයට නිගා කිරීමට කිසිවකුට ඉඩක් නොමැත. සුදුස්සන්ට සුදුසු තැන නියම වෙලාවට ලැබෙනු ඇත. පසුගිය සමයේ සිදුවුයේ නුසුදුස්සන් සුදුස්සන් මෙන් පෙනී සිට පාක්ෂිකයා රවටා පක්ෂය බලයෙන් පැහැර ගැනීමට උත්සාහ කිරීමයි. මාධ්‍ය සාකච්ඡා තබමින් පවසන්නේත් සිරිකොත බලහත්කාරයෙන් අල්ලා ගන්නේ කෙසේද කියායි. සිරිකොත මන්දිරයට ගල් ගැසූ, නායකයින් ප්‍රසිද්ධියේ විවේචනය කළ සහ නායකයින්ගේ මුහුණමට දැන් නායකත්වයෙන් යන්න කියූ පුද්ගලයින්ට යලිත් සිරිකොතට පැමිණිය නොහැක. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන අලුත් කණ්ඩායමක් සමග විනයක් ඇතිව පක්ෂය ඉදිරියට ගමන් කරනු ඇත. විරිදු කියන්නන් හට පක්ෂය තුළ ඉඩක් කොහෙත්ම නැත.

:       234       346

sunimalSunday, 31 May 2020 05:30 PM

සත්‍ය ලිවීමට අපටත් අවස්ථාවක් දෙන්න. දේශපාලන අතීතය නොදන්නා සමගි ජන බලවේගයේ බොහෝදෙනෙකු කියා සිටින්නේ එජාපයේ පරාජයට හේතුව රනිල් කියායි. නමුත් පාක්ෂිකයා කියන්නේ අාර්. ප්‍රේමදාස කියායි. මේ පිළිබඳව අප ගම් මට්ටමින් සහ බිම්මට්ටමින් සොයා බැලීමක් කළේය. එහිදී අපට පාක්ෂිකයා කියාසිටියේ පක්ෂයේ පසුබෑමට වගකිව යුත්තේ සජිත්ගේ පියා බවයි. තවදුරටත් කරුණු සොයා බැලීමකදී ඔවුන් කියන්නේ සජිත්ගේ පියා ගම් උදාවෙන් ජනප්‍රියවී ජනාධිපතිවී බලය ලැබුණු පසු ඔහු කරනලද ක්‍රියාවන් සහ කොටි ත්‍රස්තවාදය මඩලනවා වෙනුවට, ඔවුන්ට උදවු කළා පමණක් නොව ඔහුගේ ක්‍රියාවන් නිසා එක්සත් ජාතික පක්ෂයත් විනාශවී පක්ෂය සමතලා වූ බවයි. එපමණක් නොව සජිත්ගේ පියා ජාත්‍යන්තරය සමගද ආරවුලක් ඇතිකරගත්තේ එවකට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඩේවිඩ් ග්ලාස්ටන් ලංකාවෙන් පිටමන් කිරීමත් සමගයි. ඔහුගේ ක්‍රියාවන් නිසා විපක්ෂය ශක්තිමත් වී ජනතාවගේ ඇඟට දැනී තිබූ වසර 30ක යුද්ධය අවසාන කිරීම ඔවුන් ගත් තීරණ නිසාත් බව ගමේ ජනතාව අපට කිවේය. සජිත්ගේ පියා විනාශ කළ එක්සත් ජාතික පක්ෂය නැවත පණ දුන්නේ රනිල්ය. අද පක්ෂය විනාශ කිරීමට උත්සාහ ගන්න සජිත් ඇතුළු පිරිස එදා සිටියේ නැත. සත්‍ය වසන් කරන්නේ කුමකටද?

:       3       22

Ranjith Friday, 29 May 2020 01:21 PM

නායකයා කල්ලියකට පක්ෂග්‍රාහී නම් වෙනම තරග කිරීමට ගත් තීරණය සුදුසුය.. එජාප බහුතරය සමගි ජන බලවේගය සමගයි..

:       15       129

vinivida Friday, 29 May 2020 01:49 PM

වර්තමාන එක්සත් ජාතික පක්ෂ නායකයා පුද්ගලයින් මත දේශපාලනය කරන කෙනෙකු නොවේ. ඔහුගේ දේශපාලනය කරනුයේ ප්‍රතිපත්ති මත වේ. ඔහු පක්ෂයේ කල්ලි සැදීමට කටයුතු කලේ නැත. ගාමිණී දිසානායක විපක්ෂනායකව සිටියදීත් ඔහු නායකත්වය සමග සිටි ප්‍රතිපත්ති මත සිටි දේශපාලක සජිත්ගේ අති බහුතරයක කල්ලිය මෙන් පුද්ගලික අවශ්‍යතාවන් ඉටු නොවන විට නායකයන් පලවා හැරීමට කටයුතු කර නැත. මහා පාරේ මාධ්‍ය සංදර්ශන පවත්වා නැත. නායකයා කවුරු වුවද ඔහු සමග පක්ෂය ශක්තිමත් කළ රනිල්ව පක්ෂයෙන් එලවා දැමීමට ගොරකා කල්ලිවලට හැකියාවක් නොමැත. ඔබ රන්ජිත් මද්දුම බණ්ඩාර නම් රනිල් පක්ෂයට විරුද්ධව ගිය අවස්ථාවක් පෙන්වා දෙන්න. පාක්ෂිකය මෝඩයන් කිරීමට උත්සාහ නොකරන්න. දිනන විට නායකයා හොඳවීමටත් පරදවන විට නායකයා හොඳ නැතිවීමටත් හේතුව දන්නේ අවස්ථාවාදීන්ම පමණි.

:       1       0

සමන් Saturday, 30 May 2020 01:30 AM

සමගි ජන බලවේගයේ ලේකම්වරයා වශයෙන් තිස්ස අත්තනායක පත් කළහොත් රජිත් මද්දුම බණ්ඩාරට වඩා සේවයක් සිදුවනු ඇත.

:       1       0

vinivida Saturday, 30 May 2020 01:21 PM

එජාප නායක රනිල් දේශපාලනයට පැමිණීමෙන් පසු එතුමාගේ දේශපාලන කාලය තුලදී පක්ෂය තුළ කිසිදිනෙක කල්ලි කණ්ඩායම් සැදීමට, පුද්ගලයන් තෝරා ඔවුනට පහර ගැසීමට හෝ ඒවාට නායකත්වය දීමට හෝ කටයුතු කල කෙනෙක් නොවේ. ඔහුගේ දේශපාලන ඉතිහාසය තුළ පක්ෂයට සහ රටට නායකත්වය දුන් සෑම නායකයකු ආරක්ෂාකරමින් ඔවුන් සමග සහයෝගයෙන් ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන කෙනෙකි. එයට හොඳම උදාහරණය නම් ලලිත්, ගාමිණී වැනි දේශපාලකයන් පක්ෂය කඩාගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ එජාපයේ එක්සත්කම සහ පක්ෂය කැඩී වෙන්වීම නවත්වා ගැනීමට වර්තමාන එජාප නායකයා එදා කොපමණ වෙහෙසක් දැරුවේද යන්න අපට වඩා හොඳින් දන්නේ නවීන්, මයන්ත සහ සජිත් ප්‍රේමදාස මෙයට සාක්ෂි දරනු ඇත. සජිත් නවීන්ට සහ මයන්තට මෙම සිදුවීම් අමතක කරන්නට හැකිද? මේ පිළිබඳව කරු ජයසූරිය කතානායක තුමා හොඳින් දනී. සජිත් ඔහුගේ හදවතට තට්ටු කලවිට සත්‍ය මෙය නොවේද කියා දැනගැනීමට හැකිය. වෙනත් කිසිම පක්ෂයකට නොමැති උගත්, බුද්ධිමත් ගෞරවනීය නායකයකු එජාපයට සිටියි. නායකයන් ඉබේ පහළ වන්නේ නැත. කළයුතුවන්නේ ප්‍රතිපත්ති ගරුක, පළපුරුදු නායකයන් ආරක්ෂා කිරීම වේ...

:       2       23

සුමනාවතී Friday, 29 May 2020 06:23 PM

(සමාජය තුළ විශාල වශයෙන් අසත්‍ය පතුරුවලා. ජාතිවාදය අවුස්සලා ජනාධිපතිවරණය දිනුවත් ගෝඨා... කියන්නේ වැඩ බැරි ජනාධිපතිවරයෙක් බව අද ඔප්පු වෙලා) එමනිසාද ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රැගෙන් රූපවාහිනී වැඩසටහන්වලට ගොස් ගෝඨාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අතර වෙනසක් නැත... එමනිසා ගෝඨා ජනපති..., සජිත් අගමැති කියලා පසුගිය දවස්වල ලොකුවට කතාකලේ. මේවගේ අවස්ථාවාදී කණඩායමක් සමග එකතුවන්න ගොඨාට නම් පිස්සු නැත. තමුන්ගේ වාසියට ඕනෑම දෙයක් පාවලා දෙන සෙට් එකක් තමා සජිත් සමග ඉන්නේ...

:       1       0

vidya Saturday, 30 May 2020 09:23 PM

මහාමාන්‍ය අතිගරු ඩී.එස්. සේනානායක උතුම් මිනිසා ඇතිකළ වටිනා පක්ෂය කපටි, කාලකන්නි, කොන්ද පණ නැති වහලුන් පිරිසක් එකතුවෙලා කාලම දමලා, බැසිල් රාජපක්ෂගේ සිහිනය සැබෑ කළා...

:       0       3

Silva Monday, 01 June 2020 01:25 PM

සජිත් සහ එයාගේ ළදරුවන් ටික පන්නපු එක තමයි රනිල් කරපු හොඳම දෙය මේ මහා දැවැන්ත පක්ෂය ආරක්ෂා කරගන්න... ඔය ටික කරන්න පරක්කු වුණත් වැඩියි.. අජිත් මම ඔයාගේ අභියෝගය බාරගන්නවා.. පුලුවන්නම් මෙන්න මේ ටිකදෙනා ඡන්දෙන් පස්සේ හෝ ඉස්සෙල්ලා UNP එකෙන් සමාව ඉල්ලා හෝ තමන් මුල්වූ බව පවසා හෝ යලිත් UNP එකට එනවාමයි....

:       4       1

ලියනගේ Monday, 01 June 2020 01:47 PM

ලංකාවට නිදහස ලබා ගන්න මුල්වී කටයුතුකළ පක්ෂයවන එක්සත් ජාතික පක්ෂය විනාශකරන්න ඉඩනොතබනු ඇත. ගිය තැනක වැඩක් බලාගෙන ඉන්න නොමැති නම් ප්‍රසිද්ධියේ පක්ෂ නායකයාගෙන් සහ පාක්ෂිකයාගෙන් සමාව ගතයුතුයි. වැඩි විස්තර සඳහා හිටපු ලේකම් තිස්ස අත්තනායක හමුවී විස්තර දැනගන්න. ඔහුට එ් පිළිබඳ දැනීමක් ඇත...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5532 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 653 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1994 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3684 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 312 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 979 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site