IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


“සමාජ මාධ්‍ය ඔස්සේ මට අපහාස කළත් කාටවත් මම වද හිංසා කර නෑ“

(හර්ෂණ තුෂාර සිල්වා)

සිය ධුර කාලය තුළදී ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස සහ මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කොළඹ දී පෙරේදා (20) පැවැසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ රටේ ජනාධිපතිවරයාට කොතරම් නින්දා අපහාස කළත් ඒ කිසිවකුටත් වධහිංසා සිදු කර නැති බවත් ඔවුන් කිසිවකුටත් දඬුවම් කර නැති බවත් ජනාධිපතිවරයා කීවේය.

“ජාතික ආරක්ෂාව සඳහා තරුණ තරුණියෝ” යන තේමාව යටතේ ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ’ සිවුවැනි සමුළුවේ අවසාන සැසියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.  

තරුණ තරුණියන් ඇතුළු රටේ සියලු දෙනා නිදහස් සමාජයක් ලෙස ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස උපරිමයෙන් හා හොඳින් භුක්ති විඳිය යුතු යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“අද සිටින දරුවන් ඉතා වාසනාවන්තයි. අද දරුවන්ට මෙවැනි සමුළුවලට සහභාගීවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ලෝකයේ තිබෙන සමාජ දියුණුව, සමාජ තරගකාරීත්වය එයින් පෙනී යනවා. තරුණ තරුණියන් මෙවැනි සමුළුවලට සහභාගීවීමෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ යෞවන යෞවනියන්ට තිබෙන ඉඩකඩ හොඳින් පෙනී යනවා. තාරුණ්‍යයට එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රමුඛත්වය ලබාදෙන බව මෙයින් කියැවෙනවා.

මෙතැනට වයස අවුරුදු 14ත් 30ත් අතර වයස්වල පසුවන දරුවන් රැස්වී සිටිනවා. පාසල් දරුවන්, උසස් පෙළ හැදෑරූ දරුවන්, විශ්වවිද්‍යාලවල දරු දැරියන්, තරුණ සභාවල දරුවන්, තරුණ පාර්ලිමේන්තුවේ දරුවන් මෙතැන සිටිනවා. ජීවිතයේ හොඳම කාලය, වාසනාවන්තම කාලය තරුණ කාලයයි. කාර්යක්ෂමතාව, කඩිසර බව, අවංක බව, කැපවීම, අධ්‍යාපනයට තිබෙන උනන්දුව, ලෝකයේ තරගකාරීත්වයට තිබෙන උනන්දුව හා කැමැත්ත, ලෝකය දකින්නට තිබෙන වුවමනාව, සටන්කාමීත්වය, විවිධත්වය යනාදී මේ සියලු ලක්ෂණ තරුණ ඔබ සියලු දෙනා අතර තිබෙනවා. මිනිසකුගේ ආයු කාලය සලකා බැලූ විට අපි තරුණ තරුණියන් ලෙස ගෙවන්නේ අවුරුදු 13ත් 14ත් අතර කාලයක්.

ඒ නිසා මේ වාසනාවන්ත වයසෙදි, තරුණ කාලයේදී මේ තරගකාරී ලෝකය ජයග්‍රහණය කරන්න ඕනේ. ඔබ විශිෂ්ටයකු වෙන්න ඕනේ. ඔබ සියලු දැනුමෙන් උගත්කමෙන් විවිධ ක්ෂේත්‍රවල නිර්මාණශීලී බවින් සාහිත්‍යයෙන්, කලාවෙන්, විද්‍යාවෙන් විශිෂ්ටයෙක් වෙන්න ඕනේ. විශිෂ්ටයන්ගේත් විශිෂ්ටයකු වෙන්න ඕනේ. ප්‍රමුඛයන්ගේ ප්‍රමුඛයකු වෙන්න ඕනේ. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ තරුණ ආදර්ශ සමුළුව නිර්මාණය වී තිබෙනවා.  

මගේ කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස හා මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දී තිබෙනවා. ‘ඔයාලගේ වයසේ දරුවෝ කී දෙනෙක් මගේ වෙබ් අඩවිය හැක් කළා ද? දන්නවා ඇති. මතක ඇති. මම දන්නේ නැහැ, පොලිසියෙන් අල්ලලා නඩු දාන්න හදනකොට තමයි මාත් දන්නේ. ඒ අවස්ථාවේදී ඒ දරුවන් කැඳෙව්වේ. මම ඔවුන්ට තෑගි දුන්නෙත් උසස්ම වර්ගයේ ජංගම දුරකතන. තව මට ගහන්න, නැවත නැවතත් මගේ වෙබ් අඩවිය හැක් කරන්න කියලා’. සමාජ මාධ්‍ය හරහා රටේ ජනාධිපතිට කොච්චර නින්දා අපහාස කරනවද කියලා මේ දරුවෝ දන්නවා. ඒ නිදහස දී තිබෙනවා. කවුරුවත් හිරේ දාලා නැහැ. කාටවත් ශාරීරික වධහිංසා කරලා නැහැ. කාටවත් දඬුවම් කරලා නැහැ. එහෙම කරන අයගේ ගෙවල් ගිනි තියලා නැහැ. ඒ සඳහා උපරිම නිදහස ලබා දී තිබෙනවා.
ඒ ලබා දුන් නිදහස, මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස ඔබ හොඳින් භුක්ති විඳින්න ඕනේ. නිදහස් සමාජයක් ලෙස ඔබ ඒ නිදහස භුක්ති විඳින්න ඕනේ” යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  කීවේය.
කතානායක කරු ජයසූරිය මහතා ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සිවුවැනි සමුළුවේ’ අවසාන සැසියේ මුඛ්‍ය දේශනය කළේය.

එහිදී සමුළුව ඇමතූ කතානායක කරු ජයසූරිය මහතා මෙසේද කීය.
“ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ වූයේ කෙසේදැයි අපි දැනගන්න ඕනේ. ඒ ඉතිහාසය පිළිබඳ අවබෝධයක් අපට තිබෙන්න ඕනේ. ඒ අවබෝධය සහ දැනුම කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ඉතාම වැදගත්. එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක ආණ්ඩුවක් නෙමෙයි. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා. එසේ කර තිබෙන්නේ ස්වේච්ඡාවෙන්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනිමින් එහි ප්‍රඥප්තියට අත්සන් තැබුවා. අපි එම තීරණය ගත්තේ ස්වේච්ඡාවෙන් සහ ස්වාධීනව. එම ප්‍රඥප්තියට අත්සන් තැබීමෙන් සහ අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ගැනීමෙන් මූලධර්ම කිහිපයකට බැඳී සිටිනවා. ප්‍රඥප්තිය මගින් න්‍යාය, මූලධර්ම, ආදර්ශ, පරමාදර්ශ සකසා තිබෙනවා. ඒ සියල්ල ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපි බැඳී සිටිනවා.

ඒ නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කතා කරද්දි අපි අපි ගැනත් කතා කරන බව සිහියේ තබාගන්න ඕනේ. එක්සත් ජාතීන්ගේ යනු අපට අරක මේක කරන්න කියන බාහිර ආයතනයක් නොවෙයි. ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයට ප්‍රාතිහාර්ය මවන්න බැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන්නේ මොකක්ද එයට එහි සාමාජික රටවල් සමඟ කටයුතු කරන්න ඕනේ. එහෙම වුණත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් අපේ රටේ ඇතැම් අය අතර තිබෙන්නේ වැරැදි අදහසක්. පුවත්පත්වල මාධ්‍යවල ඒ අදහස නිරන්තරයෙන් ව්‍යාප්ත වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අසාධාරණ ලෙස සලකන බවටත් මැදිහත් වන බවටත් වන වැරැදි මතයක් සමාජ ගත වී තිබෙනවා. එය සිදුවන්නේ එක්කෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයක් නැතිකම. එහෙම නැතිනම් තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරගැනීම සඳහා ජනතාව අතර බිය පැතිරවීමේ දේශපාලන අරමුණින් කරන ප්‍රකාශ.

ඒ නිසා මම ඔබට අනතුරු ඇඟවීමක් කරනවා. ඔබ පුවත්පත් කියවද්දි, ප්‍රවෘත්ති බලද්දි ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඔබට ඇහෙන්නේ මොනවාද කියලා කල්පනා කරන්න. ඊට ඔබේ දැනුම භාවිත කරන්න. කියවන්න අධ්‍යයනය කරන්න පර්යේෂණ කරන්න වෙලාව ගන්න. ඒ වගේම විශ්ලේෂණය කරන්න. හේතු මොනවාදැයි බලන්න. ‘හඬපටවලින් (වොයිස් කට්)’ සහ ‘බ්‍රේකින් නිවුස් ඇලට්ස් ( ඉරු්නසබට බැඅි ්කැරඑි)’ විදියට ඔබට ලැබෙන හැම දෙයක් ගැන විශ්වාස කරන්න එපා” යැයි කතානායක කරු ජයසූරිය මහතා කීවේය.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ වැඩබලන නේවාසික සම්බන්ධීකාරක ආචාර්ය රසියා පෙන්ඞ්සේ මහත්මියද අදහස් දැක්වූවාය.

‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සිවුවැනි සමුළුව’ කොළඹ හිල්ටන් හෝටලයේදී සෙනසුරාදා (19) සහ ඉරිදා (20) පැවැත්විණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සමුළුවේ ආරම්භක සැසිය සෙනසුරාදා පෙරවරුවේ පැවැත්විණි.

මෙවර සමුළුවට රට පුරා විසිරී සිටින තරුණ තරුණියෝ 500කට වැඩි පිරිසක් සහභාගී වූහ.
 
එක්සත් ජාතීන්ගේ වාර්ෂික මහ මණ්ඩලය සැසිවාරය පැවැත්වෙන ආකාරයට මෙම ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සමුළුව’ පැවැත්වෙන අතර 2016 වසරේදී එහි පළමු සමුළුව පැවැත්විණි.

ලෝකය මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට තරුණ තරුණියන්ට කළ හැක්කේ මොනවාදැයි මෙම සමුළුවේදී සංවාදයට ලක් කෙරෙන අතර තරුණ තරුණියෝ එහිදී අදහස් දැක්වීම් සහ වාද විවාදවල නිරත වෙති.

මෙවර සමුළුවට තරුණ තරුණියන් පුහුණු කිරීම සඳහා පසුගිය කාලයේදී පළාත් නවය පුරා වැඩමුළු ද පැවැත්විණි.
අනාගත රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහිකිරීම සහ ගැටුම් නිරාකරණය කිරීමට තරුණ තරුණියන් පුහුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරවලට සහභාගී වූ තරුණ නියෝජිතයෝ එක්ව 2016 වසරේදී ‘ජාතික තරුණ ආදර්ශ එක්සත් ජාතීන්ගේ සංවිධානය’ ආරම්භ කරන ලදි. මෙම සංවිධානය ස්වේච්ඡා සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ.

 



අදහස් (3)

“සමාජ මාධ්‍ය ඔස්සේ මට අපහාස කළත් කාටවත් මම වද හිංසා කර නෑ“

sena Tuesday, 22 October 2019 09:31 AM

ඔබතුමා නිදහස් පක්ෂෙන් ඇවිල්ලා යම් නිර්පාක්ෂික වැඩ කොටසක් කරන්න රට බාරගත්තා. ඒ වැඩ නොකර නිදහස් පක්ෂේ බදාගෙන ඒක පාලනය කරගන්න බැරුව විනාශ කරලා දැම්මා. රටත් විනාශ කරා. පක්ෂෙත් විනාස කරා. මාද්‍ය නිදහස දුන්නා කියන්නෙත් අමුලික බොරුවක්. ඔබතුමා කරපු එකම දේ තමන්ගේ පවුලේ අයවත් එක්ක රට රටවල් බලන්න ඇවිදපු ඒක විතරයි.

:       0       0

Chathuri Tuesday, 22 October 2019 12:53 PM

මේ වැඩෙන් වුනේ ජනාධිපති වෙන්න ඇවිත් නම කියනකොට පොඩි අයත් හිනාවෙන එක විතරයි. චතුරිකාට නැවකට පොත් ලියන්න පුළුවන් කරපු දේවල් ගරන කියලා. රටද කෙරුවේ? පක්ෂයටද කෙරුවේ? මොකද වුනේ? නම කැතවුන එක විතරයි. කඹේ කඩාගෙන ගිය අය දැන් මරුවිකල්ලෙන් පොරකනවා බලය ගන්න. පැන පැන ගියපු අයට හොඳ දඩුවමක් ලැබුනේ.පක්ෂේ කෙනෙක් හොරා කෑවොත් ඇති මුළු පක්ෂෙටම අවනම්බුවක් ඒක. මහින්දගේ දුෂණ ක්‍රියා ප්‍රසිද්ධියේ කියලා හිරේ දමනවා කියලා ඇවිත් අත දුන්න විරුද්ධ පක්ෂේ නායකයාගේ ඔලුවට අත හේදුවා. සේරම කරලා දැන් හරි අහිංසකයි. තවමත් කෙහෙල් කොලේ බත්ද කන්නේ ?

:       0       0

Bamunuarachchi Sunday, 27 October 2019 05:39 AM

නිකන් පතෝල, වැටකොළු වගේ කියලා මිනිස්සු කීවේ මෙලොවටත් වැඩක් නැහැ. එලොවටත් වැඩක් නැති ගොයියන් මොකට රාජ්‍යය කරන්න එනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 556 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 762 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6173 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 723 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2034 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3737 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 227 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 395 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site