(දිනේෂ් උපේන්ද්‍ර)
“සම්බුද්ධ සාසනය ඉවරයි බේරගන්න කියලා විපක්‍ෂයේ කණ්ඩායම් චෝදනා කළාට අපි හදන චෛත්‍ය දහම් පියසවල් නවත්තන්න කටයුතු කරන ඔවුන්මයි සම්බුද්ධ ශාසනයට මහා විනාශ සිදුකරන්නේ” යැයි නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා අද(05) පැවසීය.
ඒ මහතා කුලියාපිටිය හොරතැපොල ශ‍්‍රී පුෂ්පාරාමයේ රුපියල් ලක්‍ෂ 40ක් වැය කරමින් අභිනවයෙන් ඉදිකළ දහම් සිසු පියස සසුනට පූජාකිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමින් ඒ බව පැවසීය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
“පෙරේදා මට මෙවැනි ශාලා විශාල ප‍්‍රමාණයක් සසුනට පූජා කරන්නට තිබුණත් මේ දිස්ත‍්‍රික්කයේම හිටපු සංස්කෘතික ඇමති කෙනෙක් කාගෙ හරි ලණුවක් කාලා පාර්ලිමේන්තුවෙ ඇදපු ප‍්‍රශ්නයක් නිසා මට ඒ එක උත්සවයකටවත් යන්න ලැබුණෙ නැහැ. විපක්‍ෂයේ කණ්ඩායම් ගස් යට ඉඑගෙනගන්න දහම් දරුවන් ශාලාවක ඉගෙනගන්නවට කැමති නැහැ. අපි මේ කරන ඉදිකිරීම පවා විනිවිද භාවයකිනුයි කරන්නෙ. කොන්ත්‍රාත් දෙන්නෙත් නැහැ. සියලු ඉදිකිරීම් අපි කරන්නෙ රාජ්‍ය දෙපාර්තමේන්තු වලින්. එ නිසා මම පිරිසිදු බෞද්ධයෙක් මිස වොයිස් කට් බෞද්ධයෙක් නෙවෙයි.”
ඒ මහතා කියාසිටියේ කවුරුන් කෙසේ තමන් හා එතම වැඩපිළිවෙළ විවේචනය කළත් ශාසනය වෙනුවෙන් සිදුකරන සංවර්ධනය කිසිවිටක නවත්වන්නේ නැති බවයි.
උත්සව අවස්ථාවට විහාරාධිපති පූජ්‍ය හොරතෑපොල චන්දරතන හිමියෝ ප‍්‍රමුඛ මහා සංඝරත්නයද ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ ඇතුලූ විශාල පිරිසක් සහභාගී වූහ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
‘සම්බුද්ධ ශාසනයට මහා විනාශය කරන්නේ විපක්ෂයේ කණ්ඩායම්වල අයයි’