( නාලක සංජීව දහනායක)
මැතිවරණයක පැවැත්වුවහොත් ලැබෙන ප‍්‍රථිඵලය කුමක්දැයි දන්නා බැවින් සීමානීර්ණ වාර්තාව පරාජය කිරීමට අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව මුලසිටම සැළසුම් සහගතව ක‍්‍රියාත්මක වූ බව රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය අද (27) පැවසුවාය.
සමුපකාර ඡන්දයක්වත් ජයගත නොහැකි යහපාලන ආණ්ඩුවට මැතිවරණ පැවැත්වීමට අවශ්‍යතාවයක් නැති බවද ඇය කීවාය.
මන්ත‍්‍රීවරිය මෙසේද පැවසීය.
‘ආණ්ඩුව විවිධ හේතු කියමින් නිලකාලය අවසන්වූ සබරගමුව,උතුරු මැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණ දැන් මාස දහයක් තිස්සේ කල් දාලා. නව ක‍්‍රමයකට මැතිවරණ පැවැත්වීම ස`දහා අවශ්‍ය සැළැස්ම සකස් කිරීම සඳහා පළාත්සභා මැතිවරණය කල් දමන බව ආණ්ඩුව කිව්වා. ඒ සම්බන්ධ පනත පරද්දන්න පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ ඇමතිවරයා ඇතුළු මුළු ආණ්ඩුවම ගේමක් ගැහුව්වා.
මේ ආණ්ඩුවට සමූපාකාර ඡන්දයක්වත් දිනන්න බැහැ. යම් කිසිහෙයකින් මැතිවරණය පැවැත්වුවහොත් තමන්ට අත්වෙන ඉරණම ගැන ආණ්ඩුව හොඳින්ම දන්නවා. ඒ නිසා පළාත් සභා මැතිවරණය කල්දමන්න ආණ්ඩුව මුලසිටම කටයුතු කළා. යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. මැතිවරණ කල්දැමීම එක්සත් ජාතික පක්‍ෂයට පුරුදු දෙයක්. නමුත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එවැනි අපකීර්තිමත් ඉතිහාසයක් තිබුනේ නැහැ. මැතිවරණ කල්දමමින් අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයන් පක්‍ෂයේ කීර්තිනාමය විනාශ කරනවා.
13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව ක‍්‍රියාත්මකවීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් 88/89 දි ජීවිතය පූජා කළා. එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ ආණ්ඩුවේ කීකරු ගෝලයන් බවටපත්ව සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට අද ඒ ඉතිහාසය අමතකයි. ඔවුන් 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තාව ගෙනල්ලා ආණ්ඩුවට පන්දම් අල්ලනවා. ඡුන්ද කල්දැමීමේ ව්‍යාපාරයේ ප‍්‍රධානතම කොටස්කරුවා බවට අද ජනතා විමුක්ති පෙරමුණ පත්ව සිටිනවා.
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව ස`දහන් කළාය.
එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය මෙසේද පැවසුවාය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සීමා නිර්ණය පරාජය කිරීමට අගමැති ඇතුළු ආණ්ඩුව මුල සිටම කටයුතු කළා‘
Saththaya Saturday, 01 September 2018 03:24 AM
මේ හැමදෙයක්ම අපවිත්‍ර කතා තමයි.