IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


‘‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ‘‘

(මුදිතා දයානන්ද)

වාර්ගික පදනම මත සයින්දමරුදුහි වෙනම නගර සභාවක් පිහිටුවීම අන්තවාදයට උඩගෙඩි දීමක් මෙන්ම සිංහල දෙමළ ජනතාව තුළ කලකිරීමක් ඇති කරන කාරණයක් බවත් එවැනි සභාවක් පිහිටුවීමෙන් ආණ්ඩුව බරපතල වරදක් සිදුකර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අද (19) පැවසූහ.

රතන හිමියෝ මේ බව පැවසූයේ රාජගිරියේ පිහිටි සදහම් සෙවණ බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

සයින්දමරුදු ප‍්‍රදේශය මුස්ලිම් අන්තවාදීන්ගේ තෝතැන්නක් බවට පත්ව තිබියදී ඒ ප‍්‍රදේශයට වෙනම නගර සභාවක් ලබාදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මෙම සිදුවීමෙන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල දායකත්වයක් සැපයූ සිංහල ජනතාව මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් විවිධ පීඩාවන්ට පත්ව සිටින නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවත් කළකිරිමට පත්ව ඇති බවද උන්වහන්සේ පැවසූහ.

තමන් මුහුණ දෙන ගැටලු පෙන්වා දී කල්මුණේ ප‍්‍රදේශයට තමන් වෙනුවෙන් වෙනම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදෙන ලෙසට වසර ගණනාවක් තිස්සේ අම්පාරේ ද්‍රවිඩ ජනතාව ඉල්ලා තිබෙන බවද එහෙත් මේ දක්වා ඔවුන්ගේ ඉල්ලීමට කිසිඳු කන්දීමක් කර නැති බවද රතන හිමියෝ පැවසුහ.

කිසියම් ප‍්‍රදේශයකට වෙනම පළාත් පාලන ආයතනයක් පිහිටුවන්නේ නම් එය කළ යුත්තේ ඒ වෙනුවෙන් පත්කළ කොමිසන් සභාවක් මගින් කරුණු අධ්‍යයනය කර ලබාදෙන නිර්දේශ මත බවද මෙහිදී එවැන්නක් සිදුව නැති අතර එය හුදෙක් අන්තවාදීන්ට කප්පම් ලබාදීමක් හා සමාන බවද රතන හිමියෝ පැවසූහ. වාර්ගික පදනම මත පරිපාලන ඒකක බෙදීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද උන්වහන්සේ පැවසුහ.

එතෙකින් නොනැවති ආණ්ඩුව මද්‍රසා පාසල් නීත්‍යානුකුළ කිරීමට උත්සාහ කරන බවද රතන හිමියෝ පැවසූහ. මද්‍රසා පාසල් පවත්වාගෙන යනු ලබන්නේ නීති විරෝධිව බවද ඒ අනුව මෙම පාසල් තහනම් කිරීමට හෝ අධ්‍යාපන අමාත්‍යංශය යටතට පවරාගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටි බවද උන්වහන්සේ පැවසූහ. එහෙත් දැන් මද්‍රසා පාසල් ලියාපදිංචි කර ඒවා නීත්‍යානුකුළ කිරීමට ආණ්ඩුව තුළ සාකච්ඡා මතුව තිබීම කණගාටුවට කරුණක් බවද රතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

 

 

 



අදහස් (9)

‘‘සයින්දමරුදු වලට වෙනම නගර සභාවක් ලබාදීම අනුමත කරන්න බෑ‘‘

ranjith Wednesday, 19 February 2020 03:20 PM

ප්‍රතිපත්තියක සිටීම ගරු කරනවා හිස්බුල්ලාගේ නීති විරිදි විශ්ව විද්‍යාලය රජයට පවර ගන්නේ කවදද මේවා කරේ නැතිනම් නැවත ඡන්දෙ ඉල්ලන්න ලැජ්ජා නැතිද

:       18       124

රණවක Wednesday, 19 February 2020 05:27 PM

එම්.සී.සී ගිවිසුම අත්සන් කරගන්න රජය සහ ඇමෙරිකාව කරන කුමන්ත්‍රණයක්. දේශීය සහ විදේශය කුමන්ත්‍රණ.

:       0       9

vidya Wednesday, 19 February 2020 10:46 PM

දැන් බැරිද උපවාසයක් කරන්න. කෝ ඔය කෑකෝ ගහපු භික්ෂුන් වහන්සේලා බොරු සෝබන විතරයි.

:       0       13

hemantha rajapaksha Wednesday, 19 February 2020 11:07 PM

ඔක්කොම වෙනකම් නිදාගෙන ඉදලා මෙන්න දැන් හීනෙන් බය වෙලා වගේ. සේරම කතා බහ කර ගෙන කරලා දැන් ඇහැරිලා කියන කතා අපි නම් පිළිගන්නේ නැහැ. පුළුවන් නම් ඒක වහලා දාන්න කියලා නොකා නොබී උපවාසයක් කරන්න බලන්න දළදා මාලිගාව ඉදිරි පිට.

:       0       11

Chathuri Wednesday, 19 February 2020 11:34 PM

අහන්න කැමතියි සහරන්ලට අඩියක් අඩියක් ගානේ පල්ලි හදන්න පාසල් ගොඩනගන්න අඩිතාලම හදල දුන්න දෙන්නව දන්නවද .

:       0       22

jonana Thursday, 20 February 2020 01:42 AM

එතකොට ශාෆි දොස්තර.?

:       0       62

aruna Thursday, 20 February 2020 04:47 AM

නගර සභාව කියන්නේ සීමිත වැඩ කොටසක් කරන ආයතනයක්. හැබැයි ජන ජීවිතයට බලපාන කුණු ගැටළු, පාරවල්, ක්‍රීඩාපිටි, පුස්තකාල, බෙහෙත් ශාලා, වෙළඳපොල වගේ දේවල් වලට මැදිහත්වෙන්න පුළුවන්. ඉතින් මට තේරෙන්නේ නැත්තේ නගර සභාවක් දුන්නනම ඇතිවෙන ගැටලුව මොකද්ද කියලා. මෙහි ඇති අධික ජන ඝනත්වය නිසා මෙවැනි ගැටළු විශාල ලෙස තියෙන බව පේනවා. හරිනම් විය යුත්තේ දැනට පළාත් සභා වලට තියෙන බලතල පුලුවන්නම් නගර සභා වලට දෙන එක. එතකොට පළාත් සභා වල බලය/ අවශතාවය අඩු කරන්න පුළුවන්.

:       168       2

Champa Thursday, 20 February 2020 08:54 AM

ඔය ගැසට් එක අවලංගු කරලා. දැන් ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක නෙමෙයි අන්න ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට එනවලු ලබන සතියේ. හදිසියෙවත් ගෙදර යන ගමන් ලංකාවටත් ආවොත්, කළු කොඩි උස්සලා විරෝධය පල කරමු නේද ? අපේ හමුදාපතිට ඇමරිකාව තහනම් නම් ඇමරිකන් ජනාධිපති අපේ රටටත් එන්න එපා කියලා.

:       81       87

Aris Thursday, 20 February 2020 09:10 AM

හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මතය ඉතාම නිවැරදියි. ඒ වගේම මම අහන්න කැමතියි එක පොදු විවාහ සහ දික්කසාද නීතියක් ගෙන ඒමට ඔබ වහන්සේ පාර්ලි මේන්තුවට ඉදිරිපත් කළ පනත්වලට මොකද වුනේ ? දැන් මේ ආණ්ඩුව එක රටක් එක නීතියක් කියන එක පටලවා ගෙන කතා කරන වග පෙනේ. දැන් මොවුන් උත්සාහ කරන්නේ ඒ සදහා උස් පහත් බේදයක් නැතුව නිතිය සැමට යන වෙනත් අරුතක් ගෙනහැර පාන්නයි.

:       12       54

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5533 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 653 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1994 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3684 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 313 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 981 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site