IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රටට හිතැති සියලු බලවේග ඒකරාශී කරගනිමින් දැවැන්ත ජනබලවේගයක් බිහිකර මෙවර මැතිවරණය ජයග්‍රහණය කර රට දිනවීමට කැපවන බව සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (06) පැවසීය.

ප්‍රජාතන්ත්‍ර විරෝධී සියලු බාධක පරාජය කරමින් නිදහස ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින් රටම දිනවන වැඩපිළිවෙලක් දියත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශී කර ජාතික අවශ්‍යතාවයන් සපුරාලමින්  රටම බලගන්වා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බවද ඔහු පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැති සමගි ජනබලවේගයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භය සනිටුහන්  කිරීම සහ සමගි ජන බලවේගයේ නිල ජංගම දුරකථන යෙදුවුම ජනගත කිරීමේ  උත්සවයේ ප්‍රධාන ආරාදිතයා ලෙස  එක්වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

          “සමගි ජනබලවේගයේ  අපි හරීන් ප්‍රනාන්දු මහතාගේ නිර්මාණයක් තුළ අපගේ මැතිවරණ ව්‍යාපාරය  නව මානයකින් ආරම්භ කරලා තියෙනවා.  දුරකථනයෙන් තරඟ කරන සමගි ජනබලවේගය  මේ රටේ සම්ප්‍රදානුකූල, යල්පැනගිය දේශපාලන රාමුවෙන් පිට පැනලා රට මුහුණ දෙන නව අභියෝග වලට  විසඳුම් සෙවීමට අලුත් ගමනක් ආරම්භ  කරලා තියෙනවා.

දුරකථනයෙන් තරඟ කරන අපි අපේ ගමනේ ප්‍රධානතම තේමා පාටය විදියට සද්ජාතිකත්වය විදියට හඳුන්වාදෙනවා. මේ රටේ  සුවහසක් ජනතාවට සද්ජාතිකත්වය හරහා සියලු දෙනාම ජයග්‍රහණය කරන ජාතික ගමනක් අපි ආරම්භ කරලා තියෙනවා.

අපේ රට සිංහල බෞද්ධ  බහුතරයක් ඉන්න  රටක්. බුද්ධාමට අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුවිශේෂී  ස්ථානයක් ලබාදී තිබෙනවා. එය ආරක්ෂා කරමින් සෙසු ආගම් සෙසු ජාතින් සදහා නිවැරදි  ආරක්ෂාවක් ලබාදිමේ ජාතික වගකීමක් තිබෙනවා කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ සඳහන් කරලා  තියෙනවා.

මේ වැඩපිළිවෙල  තුළ අපි පැහැදිලිවම ජාතිවාදය, ආගම්වාදය, අන්තවාදය, ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම  හෙළා දකිනවා විතරක් නෙමෙයි අපේ මාතෘභූමිය තුළ  එවන් ක්‍රියාවන් සිදු නොකරන තැනට අපි වගබලාගන්නවා.

සද්ජාතිකත්වය තුළ  සද්භාවයෙන් නිවැරදි චින්තනයක් ඔස්සේ අපේ රට තුළ දේශාභිමානය  ආරක්ෂා කරමින් වෙනත් කිසිම ජාතියකට, ආගමකට එදිරිවාදිකම් නොකර සැබෑ ඒකිය මාතෘභූමියක් තුළ  ජාතික ආරක්ෂාව සුරකිමින් සහෝදරත්වය සංහිදියාව තුලින්  මාතෘභූමිය සුරකින නව ගමනක් ආරම්භ කරනවා. 

මේ  සද්ජාතිකත්වය තුළ ආර්ථික සෞභාග්‍ය, සමාජීය ශක්තිය, දේශපාලන සිවිල් අයිතිවාසිකම්  සංස්කාතික, ආගමික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න අපි බැදි සිටිනවා.

සද්ජාතිකත්වය තුළ වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන අපි සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. එම වෛරී දේශපාලනය, වෛරී ප්‍රකාශන නීති විරෝධී ක්‍රියාවන් හැටියට හඳුන්වන එවන් ක්‍රියාවල යෙදෙන අය අපි නීතිය හමුවට ගෙනයාමට කටයුතු කරනවා.

අපේ  රටේ ජාතික ආරක්ෂාව ගැන කතා කරනවිට එහි ප්‍රමුඛතම කාරණාව වන්නේ මිලිටරි ආරක්ෂාවයි. මිලිටරි ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා රට  සුරකින ආරක්ෂක අංශ ධනාත්මක මානසිකත්වයකින් නවීන උපාංග හා නවීන පුහුණු රටාවන් තුලින් ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් අපි නිර්මාණය කරනවා.

ජාතික ආරක්ෂාව අප විග්‍රහ කරන ආකාරයට එය මිලිටරි ආරක්ෂාවට පමණක් සීමා වෙන්නේ නැහැ. අපි  රටක් විදියට ආර්ථික ආරක්ෂාව, දේශපාලන ආරක්ෂාව, සමාජිය ආරක්ෂාව  දෙස බැලිය යුතුයි.  අපි හදුන්වන සද්ජාතිකත්වය තුළ ජාතික ආරක්ෂාවේ  පැතිකඩ ගණනාවක් තිබෙනවා. අප නිර්මානය කරන සද්ජාතිකත්වය  තුළ සැබවින්ම  ජාතික ආරක්ෂාව තහවුරු වෙනවා.

අද  වනවිට අපේ රටේ ආර්ථික ආරක්ෂාව පලුදුවෙලා තියෙනවා. ආර්ථිකය කඩාවැටීම තුළ සමාජ ආරක්ෂාවත් හීන වෙලා තියෙනවා. මේ නිසා දේශපාලන ආරක්ෂාවත් අද රට තුළ ක්ෂය වෙමින් පවතිනවා. ආර්ථික ආරක්ෂාව තහවුරු කරන්නනම් අපේ රටේ කඩා වැටුනු ආර්ථිකය අපි ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ ජනතාවගේ  ජනජිවිතය සුඛිත මුදිත කළ යුතුයි.

අක්‍රිය  වූ ආර්ථික චක්‍රය  නැවතත් සක්‍රීය කිරීම සඳහා ජනතාව අතට මුදල් ලබාදිය යුතුයි. ඒ මුදල්  ලබාදීම තුළින් නිර්මාණය වන ඉතිරිකිරීම,  පාරිභෝජනය, ආයෝජනය  යන ආර්ථික ක්‍රියාවන් තුළගරා වැටුණූ  ආර්ථිකය නැවත වරක්  ශක්තිමත් ස්ථාවරයට ගෙනඒට අපට හැකිවෙනවා. ඒ සඳහා නව ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කිරීමට අපි අදහස් කරනවා.  මෙම ක්‍රමවේදයන් අනුගමනය  කරමින් වෙනත් රටවලට වඩා ඉදිරියෙන් සිටින්නට අපි අදහස් කරනවා.

අපේ උපායමාර්ගික සැලැස්මවල් තුල ප්‍රධානතම  අරමුන වන්නේ ජාතික අවශ්‍යතාවයන් සපුරාලිමයි. මේ මගින්  මුලු රටම බලගන්වලා සියලුම ආර්ථික,  දේශපාලන, සමාජීය බලවේග  එකට ඒකරාශි කරලා සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරනවා.  සැමට සෞභාග්‍යය හිමිවන සමාජ සාධාරණත්වය  උදාකරන මාතෘභූමියක්  නිර්මාණය කිරීම සද්ජාතිකත්වය පෙරදැරිකරගෙන  ඉදිරියට යන අපගේ ඒකායන ගමන් මාර්ගයයි.

මහජන හමු දහසක් තුළින් අපි මේ වැඩසටහන රටපුරා ගෙනයනවා. මේ මගින් අපි  අසමසම  ජනබලවේගයක් නිර්මානය කරනවා.  ජන සවියෙන් අපි විශිෂ්ඨ ජයග්‍රහනයක් කරා අපි මේ ගමන මෙහෙයවනවා.

සාම්ප්‍රදායික මාධ්‍ය තුළ අපිට නොලැබෙන ඉඩ නවීන තාක්ෂණය ඔස්සේ ලබාගෙන නව තාක්ෂනය ඔස්සේ ජනතාව දැනුවත් කරමින් අපි කටයුතු කරනවා. ඒ සඳහා හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ පිරිසක් කටයුතු කරනවා.

එක කණ්ඩායමක් කෘතිමව ඔක්සිජන් ලබාදීලා ඉහළට  ඔසවන්නට යන යුගයක ජන ප්‍රජාව ඒකාබද්ධ කරගත්  නවීන ක්‍රමවේදයන්  මගින්  ජනතාව සමඟ අත්වැල් බැඳගෙන   ප්‍රජාතන්ත්‍රවාදය අගය කරමින්  සමගි ජනබලවේගය රටම දිනවන  ගමන් මාර්ගය බවට අපි පත් කරගන්නවා” යැයිද ඔහු එහිදි සඳහන් කළේය.



අදහස් (7)

‘‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘

Bamunuarachchi Tuesday, 07 July 2020 01:44 AM

අපේ කරුමෙට ඔහෙලා බලයට ආවොත් කොපමණ අමාත්‍යාංශ ගණනක් හම්බ අයට දෙනවද? ආරක්ෂක අමාත්‍යාංශය විග්නේෂ්වරන්ට දුන්නොත් හොඳයි.

:       0       0

Bamunuarachchi Tuesday, 07 July 2020 01:47 AM

‘සියලුම බලවේග සමඟ එක්ව මැතිවරණය ජයග්‍රහණය කරනවා‘‘ ඔව් ඔව් 5% වත් රටේ ඡන්ද ගන්න බැරිව සිටි සුළු ජාතිකයින් රටේ "බලවේග" හිටපු ප්‍රේමදාස තමයි. පුතා තවත් අයව කර තියාගෙන යන්නයි හදන්නේ...

:       0       0

Saththaya Tuesday, 07 July 2020 02:35 AM

දැන් විනෝද සමය කාලය ඉවරයි. එකම ක්‍රමයට කරගෙන ආපු විහිළු තහළු ජනතාවට අප්‍රියයි.

:       0       0

Raveendra Tuesday, 07 July 2020 02:48 AM

සජිපුතාගේ කතාවත් සමගම පැරණි කියමනක් වන කොක්කෙන් හෝ කෙක්කෙන් යන්න මතකයට නැගෙනවා. හැබැයි සජි පුතේ හොඳින් මෙය මතක තියාගන්න. මේ පින්බිම පාවාදුන්නු කවුරුන්වත් යහතින් හිටියද යන්න ස්වභාව ධර්මයා විසින් හොඳින් කියාදී ඇති බව "ප්‍රේම" ගෙන්ම අහගන්නකෝ... කෝල් එකක් අරගෙන අපායට... අපේ " මව්බිම පාවාදුන්නු හැම කෙනාටම " ඇඩ්රස් නැතිවෙන එක තමයි ලැබුණේ.. ඉදිරියේදීත් ඔය මොකාටත් ලැබෙන්නේ එයම තමයි. පුළුවන් නම් සජි මලයා ස්වභාව ධර්මයා එක්ක ටෝක් දාලා බලන්න. හැබැයි සජි පුතෝ, ස්වභාව ධර්මයා දන්නවා සජි මලයා හැරෙනකොටම හැරෙන්නේ පොල් පැලේටද, නියඟලා අලේටද කියලා හොඳේ.

:       0       0

kamal Tuesday, 07 July 2020 05:13 AM

ජනාධිපතිවරණය වගේම?

:       0       0

jaya sri Tuesday, 07 July 2020 06:04 AM

ජයවේවා..!!! ඔබ පැමිණි වහාම මේක අවලංගු කරන්න සදහටම. කැලෑ ඉඩම් වන සංරක්ෂණයෙන් අයින් කරන්න මේ රජය කරන්න හදන උප්පර වැට්ටිය නවත්වා සියලුම කැලෑවන් වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට දී පරිසරයට තදින්ම ආදරය කරන කෙනෙක් බලධාරියා ලෙස පත් කරන්න. වරායයන්, ගුවන්තොටුපොළවල් චීනයට, ඉන්දියාවට, ඇමෙරිකාවට දීම නවත්වන්න. ඔබට ජය...!!!

:       0       0

mp Tuesday, 07 July 2020 08:04 AM

දවල්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5456 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 640 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1985 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3666 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 147 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 295 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 948 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site