IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය හිටපු නායකයා ඊයේ ප්‍රකාශ කළා- සජිත්

යහපාලන රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ බවත්, රජය ඡන්ද කල් දමන බව හිටපු ජනපතිවරයා ප්‍රකාශ කරනවා. පසුගිය පාලන සමයේ සුදුවෑන් සංස්කෘතිය, මාධ්‍යවේදීන් ඝාතනය කළ යුගය, ජලය හා ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම අණකළ අය මෙසේ කීම සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය මෙය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ත්‍රිකුණාමලයේ දි පැවැසීය. 
36 වැනි ගම්උදා ගම්මානය ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලය  ‘වල්ලුවර් කෝට්ටම්’ ගම්මානයේ දීය.
පළාත් සභා මැතිවරණය එක දිනයක පවත්වන්නට එපා යනුවෙන්ද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අද ප්‍රකාශ කර තිබෙනවා. එතුමාගේ කාලයේදී සිදුකළේ කුමක්ද? පළාත් සභා මැතිවරණ කොටසින් කොටස පවත්වා, භාණ්ඩාගාරයේ මුදල්ද භාවිතා කරමින් ඡන්ද ජය ගැනීමයි. පළාත් සභා මැතිවරණ සියල්ලම එකම දිනයක තැබීමේ වරද කුමක්ද? එදා වගේ අද රාජ්‍ය බලය යොදවා මැතිවරණ ජයගන්නට බැහැ. අද ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර තිබෙනවා. ඒනිසා මැතිවරණ සඳහා අපට ඇඟිලි ගැසීමට බැහැ.

අප කියන දේ කරනවා. කරන දේ කියනවා. එදා ක්‍රියාත්මක වු ‘යමපාලනයේ’ සහ අද ක්‍රියාත්මක වන ‘යහපාලනයේ’ වෙනස මෙයයි. 
පසුගිය රජයේ නිවාස ඇමතිවරයා මෙම ප්‍රදේශයට එද්දි වාහන කීයක් පසුපසින් එනවද? පොලිස් නිළධාරීන් කීදෙනෙක් එනවද? අද මා පැමිණියේ රජයේ වාහනයකින් නොවෙයි. වාහනයට ඉන්ධන ලබා ගන්නේ රජයේ මුදලින් නොවෙයි. මාත් සමඟ පැමිණියේ පොලිස් නිළධාරීන් දෙදෙනෙක් පමණයි.

අපට විවිධ දීමනා වෙනුවෙන් මාසයකට රුපියල් ලක්ෂ 4 ක් පමණ රජයෙන් ලැබෙනවා. ඒ කිසිවක් මා ලබා ගන්නේ නැහැ. මා ඒ මුදල් රටේ ජනතාවට නිවාස සෑදීම පිණිස මාගේ පියා ආරම්භ කළ ‘සෙවණ’ අරමුදලේ තැන්පත් කරනවා.



අදහස් (6)

සියවසේ හාස්‍ය ජනක ප්‍රකාශය හිටපු නායකයා ඊයේ ප්‍රකාශ කළා- සජිත්

raveendra Sunday, 13 August 2017 06:20 AM

හිටපු හාදයෝ වැරදිකළ නිසා නොවැ (දිව්‍යලෝකේ දෙන්නම්) කියලනේ ඔහෙලා බලයට අවේ. ඉතින් ඔහෙලත් හිතට එකඟවද මහජනයාට සේවය කරන්නේ? කව්ද ඔහෙලට අවසරදුන්නේ මගේ , අපගේ මුදල් වියදම් කරන්න කියා විවෘත කිරීමේ උත්සවලට. කව්ද ඔහෙලට අවසර දුන්නේ ඔහෙලගෙ නම් ලොකු අකුරෙන් ලියා ප්‍රදර්ශනය කරන්න කියා? අපි කිසිවකු කියල නැහැ ඔහෙලට මගේ, අපගේ මුදල් නාස්තිකාර මෙවැනි උත්සව පවත්වන්න. කොහේ හෝ අලුතෙන් සාදනලද වැසිකිලි විවෘත්ත කිරීමකදී ඔහෙලගේ නම් ගම් ප්‍රදර්ශනය කරනවද? කෙසේවෙතත් උන්නැහේලාට මොනම හෝ ව්‍යාපෘතියක් පටන්ගැනීමකදී හෝ විවෘත්ත කිරීමකදී හෝ උත්සයක අවශ්‍ය නම් ඔහෙලගේ පුද්ගලික මුදල් වියදම් කළාට ලංකා මාතාවට ආදරය කරන පුරවැසියන් හැටියට අපගේ කිසිම විරුද්ධත්වයක් නොමැත. මෙය අප රටේ මුල් පුරවැසියාටත් වලංගු වන අතර, අනෙකුත් පුරවැසියන් හටද වලංගු බව මතක් කිරීමට කැමැත්තෙමු.

:       207       603

saradiyalSunday, 13 August 2017 02:32 PM

රවින්ද්‍ර කොහෙන්ද? කවද්ද ඉපදුනේ? හරියට ඊයේ පෙරේදා ඉපදුණා වගේනේ කතාව... තමුන් වගේ අයට කිසිම හොඳක් නම් වෙන්නේ නැහැ මේ රජයෙන්... හේතුව හොඳක් දකින්න පිවිතුරු හදවතක් තිබෙන්න ඕනෑ එක ඔහෙලට නැහැ..

:       1318       115

මම1Monday, 14 August 2017 05:03 AM

මේ රජයේ අඩුපාඩු කම් අපමණයි. හොරකම් නැවතිලත් නැහැ. ඒ වුණාට නීතියට උඩින් සිටි පවුලන් සහ ගැත්තන් පිරිසක්, විරුද්ධව අදහස් දක්වන අය මරාදමන, රජයේ මුදල් පෞද්ගලික මුදල් සේ පරිහරණය කරන දේවල් නැහැ. සාපේක්ෂව මේ රජය හොඳයි. නමුත් මේ රටට මීට වඩා හොඳ නායකයන් ඕනේ. ඒ නායකයන් හිටපු ආණ්ඩුවෙන් හොයාගන්න නම් වෙන්නේ නැහැ. එතනයි සමහර අය වරද්දා ගන්න තැන.

:       123       2

sunanda perera Sunday, 13 August 2017 12:11 PM

නිධන් සල්ලි තාම ඉවර වුණේ නැතිව ඇති ...

:       0       339

raveendra Monday, 14 August 2017 08:15 AM

සරදියල් මයාවෙත, ඔබගේ අදහසට ගරුකරමි. මා ඔබගේ නමට අදාල කඳුවැටියට ටිකක් ඉහළින් තිබෙන ප්‍රදාන නගරයට ආසන්නයේය. අවුරුදු 60 කට පෙර ඉපදුණු මා තේරෙන වයසේ සිට කිසිම පක්ෂයකට ගැතිවී නොමැත. කිසිම පක්ෂයකින් ලාභ ප්‍රයෝජන ගෙනත් නැත. එසේ ගැනීමට බලපොරොත්තුවකුත් නැත. ගන්නේද නැත. මාහට පිවිතුරු හදවතක් තිබේද නැද්ද යන්නට පිළිතුර පහසුවෙන්ම ඔබට සොයාගත හැක. ඒ කෙසේදයත් පක්ෂක්ග්‍රාහී නොවී මධ්‍යස්ධව කථාකිරීමම හොඳටම ඇති. අප අපගේ මව්රටට අසීමිත ලෙස ආදරය කරමු. එබැවින් මා වැරදි දෙයට වැරදිය යන්න කීමට පසුබට නොවෙමි. එලෙසම හොද දෙයට හොඳයි යන්න කීමටද පසුබට නොවෙමි. අප රටේ පැමිණි මෙවන් මුල්ගල් තැබීම්වලට තම තමන්ගේ නම් විශාල අකුරෙන් නාම පුරවලට යොදාගන්නේ. එසේම විවෘත්ත කිරීම් වලද මෙවැන්නක්ම සිදුවේ. මේ හැම දෙයකටම මගේ ඔබගේ අපගේ මුදල් නාස්තිය හැර වෙන කිසිම වැඩදායක දෙයක් සිදුවේද යන්න යම් තරමින් හෝ සිතීමට පුළුවන් කෙනෙකුට තේරුම් යනු නියතය. තවද මා පාට කණ්ණාඩි පැළඳ කිසිම අදහසක් නොකියමි. කවුරු කළත් හොඳ දේ හොඳයි වැරදි දෙය වැරදියි. මගේ මෙම අදහස්වලින් ඔබහට සිත් තැවුලක් වුණානම් කණගාටු වෙමි.

:       0       46

raveendra Monday, 14 August 2017 01:54 PM

සරදියල් මයාවෙත නැවතත් ඔබට හැකියාවක් තිබේ නම් යූ ටියුබ් හි ඩීප් ඉන් ද හිමාලයස් ගැන භූතාන් අගමැති ට්ෂරින් ටොබ්ගේ මහත්මයාගේ ඉහත සදහන් වීඩියෝ හඬපටයට හොඳින් ඇහුම්කන්දී බලන්න. එවිට ඔබටම අවංකවම තේරුම් යන එකදෙයක් ඇත. අපේ රටේ රතු, කොළ, නිල් දේශපාලන ඔස්තාර්ලා අපරට දියුණු කිරීම ගැන මොනතරම් නම් බොරු කියනවද කියා. භූතානය අප රටටත් වඩා සම්පත්වලින් හීනවූ රටක් වුවත් අපට වඩා ඉතා ඉදිරියෙන් සිටින රටක් බව කිවහැකිය.

:       0       31

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 478 4

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 638 17

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5995 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 706 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2030 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3736 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 25 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 214 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 386 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site