IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“

(නාලක සංජීව දහනායක, මහර ගණිඳු රෝචන සමරතුංග, චතුරංග චන්ද්‍රසේන, දෙල්ගොඩ සුදත් පුබුදු කීර්ති)
 
වසර පහකට බලයට පත්වන ආණ්ඩුවකට අනාගත පරපුරට හිමි රාජ්‍ය සම්පත් විකිණීමට කිසිම අයිතියක් නැතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (13) මහරදී පැවැසීය.
 
ජනතා තීන්දුවට පිටින් සිදුකරන මෙම ක්‍රියා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් මගින් විමර්ශන කළ යුතු යැයි ද ඔහු කීය.
 
මහර බස් නැවතුම් පොළ භූමියේ ඊයේ (12) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියට සහභාගීවෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
 
එහිදී විපක්ෂ නායකවරයා මෙසේද කීය.

දැන් රතු ලූනු, බොම්බයි ලූනු මිල කොහොමද?
 
ජීවන වියදම අඩුයිද? බඩු මිල ඉහළ ගිය තරම කොතරම් ද කියනවා නම් ජනතාව ඒ ගැන කතා කරන්නෙත් නැහැ. එදා අපට විරුද්ධව ඡන්දය දීපු එකේ ප්‍රතිඵලය වුණේ එදා සිගරැට් බීපු කෙනා අද බීඩි බොන තත්ත්වයට පත්වීමයි.
 
මේ පාලන ක්‍රමය වෙනස් කරන්න අද රටේම ජනතාව බලාගෙන ඉන්න බව ඇල්පිටිය ජනතාව පෙන්නුවා. ශ්‍රීලනිපයත් අපිත් අද එකතුවුණා. ශ්‍රී.ල.නි.ප.ය. අපේ මහ ගෙදර. ඒ නිසා අමුතුවෙන් එකතුවෙන්න දෙයක් නැහැ.

මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රටේ සම්පත් විකුණනවා. ඒ සල්ලි ආණ්ඩුවම කෑවා. ණය ගෙවන්න රට වෙනුවෙන් ඒ මුදල් යෙදෙව්වේ නැහැ. මේ ආණ්ඩුව හැම කෙනෙක්ගෙන්ම පළිගත්තා. හරියට පළිගන්න අගමැතිකමයි, ජනාධිපතිකමයි දෙකම එ.ජා.පයට දෙන්න කියලා මහ ලේකම්තුමා කියනවා. ඔවුන් බලයට එන්නේ පළිගන්න මිස රට හදන්න නෙවෙයි.
 
කටුනායක ඉඳලා කොළඹට අධිවේගී මාර්ග අපි ඉක්මනට හැදුවා. මේ ආණ්ඩුව අත ගානවා මිස වැඩ නැහැ. නිදි මරණ රටට වැඩක් කරන්න බැරි කෙනෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා වැඩක් නැහැ. අපි රටට වැඩක් කරන්න පුළුවන් වැඩකරපු මිනිහෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්කර තිබෙනවා.
 
අපි නම් බලයට ආවත් ජනතාවගෙන් උපදෙස් ගන්නවා. ජනතාවගේ අදහස් වලට ගරු කරන්න අපි ලැජ්ජා වෙන්නේ නැහැ. ඒකපුද්ගල ආදායම අද 1.6ට වැටිලා. රටේ ණය බර වැඩිවෙලා. මේ තත්ත්වය ඉතාම ඉක්මනට වෙනස් කළ යුතුයි.

අවුරුදු පහකට බලයට ඇවිල්ලා අනාගත පරපුරට හිමි දේපළ විකුණන්න ආණ්ඩුවකට බැහැ. ජනතාව නොදුන් අයිතියක් ආණ්ඩුවක් පාවිච්චි කරන්නේ කොහොමද?
 
ජනාධිපති කොමිෂන් දාලා ඒවා ගැන සොයන්න ඕන. වංචාව, දූෂණය, මංකොල්ලකෑම සදාකාලිකවම නතර කර දමන්න කාලය එළැඹිලා තිබෙනවා.
 
ජනතාව ඉදිරියට එන්න බැරි අය අපිට විරුද්ධව උසාවි යනවා. උසාවිය නිවැරැදි තීන්දුවක් දුන්නා. අද අපිට විරුද්ධව බොරු ප්‍රචාර ගෙනියනවා. ඒවා විශ්වාස නොකරන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු කීය.

පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රජපක්ෂ මහතා මෙසේ පැවැසුවාය.

ජනතාව අතරින්ම මතුවූ යෝජනාව අනුව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් මා ජනාධිපති අපේක්ෂකත්වයට පත්කර ගත්තා. මා කෙරෙහි තැබු විශ්වාසය අනුව උරුමයන් රැකගෙන සුරක්ෂිත අලුත් රටක් බිහිකිරීමට මම ක්‍රියාකරනවා.

ආරක්ෂිත, විනයගරුක රටක් බිහිකිරීම අපේ ප්‍රධාන අරමුණක්. දේශපාලන සංස්කෘතිය යහපත් කරගත යුතුයි. ආවේගශීලීව, අවස්ථාවාදීව විරුද්ධවාදීන්ගේ කුමන්ත්‍රණවලට අසුවී ක්‍රියාකරන්න අපට බැහැ. ලංකා කම්කරු කොංග්‍රසයත් අපට සහය ලබාදෙනවා. ඒ සියලුම පක්ෂ අප සමග එකතු වී තිබෙන්නේ ප්‍රශ්න විසඳීමට අප දැනමටත් සැලසුම් සකස්කර ඇති නිසයි.

ශ්‍රී.ල.නි.ප.ය.ත් අප සමග එකතුවීම නිසා අපගේ ඡන්ද පදනම සියයට 70 දක්වා වැඩිකර ගන්න අපට හැකි වී තිබෙනවා. අද අප භුක්ති විඳින වරප්‍රසාද බොහොමයක් රටට හඳුන්වා දුන්නේ ශ්‍රී.ල.නි.ප.යයි. අප නැවතත් ආර්ථිකය පණගන්වන සුරක්ෂිත රටක් බිහිකරනවා. බුද්ධි අංශවලට නිසි පරිදි ක්‍රියාත්මක වීමට නීතිමය ආරක්ෂාව ලබාදෙනවා.
 
රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙන රජයකට ආර්ථිකය සුරක්ෂිත කිරීමට හෝ ආරක්ෂාව තහවුරු කිරීමට හැකියාවක් නැහැ.

අපගේ සැලසුම් සකස් වී තිබෙන්නේ ඥානය මුල්වූ ආර්ථිකයත් කෙරෙහියි. තොරතුරු තාක්ෂණය මූලික කරගෙන ආර්ථිකය දියුණු කිරීමට අපට පුළුවන්. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සුරක්ෂිත කිරීමට අප රාජ්‍ය අනුග්‍රහය ලබාදෙනවා. මිනිස් සම්පත් දියුණු කිරීමට අධ්‍යාපනය දියුණු කළ යුතුයි. ඒ වෙනුවෙන් මාගේ පළමු වසරේදීම අධ්‍යාපනය වෙනුවෙන් විශාල අයෝජනයක් කරනවා. තරුණ තරුණියන් අසහනයට පත්වසිටින්නේ අධ්‍යාපන ප්‍රතිපත්ති වල වැරැදි නිසයි.

ලක්ෂ දෙකක සිසුන් පිරිසක් උසස් පෙළ විභාගයට මුහුණ දුන්නත් විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන්නේ සිසුන් තිස්පන් දහසක් පමණයි. උසස් පෙළ විභාගයට මුහුණ දෙන සියලුම සිසුන්ට විශ්වවිද්‍යාල පහසුකම් ලැබෙන පරිදි විශ්වවිද්‍යාල දියුණු කරනවා. තාක්ෂණය මුල්වූ ආර්ථිකයක් වෙනුවෙන් අප ක්‍රියාත්මක වෙනවා.

අද නිපුණත්වයෙන් හෙබි තරුණයන් නොමැති වීම විශාල ප්‍රශ්නයක් වෙලා. ඒ නිසා ආර්ථිකය දියුණු කිරීමට නිපුණත්වයෙන් හෙබි තරුණ තරුණියන් බිහිකිරීමට ක්‍රියාකරනවා.

සංචාරක ක්ෂේත්‍රය අද කඩාවැටිලා. ස්ථාවර සුරක්ෂිත රටක් බිහිකිරීම හරහා සංචාරකයන්ට සුදුසු රටක් අප බිහි කරනවා.
 
මෙම රජය කෘෂි කර්මාන්තය අමතක කරලා. ලොව ඉහළම වාරි මාර්ග පද්ධතිය තිබුණේ අප රටේයි. අද අප රටේ ගොවියා දුප්පත් වෙලා. ගොවියා දියුණු කළ යුතුයි. ගොවියාට ජීවත්වීමට සුදුසු ආදායමක් ලැබීමට හැකිවන පරිදි කෘෂිකර්මාන්තය දියුණු කරනවා.
 
රටක් සංවර්ධනයවීම යනු සමාජයේ එක් කොටසක් දියුණුකිරීම නොවෙයි. රටේ සියලුම ජනතාව ඉහළට ගැනීමට හැකි වන පරිදි ජනතා හිතවාද ආරක්ෂිත සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඔබ ඔබගේ යුතුකම ඉටුකරන්න. සුරක්‍ෂිත රටක්, දියුණු ආර්ථිකයක් බිහිකර අනාගත පරපුරට ජීවත්විය හැකි රටක් බිහිකිරීම වෙනුවෙන් තමන් යුතුකම ඉටුකිරීමට සූදානම් යැයිද ඔහු කීය.
 
ඒකාබද්ධ විපක්‍ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ පැවැසීය.
 
ඉතාම තීරණාත්මක අවස්ථාවකට රට පරිවර්තනය වී තිබෙනවා. පසුගිය රජය කාලයේ තිබූ වේගවත් ආර්ථීක සංවර්ධනය එ.ජා.ප. පාලනය යටතේ සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. අනාගතයක් නැති ජාතියකට අනාගතයක් නිර්මාණය කිරීමේ සටන ‘මහින්ද - ගෝඨා සුසංයෝගය’ අද ආරම්භ කර තිබෙනවා.
 
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

මෙවර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහය ලබාදිය යුතු බවට ශ්‍රී.ල.නි.ප.ය තීරණය කළා. එම තීරණය ගන්න අපිට ටිකක් කල්ගතවුණා. මම මුල ඉඳලම ඒ වෙනුවෙන් ක්‍රියාකළා. මගේ තීරණය පක්‍ෂයේ තීරණය බවට පත්කිරීමට හැකිවීම මට සතුටක්.
 
ගෝඨාභය දිනවීම සඳහා ශක්තිමත් ආර්ථීකයක්, සුරක්‍ෂිත රටක් අපට ලැබෙනවා. රට වෙනුවෙන් ක්‍රියාකිරීමට ඔහුට ඇති හැකියාව දුටුවිට ජනාධිපති ධුරයට ඔහුට වඩා වෙනත් සුදුස්සෙක් නැහැ.
 
සුරක්‍ෂිත රටක්, ශක්තිමත් ආර්ථියක් ප්‍රාර්ථනා කරන හැමෝටම ගෝඨාභය දිනවීමේ යුතුකමක් තිබෙනවා.
තමන්ගේ ආණ්ඩුවේ ආරක්‍ෂක ඇමැතිකමට සරත් ෆොන්සේකා මහතා පත්කරන බව සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා. ෆොන්සේකා පත්කරගන්නවාට වඩා ගෝඨාභය පත්කරගැනීම රටට හොඳයි. ගෝඨාභය - මහින්ද රාජපක්‍ෂ එක්ක අත්වැල් බැඳගන්නවා. නමුත් සජිත් ප්‍රේමදාස අත්වැල් බැඳගන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟයි.

අද වනවිට පක්‍ෂයට වඩා රට ගැන හිතා තීන්දු ගතයුතු වේලාවක්. ජනතාව අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා. ගම් මට්ටමින්  පොඩි පොඩි ප්‍රශ්න තිබුණත් ඒවා අමතකකර ගෝඨාභය දිනවීමට අපි ක්‍රියාත්මක විය යුතුයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ පැවැසීය.

දෛවය දේශපාලනයට බලපාන අවස්ථාවන් තිබෙනවා. ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය එවන් අවස්ථාවක්. එම මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ මීට බොහෝ කාලයකට පෙරයි. නමුත් අප කවුරුත් නොසිතූ විදියට එම මැතිවරණය ජනාධිපතිවරණ කාලසීමාවේදීම පැවැත්වුණා. පොදුවේ රටේ ජනමතය කෙබඳුදැයි එම මැතිවරණයෙන් පෙන්නුම් කෙරෙනවා.

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ පැවැසීය.

ඇල්පිටිය ප්‍රාදේශීය ජනතාව සජිත් ප්‍රේමදාසගේ ජනාධිපති සිහිනය කුඩුපට්ටම් කරලා දැම්මා. රනිල්ට බැහැ කියලා ගෙනාපු සජිත් ප්‍රේමදාස එ.ජා.ප. ඡන්ද ප්‍රතිශතය රනිල්ටත් වඩා පහළ මට්ටමකට දමලා. ශ්‍රී.ල.නි.ප.යෙත් අපෙත් ඡන්ද ප්‍රතිශතය වැඩිවෙලා.
 
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර, නිමල් ලාංසා, සිසිර ජයකොඩි යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද මෙහිදී අදහස් දැක්වූහ.

වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ඩුලිප් විජේසේකර, නිශාන්ත මුතුහෙට්ටිගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ මන්ත්‍රීන්ද, ලංකා සමසමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතාද, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයෝ ඇතුළු විශාල පිරිසක්ද මේ සඳහා සහභාගීවූහ.



අදහස් (0)

“සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශ සන්නද්ධ කර නීතිමය ආරක්ෂාව ලබා දෙනවා“

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6295 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site