(අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර)
‘සහජීවනයට මුවාවී ත්රස්තවාදීන්ට කප්පම් දී නැවතත් මේ රටේ සාමය නැතිකරන්න කටයුතු නොකරන ලෙස ඒකබද්ධ විපක්ෂය ලෙස රජයට දන්වන බවත්, ආරක්ෂක ප්‍රධානීන් දඬුකදේ ගසමින් රජයේ බුද්ධි අංශ අඩපන කරමින් ගෙනයන සහජීවනය හමුවේ ත්රස්වාදය රටතුළ හිස ඔසවා ඇතැයි‘ ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. රංජිත් සොයිසා මහතා අද (24) පැවසුවේය.
ඇඹිලිපිටිය නගරයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ ටී. රංජිත් සොයිසා මන්ත්‍රීවරයා.
තිස් අවුරුද්දක් පුරා පැවති යුද්ධය පරාජය කර ඒලටීටීඊ සංවිධානය ජාතික වශයෙන් පරාද කළත් ජාත්‍යන්තර වශයෙන් නැගී සිටින්නට පුලූවන් බවට ඒකාබද්ධ විපක්ෂය රජයට කරුණු දක්වන විට එය අවඥාවෙන් යුතුව බැහැර කළ රජයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මුලතිව් වලින් ක්ලේමෝ බෝම්බ, එල්ටීටීඊ ඇඳුම් හමුවීමේ සිද්ධිය දන්නේ නෑ කියලා මාධ්‍යවේදීන් හමුවේ කියනවා.
නමුත් ප්‍රදේශයේ පොලීසිය කියනවා භායානක යුද උපකරණ සමඟ දෙන්නෙක් ඇල්ලූවා කියලා. මේ සිද්ධි තුළින් උතුරේ එල්ටිටීඊ නමින් නොවුනත් වෙනත් නමකින් හෝ භයානක අපරාධ ත්‍රස්ත කල්ලියක් බිහිවෙමින් පවතිනවා කියන එක අපි රජයට කියනවා.
මීට ඉස්සර කිව්වේ යුද්ධය වෙලාවේ හංගපුවා හමුවුණා කියලා. නමුත් ත්‍රිරෝද රියකින් ගෙනයමින් සිටිය දී මේ භාණ්ඩ හමුවුණේ. මේක රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු කරුණක්. නඩු පවරලා සිටි ත්රස්වාදීන්ගේ නඩු ඉල්ලා අස්කර ගැනීමත් ආරක්ෂ අංශ ප්‍රබලයන් සම්බන්ධයෙන් ගත්ත අහිරකර ක්‍රියාවන් නිසාත් මේ තත්ත්වය වර්ධනය වුණා කියලා අපි කියනවා. දැන්වත් සහජීවනයට මුවාවෙලා ත්රස්තවාදීන්ට කප්පම් දීලා ඔවුන්ගේ මනදොළ සතුටු කිරීමේ වැඩ පිළිවෙලන් ඉවත් වන ලෙස අපි ආණ්ඩුවට දන්වනවා. බුද්ධි අංශ අඩපනයි. බුද්ධි අංශ නිලධාරීන් සියල්ල හිර ගෙවල්වල. ආරක්ෂක අංශ ප්‍රධානීන් දඬුකදේ ගහලා. ඒ තත්ත්වය තුළ එල්ටීටීඊ හිතවාදීන් බඩපිණුම් ගහනවා.
ආර්ථිකය කඩා වැටිලා. ණය ක්‍රම ගණනාවක් රජය හඳුන්වලා දීලා. රුපියල් ලක්ෂ දෙකේ නිවාස ණය දෙන්නේ පෝලිමට. ඒ නිවාස ණය අයදුම් පත්‍රයේ ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයාගේ අත්සන සහ සීල්එක ඕනෑ කියලා අපි අහලා තියනවා. ලංකා බැංකුව සහ මහජන බැංකුව නිවාස ණය දෙන්නේ දේශපාලන ඉල්ලීම්වලට පමණක් ද කියලා අපි අහනවා.
ඒවගේම තමයි රටේ අපරාධ එන්න එන්නම වැඩිවෙලා. අපරාධකාරයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දක්වන ප්‍රතිචාරවලට ඒකාබද්ධය ලෙස අපේ විවේචන තියනවා. අපරාධයක් වුණාට පස්සේ අපරාධකාරය අල්ලලා ගහලා මරලා දානවට වැඩිය අපරාධ වෙන්න ඉස්සර සමාජය වෙනස් කිරිම මේ රජය විසින් කළ යුතු දෙයක්. අපරාධකාරයන් වීමේ පසුබිම නැති කළ යුතුයි. අරාජිකවු ආර්ථික ක්‍රමය තුල හැම මනුස්සයෙක් ම හොරෙක් බවට පත්වීමේ ප්රවනතාවක් ඇතිවෙලා තියනවා.
ඒවගේම රජයේ මතය ගෙනයනන බෞද්ධ භික්ෂුන් යොදාගන්නවා වගේම ඊට එරෙහි බෞද්ධ භික්ෂූන්ව මරධනය කිරිමත් අපි හෙළා දකිනවා. ඥානසාර හිමියන්ගේ මතය හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මතය සමග එකඟත්වයක් නෑ. නමුත් බෞද්ධ භික්ෂුවක් හැටියට උන්වහන්සේට හිරිහැර කළානම් ඒක අපි හෙළා දකිනවා.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා සභික ගයාන් මේනක දිසානායක මහතා ඇතුලූ කිහිප දෙනෙක් ම එක්ව සිටියහ.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
ලයිෂන් නැති පිරිසකට පාර්ලිමේන්තු බලයත් ලබා දුනහොත් රට කොහේ ගෙනයාවි දැයි සිතා ගන්නට බැරි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සහජීවනයට මුවා වී රටේ සාමය නැති කරන්න එපා‘
dhamneth Monday, 25 June 2018 11:02 AM
2015 සිටම මේ ගොල්ලෝ කියනවා රට බෙදනවා... කොටි නැගිටිනවා කියා.. කෝ තවම මුකුත් නැහැනේ. දැන් ආණ්ඩුවේ කාලෙත් ඉවර වෙන්න ළඟයි.
Saththaya Tuesday, 26 June 2018 02:34 AM
කවුද දන්නේ නැහැ ත්රස්තවාදීන්ට කප්පම් දුන්නේ ? ඒ මුදලින් තමයි විශාල ආයුධ තොග අරගෙන කොටින් ශක්තිමත් වුනේ. ආයෙත් සුනාමියක් එයිද ?