“ලස්සන ලංකාවක්” හදන්නට අප මතක ඇති කාලයේ පටන් සිහින දකිමින් සිටින්නෙමු. කලින් පරපුරත් එලෙස සිහින දකින්නට ඇත. පසු පරපුරත් සිහින දකිමින් සිටියි.
ජාතික ජන බලවේග ආණ්ඩුවේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යනු ජනතාව ප්‍රාර්ථනා කරන රට මේ මහ පොළොවේ පැළ කරන මාවතයි.
ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පළමු වෙනිදා හා හා පුරා කියා කොළඹ ජනාධිපති කාර්යාලයේදී ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන ආරම්භ විය.
මොකක්ද මේ “ක්ලීන් ශ්‍රී ලංකා”? මිනිස්සු අසති.
ජාතික ජන බලවේගය මහ මැතිවරණයට පෙර කීවේ පාර්ලිමේන්තුව සුද්ද කළ යුතු බවයි. ඒ සඳහා ශ්‍රමදානයකට එක්වන ලෙසද ජාතික ජනබලවේගය ඉල්ලා සිටියේය. ජනතාව ඒ කතාවට ඇහුම්කන් දුන්නේය. ජනතාව විසින් පාර්ලිමේන්තුවේ මුල් ඇද සිටි රොත්තක්ම ගෙදර ඇරියේ ඒ අනුවයි. එලෙස පත්වූ ආණ්ඩුව දැන් මුළු රටම සුද්ද කිරීමේ වැඩක් අරඹා ඇත.
“මිනිහා නොහදා රට හදන්න බැහැ” යැයි ශ්‍රේෂ්ඨ යතිවරයාණ කෙනෙක් වූ මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමියෝ වරෙක කීහ.
තාප්පවල චිත්‍ර ඇඳීමේ ක්‍රියාවලියෙන් එහා ගොස් “පුරවැසියා ක්ලීන් කිරීම” රජය ඉදිරිපත් කර තිබෙන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ප්‍රමුඛ අරමුණකි. ඒ අරමුණ යථාවත් කිරීම සඳහා කැබිනට් අනුමැතියක් පරිදි ජනාධිපති කාර්ය සාධක බළකායක්ද පත් කෙරිණ. ජනාධිපති ලේකම්, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, පොලිස්පති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයෝ 19 දෙනෙක් එහි සාමාජිකත්වය දරති.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් ජනපති කීවේ රට පුරා ඔඩුදුවා ඇති අල්ලස, දූෂණය, වංචාව නමැති පිළිකාව සුව කරන බවයි.
රට එක තැන පල් වෙමින්, ගඳ ගහමින් ඉහඳ පණුවන් පැටව් ගසන තත්ත්වයට එක් මූලික හේතුවක් වී ඇත්තේ මේ අල්ලස, දූෂණය, වංචාව බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. එවැනි දේ ඇත්තටම නතර කළ හැකි නම් රටෙන් බාගයක් “ක්ලීන්” වනු ඇත. සිංගප්පූරුව දියුණු රාජ්‍යයක් බවට පත් කළ ලීක් වාන් යූ ද මුලින්ම කළේ අල්ලස, දූෂණය, වංචාවට තිත තැබීමයි. දැඩි නීති පද්ධතියක් ස්ථාපිත කිරීමයි.
රජයේ සැලසුම් ප්‍රධාන ව්‍යාපෘති තුනක් යටතේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කර ගනිමින් මෙහෙයවීමට නියමිතය.
රට සහ පුරවැසියන් දුප්පත්කමින් මුදාගැනීම එහි මූලික අරමුණයි. ආර්ථිකයේ ප්‍රතිලාභ ගමට ගලා යන ප්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහා ලබන අයවැයෙන් දුප්පත්කම තුරන් කරන දිශාවකට ආර්ථිකය මෙහෙය වීමට රජය සැලසුම් කර ඇත.
රජයේ දෙවැනි අරමුණ වන්නේ රට ඩිජිටල්කරණයකට ලක් කිරීමයි. කාර්යක්ෂමතාව, නාස්තිය අවම කිරීම, වංචා දූෂණ අවම කිරීම එහි අරමුණ වී තිබේ.
“ක්ලීන් ශ්‍රී ලංකා” යනු රජයේ රට හදන තෙවැනි වැඩසටහනයි. ක්ලීන් ශ්‍රී ලංකා යන්නෙන් රජය අදහස් කරන්නේ රටේ පරිසර පද්ධතිය පිරිසිදු කිරීම පමණක් නොවේ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව “ක්ලීන් ශ්‍රී ලංකා” යනු රටේ සමස්ත ගරාවැටුණු, දිරාපත් වූ සමාජ දේහය අසරණ බවට පත් වූ මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සෑම අංශයකම සිදුකරනු ලබන පිරිසිදුභාවයයි.
ලාංකීය පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ එක් අරමුණකි. ලංකාව යනු ඉතා ලස්සන රටකි.“පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය”යනුවෙන් විරුදාවලි ඊට ලැබී ඇත්තේද එහෙයිනි. එවන් ලස්සන රටේ අලි මිනිස් ගැටුමින් අලින් මෙන්ම මිනිසුන් වසර පුරා සිය ගණනින් මියැදෙන අවලස්සන කතා නතර කරන්නට නම් පරිසර පද්ධති කළමනාකරණය අත්‍යවශ්‍යය. පරිසරයේ හරි කළමනාකරණය ඇති කිරීම ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අනුව සිදුකෙරෙයි.
රජයේ තවත් අරමුණක් වන්නේ සහකම්පනයක් සහිත මිනිසකු බිහි කිරීමයි. සහකම්පනය නම් අනෙකා ගැන තිබෙන කැක්කුමයි. ජනාධිපතිවරයා ඒ ගැන මෙසේ කියයි.“මේ සමාජයට නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක් එකතු කළ යුතුයි. අපේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මේ සමාජයට නව හර පද්ධතියක්, නව වටිනාකම් පද්ධතියක් එකතු කරනවා”
ලංකාව ක්ලීන් කෙරෙන තවත් ක්‍රමයක් වන්නේ වස විස නැති ආහාර සංස්කෘතියක් රටේ ස්ථාපිත කිරීමෙනි. වර්තමානයේ දී වෙෙළඳපොළෙන් මිලදී ගන්නා බොහොමයක් ආහාර ගැන ජනතාවට විශ්වාසයක් නැත. පලතුරු ඉදවන්නේ වස විස යොදා ගනිමිනි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන හරහා පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යය විසින් බාරගෙන තිබේ.
රටේ සාමාන්‍ය පුරවැසියන් නොව ආබාධිත ජන ප්‍රජාව කෙරෙහිද ක්ලීන් ශ්‍රී ලංකා ඇස යොමු වෙයි. එමෙන්ම පොදු දේපොළ ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් ද මෙම වැඩසටහනේදී සුවිශේෂ අවධානයක් යොමු වනු ඇත. පොදු දේපොළ යනු ජනතාවගේම බදු මුදලින් ජනතාවගේ අවශ්‍යතාව සඳහා නඩත්තු කෙරෙන දේපොළයි. පෞද්ගලික දේපොළක් රකින හැඟීම පොදු දේපොළක් රකින්නට නැත්තේ ඇයි දැයි රජය ප්‍රශ්න කරයි. එම නිසා අනාගත පරම්පරාව වෙනුවෙන් පොදු දේපොළ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.
රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන අධිකාරියේ වේගවත් කාර්යක්ෂමතාවද සියලුම පුරවැසියන් තමන්ට පැවරී තිබෙන වගකීමට වග වීම කෙරෙහිද ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අවධානයට ලක් කරයි. ඒ අනුව විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වගකීමට වගවීම යන සංකල්පය දැඩිව ක්‍රියාත්මක කිරීම රජයේ මූලික අභිලාෂයක්ව පවතී.
ක්ලීන් ශ්‍රී ලංකා යනු රාජ්‍යයක හෝ ආණ්ඩුවක වගකීමක් නොවන බවත් සියලු පුරවැසියන් එක් වූ සාමූහික වගකීමක් බවත් රජය අවධාරණය කරයි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සාර්ථක කර ගත හැකි වන්නේ පොදු ජනතාවගේ සක්‍රීය දායකත්වයෙන් පමණක් බවද රජය කියයි.
යුරෝපයේ ඉතා සැපපහසු බස්, පොදු ප්‍රවාහන සේවා අප කොතෙකුත් දැක තිබේ. ලංකාවේ අපි යන්නේ බස්වල නොව ලොරි උඩ බව කවුරුත් දන්නා කාරණයකි. ක්ලීන් ශ්‍රී ලංකා ඒ කාරණය සම්බන්ධයෙන් පවා අවධානය යොමු කර ඇත.
එමෙන්ම පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන්ද සමාජයක් වෙනස් කිරීමේ යෝද පිම්ම වන අධ්‍යාපන ක්‍රමයේ වෙනස ගැනද රජයේ මෙම නව වැඩසටහනේ විශේෂ අවධානයක් යොමු වෙයි. මෙම වැඩසටහන විධිමත් අයුරින් ඉදිරියට ගෙනයාම සඳහා ඉදිරියේදී ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයක් ද ස්ථාපිත කිරීමට නියමිතය.
මෙකී වැඩසටහන අවසන් වන්නේ කුමන කාලයකදැයි ජනතාවට ප්‍රශ්නයක් නැගෙනු ඇත. නමුත් ක්‍ලීන් ශ්‍රී ලංකා යනු කිසි දිනක අවසන් නොවන ව්‍යාපෘතියකි.
“එය නැවත නැවත අලුත් වන නැවත නැවත ලෝකයේ ඇති වන අලුත් තත්ත්වයන්ට අනුරූප වන පරිදි රාජ්‍ය ප්‍රතිස්ථාපනය කරන සමාජය නගාසිටුවන වැඩසටහනකි” යනුවෙන් ජනාධිපතිවරයා මේ වැඩසටහන ගැන පැහැදිලි කරමින් සඳහන් කරයි.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන වෙනුවෙන් පුරවැසියන්ට දායකත්වය දැක්වීම සඳහා වෙනම අරමුදලක්ද පිහිටුවා ඇත. ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණ මණ්ඩලයක් පත්කර තිබේ.
කුමන ආණ්ඩුවක් කුමන වග වාසගම් යටතේ හෝ අලුත් රටක් ක්ලීන් ශ්‍රී ලංකාවක් බිහි නොවුණ හොත් අපට අනාගතයේදී ඉතිරි වන්නේ ඌරු කොටුවකටත් අන්ත ජරාජීර්ණ වූ හිස් මුඩු බිමකි.
බස් ටිකට් එකක්වත් ඉබාගාතේ බිම නොදමා නිසි තැනකට බැහැර ලන්නට සිතන පරපුරක්, පරිසරයේ පොදු නිහඬ බව කෙලෙසමින් කන් කරච්චල නොකරන ශිෂ්ට සම්පන්න පූජක පිරිසක් සිටින රටක්, අපි ඔක්කොම සම යායක හිනා වෙන්නට හැකි රටක් බිහි වෙනවාට අකමැත්තෝ කවරහුද?
හාල්, තුන පහ, පාන් පිටි ලොරියක් එනතුරු බලා සිටින ජාතියක් වෙනුවට අලුත් කවි පොතක්, වේදිකා නාට්‍යයක්, චිත්‍රපටියක් එනතුරු බලා සිටින රටක් හැදෙන තුරු අපි බලා සිටිමු. ඒ වෙනුවෙන් වෙහෙසෙමු.
අංජුල මහික වීරරත්න
රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග
එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක
ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්
ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ
උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් පාසලෙන් ඈත්වීම පිළිබඳ සොයා බැලිය යුතු බවත් කුමන හේතුවක් මත හෝ දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා මගහැරීම නතර විය යුතු බවත් අග්‍රා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සියල්ල සුද්ද කරන්න ක්ලීන් ශ්‍රී ලංකා