IMG-LOGO

2025 අප්‍රේල් මස 20 වන ඉරිදා


“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “

(අංජුල මහික වීරරත්න සහ බලංගොඩ - වයි.ඒ.එස්. වීරවංශ)

ගෝනි බිල්ලන් භීෂණ කප්පිත්තන් වෙනුවට රටට සොඳුරු නායකත්වය තමා සපයන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා බලංගොඩ පැල්මඩුල්ල ඇහැලියගොඩ ජනරැලි වලදී පැවැසීය.

දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවන බව කී සජිත් ප්‍රේමදාස මහතා ජාති ආගම් කිසිදු බේදයකින් තොරව හංසයාගේ සෙවණ යටට එක්වීමට සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවට අවස්ථාව තිබෙතැයිද සඳහන් කළේය.

ජනපතිවරණ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා අතිවිශාල ජනතාවක් සහභාගි වී සිටියහ.

මහවැසි මැද ජනතාව ජනරැලිවලට සහභාගිවීම විශේෂත්වයකි.

මෙහිදී ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක්විය.

බලංගොඩ ජන රැලියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේද කීවේය.

බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමියන්ගේ උපන්බිමේ ජීවත්වන සියලුදෙනාටම ශක්තිසම්පන්න ජීවිතය දීම මගේ අරමුණයි.

ප්‍රදේශයේ අබුසාලි මහතා කාටවත් අමතක කරන්න බැහැ. බලංගොඩ අනාගත වගකීම තලතා අතුකෝරල මහත්මිය බාරගෙන කරන සංවර්ධනයට මා උපහාර කරනවා. බලංගොඩ සංවර්ධන සුරපුරය කරන්න මා කැප වෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න රැසක් තිබෙනවා. තේ කර්මාන්තය ප්‍රමුඛ ප්‍රධාන වැවිලි බෝග වගා ශක්තිමත් කරන්න සෘජු වැඩපිළිවෙළ හදනවා. සුළු අපනයන බෝග, ගොවීන් රැකීමටත් මා කටයුතු කරනවා.

ගම්මිරිස් සඳහා සහතික මිලක් දෙනවා. ගම්මිරිස් ප්‍රතිඅපනයනය මා සහමුලින්ම නතර කරනවා.

එළවළු වගාවේ සහ පලතුරු වගා කරන ගොවි ජනතාව රැකගන්න මා කැපවෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තය ප්‍රචලිතයි. මෑත කාලයේ පැනවූ අසාධාරණ නීතිරීති නිසා මැණික් කර්මාන්තකරුවා අසාධාරණයට ලක්ව සිටිනවා.

ඔබේ ශක්තියෙන් ජයගත් පසුව නොවැම්බර් 17 වැනිදා සිට තීන්දු ගන්නේ සමස්ත ජනතා මතයට අනුවයි.

මැණික් කර්මාන්තයෙන් ජීවත්වූ ජනතාවට මා ප්‍රකාශයක් කරනවා. නොයෙක් අය දෙන සීනිබෝල පිළිගන්න එපා. ප්‍රේමදාස කෙනකු වචනයක් දුන්නොත් ඒ වචනය පණටත් වඩා රකිනවා.

රත්නපුර දිස්ත්‍රික්ක ශක්තිමත් සංවර්ධනයට යොමු කර සංවර්ධනයෙන් බබලන දිස්ත්‍රික්කය බවට පත්කරන්න මා පෞද්ගලික අවධානය යොමු කරනවා. රත්නපුර සංවර්ධන යුගය මා අරඹනවා.

ධාරාණිපාත වර්ෂාව මැද ඔබ මේ තරම් උනන්දුවෙන් මා සමග රැඳී සිටීම ගැන ස්තුති කළ යුතුයි. පසුගිය දශකය පුරා මේ ප්‍රතිපත්ති තීන්දු ගන්නාවිට දුටුවේ ඉහළින් තීන්දු ගෙන පහළට යාමයි.

මහ පොළොවේ පය ගසා සිටින ජනතාව ගැන අවධානයක් යොමු වී නැහැ. නොවැම්බර් 16 වැනිදා පොඩි මිනිහාගේ කරපිටින් ජනපති ධූරය ලැබෙන විට ජනතා ප්‍රශ්න කරටගෙන විසඳීමට කටයුතු කරනවා.

රටේ සංවර්ධනය ජනතා අදහස් මත ජනතාවාදී තීන්දු ගන්නවා.

රත්නපුර කොළොන්නේ සංවර්ධන කටයුතු සඳහා මගේ පියා යනවිට දුටු දර්ශනයක් දැක පාසල් දූදරුවන්ට නිල ඇඳුම් හා දිවා ආහාරය දෙන බවට පොරොන්දු වූවා. දිවා ආහාර ක්‍රමය අද ක්‍රියාත්මක වන්නේ නැහැ. පසුගිය රජයේ හිටපු ජනපති ප්‍රමුඛ ආණ්ඩුව එය කපා හැරියා.

රටේ වටිනාම සම්පත වන්නේ දරු සම්පතයි. මගේ පියා නිල ඇඳුම් දී මේ සිතුවිල්ල සිතට ගත්තේ කොළොන්නේදීයි. ජනපතිවූ පසුව නිල ඇඳුම් කට්ටල දෙකක් සහ දිවා ආහාරය දෙන්න මා කැප වෙනවා.

මා කරන්න යන දේ කපා දමා කතාව පළ කරන්න ඇතැම් මාධ්‍ය කටයුතු කරනවා. ඒ ඔවුන්ගේ අපේක්ෂක පරාජය වන බව දන්නා නිසයි. එක් අපේක්ෂකයකු විතරක් උස්සන්නට මගේ ප්‍රතිඥා කපා දමන්නේ ඇයි?

අප ගාලු මුවදොර ඓතිහාසික ජන රැලිය කළා. ඉතිහාසයේ කිසිදිනෙක එවැනි සෙනඟක් පැමිණ නැහැ. රටපුරා රැලි 151ක් මා පවත්වනවා. මගේ ඥාති සහෝදරයා රැලි වලට එවන්නේ නැහැ. අප ළඟ පවුල්වාදය නැහැ. ජනතාව අතරට එන්නේ මා පමණයි.
ඒ උදවිය කතා කරන්නේ මිනිස්කම පපුවේ තබාගෙන නොවෙයි. සමෘද්ධි වැඩසටහන මා තවදුරටත් ශක්තිමත් කරනවා. ඒ සමගම ජනසවිය සහනයත් ජනතාව වෙත දීමට කටයුතු කරනවා.

මට අමුතුවෙන් රට වටේ යන්න හේතුවක් නැහැ.  වසර හතර හමාරක් මා සිටියේ ජනතාව සමගයි. කිසිම සැකයක් නැතිව ප්‍රේමදාස පුතාට ශක්තිය දෙන්න. කොන්ද කෙළින් තබාගෙන රට මා රැකගන්නවා. රට එක්සේසත් කරනවා. ජාත්‍යන්තරයේ කිරුලු පළන්ඳනවා.

මගේ ජීවය ප්‍රාණය ඔබේ ඇසුරයි. ඔබ මහා බලාපොරොත්තු සිතේ තබාගෙන මා සමග එක්ව සිටිනවා. ඔබේ අහිංසක බලාපොරොත්තු රැසක් තිබෙනවා.

ජනපති වන්නේ මට සුරසැප විඳින්න නෙවෙයි. ඔබ වෙනුවෙන් දුක් විඳින්න මහන්සි වෙන්න මා සූදානම්. රටට අවශ්‍ය සොඳුරු නායකත්වයයි. රටට නායකයින් වන්න ගෝනි බිල්ලන්, භීෂණ කප්පිත්තන් අවශ්‍ය නැහැ.

මිනිසාගේ යුතුකම මිනිසාට සේවය කිරීමයි. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය සිටින්නේ මා සමගයි.

දේශපාලන අවස්ථාවාදීත්වයට මා තැන දෙන්නේ නැහැ. දේශපාලනය යනු මුදල් ගනුදෙනුව නොවෙයි. මා සමග කව්රුත් එක්වන්නේ ප්‍රතිපත්ති අනුවයි. මා සොරා කා නැහැ. වංචා දූෂණ කර නැහැ. ජාති ආගම් වලින් තොරව මට ඔබේ ශක්තිය අවශ්‍යයි.
මහවැසි මැද ඔබ රැඳී සිටි අයුරු පුදුමයි. රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්න සැබෑ යුද වීරයා ආරක්ෂක හා නීතිය හා සාමය ඇමති බවට මා පත් කරනවා.

ඒ කතාව කී සැණින් ප්‍රතිවාදීන් බයවෙලා. නියම යුද වීරයා කව්ද? කාඞ්බෝඞ් වීරයා කව්දැයි ජනතාව දන්නවා.

පාසල් අධ්‍යාපනය ශක්තිමත් කිරීම මගේ ප්‍රතිපත්තියයි. නිල ඇඳුම නැති නිසා පාසල් නොයන තත්ත්වය වහාම නතර කළ යුතුයි.
මේවා කරන්න මට සල්ලි තිබෙනවා. මා ආවාට ගියාට පිටරට යන්නේ නැහැ. ගෝලබාලයන් එක්ක යන්නේ නැහැ. මුදල් නාස්ති නොකර ජනතාවට වගවීමේ හොඳම ආදර්ශය ජනපතිගේ සිට දෙනවා.

 මා කියන දේවල් අපරාධ වියදම බව ඇතැමුන් කියනවා. මෙය රට වෙනුවෙන් කරන ආයෝජනයයි. දරුවන්ට ක්ලාන්තය හැදී වැටෙන යුගය අවසන් කරනවා.

මා කාගෙන්වත් පලිගන්නේ නැහැ. ලසන්ත වික්‍රමතුංගට, එක්නැලිගොඩට, පෝද්දල ජයන්තට වූ දේ ජනතාව දන්නවා. එවන් දෙයක් සජිත් ප්‍රේමදාස යුගයේදී වන්නේ නැහැ.

නිදහස් මාධ්‍යයට මා ගරු කරනවා. තර්ජන ගර්ජන මා කරන්නේ නැහැ. තර්ජන ගර්ජන කිරීමේ අයිතිය අනෙක් පාර්ශවයට දෙනවා.

ශිෂ්ට සම්පන්න මහත්මා නායකත්වය මා රටට දෙනවා. එමෙන්ම රට ලෝකය සමග ගනුදෙනු කරද්දී අපේකම රජකරගෙන රට දිනවන ගිවිසුම්වලට පමණක් අත්සන් කරනවා.

මගේ ලේ නහරවල ඇත්තේ රණසිංහ ප්‍රේමදාස සංකල්පයි. රට මා විකුණන්නේ නැහැ. පාවා දෙන්නේද නැහැ.

කුලමල බේද වලින් තොරව හංසයාගේ මහා සෙවන යටට ඔබට පැමිණිය හැකියි. අපි අලුත් ලංකාවක් බිහි කරමු. අපේ මව්බිම ජාත්‍යන්තරයේ ශක්තිමත්ම රට බවට පත්කරමු යයිද සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය
මා ඔබේ ජීවිතය ජය ගැනීම සඳහා හැකි සෑම දෙයක්ම කර තිබෙනවා. අප ඉතා අසීරුවෙන් 2015 ජනපතිවරණය කළා. අද අපට ඔච්චම් කරමින් නැවත පවුල් පාලනය ගෙන්න හදනවා. ඒවාට ඉඩ දෙන්නේ නැහැ.

අද මිනිසුන්ට නිදහසේ මැතිවරණ කරන්න ඉඩදීලා. අප මේ මැතිවරණය ජයගන්නවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දෑත් පිරිසුදුයි. සජිත් ප්‍රේමදාස මහතාගේ දෑත් පිරිසුදුයි. එදා පොඩි මිනිහා වෙනුවෙන් ශක්තිය දුන්නේ රණසිංහ ප්‍රේමදාස මහතායි.

සහරාන්ලාට පඩි ගෙවා කල්ලි හැදූ අය අද අපට සහරාන්ලාගේ ලේබල් අලවන්න හදනවා. ඒ පවුල උත්සහ කළේ පවුලේ ඥාතීන්ට බලය ගන්න පමණයි. ඒකාධිපති වියරුවට ඉඩ නොදී සජිත් ජනපති කරන්න අපි සැම කැපවෙමු.

සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා
එක්සත් ජාතික පක්ෂය යනු ජාති බේද පන්ති බේද නැති පක්ෂයයි. අප ශක්තිමත් නායකයකු ඉදිරිපත් කළා. සජිත් යනු දුප්පත් නිර්ධන පන්ති සටනේ නායකයායි. ඔබේ සිහින ඉටු කිරීමට හැකි එකම නායකයා සජිත් පමණයි.

මෙවර මැතිවරණයේදී පක්ෂ අවශ්‍ය නැහැ. සියලු පක්ෂවල දුප්පත් ජනතාව ඉන්නවා. සජිත් අයිති වන්නේ වැඩකරන ජනතාවටයි.
සජිත්ට තිබෙන චෝදනා මොනවාද? සෙරෙප්පු ගෙවිලා යැයි කියනවා. එකම ඇඳුම අඳින බව කියනවා. ගෝඨාට තිබෙන චෝදනා මොනවාද? ඒ ගැන රටම දන්නවා.

සජිත්ට චෝදනා තිබේද ගෝඨාභයට චෝදනා තිබේදැයි තරාදියකට දමා කිරා මැන බලන්න.

ජාතික ආරක්ෂාවට දිය යුතු හොඳම උත්තරය සජිත් ප්‍රේමදාස මහතා දී තිබෙනවා. ඒ සරත් ෆොන්සේකා මහතායි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා
අතීතයේ සිට අපේ පක්ෂයේ නායකයකු ජනාධිපති ධූරයට පත්කර ගැනීමේ අවශ්‍යතාව තිබුණා. ඒ අනුව රටට ශක්තිය දීමට හැකි නායකයකු ඉදිරිපත් කළා.

එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුණු පසු ඒ වාසිය ගෙන ජයගන්න පොහොට්ටුව බලාගෙන හිටියා. සජිත් ජනපති වූ පසුව ගෝඨාභයට දේශපාලන අනාගතය නැහැ.

සුළු ජාතික ඡන්ද පදනම නැතිව ජනාධිපතිවරණය ජයගන්න හැකියාව නැහැ. අප රාජපක්ෂ එලෙව්වා වගේම රාජපක්ෂගේ මල්ලිත් එලවා දානවා.

රාජපක්ෂ කඳවුර එකිනෙකා මරාගන්න තැනට දැන් පැමිණිලා.

විශාල ජන ගංගාවක් රැලිවලට සහභාගී වී සිටියහ.



අදහස් (2)

“හංසයාගේ සෙවණ සමස්ත ජනතාවටම හිමිවෙනවා “

sudda Wednesday, 16 October 2019 11:02 AM

හංසයෙක් එක පාරක් බැංකුවම ගිලින්න ඇරලා නිකම් හිටියා... ඉතින් දැන් අපිට හංසයාව විශ්වාස කරන්න පුලුවන්ද..?

:       0       0

sudda Wednesday, 16 October 2019 11:04 AM

හේෂා මහතා ජම්පරේ අඳින ගමන්ද කියන්නේ...? ඉස්සෙල්ලා උසාවි ගිහින් තමන්ගේ නඩුව විසඳා ගත්තා නම් හොඳයි නේද? අනේ මන්දා සජිතුත් මොනවද කියන්නේ කියලා. ගෝනිබිල්ලෝ ගෙනාවේ එයාගේ තාත්තගේ කාලේ බව මේ මනුස්සයට මතක නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 559 5

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 776 18

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 6294 2

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 726 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2035 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3739 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 240 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 402 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site