IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘

(චන්දන හෙන්දුරුගොඩ)

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රයන් එකට එකතු කරළා එක් විෂය පතයකට යටතේ තමයි ඇමති මණ්ඩලය පත් කරන්නේ යැයි ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පුත්තලම නගරයේ පැවති ජන හමුවකිදී පැවැසීය.

මෙම ජන හමුව පුත්තලම හුදා පල්ලිය අසල පැවති අතර මෙම අවස්ථාවට ප්‍රදේශයේ විශාල ජනතාවක් එක්වී සිටියේය.

වැඩි දුරටත් කථා කල අනුර කුමාර දිසානායක මහතා මෙතෙක් කලක් පැවති පවුල් දේශපාලනය තිත තියන්න ඉතිහාසයේ ලැබිලා තියෙන හොද අවස්ථාවක් මෙය. මහින්දගේ පුතා ජනාධිපති කරන්න , ප්‍රේමදාසගේ පුතා සජිත් ජනපති කරන්න , ජේ.ආර් ගේ බෑනා රනිල් ජනපති කරලා පුවුල් දේශපාලනයට ඉදිරියටත් ගෙනි යනවාද? නැතිනම් එන 21 වෙනිදා ජාතික ජනබලවේගයේ ආණ්ඩවක් හදාලා මේ ගමන නවත්වනවාද කියන එක ඔබ තීරණය කරන්න.

අපේ ආණ්ඩුවක් යටතේ විදිමත් ලෙස ධීවර කර්මානතය , කෘෂිකර්මාන්තය නංවාලිමට කඩිනමින් කටයතු කරනවා , ඒ සදහා ජනතාවට දිය හැකි සියලු සහන දෙනවා , රජයක් හැටියට අපි උදව් කරනවා. පුත්තලම දිස්ත්‍රික්කය එයින් විශේෂයි. ධීවරයන් හා ගොවීන් ශක්තිමත් කිරීම තුලින් ජාතික ආර්ථිකයට ලොකු සවියක් ගන්න පුළුවන්.

ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි වටපිටාවක් අපි දරුවන්ට ඇති කරනවා. පුත්තලමේ ඉදලන් හලාවතට , වෙන්නප්පුවට දරුවන් පාසල් ගිය යුගය අවසන් කරන්න කටයුතු කරනවා. කිලෝමිටර් 3 ඇතුළත විදිමත් පහසුකම් සපිරි පාසලකට ඔබේ දරුවා යවන්න කටයුතු කරනවා. රජයේ සේවකයේ 70% වැඩි ප්‍රමාණයක් ජාතික ජනබලවේගය සමග එකතුවේලා ඉවරයි . ඒක අපිට ඉර හද වගේ විශ්වාසයි.

අපේ ජයග්‍රහනය ස්ථිරයි එයින් පසුව අපි පාර්ලිමේන්තුව විසුරුවාහරිනවා. හොදට මතක තියා ගන්න ඊළඟ පාර්ලිමේන්තුවට මේ ඉන්න ගොයියන්ගෙන් 150 වැඩි ප්‍රමාණයක් හැලෙනවා.

එතකොට ලංකාවට හොරෙන් රත්තරන ගෙනාපු පුත්තමේ ගොයියා ඇතුළු තවත් කණ්ඩායමක්ම ගෙදර. අපේ ආණඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසී ජනතා බදු මුදලින් ඔවුන්ගේ ජල , විදුලිය බිල්පත් ගෙවීම් අහෝසියි. අවශ්‍යනම් පමණයි ආරක්ෂක නිළදාරින්. පොලිස් නිළදාරින් නිකන් බැලමෙහෙවර කරන්න යොදන්නේ නැ.

 



අදහස් (6)

‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘

IRFAN Sunday, 08 September 2024 09:47 AM

ජයවේවා මාලිමාවට

:       2       2

චන්දිම Sunday, 08 September 2024 10:42 AM

සහෝදරය මීට කලින් මහින්දගෙ කාලෙත් ඇමති තනතුරු දරල අති විසාල සේවයක් කලා මට මතකයි.ඒ කාලෙ සහෝදරයන් හදපු වැව් උතුරා ගලා යනව අදටත්.කෘසිකරුමාන්තයට කොරපු අමිල සේවය කොයිතරම්ද.89දි ප්‍රවාහනය,විදුලි බලය වෙනුවෙන් නොමැකෙන සේවයක් කොලා.

:       3       1

Priyantha Dissanayake Sunday, 08 September 2024 11:58 AM

සුන්දරයි නමුත් කිසිදා සැබෑ නොවන සිහිනකි.

:       3       2

Gihan Sunday, 08 September 2024 04:43 PM

අමතක වුණේ ඇඟට එන තනි බින්දුවද? බින්දු දෙකක්ද? අනික මේ වගේ කතාවක් කොහෙන්හරි කළින් අහලා තියෙනවද මන්දා? නිකන් පුරුදුයි වගේ...

:       1       2

Manjula Pradeep Monday, 09 September 2024 09:07 AM

ඔබ එක් වරක් හෝ වෙනත් පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන්න. මෙවර මාලිමාවට ඡන්දය දෙන්න හිතනවා නම් ඔබට අනුව ඔබට එකවරක් වැරදී ඇත. එනම් මෙවර ඔබ මාලිමාවට ඡන්දය පාවිච්චි කිරීමට ප්‍රථමයෙන් මේ කණ්ඩායම හා කණ්ඩායමට නායකත්වය දෙන නායකත්වය දෙන අයගේ ඉතිහාසය හා ඉදිරියට කරන්නට යන දේ ගැන හොඳින් සොයා බලන්න. නැතිනම් ඔබට නිවැරදි කළ නොහැකි වරදක් ඔබ අතින් සිදුවනු ඇත

:       13       11

Priyantha Dissanayake Monday, 09 September 2024 09:38 AM

සඳුරු සිහින පෙන්වා ෆැසිස්ට්වාදී හෙවනැලිවලට බලයට එන්න සම්ම්‍යක්දෘෂ්ඨික දෙවියන් ඉඩදෙන්නේ නැහැනේ. එයට මොකද කරන්නේ, දෙවියන්ටත් සහෝදර පාට් එක්වත් දාලා බලන්න වේවි.

:       11       8

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 674 1

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 625 2

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘
2024 සැප්තැම්බර් මස 15 1055 18

ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙ


‘ගල්කැටයකින් - නියතුඩකින් හෝ කාටවත් හානි කරන්න එපා‘
2024 සැප්තැම්බර් මස 15 1489 16

‘අපි ප්‍රවේසම් මෙන්ම සාමකාමී වෙන්න ඕනෙ. ගල් කැටයක් වත් අතට ගන්න එපා. ජයග්‍රහණය හරි හැටි සමරමු‘යැයි ජාතික ජන බල වේගයය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 601 11

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා
2024 සැප්තැම්බර් මස 14 2231 38

’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site