IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රට සෑම අතකින් ම අභියෝග රැසකට මුහුණ දී ඇති බවත් මේ තුළින් අසරණ වන්නේ අතිමහත් බහුතර ජනතාව බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

වත්මන් දේශපාලන ක්‍රියාවලිය තුළ සමගි ජන බලවේගයේ අරමුණ වන්නේ රට වෙනුවෙන් ජයග්‍රහණය කර රට දිනවීමට කටයුතු කිරීම බවත් වැල්ලම්පිටියේ දී කොලොන්නාව ආසන ක්‍රියාකාරීන් සමඟ පැවැති හමුවකදී ඔහු මේ බව පැවසීය.

බහුවිධ ගැටලුවලට මුහුණ දී ඇති ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසදුම් ලබා දීමේ දී නායකත්වය ලබා දෙන බවත් මේ වැඩපිළිවෙළ හා දර්ශනය තුළ රට දිනවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජත් ජනතාවත් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය එක් අයකුට කළ නොහැකි දෙයක් බවත් සියලු දෙනාම සක්‍රීය ව දායක විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

රටේ ඇති බලවත්ම දේශපාලන බලවේගය වන සමගි ජන බලවේගය කඩාකප්පල් කිරීම හෝ ප්‍රශ්න ඇති කර දේශපාලන ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවට ප්‍රගතිශීලී ව කටයුතු කර රටටත් ජනතාවටත් ධනාත්මක විසදුම් ලබා දෙන බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

යෞවනයන්ට සමාජයේ අභිමානවත් ජීවිතයක් ගත කිරිමට අවස්ථාව ලබා දී තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් තරුණයන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර තරුණයන් සවිබල ගැන්විය යුතු බවත් ඔහු සඳහන් කළේය.

කාන්තාවන් විශ්‍රාමිකයන් ඇතුලු ජන සමාජයේ සෑම කොට්ඨාසයක් ම මුහුණ දෙන ගැටලුවලට විසදුම් දිය යුතු බවත් මැතිවරණ පසුබැමකට ලක් වුව කියා මේවා නොසලකා හැරිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ප්‍රශ්න සහ අභියෝගවලට සැම අවස්ථාවකම ශක්තිමත්ව දායක විය යුතු බවත් සමගි ජන බලවේගයේ දේශපාලන වැඩපිළිවෙළ එය බවත් ඔහු කීවේය.

සමගි ජන බලවේගයට සෘණාත්මක නොව ධනාත්මක ප්‍රගතිශීලී ප්‍රතිපත්තියක් ඇති බවත් පසුබැමකට ලක් වුවත් නැවත ගොඩනැගී කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් මරික්කාර් මහතා ඇතුලු පිරිසක් එක්ව සිටිහය.

 



අදහස් (0)

‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘

ඔබේ අදහස් එවන්න

දේශපාලන

‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 305 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 8786 39

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 6180 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 12978 25

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 1148 7

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 534 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38097 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site