IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘

(ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාතික ජනබලවේගයේ එකම අපේක්ෂාව බව, එහි ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්පාරේ පැවැති ජනහමුවක් අමතමින් අනුරකුමාර දිසානායක මහතා මේ බව  ප්‍රකාශ කළේය.

පාසල් පද්ධතිය නවීකරණයකර, යල් පැනගිය පාසල් නිර්දේශයන් වෙනස්කර, ලෝකයේ නව දැනුම හා තාක්ෂණය සමග කරට කර සිට ගන්නට හැකිවන ලෙස දරුවන් නිර්මාණය කිරිමට හැකි අධ්‍යාපන ප්‍රථිපත්තියක් සකස් කරනවා. කිසිම දරුවකු පාසලෙන් එලියට වැටෙන්නට ඉඩ දෙන්නේ නෑ. සියළුම දරුවන්ගේ අධ්‍යාපනයේ අනාගතය රජය බාරගන්නවා.

කෘෂි කර්මාන්තය සහ පශු සම්පත් කර්මාන්තය දියුණකර, ගොවියා ණය බරින් නිදහස්කර, ලාභදායි කර්මාන්ත බවට පත්කරනන්නට කටයුතු කරනවා. ගොවි ණය පිලිබඳව සමාලෝචනයක් සිදුකර කපාහැරිමට හැකි සෑම ණය මුදලක්ම කපාහැරිමට කටයුතු කරනවා.  



අදහස් (13)

‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘

lelwala Saturday, 14 September 2024 09:37 PM

ඔව්, අපේ පක්‍ෂ නායකයන්ගේ දරුවෝ පිටරට යවනවා අධ්‍යාපනයට.

:       0       22

සෙනෙවිරත්න Saturday, 14 September 2024 09:47 PM

ජයවේවා මාලිමාවට

:       20       1

සෙනෙවිරත්න Saturday, 14 September 2024 10:07 PM

ඔව් ඔබ⁣ට පමණයි එය කල හැක්කේ. දරු දුක දන්නා ජාතක දරුවන් නැති නායකයන්ට එය කල හැකියැයි සිතීම විහිළුවක්

:       22       2

karolisMonday, 16 September 2024 02:03 PM

පවතින දේශපාලන ක්‍රමයට මිනිසුන්ගේ කෝපය සාධාරණය. පිදුරු ගහෙත් එල්ලෙන්නට තරම් සමාජය දුර්වලයි. එම දුර්වලකම සහ කෝපය හොඳම අවස්ථාව යයි වාමාංශික ත්‍රස්තවාදීහු සිතති. දශක 6ක් තිස්සේ රට විනාශ කරන්නට ඔවුන් දරන ලද සියලු උත්සාහයන් පරාජය කළ මෙරට ජනතාව බන්දේසියක තබා බලය නොදෙනු ඇත. ඉවසා ඉවසා බැරිම තැනදී ඉතා දැඩිව ඉවසිය යුතු බව පමණක් මතක තබා ගත යුතුයි.

:       0       0

Priyantha Dissanayake Saturday, 14 September 2024 11:02 PM

වගා ණය පිළිබඳව ඔයාලා කල්පණාකර කර ඉන්නකොට සමගි ජනබලවේගය එය කපාහරින්න තීරණය කර අවසන්. සහ 71, 88,89 තරුණයින්ගේ අපේක්ෂාවන් රජකෙරෙව්වානේ. පාසැල් දරුවෝ පවා පාරට ඇද දැම්මා, අහින්සක දෙමාපියන් බොහෝම අමාරුවෙන් තම දරුවන් විශ්වවිද්‍යාලයට යැව්වේ නමුත් ඔවුන් හැමදාම මහමඟ අව්වේ කරවෙවී සාපිපාසා මැඳ බැටන් ප්‍රහාර, වතුර ප්‍රහාර මැඳ හැමදාම මහමඟ.

:       0       21

Don perea Saturday, 14 September 2024 11:51 PM

ජයවේවා මාලිමාවට

:       18       1

Shelton Sunday, 15 September 2024 04:14 AM

අම්පාරේ අද ඔහොම රැස්විම් තියෙන්නේ එදා එ.ජා.ප.ආණ්ඩු වැව් හදලා, ගොවි ජනපද හදලා සිංහල ජනතාවටත්, අනිකුත් ජනකොටස්වලටත් සෙත සලසපු නිසා... අනිත් ජන කොටස් වලට ඒවා අමතක නෑ. ඒත් සිංහලයින්ට මතක නෑ...

:       0       0

විජිත් Sunday, 15 September 2024 05:37 AM

රටට ආදරේ කරන සියලුම ශ්‍රි ලාංකිකයින්ගේ එකම බලාපොරොත්තුව, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති..!!! # මාලිමාවට ඡන්ද කෝටියක් # දිනුම රටට - රට අනුරට...

:       24       4

යෝගා Sunday, 15 September 2024 09:10 AM

ජෝෂප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඩබල එක්කද දරුවන්ට යහපත් අනාගතයක් හදන්නේ? නියමයි ! අපි ඉස්මුදුනින් පිළිගන්නම් හොඳේ...!

:       4       24

Marikkar Sunday, 15 September 2024 11:07 AM

NPP තම ඉලක්ක සපුරා ගැනීම සඳහා NPP ආශිර්වාද දිනයන් ප්‍රාර්ථනා කරන අතර NPP මේ රට පාලනය කරන තුරු මේ රටේ ජනතාව ඔවුන්ගේ පැවැත්ම භුක්ති විඳිනු ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු...

:       24       3

සෙනෙවිරත්න Sunday, 15 September 2024 01:46 PM

දරුවන් ගැන කැක්කුමක් ඇත්තේ දරුසුරතල් බලපු අයට පමණයි. තම පන්තියේ පැවැත්ම වෙනුවෙන් කරන දේශපාලනයට තිත තැබීම වෙනසක්කරමු...

:       24       3

Manjula Pradeep Sunday, 15 September 2024 06:53 PM

අසූවට අසූ නමය කාලයේ ඔය විදිහට හිතලා මුකුත්ම නොකර හිටියනම් අද අපේ ජීවිත ය මීට වැඩිය ලස්සන වෙන්න තිබුනා. අපේ දෙමව්පියන්ට මීට වඩා අපිට යුතුකමක් ඉටුකරන්න තිබුණ ඒ කාලේ JVP කරපු වැඩ නිසා අපිට උපාධිය ඉවර කරන්න උනේ අවුරුදු තුනක් පහුවෙලයි. ඒ වෙනකොට අපේ පවුල්වල ගොඩක් දේවල් ආපසු නිවැරදි කර නොහැකි ආකාරයට වෙනස් වෙලා තිබුණ. දැන් ඒ අය ඒ කළ දේවල් ගැන පසුතැවිලි උනාට අපිට වැරදුන තැන් හදාගන්න බැහැනේ. දැන් ජෝසප් ස්ටාර්ලින්ලා එක්ක එකතුවෙලා අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනවා.

:       0       24

Nishan Monday, 16 September 2024 04:32 AM

දරුවන්ගේ ඇස් ඉදිරිපිට පියාගේ බෙල්ල කපලා වැටේ ගහපු අය මෙහෙම කියන්නේ.

:       0       22

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 107 0

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 485 0

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 546 4

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 463 7

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 905 10

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්
2024 සැප්තැම්බර් මස 17 485 7

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක් ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 106 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2158 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 1008 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site