(නිමල කොඩිතුවක්කු)
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර තත්ත්වයක් රටේ නිර්මාණය කිරීමට ආණ්ඩුව සමත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මිලේච්ඡත්වය රජවන මිනිමැරුම් සංස්කෘතිය ක්‍රියාත්මක වෙන යුගයේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්නට රජයේ සාමාජිකයන්ට උපකාරක පන්තිවලට යාමට සිදුව ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.
නීතිය සහ යුක්තිය රජවනවා නම් අපරාධකරුවන් අපරාධ කරන්න බිය වෙන බවත් මිනිමරු දූෂණ ළමා අපචාර මංකොල්ලකෑම් මේ ජන සමාජයේ සිදුවන අපරාද ක්‍රියාත්මක කරන කණ්ඩායම්වලට දැඩි දඩුවම් ලබා දිය යුතු බවත් යටියන්තොට තිබූ ජන හමුවක් අමතමින් ප්‍රේමදාස මහතා පැවසීය.
පාතාල කල්ලි හෝ මත්ද්‍රව්‍ය නිසා හෝ අධිකරණ සංකිර්ණයකට ඇතුළු වී මිනිමරන්න තරම් ඒ මිනිමරුවන්ට බියක් සැකයක් ඇති නොවන්නේ කෙසේදැයි ගැටලුවක් ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය. ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇති බවත් මිනිමැරුම් කල්ලි බියක් සැකක් නැතිව සිටින තාක්කල් රටේ ජනතාවට සාමකාමීව නිදහසේ සිටින්න නොහැකි බවත් ඔහු කීවේය.
මිනිමරුවන්ට ජනතාවගේ නිදහස නැති කරන්න දිය නොහැකි බවත් රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සමගි ජන බලවේගය රටේ යුක්තිය හා සාධාරණත්වය ඇති කර නීතිය හා සාමය ස්ථාපිත කරන්න උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
ගොවියා, රාජ්‍ය සේවකයා පෙරටු කර ගෙන රාජ්‍ය බලය ගත් ජාතික ජනබලවේග ආණ්ඩුවට අද වනවිට ගොවියාත් රාජ්‍ය සේවකයාත් අමතක වී ඇතැයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම
තම පාලනය වැටුණු හැටියට වත්මන් පාලනය වට්ටන්න අකමැති බව නාමල් රාජපක්ෂ පැවසීය.
අයවැයෙන් දුප්පත්කම තුරන් කිරීමේ නිවැරදි වැඩපිළිවෙළක් රජයට නිර්මාණය කළ නොහැකි වුවත් මිනිමරුන් රජ කරවන මංකොල්ලකෑම් දූෂණ ළමා අපචාර සිදුවන අතිභයංකාර ත
මෙවර අයවැයෙන් රැකියා 30000ක් පමණ දෙන්න වැඩ පිළිවලක් අපි හදලා තියෙනවා,ඔබේ රාජකාරියට අපි ඇගිලි ගහන්නේ නෑ නිදහසේ වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා ඔබ සත්භාවයෙන්
ආණ්ඩුව වෙනස් වුණාට රජය වෙනස් වී නැහැ.එම නිසා පරණ පුරුදු වැඩ රටාව තවමත් රජයේ ආයතන තුළ ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම වාරිමාර්ග සහ පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ල
නිදහසේ සිහිනය එක්ව සැබෑ කර ගනිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික නිදහස් දින උළෙල අමතමින් පැවසීය.
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
‘‘දුප්පත් කම නැතිකරනවා වෙනුවට ම්ලේජ්ච දේශයක් ඇති කරලා‘‘
ඩග් Tuesday, 25 February 2025 12:55 AM
ම්ලේච්ච දේශයක් හැදුවෙ තමුන්ගෙ අප්පා කියල මතක නැද්ද බොල.
Chathuri Tuesday, 25 February 2025 02:37 AM
මෙයා ඇලවතුරත්. නිවලා බොනව වගෙනේ කතා කරන්නෙ. මිනිමරුවන්ට. කාටද මේ කියන්නෙ එකෙක් ඉන්නවද. මිනි නොමරපු එකෙ ක්. මේ මිනිහට මෙහෙම කතා කරන්න ලැජ්ජා නැත්ද. මුන්ගෙ නහර මැරුනට අපේ මැරිලා නැහැ. තමන්ගෙ. පියා. මොනවද කෙරුවේ. එයාලයින්. නතර කරලා ජපානයට. ඕකිඩ් පැටෙව්වා මෙයා බඩ ගානවද. අනේ මන්දා. තාත්තා. කීදෙනෙක් මැරුවද. පක්ශෙ කට්‍යිය. ජනාෆ්හිපති කම ගනීයි කියලා. අව් රුදු 76 ක් රටේ ජනතාව හිගන්නො වගෙ ජිවත් වුනේ. මුන්ට ඉගෙනීමකුත් නැතිව. මෝඩ හරක් සැප වින්දා. අනුර ජනාදිපත් තවම මාස හයක්වත් නැහැ කඩාවැටුන රට බාර අරගන. මේ හරකා කියනවා. ජනතාව දුප්පත් ලු. මහින්ද රනිල්. ගෝටා. ඉද්දි. ජනතාව සුරසැප ද වින්දේ. ඉල්ලිම් ඉල්ලාද්ෆ්හි කදුලු ගැෂ් ගහලා හමුදාව කැදෙව්වා. වටවෙලා. බැන්කු හොරා කෑවා ජානාෆ්හි පති අරමුදල් අර්තසාදකමුදල්. ආයතනවලරැස් කරගත් මුදල්. මුන්මොනවද හොරා නොකෑවෙ ජනතාවගේ රීරීමාන්සථුරාගන කාලා ඉන්නෙ. මේ යන විදිය රත්තරන්. උබලා එකෙක්ට නැවත් ඔලුව උස්සන්න දෙන්නෙ නැහැ. මිනී මරුවෝ ගැන මන්දගේ කාලේ ගෝටාගේ කාලේ රනිල්ගේ කාලේ ඇයි කිව්වෙ නැත්තෙ. මේවගෙ කතා. ජිවිතෙන් සගන්න වෙයි කියලා බය වෙන්න ඇති
K.A.D.SINIDU SHANTHA Tuesday, 25 February 2025 02:52 AM
මෙයාට තාත්තාගේ කාලේ කරපුව මතක් කරලා දෙන්න ඕනැ.
susantha Tuesday, 25 February 2025 04:03 AM
පියානෝයි, පුතාණෝයි දෙනන්ම පාතාලය පන් කරගෙන පාතාලයෝ ආරක්ෂකයෝ විදිහට තියාගෙන රගපු රුගිලි අමතක ද පුතේ?
පැරකුම් Tuesday, 25 February 2025 04:37 AM
හිටපු එවුන් කොච්චර හොදද? අලුත් එවුන් ඇවිත් කී දවසද. පේනව නේ කරපු විනාසෙ…! ආපහු පුතානෝට දෙමු කරල පෙන්නන්න කියලා.
චතුරි Tuesday, 25 February 2025 05:14 AM
ජනතාව දුප්පත් කියලා දැන්ද තේරේන්නෙ. බලය තියෙනකොට. බොරුවට. තුන්හතරදෙනෙක් එකතුකරන්. බයිලා කියලා යනවා. දැන් ජනතාව පොහොසත්වේගන යනවා. නාකිනඩේට කිසිම සැපක් නැහැ . ඒකයි මේ බෙරිහන් දෙන්නෙ. මේ ගොල්ලන්ගෙ කාලේ. ජනතාව. කාලාබීලා. හොදවිටමින්. අරගන නොජීවත් වුනේ ලෙඩකට බෙහෙත් නැහැ. අසරණ මිනිසුන්. කීදාහක් නැතු වුණෘද. බාල බෙහෙත් ගෙනා. එකස්ට දඩුවම් දුන්නෙ මේ ආන්ඩුවෙන් ජනතාව ගැන ගොඩක් දුක් වෙන්නේ. බේබි නාමල්. පියානෝ විතරයි. ඇයිදන්නවද. දෙන්නම එක. මල්ලේ පොල්.
දලුවගෙදර Tuesday, 25 February 2025 07:22 AM
මිනීමරුවන් ආරකෂා කරන / කළ දේසපාලුවන්ට දඞුවම් කිරීමට කාලය ඇවිත් බව සැමම දන්නා කරුනකි.
ත්‍රස්ත මාෂල් Tuesday, 25 February 2025 07:22 AM
මෙච්චරකල් හාරපු නිදන් ටිකයි , හොර සල්ලි ටිකයි රටට දැම්මනම් නිකම්ම මේ රට ගොඩ .
Nihal Tuesday, 25 February 2025 09:10 AM
පාතල මිනිමැරීම් ටික විතරයි රජයට මැඩලීමට තියෙන්නේ හැබැයි පාතලයන්මයි මරාගන්නේ,
අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 09:14 AM
ඒක අපිට අවුලක් නැහැ සජිත් ඒ නිසා ඔයත් පැනික් වෙන්න එපා.........
අරවින්ද මොණරවිල Tuesday, 25 February 2025 09:16 AM
ලගම ඤාතියෙක් මිත්‍රයෙක් නැද්ද මේ මනුස්සයාව මානසික වෛද්‍යවරයෙක් ගාවට අරන් යන්න.
උස එකා Tuesday, 25 February 2025 09:56 AM
ආයෙත් මේ කපේදි බලයක් ගන්න බැරි බව දන්නවා .ඒක නිසා රට අවුලක් කරන්න කොහොම හරි උත්සාහ කරන්නේ. උස එකා මිටි එකා රස්සාවට දාපු මොලේ නේ.
වික්‍රම විදුර Tuesday, 25 February 2025 10:00 AM
හා හා හා ඉස්සෙල්ලා පක්සෙට දුන්න කෝටි 50ට උන දේ කියලා උමුද... අවුරුදු 76ක් තිස්සේ රටේ සල්ලි වලට උනෙත් ඒකමයි. උසනම් සිකුරිටි මිටි නම් කම්කරු කියලා 5000 ගානේ පක්ෂෙට සල්ලි අරගෙන ආණ්ඩුවේ රස්සා දීලා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට රටේ සල්ලි වලින් මිනිස්සු ගත්තා මතකද? පිස්සා උබ පලයන් පිසස්කොටුවට
Mahajanathawa Tuesday, 25 February 2025 10:15 AM
ජෝකර් තනතුර පිරවීමට ඔබ සිටීම සතුටක්...........
සෙනෙවිරත්න Tuesday, 25 February 2025 10:53 AM
අනෙ අම්මෝ මේව උනේ මාස තුන හතරකින් වගේ මෙයාගෙ කතාව, හොඳම රටක්නේ බාරදුන්නෙ, තමුන්ලට දුන්නනම් අපට ආර්යාකෝලම බලාගන්න තිබුන නොමිලයේම
සීයා Tuesday, 25 February 2025 11:56 AM
අනේ පුතානෝ අද නුඹට අපවාද විඳිමින් පරාජිතයෙක් ලෙස ජීවත් වීමට සිදුව ඇත්තේ නුඹගේ පියානන්ගේ නොමනා රට පාලනය නිසාමය. අප රටම මෙවන් අගාධයකට වැටීමට සැලැස්වූ අපරාධකරුවන් අතර ප්‍රධාන චරිතයකි එපියානෝ. නුඹද පෙර භවයක කළ පාප කර්මයක් හේතුවෙන් එවන් අයකුට දාව මෙලොව ඉපදී තමන් නොදන්නා බවවත් නොදැන විහිලු සපයන්නෙක් බවට පත්ව ඇත. නුඹ කළ යුතුව ඇත්තේ තියන කෙනෙකුගෙන් ඉල්ලාගෙන දුප්පත් ඉස්කෝලයකට යමක් සපයා ඉන් ලද පින් මහිමයෙන් ලබන බවයේදී වැදගත් තාත්තෙකුට දාව උපදීවා කියා ප්‍රාර්ථනා කිරීමය. මමද එසේම වේවා කියා ආශීර්වාද කරමි. මෙයට සංවේගයට පත් සීයා
Supporter of RP Tuesday, 25 February 2025 12:14 PM
අපි දන්නවා එක් හිටපු ජනාධිපතිවරයෙක් බටලන්දේදී මාධ්‍යවේදීන් ඝාතනය කළේ ඔහු ඇතුළු මිනීමරුවන් බලාගෙන සිටියදී. සජිත්; නිකන් කට වහගෙන ඉන්න.
ගමේ එකාලා Tuesday, 25 February 2025 01:20 PM
පියාණෝට අත්වූ ඉරණම ගැන බලන කොට ම්ලේච්ඡ දේශයක් ඇති කෙරුවේ කවුද කියලා අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .ඒ කාලේ කොටින්ට ,ආයුද දුන්නේ තමුන්ගේ පියාණෝ කියලා දන්නෝ දනිති
SHAMAAL Tuesday, 25 February 2025 02:09 PM
මේ මනුස්සයා හීනෙන් කියවනවද කොහෙද ?
Siri Tuesday, 25 February 2025 03:24 PM
පේරාදෙණිය සරසවි වටරවුමේ තරුණයින්ගේ ඔලු අමුනලා ප්‍රදර්ශනය කරපු කාලේ වගේම ටයර් සෑයවල්, කන් දෙකට පරාල ඇන ගහපුවා ගැන දැන් වගක් නැතුවා වගේනේ කතා කරන්නේ.
chandima Wednesday, 26 February 2025 07:45 AM
අරවින්ද ලංගම නඩයෝ අපෙන් අහන්නේ? ඒ කාලේ කිරි කඩේට ආව ගිය කට්ටිය හොයලා බැලුවා නම් දැනගන්න පුළුවනි.