IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

දූෂණය වංචාව ඉහවහ ගිය රටේ රුධිර කාන්දුකරණය හා වකුගඩු බද්ධ කිරීමට අවශ්‍ය බෙහෙත් හේත් පවා නොමැති බවත් බංකොලොත් මේ රටේ බෙහෙත් හේත්වලින් පවා හොරා කන අන්ත දුෂිත තත්ත්වයක් මතුව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් රජය හොර පාරෙන් හොර සමාගමක් හරහා හොර පිළිකා බෙහෙතක් ගෙන්වා ඇති බවත් මේ බෙහෙත නිසා සුවවිය හැකි පිළිකා රෝගීන් පවා මිය යා හැකි බවත් ප්‍රේමදාස මහතා කීවේය.

මෙවැනි සාපරාධි ක්‍රියා සිදු කරමින් මුදල් හම්බකරන බඩගෝස්තරවාදී දේශපාලනය රටින් තුරන් වීමට ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 35 වැනි අදියර යටතේ මාතර රදම්පළ සුමංගල මධ්‍ය මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව කීවේය.

එවැනි ඩිජිටල්කරණයක් ක්‍රියාත්මක කිරීමට ඉංග්‍රීසි භාෂාව, පරිගණක හා තොරතුරු තාක්ෂණය හොදින් ඉගෙන ගත් දරු පරපුරක් රටට අවශ්‍ය බවත් එවැනි දරු පරපුරක් ශක්තිමත් කිරීමේ අරමුණින් සක්වල සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය බිහි කරන වැදගත්ම සංදිස්ථානය වන ගමේ නගරයේ පාසල් ප්‍රමාණවත් භෞතික හා මානව සම්පත් නොමැති වීම නිසා අකර්මන්‍ය වී ඇති බවත් මේ වන විට 32000ක ගුරු හිඟයක් මෙන් ම උපකරණ හිඟයක් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ආදායම් බදු දෙපාර්තමේන්තුව, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු ආර්ථික කේන්ද්‍රස්ථාන සියල්ලක්ම ඩිජිටල්කරණයට ලක් කළ යුතු බවත් ඒ තුළ හොරකම වංචාව අහෝසි වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 



අදහස් (14)

‘‘බඩගොස්තරවාදී දේශපාලනය රටින් තුරන් කරනවා‘‘

සරණ Monday, 16 October 2023 08:33 PM

අනේ හොඳ ඔබතුමාගෙන් පටන් අන් සනුහරේම අතුගාලා දාමු

:       1       10

වටලප්පං Monday, 16 October 2023 09:08 PM

කවදාවත් බැහැ

:       1       5

Chamara Monday, 16 October 2023 09:18 PM

මෙයා එතකොට බඩගොස්තරවාදි දේශපාලුවෙක් නෙවේද?

:       1       12

Perera Monday, 16 October 2023 10:59 PM

ඔය කතා හොඳයි අඩුම ගානේ රටේ ඡන්දයක් තියෙන පාටක්වත් තියෙනවා නම්.

:       1       2

සමන් Tuesday, 17 October 2023 01:24 AM

බඩ ගෝස්තරවාදී දේශපාලනය නැති කිරීම ඔබේ පක්ෂයෙන් දැන්ම පටන්ගන්න. ඔබේ ආධාරකරුවන් ලෙස වැඩ කරන ප්‍රාදේශීය සභා කට්ටියගේ වැඩේම අපි දිනුවොත් අරක මේක දෙන්නම් අපිට වැඩ කරන්න කියලා අඩු ආදායම් ලාභී අයව ඡන්ද වැඩට ගන්න දඟලන එක. 2015_2019 වන තුරු බලයේ හිටි කාලයේදී ඇති තරම් සමෘද්ධි ටිකට් දුන්නේ ඔවුන්ට වැඩ කරන්න කියන ගමන්. මේ බොරු නෙවෙයි. උදාහරණ ලෙස අගලවත්ත ආසනය ගන්න. ඔබේ පක්ෂයේ අයයි, පොහොට්ටු අයයි අතරේ වෙනසක් නෑ. කන්න ගියාම දෙගොල්ලන්ම කනවා. ඉස්සෙල්ලා තමන්ගේ ගෙදර අඩු පාඩු හදාගෙන ඊට පස්සේ රටේ අනික් අයව හදන්න.

:       1       11

Pankumburage Tuesday, 17 October 2023 04:39 AM

ඔයාලගේ කඳවුරෙත් ඔය බඩගෝස්තරවාදී හිටපු සෞක්‍ය ඇමතියෙක් ඉන්නවා නේද. ඔය කළුතර පැත්තෙ.

:       1       11

City Tuesday, 17 October 2023 05:06 AM

ඔයා විහිලු කරනවද?

:       0       10

LGP. JATHUNARACHCHI. Tuesday, 17 October 2023 06:40 AM

කවදද?

:       1       9

aruna Tuesday, 17 October 2023 09:30 AM

හරි එක්කෙනා කියන්නේ... සැරින් සැරේ ආණ්ඩුවල ඉඳන් මොනවද කළේ කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ මෙයා ගැන...!

:       1       12

බඩගොස්තරවාදීයා Tuesday, 17 October 2023 09:40 AM

බඩගෝස්තරවාදිකම... ඒක කියනකොට පට්ට.

:       1       13

fairoos Tuesday, 17 October 2023 12:34 PM

බලය ලැබුණාට පස්සේ හැමෝම එකයි.

:       0       13

M. SAMAN PERERA Sunday, 12 November 2023 10:23 AM

කවුරු ආවත් හැදෙන එක තමයි කරන්නේ... ලංකාවට කවදාවත් වෙන්නේ නැහැ...

:       0       2

Ruwan Sunday, 19 November 2023 07:03 PM

ඉස්සරලාම අම්මාට කියන්න මහජන මුදලින් කන එක නවත්තන්න කියලා... උන්දැට කන්න දිලා ඉන්න පම්පෝරි නොගහ...

:       0       2

Bunny Preena Saturday, 30 December 2023 10:35 AM

හේමා ප්‍රේමදාස ආර්යාවට ව්‍යවස්ථානුකූලව දී තිබෙන අයිතියට කාටවත් අභියෝග කරන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

අනුර උතුරෙන් සමාව ගත යුතුයි
2024 සැප්තැම්බර් මස 08 190 0

අනුර දිසානායක යාපනයට පැමිණ කළ තර්ජනකාරී ප්‍රකාශය සම්බන්ධයෙන් උතුරේ ජනතාවගෙන් වහාම සමාව ගත යුතුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යාපනයේ ජන රැළ


‘‘අපේ ඇමැති මණ්ඩලය 25යි‘‘
2024 සැප්තැම්බර් මස 08 150 0

එළබෙන 21 පසුව අපි පිහිටුවන රජයේ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් තමයි අපි හදන්නේ. එයට 25 දෙනයි. රාජ්‍ය ඇමතිවරු නැ . නියෝජ්‍යය ඇමති විතරයි. ඒ ඒ විෂයට අදාල ක්ෂේත්‍රය


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 224 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


අනාගතය ගැන කතා නැති අයට රට භාර ගන්න අයිතියක් නෑ
2024 සැප්තැම්බර් මස 07 1086 15

රටේ අනාගතය ගැන කතා කිරීමට නොහැකි පුද්ගලයින්ට රටේ අනාගතයේ භාර ගැනීමට අයිතියක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


‘‘ඉන්න බැරි නම් යන්න‘‘
2024 සැප්තැම්බර් මස 06 6520 24

මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ මන්ත්‍රීවරුන්ට ඉවත්ව යන


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘
2024 සැප්තැම්බර් මස 06 6267 12

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1814 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site