IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී  නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ මහතා,

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමින් නාමල් රාජපක්ෂ මහතා එසේ පැවැසීය.

බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගුණු අප මාතෘභූමිය තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කිරීමේ වගකීම ද තමා පිහිටුවන ආණ්ඩුවක් සතුව තිබෙනවා.

අනාගත දරු පරම්පරාව ගමත්, පන්සලත්, පල්ලියත්, කෝවිලත් සමඟ සම්බන්ධ කොට සංස්කෘතීන්ට ගරු කරන සමාජයක් බිහිකිරීමේ වගකීම තිබෙනවා. 

සංස්කෘතිය ආරක්ෂා කිරීම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා.  

 

අපි හැමදාම මේ රටට ආදරය කරපු දේශපාලන බලවේගයක්. අපි කවදාවත් රටට අහිතකර දේශපාලන තීන්දුවක් අරගෙන නැහැ. ඒ වගේම තමයි හැමවිටම මේ රටේ මිනිස්සු ගැන හිතලා අපි තීන්දු තීරණ ගත්තා.

එක වෙලාවක එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කරන්න අපි තීන්දුව ගත්තා. ඒ මේ රටේ ඉපදෙන්න ඉන්න පරම්පරාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදන්න. මංමාවත් ටික හැදුවා. ඇළ වේළි ටික හැදුවා. කොළඹ පාසල්වලට සමාන පාසල් ගමට ගෙනවා.

ගමේ දරුවට නගරෙ දරුවගේ අධ්‍යාපනය ගන්න පුළුවන් පරිසරයක් එදා අපි හදලා දුන්නා. කොළඹට, මහනුවරට පමණක් සීමා වුණ රාජ්‍ය සේවය වගේම පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ රැකියාවන්ට ගමේ දරුවටත් අවකාශය හදලා දුන්නා. අවාසනාවකට 2015 දී අපි වෙනසක් කළා.

මේ රටේ ජනතාව සියල්ලම අතරමඟ කඩාගෙන වැටුණා. මම හිතනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ සංවර්ධනය නවත්වපු තැනින් රට ඉදිරියට අරන් යන්නෙ කොහොම ද කියන කාරණය තමයි මට තියන වගකීම සහ අභියෝගය වෙන්නෙ.

මේ රටේ ඒකීයත්වය පිළිබඳව අපි විශ්වාස කරනවා. මේ රටේ රණවිරුවට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. අද මහා සංඝරත්නයට අපහාස කරනවා. සංඝරත්නයට අපහාස කරනවා කියන්නෙ මේ රටේ බෞද්ධ සංස්කෘතිකයට අපහාස කරා වගෙයි. කේන්ද්‍රීය වූ සංස්කෘතිය විනාශ කරලා සංස්කෘතිකමය වශයෙන් යටත් විජිතයක් බවට පත්කර ගන්න දේවල් ක්‍රියාත්මක වෙනවා. අනෙක් පැත්තෙන් මේ රට බේරාගත් රණවිරුවාට අපහාස කරනවා. ඔවුන්ගේ ජීවිත පූජා කරලා තමයි ඊළඟ පරම්පරාවට නිදහසේ හුස්ම ගන්න පුළුවන් පරිසරයක් හැදුවෙ.

ඒ අයට නිසි ගෞරවය අපි දෙන්න ඕනෙ. ඔවුන්ගේ සුබසාධනය අපි බලන්න ඕනෙ. ඒ වගේම තමයි රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප්වල තිබෙන ගැටලු අපි විසඳනවා. රණවිරුවගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් තිබෙනවා නම් ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බිහිකරපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි.

 



අදහස් (23)

‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘

සුධීර Saturday, 07 September 2024 10:57 PM

එහෙනම් ආයෙත් දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් පදින්නේ නිධන් හොයලා පංසල් වනසන්නේ නැතිවෙයි..!

:       0       1

Prabha Saturday, 07 September 2024 10:59 PM

සරම ඇන්දට, සාටකේ දැම්මට ඔබයි, මමයි දන්න සංස්කෘතිය...

:       0       1

Ahmed (Gulf) Sunday, 08 September 2024 12:38 AM

දළදා මාලිගාවේ කාර් රේස් පදින්න, දළදා මාලිගාව ළඟ අඩ නිරුවත් නටපු එකෙක් රටේ සංස්කෘතිය රකින බවට පොරොන්දු දෙනවා.

:       0       1

චතුරි Sunday, 08 September 2024 12:48 AM

අනේ මේ බේබිට අමතකවෙලා තියෙනතරම් සංස්කෘතිය ඒවාට පහර දුන්නෙ අප්පච්චිත් එක්ක එකතු වෙලා අයියා මලෝ කට්ටිය නේද. නුවර කාර් රේස් පැද්දේ. දලදාමාලිගාව වෙන තැනකින් අරන් තියලාද. මෝඩ බේබි ගෙ චූන් කතා කෙත්තාරාමේ පිටටනියේ ලයිට් ගලවන් ගියේ. ඒවා අමතකද. මුලු පවුලයි නැදැයෝයි එකතුවෙලා මුලු රටම කාලා. සංස්කෘතිය ාආරක්ෂා කරන්න මෙයාව ඕනද. මෙයා මොනවද ඒගැන දන්නෙ .කොයිතරම් බුද්දිමත් වෙන්න ඕනද. මෙයා බලය අප්පච්චිට දෙන්න හිතන් වෙන්න ඇති ඉන්නෙ. මෙදා සැරේ චන්දෙන් අප්පච්චි ට ඉමජන්සි එකේ ඉන්න වෙන්නෙ

:       0       1

Hareendra Nilaweera Sunday, 08 September 2024 06:13 AM

මාර සෙනගක් ඉන්නෙ

:       0       1

Pradeep Kumara Sunday, 08 September 2024 07:53 AM

දළදා මාලිගාව වටේ කාර් රේස් පැදලා ඒ කාලෙත් සංස්කෘතිය ආරක්ෂා කලා නේද?

:       0       2

NIMAL Sunday, 08 September 2024 08:24 AM

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ගන්නේ හෝ ක්‍රියාත්මක කරන්නේ නෑ. කොටින්ම කිව්වොත් දළදා මාලිගාව වටේ කිසිවකුට රේස් පදින්න ඉඩ තබන්නේ නෑ..!

:       0       2

J.Dhayalan Sunday, 08 September 2024 09:26 AM

මාලිගාව ඉදිරිපිට රේස් පදවලාද?

:       0       1

Sara Sunday, 08 September 2024 09:29 AM

අර රගර් ගහපු කොල්ලා මතක් වුණා... ඇක්සිඩන්ට් එකෙන් නැති වුණා.

:       0       1

ආච්චි Sunday, 08 September 2024 09:30 AM

දළදා මාළිගාව ඉස්සරහා ගෑණු නටවලා කාර් රේස් පැදපු ඔහේ ද සංස්‌කෘතිය රකින්නේ? අනේ යන්න... !

:       0       2

Upali Sunday, 08 September 2024 10:18 AM

දළදා මාලිගාව වටේ කාර් රේස් පැදලද?

:       0       2

Lalla Sunday, 08 September 2024 10:37 AM

දිනන්න හැකි වූවොත් රාජපක්ෂ පවුලේ සංස්කෘතිය ආරක්ෂා කරන එක සහතිකයි... ජරාව කෑම කොමිස් ගැහිල්ල.....විරුද්ධවාදීන් මරා දැමීම හිරේ දැමීම....

:       0       2

sam Sunday, 08 September 2024 01:34 PM

පහුගිය කාලේ බලෙන් මත්වෙලා නුවර උතුම් දළදා මාලිගාව වටා බලහත්කාරයෙන්ම වගේ රේස් පැද්දුවේ. නිකන් බොරු එපා... මිනිස්සු රාජපක්ෂලා ගැන හොඳටම දන්නවා.

:       0       2

m. saman perera Sunday, 08 September 2024 01:37 PM

මෙයා ආවොත් රටට වෙන්නේ ගොඨාභය පාර්ට් 02 තමයි.

:       0       2

priyanka Sunday, 08 September 2024 01:45 PM

අනේ කිරි පුතේ බොලා ඔක්කොම ආරක්ෂා කරනවා .අපි තමයි විනාශ කලේ .අපි නිසා දුක් විඳින කොල්ලෙක් "නරි මල් "

:       0       2

ගමේ එකාලා Sunday, 08 September 2024 02:07 PM

දළදා මාළිගාව ඉස්සරහ කාර් රේස් තිබ්බ හොර පෙරකදෝරුවා ..සංස්කෘතිය ආරක්ෂා කරන්නේ කටින් තමා..ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත පවුල් පාලනේ උන් ගැන ලෝකෙම දන්නවා .ලැජ්ජාවක් නැතුව චන්දේ ඉල්ලනවා .රාජපක්ෂ හැතිකරේම රටට සාපයක් ස්වභාව ධර්මයෙන් හෝ දඬුවම් ලැබේවා .

:       0       2

Rohana Sunday, 08 September 2024 02:45 PM

රටේ සංස්කෘතිය ආරක්ෂා කරනවා කියන එකේ කිරීමට කිසිම දෙයක් නැති ලේසිම මැතිවරණ පොරොන්දුවකි.

:       0       2

ආච්චි Sunday, 08 September 2024 09:43 PM

පුත්තලමෙ ඉන්නෙ අර සත්තු නෙව. උං ටික දැං තව ඒ වගෙම සතෙක්ගෙ බෑගිරියාව අහන්න එකතු වෙලා. පව්!

:       2       4

විපරමා Sunday, 08 September 2024 10:12 PM

පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත පවුල් පාලනේ උන් කොහොමද රටේ සන්ස්කෘතිය ආරක්ෂා කරන්නේ?

:       2       4

elakiri Monday, 09 September 2024 06:05 AM

නුවර කාර් රේස් පදිමු .(කෙල්ලෝ නටලා මොකෝ )සංස්කෘතිය ආරක්ෂා කරන්න එක පොඩ්ඩක් රිෆ්‍රෙශ් කරලා ගමු

:       1       5

K. G. C. Deepal Monday, 09 September 2024 09:53 AM

හොඳටම කලේ නුවර දි?...

:       1       5

ගමේ එකාලා Monday, 09 September 2024 11:34 AM

කිසිම චාරයක් නැති හොර පෙරකදෝරුවන් රටේ සන්ස්කෘතිය ආරක්ෂා කරනවා කියන්නේ විහිළුවක්...! 

:       1       2

Saman Tuesday, 10 September 2024 10:34 PM

මෝඩයා මොනවා කිව්වත් රටට ආදරේ පිරිස නාමල් සමඟයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’අපට මිත්‍රශීලී රටවල සහය තිබෙනවා’’
2024 සැප්තැම්බර් මස 16 673 1

බිඳ වැටුණු මෙරට ආර්ථිකය නැවත ගොඩනැඟීමට පසුගිය දෙවසර තුළ රජය ගෙන ගිය වැඩපිළිවෙළ හේතුවෙන්, රට ඉදිරියට ගෙන යාමේ ගමනට ඉන්දියාව, ජපානය ඇතුළු සියලු මිත්‍රශී


‘උදාගම්මාන යුගය යළි අරඹනවා‘
2024 සැප්තැම්බර් මස 16 625 2

පසුගිය වසර කිහිපය තුල අඩපණ කොට තිබෙන නිවාස ව්‍යාපෘති ආරම්භ කොට නව උදාගම්මාන ඇතිකරන යුගයක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව සමගි ජන බලාවේගයේ


‘පිල් මාරු කරන දේශපාලනයට තිත තබනවා‘
2024 සැප්තැම්බර් මස 15 1055 18

ජනතා නියෝජිතයින්ට පිල් මාරු කිරිමට නොහැකිවන ලෙස සැලුන් දොර වසා දමා, ජනතා නියෝජිතයින් පක්ෂ හා පිල් මාරුකරන දේශපාලනයට තිත තැබිමට තමාගේ ප්‍රධානත්වයෙ


‘ගල්කැටයකින් - නියතුඩකින් හෝ කාටවත් හානි කරන්න එපා‘
2024 සැප්තැම්බර් මස 15 1489 16

‘අපි ප්‍රවේසම් මෙන්ම සාමකාමී වෙන්න ඕනෙ. ගල් කැටයක් වත් අතට ගන්න එපා. ජයග්‍රහණය හරි හැටි සමරමු‘යැයි ජාතික ජන බල වේගයය බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක


‘‘දරුවන්ට යහපත් අනාගතයක් බිහිකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 14 601 11

ජනතාවට අනාගතයක් පිලිබඳව බලාපොරෙත්තුවක් තැබිය හැකි, දරුවන්ගේ අනාගතය පිලිබඳව විස්වාසයක් තැබිය හැකි, සුබ සිහින දකින්නට පුළුවන්, ආණුඩුවක් පිහිටුවීම ජාත


මාලිමාවට ’’චාන්ස් එකක්’’ දුන්නොත් ජනතාවගේ ’’චාන්ස් එක’’ නැති වෙනවා
2024 සැප්තැම්බර් මස 14 2231 38

’’චාන්ස් එකක්’ දෙන්නැයි ඉල්ලන මාලිමාවට අවස්ථාවක් දුන්නොත් සිදුවන්නේ ජනතාවගේ ’’චාන්ස් එක’’ ගිලිහී යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේදී


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2132 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 986 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site