IMG-LOGO

2024 ඔක්තෝබර් මස 28 වන සඳුදා


’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’

(නිමල කොඩිතුවක්කු)

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණ වේදිකාවේ බදු අඩු කරන බවත් අයි එම් එෆ් සමග සාකච්ඡා කර ගිවිසුම වෙනස් කරන බව පැවසුවත් එය කිරීමට නොහැකි වී ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

ජනතා පොරොන්දු ඉටුකිරීමට නොහැකි වු ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා නොදී සමගි ජන බලවේගයට බහුතරය ලබා දීම රටේ අවශ්‍යතාව වී ඇති බවත් කොලොන්නාවේ පැවැති ජන හමුවක් අමතමින් ඔහු කීවේය.

වත්මන් ආණ්ඩුව යටතේ අත්‍යාවශ්‍ය ආහාරවල හිගයක් ඇතිව පොල් සදහා පෝලිම් පවා  ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

හිටපු ජනාධිපතිවරයා රටම අමාරුවෙ දමා 2028 සිට ණය ගෙවන්න පොරොනදු වී ඇති බවත් ඒ අනුව  තවත් වසර හතරකින් ණය ගෙවීම ආරම්භ කිරිමට සිදුවන බවත් ඔහු සඳහන් කළේය.

රටේ පවතින ආර්ථිකයට මේ ණය ගෙවීම දරාගත නොහැකි බවත් ඒ සදහා  සීග්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් මේ ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් නැතැයිද ප්‍රේමදාස මහතා කීවේය.

මේ ණය කන්දරාව නැවත ගෙවීමට නම් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් බහුතරයක් පාර්ලිමේන්තුවට පත් කළ යුතු බවත් එසේ නොමැති වුවහොත් රට 2028දීත් බංකොලොත් වන බවත් ඔහු පැවසීය.

අයි එම් එෆ් එකත් එක්ක සාකච්ඡා කර ජනතාවට ගැලපෙන ගිවිසුමක් අත්සන් කළ හැක්කේ සමගි ජන බලවේගයට බවත් පෝලිම් යුගය වෙනුවට සංවර්ධන යුගයක් නිර්මාණය කරන රටක් ගොඩනගන බවත් සජිත් ප්‍රේමදාස මහතා  තවදුරටත් පැවසීය.



අදහස් (1)

’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’

වික්‍රම විදුර Monday, 28 October 2024 05:20 PM

පර්මිටි මරික් කාරුත් ඇවිල්ලා... මේ පාර කාගානේ පර්මිට් ඉල්ලන්නද? අම්මෝ.. මෙන්න මේ විසබීජ වලින් තමයි පාර්ලිමේන්තුව සුද්ද කරලා දාන්න ඕනෑ....

:       1       10

ඔබේ අදහස් එවන්න

දේශපාලන

’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’
2024 ඔක්තෝබර් මස 28 697 1

පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත


‘‘අපේ අයට පුරුදු නැත්තේ හොරා කෑමයි‘‘
2024 ඔක්තෝබර් මස 28 139 0

ජාතික ජනබලවේගයේ අපේක්ෂකයන් පාර්ලිමේන්තුවට අලුත් අය වුවත් මේ කිසිවකු දේශපාලනයට අලුත් අය නොවන බැව් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා බද්දේගම දි පැවසි


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්
2024 ඔක්තෝබර් මස 27 1707 2

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂ


‘‘රටේ ආරක්ෂාව ගැන අවදානමක් තියෙනවා‘‘
2024 ඔක්තෝබර් මස 25 3391 39

රටේ ආරක්ෂාව පිලිබදව යළිත් අවදානමක් මතු වි ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසිය.


රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන තීරණය වහා ක්‍රියාත්මක කරනු
2024 ඔක්තෝබර් මස 23 4080 21

මුදල් ඇමති ලෙස රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තමා ගත් නීත්‍යානුකූල කැබිනට් තීරණය වහා ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත


‘‘ඉදිරි තීන්දු තීරණ කල්පනාවෙන් ගත යුතුයි‘‘
2024 ඔක්තෝබර් මස 22 1364 2

’’මෙම පාර්ලිමේන්තු මැතිවරණය ඉතාමත් තීරණාත්මකයි. ඇත්තෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම බලාපොරොත්තු වුණේ අපේ රනිල් වික්‍රමසිංහ මහතා නැවත ම


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1020 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 597 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site