(කේෂර ගුණතිලක)
මොනරාගල කුඹුක්කන් ඔය ව්‍යාපාරය කඩිනමින් ආරම්භ කර වෙල්ලස්සේ ගොවිබිම් සරුබිම් බවට පත්කර ප්‍රදේශයේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (13) මොනරාගලදී පැවති ජනාධිපතිවරණ මැතිවරණ රැළියක් අමතමින් පැවසීය.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සංවිධානය කර තිබූ මෙම රැස්වීමට විශාල ජනතාවක් සහභාගි වී සිටියහ.
සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
‘‘නොවැම්බර් දහසය වැනිදා මම මේ රටේ ජනාධිපති බවට පත්වීමෙන් පසු රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරනවා. සියලුම වගාවන්ට නොමිලේ පොහොර ලබාදී වී කිලෝවක් සඳහා අවම වශයෙන් රුපියල් පනහක් ලබාදෙන අතර ගම්මිරිස් වලටද සහතික මිලක් ලබාදෙනවා.
ගම්මිරිස් ප්‍රතිඅපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. සුළු අපනයන බෝග වැඩි දියුණු කිරීම සඳහා වෙනම අධිකාරියක් පිහිටුවා කුරුඳු,ගම්මිරිස් කරාබු වැනි වගාවන් සුරක්ෂිත කරනවා.
මගේ රජය යටතේ ගොවිජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කොට ඔවුන්ගේ දුගී දුප්පත් භාවය නැත්තටම නැතිකිරීමට පියවර ගන්නවා.
සජිත්ගේ දේශපාලනයේ ඉටුකළ නොහැකි පොරොන්දු නැත.ඇතැම් අය පවසනවා සජිත්ගේ තියෙන්නේ පොරොන්දු දේශපාලනයක් කියලා. මම පොරොන්දු දෙන්නේ ඉටුකර හැකිනම් පමණයි.ඇතැම් අය විමසනවා සජිත්ට ඔය කියන දේවල් දෙන්න සල්ලි කොහෙන්ද කියලා.නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හදන්න සල්ලි වියදම් කරන්න පුළුවන් වුණා නම් පාසල් දරුවන්ට නිල ඇඳුම් කට්ටල දෙකක් දෙන්න,සපත්තු කුට්ටමක් දෙන්න,දිවා ආහාරය දෙන්න මුදල් හොයාගන්න බැරි ඇයි.අනවශ්‍ය වියදම් නතර කිරීමෙන් පුළුවන් ජනතාවට සහන දෙන්න.
සියලුම අමාත්‍යාංශවල රජයේ කාර්යාලවල නාස්තිකාර වියදම් සම්පූර්ණයෙන්ම මම නතර කරනවා.දේශපාලනඥයන්ට දෙන වාහන පෝමිට් නතර කරනවා. දෙපාර්තමේන්තුවලට අලුත් වාහන ගෙන්වීමත් නතර කරනවා.ඒ සඳහා යන මුදල් වලින් තමයි පොදු ජනතාවට අවශ්‍ය සහන ලබාදෙන්නේ.
දහසය වෙනිදායින් පසුව පාලකයින් දුක් විඳින පොදු ජනතාව සැප විඳින යුගයක් උදා කරනවා.මට වෙඩි වදින,වෙඩි නොවදින වාහන අවශ්‍ය නෑ.මම පරිහරණය කරන්නේ මට අයත් පෞද්ගලික වාහනයක් පමණයි.මට මන්දිර අවශ්‍ය නැහැ.රජයේ වියදම් හැකිතාක් දුරට අඩු කොට මුදල් අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරමින් තමයි රටක් ගොඩනැගිය හැක්කේ.
දුප්පත්කම තුරන්කොට සමෘද්ධිය වැඩිකොට ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීම මගේ එකම අරමුණයි. ජන සවිය යටතේ රුපියල් විසිපන්දහස සංකල්පය මම යළිත් ආරම්භ කරනවා.
මොනරාගල දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම කර්මාන්තශාලාවක් ආරම්භ කොට ගමේ තරුණ තරුණියන්ට ගමේ ඉඳන්ම රැකියාවලට යාමේ අවස්ථාව ලබාදෙනවා. වැල්ලවායේ කුකුරම්පොළ ප්‍රදේශයේ තිබෙන යපස් නිධිය තුළින් නව කර්මාන්තශාලාවක් ආරම්භ කරනවා.
ඒ තුළින් බලාපොරොත්තු වන්නේ ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදෙනවා.
ජනතාවගේ අතමිට සරුකොට දුප්පත්කම තුරන්කොට සමෘද්ධිමත් රටක් ගොඩනැගීම මගේ එකම අරමුණයි.
මම සමාජසේවා කටයුතු පටන් ගත්තේ පෙර පාසල් තුලින්.අපේ රටේ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ පළමු වසරේ සිටයි.නමුත් වියයුත්තේ පෙරපාසල් මට්ටමින් නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක කිරීමයි.
මම ජනාධිපති වීමෙන් පසු දිවයින පුරා පිහිටි දහනවදහසකට ආසන්න පෙර පාසල් වල සේවය කරන පෙරපාසල් ගුරුවරියන්ට හා සහායකවරියන්ට රජයේ වැටුප් ලබාදෙනවා.
අවශ්‍ය ගොඩනැගිලි හා උපකරණ,ළමා උද්‍යාන ලබාදෙනවා.පෙර පාසල් දරුවන්ට දිවා ආහාරයද ලබාදීමට පියවර ගන්නවා. පාසලෙන්ම දරුවාට දරුවාගේ අනාගතය තීරණය වන පසුබිමක් ඇති කළ යුතුයි.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඌව වෙල්ලස්සට ලබාදුන් විශ්වවිද්‍යාල පීඨය මම නැවත ලබාදෙනවා.එහි දැනට පිහිටා ඇති යුධහමුදා අභ්‍යාස විද්‍යාලයට අගතියක්වීමට ඉඩ තබන්නේ නැහැ.ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අංගසම්පූර්ණ විශ්වවිද්‍යාලයක් බවට පත්කොට එහි අධ්‍යාපන කටයුතු වැඩිදියුණු කිරීමට පියවර ගන්නවා. එම රැස්වීම් අමතා රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශුසම්පත් ඇමති රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි,මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී විජිත් විජයමුණි සොයිසා,හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන් ද කතා කළහ.
මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවන් රැසක් සජිත් ප්‍රේමදාස මහතා හමුවී සහයෝගය පළ කර සිටියහ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘‘16 වැනිදා ජනාධිපති වීමෙන් පසු රටේ කෘෂිකාර්මික විප්ලවයක් ඇති කරනවා‘‘