IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා

(අංජුල මහික වීරරත්න)

“ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයකට නැති සම්පතක් වන 2030 දක්වා නායකයන් එක්සත් ජාතික පක්ෂය සතුව සිටින බව”, එක්සත් ජාතික පක්ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී ඊයේ (24) පැවැසීය. 

“එක්සත් ජාතික පක්ෂයට විකල්ප ලෙස ඉදිරිපත්වී සිටින පක්ෂවල සිටින්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කෑගසන මන්ත්‍රීවරුන් කිහිප දෙනා පිටත සිට පඹයන් ලෙස හසුරුවන තත්ත්වය දැන් දැන් පෙන්නුම් කෙරෙතැයිද” ප්‍රකාශ කළේය. 

“ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයද? “රාජපක්ෂ රෙජීමය 2” දැයි”, තීරණය කිරීම අසීරු කරුණක් නොවන බවද”, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසුවේ එක්සත් ජාතික පක්ෂ අභිනව ජාතික සංවිධායක ලෙස පත් කෙරුණු වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගි වෙමිනි. 

පක්ෂයේ අභිනව නායකයන් සියලුම දෙනා මේ අවස්ථාවට සහභාගිවී සිටීම විශේෂත්වයක් විය. 

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය.

“අපේ පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නවින් දිසානායක මහතා අද වැඩ භාර ගන්නවා. එතුමා පක්ෂයට පැමිණ විශාල සේවයක් කරනවා. අමාත්‍යවරයකු ලෙස දක්ෂකම් පෙන්වනවා. තරුණ මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තු විවාදවලදී දක්ෂතා දක්වනවා. මාධ්‍ය සාකච්ඡාවලදී තම කාර්ය භාරය නිවැරැදිව ඉටුකර තිබෙනවා.

එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරා යොමු කිරීම සඳහා ක්‍රියා කළා. අපගේ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා අවශ්‍ය වන්නේ එවැනි තරුණ නායකයන් බව කිව යුතුයි. එවැනිම වූ විශාල සේවයක් එතුමා එක්සත් ජාතික පක්ෂයට ද කරනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා. නවින් දිසානායක ඇමැතිතුමා පිළිබඳව මා දීර්ඝ වශයෙන් කතා කළ යුතු වන්නේ නැහැ. 

එතුමාට ඇති ශක්තිය සහ කැපවීම පිළිබඳව මා හොඳින්ම අවබෝධ කරගෙන සිටිනවා. එමෙන්ම පක්ෂය ඉදිරියට ගෙනගොස් බලයේ තබා ගැනීම සඳහා එතුමාට තිබෙන ශක්තිය ගැන මා දන්නවා. මෙවර ප්‍රතිසංවිධානයේදී නිලධාරීන් ලෙස පත්කර ඇත්තේ එවැනි කැපවීම ඇති නිලධාරීන් බව කිව යුතුයි. 

1970 වසරේ පක්ෂය ලැබූ පරාජයෙන් පසු පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා නවින් දිසානායක මහතාගේ පියා ඉදිරිපත් වුණා. ගාමිණි දිසානායක මහතා එදා නුවරඑළියට තරග කර පසුව ඡන්ද පෙත්සමක් නිසා ආසනය අහිමි වුණා. එතුමා නැවතත් ආසනය දිනාගෙන ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ පක්ෂ ප්‍රතිසංවිධානය සඳහා එක්ව ඉදිරියෙන්ම කටයුතු කළා.

ප්‍රේමදාස මහතා, ලලිත් ඇතුලත්මුදලි මහතා මෙන්ම ගාමිණී දිසානායක මහතා, සිරිල් මැතිව් මහතා වැනි බොහෝ දෙනකු ඉදිරියට පැමිණ පක්ෂය ප්‍රතිසංවිධානය කළා. අලුතෙන් පක්ෂය ගොඩනගා පාර්ලිමේන්තු මැතිවරණයත්, ජනාධිපතිවරණයත් ජයග්‍රහණය කළා.

ගාමිණී දිසානායක මහතා සමඟ ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව ලැබුණා. අප පක්ෂය ගොඩනැගීමේ ව්‍යාපාර කිහිපයකම එකට වැඩ කළා.

1971 වසරේ සිට මා එතුමා දැන හඳුනාගෙන සිටියා. අවසානයේදී ගාමිණී දිසානායක මහතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස සිටියදී පක්ෂය වෙනුවෙන් තම ජීවිතය පූජා කළා. ඒ කාරණය අපට කෙළෙසකවත් අමතක කරන්න බැහැ. අමාරු කාලයේ අපේ පක්ෂය වෙනුවෙන් ජීවිතය පූජා කළේ ඒ අයයි. නවින් දිසානාක ඇමැතිතුමාටත් පියාගේ ගති ලක්ෂණ බොහොමයක් පිහිටා තිබෙනවා. පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු සාර්ථක වන බවට මගේ නම් කිසිම සැකයක් නැහැ.

නවින් දිසානායක මහතා මෙන්ම මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා තරුණ පිරිසක් සිටිනවා. නියෝජ්‍ය නායක, උප නායක, නව මහලේකම්, භාණ්ඩාගාරික, වෘත්තීය සමිති ලේකම් ආදී අලුත් කණ්ඩායමට පක්ෂයේ වගකීම් භාර දුන්නා. එමෙන්ම තවත් තනතුරු භාර ගැනීම සඳහා තරුණ මන්ත්‍රීවරුන් සිටිනවා.

පළාත් සභා මන්ත්‍රීවරුන් සිටිනවා. ඒ අනුව ඊළඟ මාස තුනේදී විශාල වැඩ කොටසක් කරන්න තිබෙනවා. ලබන සතියේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා.

තරුණ පරපුර ඊළඟ නායක පරම්පරාව ලෙස ඉදිරිපත්විය යුතුයි. පක්ෂයට නායකත්වය දෙන පුද්ගලයන් මේ අය අතරත්, පක්ෂයට අලුතෙන් එක්වන පිරිස අතරත් සිටිනවා. ප්‍රාජාතන්ත්‍රවාදය යනු ජනතා ඡන්දයෙන් පත්වීමයි.

ජනතා ඡන්දයෙන් පත්වෙනවා නම් පක්ෂය ඉදිරියට ගෙන යන්නේ කෙසේද, දෙැවනි පෙළ සහ තුන්වැනි පෙළ නායකයන් කවුද? අනාගත නායකයන් කවුද යන කාරණය පෙන්වා දිය හැකියි. එලෙස පෙන්වා දිය හැකි එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය පමණයි. 2020 දක්වා පමණක් නොව 2030 දක්වා නායකයන් කවුදැයි පෙන්වා දිය හැකියි. 

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ලෙස නායකයන් යම් ප්‍රතිපත්තියක් පෙන්වා තිබෙනවා. ඒ අනුව වැරැදි හදාගෙන ඉදිරියට යා යුතුයි. සාර්ථක දේශපාලනය යනු එයයි. 

රට දියුණු වීමට නම් එකම පක්ෂයක නායකත්වය විටින් විට ඉදිරියට ගෙන යා යුතුයි. රටක් දියුණුවට පත් කළ හැක්කේ එවිටයි. මේ කණ්ඩායම මා ඉදිරිපත් කර ඇත්තේ රට ගැන සිතීමෙනුයි. 

අලුත් කණ්ඩායමක් ඉදිරිපත් කර ඇති බව ඔබට රට වටා ගොස් කිව හැකියි. අලුත් පරපුර සමඟ රට හදන බව බය නැතිව කිව හැකියි. වෙන කිසිම පක්ෂයකට මේ හැකියාව නැහැ. හැකිනම් එකම පක්ෂයක් හෝ පෙන්වා දෙන්න.

පොහොට්ටුවට තිබෙන හැකියාව කුමක්ද? පොහොට්ටුවේ සිටින අලුත් මුහුණු මොනවාද? විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් පමණයි. ඔවුන් උත්සාහ කරන්නේ නැවත රෙජිමයක් ඇති කරන්නයි. පොහොට්ටුව දෙස බැලූ විට බැලූ බැලූ අත පෙනෙන්නේ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පමණයි. පොහොට්ටුවේ පෝස්ටරයක එක මන්ත්‍රීවරයකු හෝ මුහුණක් පෙන්වන්න. 

හොඳ වුනත්, නරක වුණත් කමක් නැහැ. අලුත් මුහුණක් දැක තිබේද? සියලුම දෙනා ඉන්නේ විශ්‍රාමලත් හමුදා නිලධාරීන් පමණයි. ඒ එදා රාජපක්ෂ රෙජිමය පිහිටුවීමට ගිය පිරිසයි.

පාර්ලිමේන්තුවේ ඔවුන් කොපමණ කෑ ගැසුවත් ඒ අය විශ්‍රාම ගිය හමුදා නිලධාරීන්ගේ පඹයන් පමණයි. මොවුන් සිටින්නේ දෙවැනි පෙළේයි. අපේ අය පාර්ලිමේන්තුවේදී පක්ෂයේ නායකයන් ලෙස නැගිට අභිමානයෙන් කතා කරනවා. මේ අය එතැන කෑ ගැසුවාට පක්ෂයේ තීරණ ගන්නේ කවුද? මොවුන්ගේ අරමුණ ජනතාව ප්‍රතික්ෂේප කළ රාජපක්ෂ රෙජීමය නැවත ගෙන ඒම පමණයි. 

වර්තමානයේදි එක් පැත්තකින් තරුණ ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය සිටිනවා. අනෙක් පැත්තෙන් රාජපක්ෂ රෙජීමය ක්‍රියාත්මක කළ විශ්‍රාම ගිය හමුදා නිලධාරින් පිරිස සිටිනවා. ඔවුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වේවිද? ඔවුන් කරන්නේ කුමක්ද? එදා ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුණා. එක්නැලිගොඩ අතුරුදන් කළා.

මා එක් කාරණයක් අවධාරණය කරන්නම්. මේ පිරිස වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන් ගණනාවකට ඔවුන් බලයට පැමිණියහොත් අතුරුදන්වන්න සිදුවේවි. ඔවුන්ගේ පිළිවෙත එයයි. මා නැවත මතක් කළ යුතු නැහැ. තමන්ගේ බෙල්ල වටේ තමන්ම තොණ්ඩුව දමා ගනීවි.” 

මේ කාරණය හෙට පුවත්පත්වල පළ කරන්නේ නැහැ. මාධ්‍යයේ රූපවාහිනියේ පළ කරන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. අපේ පාක්ෂිකයන් එය මතක තබාගන්න. නැවත හමුදා පාලනය ළඟා නොකිරීම අපේ අරමුණයි. 

මේ කණ්ඩායම වෙනත් නමකින් කියන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතුයි. ඔවුන්ගේ උත්සාහය නැවත රෙජීමය ඇති කිරීමයි. එය රාජපක්ෂ “රෙජීමය-2” ලෙස හඳුන්වා දිය හැකියි. ඔබට ප්‍රජාතන්ත්‍රවාදය ද රාජපක්ෂ රෙජීමය-2” අවශ්‍ය කියා තීරණය කරන්න.

තරුණ පිරිස එක්ව අපේ පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවමින් සිටිනවා. තරුණයන්ට වගකීම භාර දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයද, ඒකාධිපතිවාදයද යන්න තීරණය කිරීම සඳහා තරුණ පිරිසට සහයෝගය දෙන ලෙස ඉල්ලා සිටිනවා. නව නිලධාරි මණ්ඩලයට මා සුබ ප්‍රාර්ථනා කරනවා. යයි ද” රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය. 

එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා-

“එක්සත් ජාතික පක්ෂය අලුත් මාවතක හැරවුම් ලක්ෂ්‍යය කරා යන මොහොතේ පක්ෂ නායකගේ ආශිර්වාදය මත මා වැඩ භාර ගත්තා.

පැරැණි සිරිකොත මන්දිරයට මා පියා සමඟ ගිය අයුරු තවම මතකයි. පක්ෂයේ ශ්‍රේෂ්ඨ නායකයන්ගේ මුහුණු මතකයි. පොඩි කොල්ලකු ලෙස පියා සමඟ මා එහි ගියා.

එක්සත් ජාතික පක්ෂයේ හද ගැස්ම මට ඉගැන්වූයේ මගේ පියායි. එතුමා පක්ෂය ජයග්‍රාහී මාවතකට ගැනීමට විශාල කැපවීමක් කළා. කණ්ඩායම් හැඟීමෙන් කටයුතු කළා. පක්ෂයට ආවේණික ගුණාංගවලින් අප පෝෂණය වී සිටිනවා. 

ප්‍රජාතන්ත්‍රවාදය, සුදුස්සාට තැන දීම, සියලු ජාතීන්ට, ආගමිකයන්ට වෙනසක් නොකිරීම ආදී ගුණාංගවලින් අප පොහොසත්. වෙනත් පක්ෂවල එවැනි ලක්ෂණ නැහැ. 

ජේ. ආර්. ජයවර්ධන මහතා දෙවැනි පෙළක් නිර්මාණය කළා. කොටි සංවිධානය විසින් ඒ නායකයන් ඝාතනය කරනු ලැබුවා. රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය භාරගෙන පක්ෂය ශක්තිමත් කිරීමට කටයුතු කළා. ඔහු නව පරපුරට දක්ෂතා දැක්වීමට අවස්ථාව දෙනවා.

අපේ පක්ෂය රටේ ප්‍රබලතම දේශපාලන ව්‍යාපාරයයි. නමුත් යම් පසුබෑමකට ලක්වී ඇති බව පිළිගත යුතුයි. එයින් ගොඩ ඒමට නම් පොදු න්‍යාය පත්‍රයක් අනුව කණ්ඩායම් හැඟීමෙන් වැඩ කළ යුතුයි.

සුදු වෑන් හඳුන්වා දුන් අය නැවත සුදනන් වී ජනතාව අන්දමින් සිටිනවා. මෙය විහිළුවක් පමණයි. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රාහී මාවතට නොගතහොත් හොරුන් නැවතත් කරළියට එනවා. ඊට ඉඩ දෙන්න බැහැ.

පාක්ෂිකයන්ගේ හදවතට දැනෙන වැඩ කොටසක් ක්‍රියාත්මක කළ යුතුයි. අපට පැහැදිලිව ජයගත හැකියි. නායකයන් සියල්ල එක රොත්තක්සේ වැඩ කළ යුතුයි. එලෙස වැඩ කිරීමේ ශක්තිය මා සතුයි.

අද අප අලුත් මාවතකට යමින් සිටිනවා. ඉදිරි මාස තුන හතර ඉතා වැදගත් වෙනවා. පාක්ෂිකයා අමතක නොකිරීම මගේ පියා මට ඉගැන්වූ පාඩමයි. අපේ හදවත පාක්ෂිකයන් ලවා අමතක කළ යුතු නැහැ.”

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා-

“ඉදිරියේ අප හමුවේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අප ඒ වෙනුවෙන් විධිමත් සැලසුම් හැදුවා. දේශපාලන මණ්ඩලය විසින් ඒ වැඩ පිළිවෙළ අනුමත කළා. අපට මේ ගමන යාමට හැකියි. ඉතා වේගයෙන් සංවිධාන ගතවී ඉදිරි මැතිවරණ ජය ගන්නවා.

මේ අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ මැති-ඇමැතිවරුද, නවින් දිසානායක මහතාගේ මෑණියන් වන ශ්‍රීමා දිසානායක මහත්මිය ද පාක්ෂිකයෝ විශාල පිරිසක්ද සහභාගි වූහ. 

 



අදහස් (10)

2030 දක්වා එජාපයට නායකයන් සිටිනවා

emerson Friday, 25 May 2018 10:32 AM

කවුරු හිටියත් වැඩක් නැ එ ජා පෙ විනාශ වෙලා ඉවරයි....... ඔබ තුමා පක්ෂය විනාශ කරපු කෙනා හැටියට ඉතිහාසගත වෙනවා . දැන් ඔය හදන්නේ නවින්වයි සජිත්වයි කොටවල ඉතිරි කාලෙත් පක්ෂ නායකයා විදියට ඉන්න................

:       404       435

BamunuarachchiSaturday, 26 May 2018 11:53 AM

සජිත් කවද? එයාව රටේ නායකයා කොරන්නද අදහස? මොන සුදුසු කමකටද? තාත්තා ජනාදිපති උනනිසාද? රනිල් මහතා ඔබ හැමදාකම ඒජාප නායකයා වෙලා ඉන්න රටට හෙනගසුවත් කමක නැත. මීට වඩා පාත්වෙන්න තව හෙන නැත.

:       35       1

nihal Saturday, 26 May 2018 02:18 AM

රට ආපස්සට අරන්යන තවත් පුද්ගලයෙක් ....රට බෙදීමට උත්සහ දරන්නෙක් .......?

:       0       2

dasun Saturday, 26 May 2018 02:54 AM

එහෙම ඉන්නවා නම් 2010 ජනාධිපතිවරණයේදී විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක්ව ඉස්සරහට දැම්මේ ඇයි. 2015 දි වෙනත් පක්ෂෙක ලේකම් වුණ විශ්‍රාම ගිය ග්‍රාම සේවක තුමෙක්ව දැම්මේ ඇයි. කතා කරනකොට උඩ බලාගෙන කෙල ගහගන්නවා.

:       0       3

asoka dep Saturday, 26 May 2018 05:06 AM

ඔව් ඔව් කතා නම් තියෙනවා ලසනට වේදතමි නෙත්තෙ ගදරට එනකන් මම බලාගෙන ඉන්නේ අර පුංචි සිරිල්කතව ගෙන අහන්න ..... මෙයට හොද කොලපාට අලියෙක්

:       0       0

kalani Saturday, 26 May 2018 05:30 AM

2030න් පසුව මොකක්ද වෙන්නේ?

:       0       0

asoka dep Saturday, 26 May 2018 09:00 AM

94 සිට ඔබතුමා එජාපය දියකලා.. දියකලා... මලික්ලා... සාගලලා... චරිතලා... එකතුවෙලා නොවැ... මේ පිටකෝට්ටේ අපිට පාරේ බැහැලා යන්න බැහැ... අපි හොඳ අලි.. අපිට කරපු දෙයක් නැහැ... මතකයිනේ ඔබතුමා 2002 දින 100 වැඩ සටහනක් ගෙනැල්ල එ් සැරෙත් කෑවා... අවුරුදු 13 ක් විපක්ෂයේ හිටියා.. මේ සැරෙත් ඒකමයි වෙන්නේ...

:       0       15

Bamunuarachchi Saturday, 26 May 2018 04:32 PM

නායකයා මමම තමයි.

:       0       14

A.J Ranasinghe.. Sunday, 27 May 2018 02:01 AM

ගාමිණී දිසානායක ජනාදිපතිවරනයට ඉල්ලුවහම රනිල් මට කියල කොච්චරනම් උදව් කෙරෙව්වද ???...හාහ් හාහ් හා ...අපි නොදන්නා රනිල් ..ඔය කරන්නෙත් තරුණ නායකින් කොටවන්න සැලසුමක් ...

:       0       27

c De Silva Monday, 28 May 2018 03:30 AM

2030 වෙනකල් එජාපයට ඉන්නවා පරම්පරා 4 ක් විපක්ෂයට යවපු රනිල් මියගියොත් පමණක්. රනිල් ජීවත්ව සිටියොත් 2030 ත් එජාපයේ නායකයා රනිල්මයි ඔහු පන්නා දමන්න තරම් හයිය තියෙන පිරිසක් එජාපයේ නොහිටියොත්.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5575 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 656 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3692 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 158 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 996 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site