IMG-LOGO

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා


අගමැතිට එරෙහි විශ්වාස භංගයට සහාය නොදී ඉන්න බෑ

(මුදිතා දයානන්ද)

ජනතා මතයට ගරු කරන කිසිවකුට අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහාය නොදී සිටිය නොහැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (05) පැවැසීය.

ගම්මන්පිල මහතා මෙසේ පැවැසුවේ පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා මෙසේ ද කීය.

“චෝදනා දාහතරක් යටතේ අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකවරයාට භාරදීමට සියල්ල සූදානම් කර තිබෙනවා. සමහරු කියනවා අගමැතිට නෙවෙයි ආණ්ඩුවට එරෙහිව ගේන්න කියලා. අගමැතිට එරෙහි වීම කියන්නේ ආණ්ඩුවට එරෙහි වීම වගේ තමයි. අගමැති ඉවත් වුණ ගමන් කැබිනට්ටුව වෙනස් වෙනවා. ඉන්පසු පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් වැඩිම විශ්වාසය දිනාගත් කෙනා අගමැති වෙයි. එහෙත් එයට හදිස්සි විය යුතු නැහැ. අපි අගමැති නම් කිරීමට විශ්වාසභංගයට සහාය ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලපෑමක් වෙන්නත් පුළුවන්. සහාය නොදී ඉන්න එයම හේතුවක් විය හැකියි.

අපි දැනට කරන ලද සාකච්ඡාවලදී එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් සැලකිය යුතු පිරිසක් මේ විශ්වාසභංගයට සහාය දෙන්න සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. නමුත් ඒ අයගෙන් අපි විශ්වාසභංගයට අත්සන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඒ අයගේ ආරක්ෂාවට වගේම ඒ අයට කරන බලපෑම් නිසා අපිට ලැබෙන්න තිබෙන ඡන්ද අඩු කරගැනීමට හේතුවක් විය හැකියි. ඒ නිසා අපි ඒ ගැන දැන්ම හෙළි කරන්නේ නැහැ.

විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් සහාය ලබාදෙයි කියලා අපි හිතනවා. ජනතා මතයට ගරු කරන කිසිවකුට මේ විශ්වාසභංගයට සහාය නොදී ඉන්න බැහැ.

මෙහිදී අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා මෙසේ පැවැසීය.

“අද මිනිසුන්ගේ හැමදේම දේශපාලනය බවට පත්වෙලා. කලාව, සාහිත්‍යය, ක්‍රීඩාව මේ කිසිම දෙයක් ගැන කිසිම කතාවක් නැතිව හැමෝම දේශපාලනය ගැන කතා කරන්න පටන් අරන්. කනගාටුවට කාරණය නම් දේශපාලනය නොකරන අය දේශපාලනය ගැන කතා කරද්දි දේශපාලනය කරන අය ඒ වෙනුවෙන් කිසිවක් නොකර සිටීම. ඔවුන්ට තමන් කරන්න ආ රාජකාරිය අමතක වෙලා වගේ.”

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට ගම්මන්පිල මහතා මෙසේ පිළිතුරු දුන්නේය.

ප්‍රශ්නය - වජිර අබේවර්ධන මහතා කියනවා අගමැතිට එරෙහිව විශ්වාසභංග ගේන්න බැහැ කියලා.

පිළිතුර - එතුමා බය ඇති අපි ගේන විශ්වාසභංගය කතා කරන්න ගන්නේවත් නැතිව අහක යයි ද කියලා. එහෙම වෙන්නේ නැහැ. කිසිම නීතිමය ප්‍රශ්නයක් ඇති නොවන යෝජනාවක් ඉදිරිපත් කරන බවට මම සහතික වෙනවා. ඒ ගැන කිසිම කෙනෙක් බිය විය යුතු නැහැ.

ප්‍රශ්නය - මේක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි ද?

පිළිතුර - මෙවර පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් මේ ආණ්ඩුවට එරෙහිව ඡන්දය භාවිත කර තිබෙනවා. ඒ නිසා අඩුම තරමින් පාර්ලිමේන්තුවේ දෙකෙන් පංගුවක්වත් විශ්වාසභංගයට සහාය ලබාදෙන්න ඕන. එහෙම නැත්නම් අපිට හිතන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ දෙකෙන් පංගුවක්වත් ජනතා මතයට ගරු කරන්නේ නැහැ කියලයි.

ප්‍රශ්නය - විශ්වාසභංගයට ඇතුළත් කරුණු දාහතර මොනවා ද?

පිළිතුර - ඒක ළඟදීම බලාගන්න පුළුවන් වෙයි. අපි කරුණු දාසයකින් පටන් ගත්තේ විවිධ හේතු නිසා. දැන් තිබෙන්නේ කරුණු දාහතරයි. අනෙක් පක්ෂ සමඟ කතා කරන විට තවත් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ නිසා කරුණු හැටියට මේවා කියලා කියන්න අමාරුයි. එහෙත් අපේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව හා පසුගිය වසර තුනක කාලය තුළ සිදුවූ ආර්ථික පරිහානියයි.

ප්‍රශ්නය - විශ්වාසභංගය ජය ගත්තොත් ඉන්පසුව පත් කරන අගමැති කවුද?

පිළිතුර - අගමැති පත් කරන්නේ ජනාධිපති. බහුතරයක් සිටින නොව පසුගිය කාලයේ සිදුවූ දේවල් අනුව බහුතරයකගේ විශ්වාසය දිනාගත් පුද්ගලයා යැයි ජනාධිපති විශ්වාස කරන කෙනා තමයි අගමැති වෙන්නේ. එතුමා කාව පත් කරයි ද කියලා කියන්න මට පරචිත්ත විජානනය නැහැ. අපිට දැන් අවශ්‍ය අගමැති ඉවත් කරන්න විතරයි. ඒක විතරමයි.
ප්‍රශ්නය - පළාත් පාලන මැතිවරණය පැවැත්වුවත් තවම ආයතනවල කටයුතු ආරම්භ කරන්න බැරි වෙලා. මොකක් ද               මේ වෙන්නේ?

පිළිතුර - මේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් කියලා නැවත නැවතත් ඔප්පු කිරීම තමයි මෙයින් සිදුව තිබෙන්නේ. අඩුම තරමින් සමස්ත ඡන්ද ප්‍රතිඵලය ලබාදෙන්නවත් ආණ්ඩුව හා මැතිවරණ කොමිසම අසමත් වුණා. එක පැත්තකින් මැතිවරණ කොමිසමට දොස් කියන්න බැහැ. මේ පනතේ තිබෙන බහුබූත නිසා තමයි සභාපති මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ. මේ පනත අනුව බහුතරය දිනාගත් පක්‍ෂයට බලය පිහිටුවන්න බැහැ. බල්ලා විසින් වලිගය වනනවා වෙනුවට වලිගය විසින් බල්ලා නටවන තත්ත්වයක් දැන් ඇති වෙලා. වැඩිම මන්ත්‍රී ධුර දිනාගත් පක්ෂවලට සිදුවී තිබෙනවා අඩු මන්ත්‍රී ධුර ප්‍රමාණයක් දිනාගත් පක්ෂවල කොන්දේසිවලට යටත්ව ඔවුන්ගේ සහාය ලබාගෙන බලය පිහිටුවන්න. 

ප්‍රශ්නය - මේක සිදුවන්නේ ඡන්දවලින් සියයට පනහට වඩා වැඩියෙන් දිනාගත් පක්‍ෂයට බලය පිහිටුවන්න පුළුවන්                  විදිහට පනත සකස් වීම නිසා නම් එය පාර්ලිමේන්තුවටත් අදාළයි නේද? එතනත් බහුතරය දිනාගන්න සුළු                 පක්ෂවල සහාය ලබාගන්න සිදුවී තිබෙනවා නේද?

පිළිතුර - ඔව්. එහෙත් එහි මේ ප්‍රශ්නය මේ තරම් බැරෑරුම් නොවන ආකාරයට කරුණු දෙකක් ඇතුළත් කර තිබෙනවා. පළමු කාරණාව තමයි මන්ත්‍රී ධුරයක් ලබන්න සුදුසුකම් ලබන්නේ සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 5%කවත් ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් පක්ෂවලටයි. ඒ වගේම වැඩි ඡන්ද ලබා දිනූ පක්ෂයට බෝනස් මන්ත්‍රී ධුර හිමි වෙනවා. මගේ නම් අදහස මන්ත්‍රී ධුරයක් ලබාගන්න මූලික සුදුසුකම ලැබීම ප්‍රතිශතය සියයට දහය දක්වාවත් වැඩි කරනවා නම් මේ තත්ත්වය තවත් වෙනස් වෙනවා.

ප්‍රශ්නය - ඔබ තුමා ඔය යෝජනා කරන ක්‍රමවේදය නිසා සුළු පක්ෂවලට මහජන නියෝජිත ආයතනවලට එන්නම බැරි වෙනවා නේද? මෙයින් බල කෙරෙන්නේ ඔවුන්ටත් කවුරු හෝ පක්ෂයක් සමඟ සන්ධානගත වෙන්න ද?

පිළිතුර - රටේ සුළු පක්ෂවලටත් පරිපාලනයට සම්බන්ධ වෙන්න ඉඩකඩක් ලබාදිය යුතුයි. 2001 දී ජනතා විමුක්ති පෙරමුණ හදපු පරිවාස ආණ්ඩුවට කවුරුවත් දොසක් කියන්නේ නැහැ. ඔවුන් මේ ආයතන නියෝජනය කළ නිසා තමයි ඒ අවස්ථාව ප්‍රයෝජනයට අරන් රටට යම් යම් ජයග්‍රහණය අරන් දෙන්න පුළුවන් වුණේ. ඒ වගේම යුද්ධයේදිත් ආණ්ඩුවට වැඩිම සහාය ලබාදුන්නේ මේ වගේ සුළු පක්ෂ. ඒ නිසා ජයග්‍රාහී පක්ෂයට ලබාදෙන බෝනස් මන්ත්‍රී ධුර ප්‍රමාණය වැඩි කිරීමෙන් සුළු පක්ෂ කැපී යාමත් වළක්වාගෙන ස්ථාවර ආණ්ඩුවක් හදාගන්න ප්‍රශ්නය වඩාත් පහසුවෙන් විසඳගන්න පුළුවන්.

 



අදහස් (2)

අගමැතිට එරෙහි විශ්වාස භංගයට සහාය නොදී ඉන්න බෑ

Chandra Tuesday, 06 March 2018 02:26 PM

කෝ අද බාර දුන්නද? නිකම් ජනතාව නොමඟ යවමින්, කාලේ නාස්ති කරමින්.., හිතා මතා රටේ කාලය නාස්තිකරන කට්ටියක් ඔය ගොල්ලෝ. ප්‍රධාන අරමුණ හොරු ටික බේරගන්න ජනතාව මුලා කරලා රට අගාධයට දානවා. හැමදාම රටේ ප්‍රශ්න ඇතිකරන්නේ බලය අල්ලගන්න... කරපු හොරකම්වලින් බේරෙන්න. මේ මොන දේශපාලනයක්ද? දේශපාළුවක් මිසක්...

:       0       355

rocky Friday, 16 March 2018 01:57 PM

අනේ මහත්තයෝ පින් අයිති වෙයි.. අපේ ශරීරයේ ලේ නරක් කරන්නේ නැතුව පොඩ්ඩක් කට පියාගෙන ඉන්නකෝ !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 4997 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 568 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1958 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3620 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4682 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 110 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 262 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 863 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site