IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


අද ජනතාවට නැගිටින්න බැරිවෙන්න බදු ගහලා දැන් අගමැති විකාර කියවනවා

 

 

(නාලක සංජීව දහනායක)

වත්මන් රජයේ බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ජනතාව මෙන්ම සියලුම වෘත්තිකයන් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (10) පැවසීය.

මිහිඳු හිමියන් මෙරටට වැඩම කළායින් පසුව ජනතාව මත වැඩිම බදුබරක් පැටවූ ආණ්ඩුව ලෙස වත්මන් රජය ලෝක වාර්තාවක් තබා තිබෙන බව ද ඔහු කීය.

කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරික විද්වත් එකමුතුව විසින් රට වනසන බදු දඩයම නමින් සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

කොළඹ මහජන පුස්තකාලයේදී ඊයේ (10) පැවැති එම සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා මෙසේද කීය. 

බදු අය කිරීමේ ලෝක මූලධර්මයන්ට යටත්ව පසුගිය රජය බදු අය කළා. එමෙන්ම බදු සහන දිය යුතු ක්‍ෂේත්‍ර සඳහා උපරිමයෙන්ම බදු සහන දුන්නා. ඒ නිසා එකල ජනතාව මේ වගේ අසීමාන්තික පීඩාවකට පත්වුණේ නැහැ. විශේෂයෙන්ම 2006 වසරේදී ඉදිරිපත් කළ දේශීය ආදායම් පනතේ පිටු 44න් විවිධ ක්‍ෂේත්‍ර සඳහා බදු සහන දුන්නා. මේ රජය ඉදිරිපත් කළ නව දේශීය ආදායම් පනතින් ඒ බදු සහන දෙන ක්‍ෂේත්‍ර පිටු දෙකකට පමණක් සීමා කරලා. එය දුෂ්ඨ වැඬේ නිසා බොහෝ ක්‍ෂේත්‍රවල නියුතු පිරිස් විවිධාකාර අර්බුදවලට මුහුණදී සිටිනවා.

විවිධ ක්‍ෂේත්‍ර සඳහා බදු සහන දෙන්න ජනාධිපතිවරයාට අවශ්‍යව තිබුණත් ඒක කරන්න එතුමට බැහැ. කලානිර්මාණ හා ග්‍රන්ථ කතුවරුන් සහ තවත්  පනවා තිබූ බදු ඉවත්කරන බවට ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළා. නමුත් ජනාධිපතිවරයාගේ ඒ නියෝගය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නියෝග ක්‍රියාත්මක කිරීමට නම් මේ නව දේශීය ආදායම් පනත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ඕන.

වත්මන් බදු ප්‍රතිපත්ති නිසා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ සියලුම සේවකයන් අසරණ වෙලා. ඔවුන්ට මේ බදුබර දරාගන්න බැහැ. වෘත්තිකයන් විඳින මේ අසරණ බව දන්නා නිසාම තම රජයක් යටතේ සියලුම වෘත්තිකයන්ට බදු සහන දෙන බවට මහින්ද රාජපක්‍ෂ මහතා දැනටම ප්‍රතිඥා දී තිබෙනවා.

ණය අරගෙන ලෝක වාර්තාවක් තැබූ මහින්ද රාජපක්‍ෂ තමන් බලයට ආ පසු ණය අඩුකරන ආකාරය පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු බවට අගමැතිවරයා ප්‍රකාශ කර තිබුණා. අගමැතිවරයාගේ ඒ ප්‍රකාශයට මම අද පිළිතුරු දෙනවා. මහින්ද රාජපක්‍ෂ රට භාර ගන්නා විට සුනාමි ව්‍යසනය, ත්‍රස්තවාදී යුද්ධය, ණය අර්බුදය, ලෝක ඛනිජ තෙල් අර්බුදය, ලෝක මූල්‍ය අර්බුදය, ලෝක ආහාර අර්බුදය වැනි අර්බුද හතකට මුහුණ දුන්නා.  ඒ කාලයේදී අපේ රටේ නොපියවූ ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන දෙකයි. මේ අර්බුද ටික විසඳන්න රජයට අසීමිත මුදලක් අවශ්‍ය වුණා. මහින්ද රාජපක්‍ෂ රජය ත්‍රස්තවාදී යුද්ධය අවසන් කරමින් සංවර්ධනයට අවශ්‍ය මුදල් හොයාගනිමින් රටේ මතුවී තිබූ අනෙකුත් ප්‍රශ්නත් විසඳුවා.

එතුමා 2014දී නැවැත රට භාරදෙන විට රටේ නොපියවූ සමස්ත ණය රුපියල් ටි්‍රලියන 7 දක්වා වැඩිවෙලා තිබුණා. ඒ අනුව මහින්ද රාජපක්‍ෂගේ දශකයක පාලන කාලයේදී අපේ රටේ නොපියවූ ණය ප්‍රමාණය වැඩිවුණේ රුපියල් ට්‍රිලියන 5ක් පමණයි. නමුත් ගතවූ වසර තුනේදී රටේ නොපියවූ ණය රුපියල් ට්‍රිලියන 11 දක්වා වැඩිවෙලා. එනම් මේ අවුරුදු තුනට වර්තමාන රජය රුපියල් ටි්‍රලියන 7ක් ණය අරගෙන. රුපියල අවප්‍රමාණය වීම නිසා 2015 වසරේදී පමණක් ණය බර රුපියල් බිලියන 285න් වැඩි වෙලා.

රටේ සංවර්ධන උච්චතම අවස්ථාවේදී මෙම රජය 2015 දී බලයට පත්වෙනවා. ලංකාවේ කිසිම රජයකට නොලැබුණ ආර්ථිකමය වශයෙන් ස්වර්ණමය අවස්ථාවක් වත්මන් රජයට ලැබුණා. එනම් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල පහළ වැටීමයි. ඒක අපි කවුරුවත් බලාපොරොත්තුවූ දෙයක් නෙමෙයි. ඒ නිසා මෙම වසර තුන තුළ ඉන්ධන ආනයනයට වියදම්වූ ඇමරිකානු ඩොලර් බිලියන 5.1 මුදලක් රටේ ඉතුරු වුණා. ඒ මුදල නිසිලෙස කළමනාකරණය කර ගත්තා නම් රටේ සම්පත් විකිණීමට හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් වැඩි පොළියට ණය ගන්න වෙන්නේ නැහැ. 

ඒ අනුව ණය ගැනීමෙන් ලෝක වාර්තා පිහිටවූයේ වත්මන් අගමැතිවරයා මිස මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා නොවන බව ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා. මිහිඳු හිමියන් මෙරටට වැඩම කළායින් පසුව ජනතාව මත වැඩිම බදුබරක් පැටවූ ආණ්ඩුව ලෙස මෙම රජය ලෝක වාර්තාවක් තබා තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මෙසේ පැවසීය.

2014 වසර වනවිට රටේ ණය රුපියල් බිලියන 7300යි. නමුත් ගතවූ වසර තුනේදී ණය බර රුපියල් බිලියන 10,000 ක් දක්වා වැඩිවුණා. රටේ වත්මන් ණය පිළිබඳව රජයේ ප්‍රකාශන සියල්ලම සම්පූර්ණයෙන්ම අසත්‍ය බව රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් වෙනවා. රජයේ මූල්‍ය කළමනාකරණය කෙසේ වෙනවා ද විගණන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් වටහා ගන්න පුළුවන්කමක් ලැබෙනවා.

  මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කරලත් 2014 වනවිට රටේ ණයබර රුපියල් බිලියන 598ක් දක්වා වැඩිවෙලා තිබුණා. නමුත් මෙම රජය පසුගිය මාසයට පමණක් රුපියල් බිලියන 800ක ණය අරගෙන. ඒවයින් කළ කී දෑ මොනවාදැයි කියන්න අපි නෙවෙයි මේ රජයවත් දන්නේ නැහැ. රටේ ව්‍යාපාර දවස ගානේ වැහෙනවා. ටැක්සි මීටරය වගේ රුපියල අවප්‍රමාණය වෙනවා. බදු අඩුකිරීම වැනි නිර්භීත ක්‍රියාවකට යොමු නොවීමෙන් ආර්ථික වර්ධනය කරන්න බැහැ. බැංකු හා මූල්‍ය ආයතන ඉතාම අවදානම් තැනකට වැටිලා. අද රට ඉතාම දරුණු තැනකට වැටිලා. මේ තත්ත්වයෙන් රට මුදවා ගත්තේ නැත්නම් නුදුරේදීම ජනතාවට මුහුදට පනින්න වේවි.  
මහින්ද රාජපක්‍ෂ රජය සංවර්ධන කටයුතුවලදී දේශීය වෘත්තිකයන්ට, දේශීය ආයෝජකයන්ට, දේශීය ව්‍යාපාරීකයන්ට මූලිකත්වය දුන්නා. සංවර්ධන කාර්යයේදී මහා විශාල ආර්ථික සංකල්ප වෙනුවට එතුමා ඉතාම සරල ආර්ථික සංකල්ප ක්‍රියාත්මක කළා. ඒ නිසා රටට නව ව්‍යාපාරික ක්‍ෂේත්‍රයන් බිහිවුණා. නමුත් ඒ ක්‍රමය නිසා විදේශිකයන්ට තමන්ට අවශ්‍ය ආකාරයට මේ රට තුළ ක්‍රියාත්මක වෙන්න බැරි වුණා.

තම රජයක් යටතේ සියලුම බදු වර්ග සියයට 20න් අඩුකරන බවට මහින්ද රාජපක්‍ෂ කළ ප්‍රකාශයට ආණ්ඩුව කලබල වෙලා. ආර්ථිකය දියුණු කරන්න නම් පළමුව ඒ ගැන විශ්වාසය තැබිය යුතුයි. ඒ විශ්වාසය නොතබන තාක්කල් මෙරට ආර්ථිකය දියුණු කරන්න බැහැ. ආණ්ඩුවේ සුරංගනා කතාවලට ආයෝජකයන් රැවටෙන්න නැහැ. මේ ගමන තවදුරටත් යන්න බැහැ. ඒ නිසා රටෙහි වෙනසක් කරන්න අපිම මැදිහත් විය යුතුයි.

ජාතික විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ හිටපු සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා මෙසේ පැවැසීය.

අපිට වඩා බොහොම පහළින් සිටි රටවල් මේ වනවිට අපිව පසුකර බොහෝ දුර ගිහිල්ලා. නමුත් නිදහස ලබා වසර හැත්තෑවක් ගත වුණත් තවමත් දියුණුවෙමින් පවතින රටක් ලෙස අපිව හඳුන්වනවා. තිස් අවුරුදු යුද්ධය, ස්ථීර දේශපාලන ප්‍රතිපත්තියක් හා ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම වැනි කරුණු මේ තත්ත්වයට හේතුවුණා. නමුත් 2009 දී ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුම්දී 2014 වනවිට අපේ රට යම් ස්ථාවර මට්ටමකට පත්ව තිබුණා. මෙරට ආර්ථික සංවර්ධනය චීනයට පමණක් දෙවැනි වුණා. කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණුවන නගරය බවට පත්වුණා. නමුත් 2015 වසරේදී සිදුවූ බලපෙරලියත් සමඟ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.

අද රටේ පැහැදිලි ආර්ථික අර්බුදයක් තිබෙනවා. ඊට අමතරව දිනපතාම මංකොල්ලකෑම්, මනුෂ්‍ය ඝාතන සිදුවෙනවා. මේ අර්බුද නිර්මාණය වුණේ කොහොමද? බලයට පත්වනවිට මේ රජයට ස්ථීර ආර්ථික ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. අදත් එවැනි ප්‍රතිපත්තියක් නැහැ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආර්ථික මතවාද දෙකක් දරන පක්‍ෂ දෙකක් එකට එකතුවී රට පාලනය කිරීම නිසා අවුල්ජාලාවක් නිර්මාණය වෙලා.

 එක්සත් ජාතික පක්‍ෂය රට පාලනය කරනවා නම් ආර්ථිකය ශීඝ්‍රයෙන් දියුණුවන බවට සමාජයේ මතයක් තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම මිත්‍යාවක් බව හිටපු මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කළ අයවැය ලේඛන අධ්‍යයනය කිරීමේදී තේරෙනවා. ඒවා අන්තිම අසාර්ථකයි. ඒ අයවැය ලේඛන අන්තිම අසාර්ථකයි. බදුපිට බදු පටවමින් ව්‍යාපාරික ප්‍රජාව භීතියට පත්කිරීම මිස ඒවායේ කිසිම දැක්මක් නැහැ.

මේ රටේ ණය ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ආර්ථික අර්බුදයක් තිබුණෙත් නැහැ. නමුත් මේ ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ගැන කියමින් දුර්මතයක් සමාජයේ පතුරවනවා. මේ නිසා දේශීය හා විදේශීය ආයෝජකයන් තමන්ගේ ආයෝජන ඉවත් කර ගනිමින් රටින් පිටවී යනවා. දූෂණය හා වංචාව නැතිකරන්න බලයට පත්වූ වත්මන් රජය මහ බැංකු වංචාව සිදුකරමින් අපේ රටේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සිදු කළා. ඒ වංචාව සමාජයට හා ආර්ථිකයට දරුණු පහරක් එල්ල වුණා. මේ වංචාවෙන් සිදුවූ බලපෑම වසර තිහක් යනතුරු මෙරට ආර්ථිකයට බලපෑම් කරනවා.

මල නොතලා රොන් ගන්නවා වාගේ පාලකයන් ජනතාවගෙන් බදු අයකළ යුතුයි. නමුත් මෙම රජයේ බදු ප්‍රතිපත්තිය නිසා ජනතාව අන්ත අසරණවෙලා. මේ ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක වුණොත් ජනතාව බදුබරින් මිරිකීම වැළැක්විය නොහැකි යැයිද කීය.
ලංකා බැංකුවේ හිටපු සභාපති ආචාර්ය උදය ශ්‍රී කාරියවසම් මහතාද කතා කළේය.



අදහස් (6)

අද ජනතාවට නැගිටින්න බැරිවෙන්න බදු ගහලා දැන් අගමැති විකාර කියවනවා

Shan Monday, 11 June 2018 06:12 AM

නිකම් විකාර කතා කියල අපේ බුද්ධියට නිගා කරන්නේ නැතුවඉන්න. කොච්චර ණය වෙලාද? වාරික කොච්චර ගෙවන්න තියෙනවද කියලා සාමාන්‍ය අවබෝදයක් අපිට තියෙනවා. එක නිසා ගැලරි කතා නවත්තලා ජනතාවට සේවයක් කරන්න බලන්න.

:       0       118

BamunuarachchiMonday, 11 June 2018 07:38 AM

ඔහෙලට නිගා කරන්න තරම් බුද්දියක් තිබෙනවාද? ඔය 62 ට බුද්ධියක් තිබෙනවා නම් එ්කත් බුද්ධිය තිබෙන අයට නිගාවක්. පසුගිය ආණඩුව සිටිය කාලෙට අවුරුද්දකට මහා ව්‍යාපෘති එක ගානෙ කරලා තිබෙනවා. කරපු ලොකුම ව්‍යාපෘතිය තමයි යුද්ධය. ඒවා කලේ 2005 රනිල් ඉතුරුකර ගිය සල්ලි වලින් නොවෙයි ලෝකෙට ණයවෙලා. එ්ක තේරුම් ගන්න බැරි මිනිස්සු බුද්ධිය ගැන කතා කරනවා. වාඩිවෙනකොට බුද්ධිය තැලෙයි.

:       343       97

Chandra Monday, 11 June 2018 09:41 AM

බමුණුආරච්චි මයාගේ බුද්දිය තියෙන තැන හරි වෙනස් අනික් අයට වඩා. ඔබ වාඩි වෙනකොට එහෙම තැලෙනවද ? ආ තැලිච්ච නිසා තමයි වෙනස් විදියක්.

:       21       302

Saththaya Monday, 11 June 2018 09:46 AM

ඉස්සෙල්ලාම, ගත් ණය වලින් ලෝක කොමිස් වාර්තාවක් තියා ඇත්තේ කව්දැයි කියා සෙව්වොත් හොදයි මන් හිතන්නේ.

:       14       409

KANDEPOLA Monday, 11 June 2018 10:00 AM

2009 යුද්ධය නිමා වීමෙන් පසුව 2014 වන විට මේ රටේ තිබු තත්වය අපිට හොඳට මතකයි. ජනතාවට ලබා දීලා තිබුන සහනයේ තරම කොච්චරද කියනවනම් ජනතාව හිටපු ජනාධිපතිව ගෙදර ඇරලයි පස්ස බැලුවේ. ඒ තරම් සහන දීල තිබුනා. 117 ට දෙන්න පුළුවන් පෙට්‍රල් ලීටරේ දුන්නේ 160 ට. එකෙන්ම පේනවා සහනේ තරම. දැන් ආයේ ආවත් කරන්නේ ඔය ටිකම තමයි.

:       0       54

BamunuarachchiFriday, 15 June 2018 05:11 PM

දැන් කොච්චර සහන තිබෙනවාද නේද අනේ? කොම්පනිවලින් මිලියන ගන්නේ බෙදන්නේ. හලෝ ඔහෙටත් ලැබුනාද? ඊයේ ඉපදුන ඔබ ගිය ආණ්ඩුව ගැන කතාකොරන්නේ මොනවා දනගෙනද?

:       227       21

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5562 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 655 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1996 33

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3692 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1561 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4690 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 156 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 320 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 990 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site