IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


අද බාල්දු වීමේ තරගයක් තියෙනවා - පා.ම.නාමල් රාජපක්ෂ

අනීෂා මානගේ

ජනාධිපතිට වඩා රනිල් වික්‍රමසිංහ මහතා බාල්දු වීමටත් ඔහුට වඩා රුපියල බාල්දු වීමටත් මේ තිදෙනාටම වඩා පොලිස්පති බාල්දු වීමත් සිදුවන බව හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා මෙසේ පැවසූවේ අද(13) බෙලිඅත්ත ප්‍රදේශයේදී පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

අද බාල්දු වීමේ තරඟයක් තියෙනවා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වඩා බලනවා රනිල් වික්‍රමසිංහ මහත්තය බාල්දු වෙන්න. එයාට වඩා බලනවා සිරිසේන මහත්තය බාල්දු වෙන්න. මේ දෙන්නටම වඩා බාල්දු වෙනවා රුපියල. තුන් දෙනා තුන් පැත්තේ ඉදන් බාල්දු වෙනවා. පොලිස්පති බැලුවා මේක හරියන්නේ නැහැ මාත් ගේමට සෙට් වෙන්න ඕන කියලා. එයා පොලිසියම බාල්දු කලා. රුපියලට එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා. මෛත්‍රීපාල මහත්තයට එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා. වික්‍රමසිංහ මහත්තයටත් එහා ගිහිල්ලා පොලිසිය බාල්දු කෙරුවා.

දැන් පොලිසිය මොකක්ද කරන්නේ. එක පැත්තකින් කොන්ත්‍රාත්තුව ගන්නවා ජනාධිපතිවරයා මරන්න.

අගුණකොළපැලැස්සේ රැස්වීමට මම ගියා කියලා මාත් එක්ක ගිය කෙනෙක් වතුර බෝතලයක් මම අරන් ගියා කියලා ඒ වතුර බෝතලේ ඇතුලේ තුවක්කුවක් තිබුණා, මෛත්‍රීපාල මහත්තය මරන්න තමයි නාමල් මහත්තය ආවේ කියල ඒ මනුස්සයව අරන් ගිහින් හිරේ දැම්මා. මාව පැය අටක් ප්‍රශ්න කෙරෙව්වා සීඅයිඩී එකේ තියාගෙන.



අදහස් (10)

අද බාල්දු වීමේ තරගයක් තියෙනවා - පා.ම.නාමල් රාජපක්ෂ

sameera Saturday, 13 October 2018 01:35 PM

ජනබලය කොළඹ ගිහින් ආණ්ඩුව අරන් ආපු එක කොහොමද?

:       40       454

alfaThursday, 18 October 2018 08:00 AM

පච වෙන්නම බාල්දු උනා නේද.?

:       36       56

V.warnakulasuriyaFriday, 19 October 2018 02:30 PM

තාම පොඩි එකානේ. රුපියල වගේම බාල්දු කරන්න එපා.

:       6       31

Saththaya Saturday, 13 October 2018 02:35 PM

තමන්ගේ පැවැත්ම වෙනුවෙන් මුළු රටම බාල්දු කලේ කව්ද දන්නේ නැහැ...

:       44       714

Chanak Los angeles Saturday, 13 October 2018 04:47 PM

රටේම වටිනා ඉඩකඩම් ගන්න මල්ටි මිලියන් ව්‍යාපාර අරඹන්න ප්‍රාග්ධනය හොයාගත්තේ කොහොමද කියලා අහන ප්‍රශ්නයට පිළිතුරු කෝ?

:       0       211

WELIWERIYE DIL Sunday, 14 October 2018 04:46 AM

බාල්දු වෙලා ගොඩක් කල් ..............

:       0       122

ලක්ෂ්මන් Sunday, 14 October 2018 11:35 AM

මන්ත්‍රීතුමා රුපියල බාල්දුවෙන්නේ අපේ රටට ආදායම් අඩුනිසා... රටතුල වවාගන්න පුළුවන් මිරිස්, ලූනු, අල, මුංඇට, කව්පි, පොල්, එලවලු වැනිදේ පිටරටින් ගෙන්වමින් අපනයන ඇති නොකර බාල්දුව නැතිකරන්න බැහැ. ඔබත් දැන් වසර 5කට වඩා දියවන්නාවේ කියෙව්වනේ... ඔබ ආනයනය කරගත් දේවලට සරිලන සේ අපනයනයට නිෂ්පාදනය කලේ මොනවාද?

:       52       193

senevi Sunday, 21 October 2018 01:53 AM

මන්ත්‍රීතුමා ඔබලාගේ කරුමවල ප්‍රතිඵල සහ මෙතුමන්ගේ කෙරුම්වල ප්‍රතිඵල තමයි. ඉදිරියටත් මේ කෙරුවාව හැර වෙන දෙයක් ඔබ තුමන්ලට නැහැ. මොකද ඔබලාගේ කීමට නිවට නියාලුව අවනත ජනතාවක් ඉන්න බව දන්න නිසා

:       0       53

lalith Monday, 29 October 2018 01:55 PM

ඔයා නම් මේ වෙලාවේ එලියට එන එක එතරම් සුදුසු නැහැ.

:       0       0

neil Sunday, 04 November 2018 11:48 AM

ඒ' ඔක්කොටම වඩා ඔබේ තාත්තා නම් බාල්දු වීමත් සිදුවන බව පේනවා..

:       0       43

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1478 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3041 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1419 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4434 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1323 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site