(කන්තලේ - කේ.ඩී. විජේපාල)
මේ වස විෂ නැති ගොවිතැන පාරමිතාවක්. අද මේ ගමනේ ප්‍රතිඵල නෙළාගෙන එන අවස්ථාව, දැන් මොකද වෙන්නේ මේ දුෂ්කර ගමන මේ පැළ කරගත් බීජය, දුෂ්කරව හදාගත්තු දරුවා සම්පූර්ණයෙන් මරලා දාන්න මේ ආණ්ඩුව තීරණය කරලා තියෙනවා.
මේ තීන්දුව ආවාම මගේ ඇස්දෙකට කඳුළු ආවා. අපි මොකටද? මේ රටේ ජීවත්වෙන්නේ කියලා හිතුණා.
කිසිකෙනෙකුගේ හයියක් නැතුව අපි පෙන්නුවා මේ වැඬේ කරන්න පුළුවන් කියලා. අපට අද ඉතුරුවෙලා තියෙන්නේ
මහජනතාව අතරට යන එක විතරයි යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ඉකුත්දා පැවසූහ.
උන්වහන්සේ මෙම අදහස් පළකළේ කන්තලේ 84 බීජ ගොවිපළේ ඉකුත්දා (18) පැවැති වස විෂ නැති ගොවි සමුළුව
අමතමිනි.
වස විෂ නැති ගොවි ව්‍යාපෘතියේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් අධ්යක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ මහතා මෙම ගොවි සමුළුව සංවිධානය කර තිබුණි. අමාත්‍ය එස්.බී දිසානායක මහතා මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.
මේ වනවිට ත්රිකුණාල දිස්ත්‍රික්කයේ අක්කර 6000ක පමණ වස විෂවලින් තොරව වී ගොවිතැන් කටයුතු සිදු කර ඇත.
කන්තලේ සෝමරත්න ගොවි මහතාගේ කුඹුරේ වගා කරන ලද වස විෂ යොදා නැති වී වගාවේ අස්වනු නෙළීම ද මෙම ගොවි සමුළුවට සමගාමීව සිදු කෙරිණි. උත්සවයේදී තවදුරටත් අදහස් දැක්වූ රතන හිමියෝ මෙසේද පැවැසීය.
අද අපේ ජනපතිතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ මැදිරිගියේ සියයට 18ක් වකුගඩු රෝගීන් මරණයට දින ගනිනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය මැදවච්චිය වගේ ප්‍රදේශ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල වගේ ප්‍රදේශවල වකුගඩු රෝගය දරුණු ලෙස පැතිරිලා. 2013 වනවිට වකුගඩු රෝගීන් ලක්ෂ තුනයි හිටියේ. ඒත් අද. මේ වකුගඩු රෝගීන්ගේ කතාව ඛේදවාචකයක්. මේ රටේ විශේෂඥයින් රාජ්‍ය නිලධාරීන් එකතු කරගෙන අපි ගමනක්ආවා. විද්‍යාඥයින් මේ ගැන කතා කරනවා. මුළු ලෝකෙන්ම අපිට කීර්තියක් ආවා. යුරෝපා සංගමය මාස
ගණනාවක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
අද සමහර මාධ්‍ය අයිතිකාරයන් ඉන්නවා මට විරුද්ධව වීඩියෝ හදනවා. මගේ කෘෂිකර්ම උපාධි ගැන විමසනවා. මට කෘෂිකර්ම උපාධියක් තියෙන්නට ඕනෑ නැහැ ගොවිතැන ගැන උනන්දු වෙන්ට. ගොවියෝ ගොවිතැන් කරන්නේ උපාධි තියාගෙනද? මගේ හෘද සාක්ෂිය තමයි මම මෙතැන්ට ඇද ගෙන ආවේ.
අද ආණ්ඩු මාරු කරන්ට තරම් ධනය තියෙන කෝටිපතීන් ඉන්නවා. මේ තහනම් කෘමිනාශක ගෙනල්ලා විකුණගන්නට බැරිව. ඒ ගොල්ලෝ ජනාධිපතිට බලපෑම් කරනවා. ඇමැතිවරුන්ට බලපෑම් කරනවා.
අද අපිට පුළුවන් වෙලා තියෙනවා වස විෂ නැතිව කරපු මේ ගොවිතැන ගැන ලෝකයට පණිවිඩයක් දෙන්න. තුන්දහසකට අධික ගොවි පිරිසක් අද ඉන්නව වස විෂ නැති ගොවිතැන ගැන පුහුණුව ලබලා. අද මේ ගොවීන් මෙතැන්ට ඇවිල්ලා තියෙන්නේ පණිවිඩයක් රැගෙන යන්ට.
අවාසනාවකට වාගේ අද පණිවිඩයක් ගන්නවා මේ රජය පරාද වුණේ ‘ග්ලයිෆොසෙට්’ තහනම් කළ නිසා කියලා. තවත් මතයක් සමාජගත කරනවා තේ වතුවලට ග්ලයිෆොසෙට් ගැහුවාම මෙහේ අයට වකුගඩු රෝගය හැදෙන්නේ නැහැ කියලා.
තේ වතුවලට ගහන විෂ රසායනික ද්‍රව්‍ය මහවැලි ගඟට මුසු වෙලා පවතින්නේ රජරට ප්‍රදේශවල වැව් ජලයෙනි. 2015 පිළිකා රෝගීන් 5000යි. අද පහළොස් දහසයි. දියවැඩියාව වසංගතයක් බවට පත්වෙලා. වන්ද්‍යා භාවය, ගබ්සා වීම අද දරුණු ලෙස පැතිරිලා.
අමාත්‍ය එස්.බී. දිසානායක මහතා මෙසේ කීය.
අපේ රතන හාමුදුරුවෝ මේ වස විෂ නැති ගොවිතැන් කටයුතු පටන් ගන්න පෙරමුණ ගන්න අවස්ථාවේ අපහාසයෙන් උපහාසයෙන් හිනාවුණු කෙනෙක් තමයි මම. එහෙම වුණේ අපේ පරීක්ෂකයින්, විද්‍යාඥයින් ගැන විශ්වාසය තැබූ
කෙනෙක් නිසයි. කෘෂිකර්ම ඇමැති විදිහට මම වසර 3ක් සේවය කළා. එදා අපේ ආයතනයේ වස විෂ නැති වගාවන්
පිළිබඳව මතයක් ගොඩ නැගූ පිරිසක් හිටියා. ඒ වාගේම විද්‍යාඥයින් පිරිසක් හිටියා ඒ මතය බැහැර කළ මම හිටියේ ඒ
ගොඬේ. එදා රතන හාමුදුරුවෝ කිව්ව දේ පිළිගත්තු ගොවීන් පිරිසක් තමයි මේ ඉන්නේ. එදා අපේ අතින් පරිසරය, ජලය, වාතය අපිරිසුදු වුණේ නැහැ.
අපි මිත්රශීලීව කටයුතු කළා. හැබැයි ලෝකය වෙනස් වනවිට අපේ අවශ්‍යතාව වෙසන් වනවිට අපි අපේ පරිසරය සමඟ ගැටෙන්න පටන් ගත්තා. අපේ ආහාර අවශ්‍යතාව වැඩි කරගන්න විවිධ උපක්‍රම භාවිතා කළා. අලුත් අලුත් බීජ වර්ග හඳුන්වා දුන්නා. කෘෂි රසායන ද්‍රව්‍ය යොදන්න පෙළඹුණා. මේ තත්ත්වය දැන්ම නතර කරගත්තේ නැත්නම්අ පේ දරුවන්ට ජීවත් වෙන්න නොහැකි පරිසරයක් උරුම වෙනවා.
හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රියන්ත පතිරණ සූරියපුර ගොවි සංවිධානයේ සභාපති තක්ෂිල, ආචාර්ය අශෝක රංවල යන මහත්වරුන් ද සභාව ඇමතූහ.
වස විෂ නැති ගොයම් වගාවක කොටසක්හා රසායනික ද්‍රව්‍ය යෙදූ ගොයම් වගාවක කොටසක් උත්සව සභාව ඉදිරියේ පාගා වී අස්වැන්න වැඩියෙන් කාබනික පොහොර යෙදූ වී වගාවේ ඇති බව ගොවීන්ට පහදා දීමටද සංවිධායක මණ්ලය කටයුතු යොදා තිබීම විශේෂයෙන් කැපී පෙනුණි.
මෙම අවස්ථාව සාර්ථක කරගැනීමට සිවිල් ආරක්ෂක බළකායේ සාමාජික සාමාජිකාවන්ගෙන් සිදුවූ සේවාව හා කැපවීම විශේෂයෙන් කැපී පෙනුණි. මෙම අවස්ථාවට කන්තලේ ප්‍රාදේශීය ලේකම් කේ.පී. ප්‍රේමදාස, සිවිල් ආරක්ෂක කලාප අණදෙන නිලධාරී කර්නල් මහින්ද වීරකෝන්, දෙවන අණදෙන නිලධාරී උප පොලිස් පරීක්ෂක රංජිත් පෙරේරා, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දයා චමින්ද ඇතුළු පිරිසක් එක්වූහ.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අමාරුවෙන් හදාගත් දරුවා මරාදාන්න ආණ්ඩුව තීරණය කරලා
siri Thursday, 22 March 2018 08:34 AM
අවසරයි හාමුදුරුවනේ, අර මොකක්ද අමාරුවට කොට්ට මාරු කලා කියලා වැඩක් නැහැ නේද?
ධනුෂ්ක Thursday, 22 March 2018 02:37 PM
අපේ හාමුදුරුවනේ හැරිසන් අැමතිතුමා කියනවා. "ජනතාව මැරුනත් කමක් නෑ ජනතාව ඉල්ලන්නේ වස විසනම් අාණ්ඩුවක් විදියට අපි එ් ඉල්ලීම ලබා දෙනවා."කියලා. එතකොට හාමුදුරුවනේ එතන මිනිස්සු අත්පොලසන් දෙනවා. එතනින් මම තේරුම් ගත්තා මේ රටේ ඉන්නේ 90%ක් විතර අලි මෝඩයෝ කියලා. උගත්කම තිබ්බට වැඩක් නෑ බුද්ධියක් නෑ. බුද්ධිය තිබුනට වැඩක් නෑ උගත්කම නෑ. රට හදන්න බැරි දේශපාලකයෝ නිසා නොවේ මේ නිසා.
dd Friday, 23 March 2018 11:09 PM
දේශපාලනය මොක උනත්, මමත් පිලිගන්නවා ඔබ වහන්සේ සහ SB ඇමති තුමා කියන ඒවාට. මම ඉන්නේ ලංකාවේ නොවේ. එත් මස තුනක් තුන හමාරක් විතර 2017 මම ලංකාවේ හිටිය කලේ මට දැනුන එකක තමයි අපේ රටේ ය කොච්චර කෙමිකල් කනවද කියල. ඉතින් ඔය සටහනට දේශපාලන පසුබිමෙන් තොරව සහය දෙන්න මම කැමතියි.
Rohana Saturday, 24 March 2018 03:06 AM
අපේ හාමුදුරුවෝ කවදත් දිනුම් පැත්තේ. බුදුසසුන බැබලේවා!
dhamseth Saturday, 24 March 2018 05:33 AM
වස විස නැති ආහාර තමයි අවශ්‍ය වෙන්නේ. හාමුදුරුවරු දේශපාලනයට ගැනීම,.. බෞද්ධයින් වන අප අනුමත කරන්නේ නැත. එනිසා කිසිම දේශපාලන පක්ෂයක් මේ හමුදුරුවරුන්ව ජාතික ලැයිස්තුවෙන් නම් ගන්න එපා. අනික මේ හාමුදුරුවන්ට අවුරුදු තුනයි උපරිම... එක පක්ෂයක ඉන්න පුළුවන්...
JAYASEKARA Saturday, 24 March 2018 12:00 PM
ධනුෂ්කට මම එකඟයි...
Thusitha rathnayake Saturday, 24 March 2018 02:54 PM
හරක් රැළක් ඉන්න රටක් හාමුදුරුවනේ... මේ අයට කියලා වැඩක් නැහැ. ජාතියටම කෙළ වෙනකම් ඔය කියන හාල්පාරු සෙට් එක දියවන්නාවේ ඉඳියි. ඒත් අහිංසක මිනිසුන්ට තමයි වහ කන්න වෙලා තියෙන්නේ. තේරුමක් නැති මොලයෙන් කල්පනා කරන්න බැරි මිනිසුනේ... ඔය කරන්න යන වැඩේට විරුද්ධ වෙන්නේ... මොකද මමත් ගොවියෙකුගේ පුතෙක්.
Asaranaya Monday, 26 March 2018 12:41 AM
Ekkenekuta like 100k unath danna puluwan comment eka mathrukawata andala naha
Thilina Monday, 26 March 2018 08:13 AM
රතන අපේ හාමුදුරුවනේ, 7 වැනි ඡේදයේ කොටසක් උපුටා ගැනීමක් "2013 වනවිට වකුගඩු රෝගීන් ලක්ෂ තුනයි හිටියේ. ඒත් අද. මේ වකුගඩු රෝගීන්ගේ කතාව ඛේදවාචකයක්." එහෙමයි අපේ හාමුදුරුවනේ! එතකොට ඔබ වහන්සේ පටන් ගත්තු වකුගඩු ව්‍යාපෘතිය දැන් කොහේ හරි හිර වෙලාද? අස්සක ගහලද? නැත්නම් බලාපොරොත්තු වූ ධනාත්මක උත්තේජනය පහළ ගිහිල්ලද?