IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්

 (දයාරත්න ඇඹෝගම)

රටපුරා පවතින අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබාදිම සදහා ජාතික ඉඩම් පරිහරන සැලස්මක්  ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක ,විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනුරාධපුර නගරයේ මහජන ක්‍රිඩාංගනයේ ඊයේ(16)දින පැවති ජන හමුවකදි සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසිය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසිය.

“අලි මිනිස් ගැටුමට විසදුමක් අනිවාර්යෙන්ම අපි ලබා දෙනවා.   කරන්ට් වැට සාර්ථක කරන්නට පරිසරවේදියෙක්  හැටියට මටත් අවබෝධයක් තිබෙනවා.  ප්‍ර‍ඡා කේන්ද්‍රිය වනජිවි සංරක්ෂණයට  යොමු වෙලා වන සම්පත් හිසරදයක් නොව, මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා.

මොරගහකන්දෙන් ඒරුවල ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි මේ දිස්ත්‍රික්කයේ  ක්‍රියාත්මක වුනේ නැති සුළු, මධ්‍ය, වාරි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා.අනිවාර්යෙන්ම වාරි පුනරුත්ථාපන  වැඩසටහනකට  අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත්  ඇතුළු වාරි සංස්කෘතියම පුනරුත්ථාපනය කරනවා.

 වාරි කර්මාන්තය අපි ගොඩනගනවා. පොස්පේට් නිධිය අපේ රටේ  අයිතිය තියා ගෙන නව තාක්ෂණය  උපයෝගි කර ගෙන ඒක දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට  ප්‍ර‍තිලාභ ලබා දෙන  දැවැන්ත සම්පතක් විදිහට අපි ඒක දියුණු කරනවා.”

“  ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉගුරු වගාවේ යෙදි සිටින ගොවියා අද අනාථවෙලා.  බඩඉරිගු පිටරටින් ගෙන්වන යුගය නතර කරලා බඩ ඉගිරැවලින් රට ස්වයන්පෝෂිත කිරිමේ වැඩ සටහන අනුරාධපුරය ඇතුළු සියලු දිස්ත්‍රික්ක හරහා අපි ක්‍රියාත්මක කරනවා.   දැන් අනුර දිසානායක ඩීල් දාලා තියෙන්නේ.   පුදුම මනුස්සයෙක් එක්ක.  අනුර  ඩිල් දාලා තියෙන්නේ බඩඉරිගු අස්වැන්න හරියට නෙලනකොට  පිටරටින් බඩඉරිගු ගෙන්වන රනිල් වික්‍ර‍මසිංහ එක්ක. ඕක රනිල් වික්‍ර‍මසිංහ ඔය අපරාධය   ඌව බදුල්ල අර්ථාපල් ගොවියාටත් කලා. දඹුල්ලේ ලුණු ගොවියාටත් කරනවා.”

“   ඒ ගොල්ලන්ට හැගිමක් නැහැ. ඒ ගොල්ලන්ට ඔනේ  මාව පරද්දන්න.   හැබැයි මම එකක් කියන්නම් මේ රටේ ඡනතාව තින්දු කරලා ඉවරයි ලක්ෂ  220 සලකන පොදු ඡන යුගයකට හයිය ලබා දෙන්න. ඒ තින්දුව  අරන් ඉවරයි.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශ 22 හිම  ඡාත්‍යන්තර තලයේ තරුණ සංවර්ධන මධ්‍යස්ථාන ගොඩ නගලා  යෞවන, යෞවනියන්ගේ අධ්‍යාපන, රුකියා අයිතිය තහවුරු කරලා විශේෂයෙන්ම දැණුම කේන්ද්‍රිය ආර්ථිකය අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොඩනගන්නට කැප වෙනවා.”

“  ඒවගේම මේ දිස්ත්‍රික්කයේ තිබෙන පාසැල් 562 ම ස්මාර්ට්  පාසැල් බවට දියුණු කරනවා.  මේ දිස්ත්‍රික්කයේ තිබෙන හැම රෝහලක්ම ස්මාට් රෝහලක් බවට  පත් කරනවා.ගොවි ඡනතාව වෙනුවෙන්  කිලෝ 50 පොහොර මිටිය  අපි පන්දාහට ලබා දෙනවා. වගා ණය කපා හරිනවා. ගොවියාට. ධිවරයාට, ත්‍රිරෝධ රථ හිමියාට, පාසැල් බස් රථ සේවයේ සිටින අයට  ශක්ති සහල් මෝල් හිමියන්ට, ඉන්ධන සහනාධාරය  ලබා දෙනවා.

අපි ඒක ලබා දෙන්නේ කිව්.ආර්. කෝඩ් ක්‍ර‍මයට.   සැබවින්ම දෙන්නේ ගොවියන්ට, ධිවරයන්ට, ත්‍රිවිල් හිමියන්ට , පාසැල් බස් රථ සේවාව, කුඩා මධ්‍ය පරිමාන  මෝල් හිමියන්ට පමණයි. ඒකයි කිව්. ආර්. කෝඩ් එකක් යොදවන්නේ.”

“මේ ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට ශක්තියක් වන ආකාරයට දියුණු කරනවා. මොරගහ කන්දෙන් ඒරුවල ව්‍යාපෘතිය  ක්‍රියාත්මක කරනවා පමණක් නොවෙයි මේ දිස්ත්‍රික්කයේ  ක්‍රියාත්මක වුනේ නැති සුළු, මධ්‍ය, වාරි කර්මාන්තය අපි ශක්තිමත් කරනවා පමණක් නොවෙයි අනිවාර්යෙන්ම වාර් පුනරුත්ථාපන  වැඩසටහනකට  අපි මේ අනුරාධපුර දිස්ත්‍රික්කයත්  ඇතුළු වාරි සංස්කෘතියම පුනරුත්ථාපනය කරනවා. වාර් කර්මාන්තය අපි ගොඩනගනවා.”

“ පොස්පේට් නිධිය අපේ රටේ  අයිතිය තියා ගෙන නව තාක්ෂණය  උපයෝගි කර ගෙන ඒක දියුණු කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයට  ප්‍ර‍තිලාභ ලබා දෙන  දැවැන්ත සම්පතක් විදිහට අපි ඒක දියුණු කරනවා.”

“ අනුරාධපුර තිබෙන ජනාධිපති මන්දිරය අනුරාධපුර දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන්ට ඡාත්‍යන්තර තත්ත්වයෙන් තොරතුරු තාක්ෂණය, නව තාක්ෂණය,  ඒ වගේම පරිඝනක විද්‍යාව, ඉංග්‍රිසි භාෂා විද්‍යාව, තාක්ෂණික දැනුම, ලබා දෙන දැනුමේ කේන්ද්‍ර‍්ථානයක් බවට  පරිවර්ථනය කරනවා.ඡනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට මන්දිර ඔනේ නැහැ. මන්දිර  හදන්න ඕනි අපේ රටේ පොදු ඡනතාවට.”

“ඒ වගේම මිහින්තලා පුදබිම ප්‍ර‍මුඛ  අටමස්ථානය, සොලොස්මස්ථානය ඇතළු  අපේ රටේ ආගමික සිද්ධස්ථාන වලට මේ රඡය  කරන හතුරුකම් ටික වහාම නතර කරනවා.  සම්බුද්ධ ශාසනය සුරකිමින්  ඒ වගේම රටේ තිබෙන සෙසු ආගම්  ස්ලාමිය, හින්දු, ක්‍රිස්තිවානි කතෝලික ඇතුළු ඒ සියලුම ආගම්, සියලුම ඡන ප්‍ර‍ඡාවන්ට නිදහස් නිවහල්  ජිවිතයක් ගත කිරිමේ අවස්ථාව  ඒ සියලුම දෙනාට ලබා දෙමින් අලුත් රඡරට පුරවරයක් බිහි කරන්න අපි අත්වැල් බැද ගමු.”

“ ජනාධිපතිවරණයේදි 21 වැනිදා දිනලා 22 වැඩ බාර ගන්නකොට  අපි ඔය ඔක්කොම වහනවා.”  හොර බාර් පර්මිට් හොර වයින් ස්ටෝර්ස් පර්මිට් දේශපාලන වාසි තකා ලබා දුන්නු සංතෝෂම් ටික සියල්ල නිත්‍යානුකූලව  ඉවත් කරන බවද සජිත් ප්‍රේමදාස මහතා මෙහිදි පැවසිය‍

 

 

 



අදහස් (7)

අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්

රම්බොඩ Tuesday, 17 September 2024 01:02 PM

අලි මරලා යාගයක්වත් කරයිද ?

:       2       23

Chamiya Tuesday, 17 September 2024 01:06 PM

අලි මිනිස් ගැටුමට කලින් තමන්ගේ පක්ෂය ඇතුලේ ගැටුම් ඉවරකරන්න. එකෙක් ස්ටේජ් එකෙන් බහිනකම් අනිත් එකා ස්ටේජ් නගින්නේ නැහැ. මොන දෙකේ පන්තියේ වැඩද ඒ. මුන්ට බලය ලැබුනොත් මුන්ගෙ රණ්ඩු බලන් ඉන්න තමයි මිනිස්සුන්ට වෙන්නේ.

:       2       25

Nandasena Tuesday, 17 September 2024 04:36 PM

ඒකනම් සහතික ඇත්ත .රත්නපුර ලොරිගාලේ රැස්වීම වෙලාවෙ ගැටුමක් සහ මාතලේ රෝහිණී කවිරත්නගේ ගැටුමක් ඇතිවෙන්න පෙර ආරක්ෂක ඇමති තනතුරු දෙනවා කියලා ප්‍රසිද්ධියේ පොරොන්දුවූ ෆොන්සේකා ගැටුම් තිබුනා දිනුවොත් අගමැති තනතුර සදහා ලොකුම ගැටුමක් අනිවාර්යයෙන් වෙනවා. ඒ නිසා මුලින්ම ඒවා නිරවුල් කරන්න දෙවනුව බාර් ලයිසන් අවලංගු කිරීමෙන් වාර්ෂිකව බලපත්‍ර ගාස්තු ලෙස රජයට ලැබීම් අහිමිව සිදුවන කෝටි ගණනක් පාඩුව වන අලි අල්ලාගෙන විකුණා ලබා ගන්න අලි ජරමරේ සදහටම විසදෙන අතරේ බාර් ලයිසන් දීමේ වෛරය අවසන් කරන්නත් පුළුවන් වේවි .ගෝඨාභය ජනාධිපතිතුමාට දෙවැනි නැතුව ආදායම් අහිමි කරගන්න වගෙයි හදන්නෙ

:       0       1

ගමේ එකාලා Tuesday, 17 September 2024 01:42 PM

ඔය කතාව මීට කලින් රැස්වීම්වල ඕනතරම් කියලා තියෙනවා. දැන්නම් අහලම ඇතිවෙලා.

:       4       18

Jayalath Tuesday, 17 September 2024 03:55 PM

අලි මන්තරේ වැඩ නැත්ද දැන්. අයියෝ සජිත්.

:       2       16

priyanka Tuesday, 17 September 2024 04:20 PM

මුන් මෙච්චර කල් නොකරපු දේවල් ඉස්සරහට කරාවිද? ඡන්ද දායකයෝ මොලේ පාවිච්චි කරන්න. සජිත්, රනිල්, නාමල් ඔක්කොම ඒකම හොරු නඩේ.

:       2       5

ජයන්ත Wednesday, 18 September 2024 02:41 PM

විල්පත්තු ජාතික වනෝද්‍යානය එළි පෙහෙළි කරනවා. වගකිවයුතු පුද්ගලයා සජිත් සමඟයි. ඉතින් කොහොමද සජිත් වගේ කෙනෙක්ව විශ්වාස කරන්නේ? මේ ඔක්කොම බොරු මැතිවරණ පොරොන්දු....

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1477 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3038 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1419 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4433 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1323 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 243 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 811 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site