(නාලක සංජීව දහනායක)
ජනවාරි මස පළමුවැනිදා සිට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිවීම සහ තවත් ප‍්‍රශ්න ගණනාවක් රටෙහි ඇතිවන බැවින් අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි නොකළ බව කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා අද (27) පැවැසීය.
මේ අවස්තාව මඟ හැරුණද අයවැය ලේඛනය සම්බන්දයෙන් ඡන්ද විමසීමේදී විපක්‍ෂයේ ශක්තිය බලාගැනීමට හැකිවනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන කණ්ඩායමට විපක්‍ෂානායකධූරය ලැබිය යුතු බවට ආර්.සම්පන්ධන් මහත්තයත් පළවෙනි දවසේ පිළිගත්තා. තමන් තවමත් විපක්‍ෂනායක කියල ඔහු දැන් කියනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය එක් අංශයකට විතරක් නෙවෙයි සෑම අංශයකටම තිබිය යුතුයි.
මේ කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එකසිය එකක මන්ත‍්‍රී කණ්ඩායම පිළිගන්නේ නැතුව මන්ත‍්‍රීවරුන් දහසයක් ඉන්න ද්‍රවිඩ ජාතික සන්ධානය විපක්‍ෂය විදියට පිළිගන්න කියලද. මේ මොහොතේදී ආණ්ඩුවටත් ඕන තමන්ගේ පදේට නටන විපක්‍ෂයක් පත්කර ගන්නයි.මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මොකද්ද කියල මටනම් තේරෙන්නේ නැහැ.
මේ පාර්ලිමේන්තුවේ කාටවත් බහුතරයක් නැහැ. ඒ නිසා මහා මැතිවරණයක් පවත්වා බහුතරය සහිත ස්ථාවර පාර්ලිමේන්තුවක් පත්කර ගනිමු. ඒ සඳහා ජනතාවට අවස්ථාවක් දෙමු. විපක්‍ෂය විදියට අපි ඕනෑම මොහොතක මැතිවරණයකට සූදානම්.
එමෙන්ම තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බවට එක්සත් ජාතික පක්‍ෂය පසුගිය කාලයේදී කිව්වා. නමුත් ද්‍රවිඩ ජාතික සන්ධානත් ඡුන්දය දීලත් අතුරු සම්මත ගිණූමට ලැබුනේ ඡන්ද 102ක් පමණයි. වෙනදා ආණ්ඩුවේ බහුතරය ගැන කතාකරපු කතානායකවරයා එදා බහුතරය ගැන කතා කළේ නැහැ.
අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය පාවිච්චි කරන්න අපිටත් අවස්ථාවක් තිබුණා. අපි එහෙම කළානම් ජනවාරි පළවෙනිදා ඉඳලා රජයේ සේවකයන්ට වැටුප් ගෙවා ගන්න බැරිව යනවා. ඒ නිසා අතුරු සම්මත ගිණුමට විරුද්ධව අපි ඡන්දය පාවිච්චි නොකර හිටියා.
නමුත් ආණ්ඩුව අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේදී අපි නිකන් ඉන්නේ නැහැ. එහිදී තමන්ගේ ශක්තිය බලාගන්න පුළුවන් යැයිද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘ඉදිරියේදී රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන නිසා අතුරු සම්මත ගිණුමට ඡන්දය දුන්නා ‘