(නිමල කොඩිතුවක්කු)
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එල්ල වූ බෝම්බ ප්‍රහාර එක්සත් ජාතික පක්ෂය තමන්ගේ ගැලවීම සඳහා යොදා ගන්නා බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා කොළඹදී පැවසීය.
මෙම ප්‍රහාරයත් සමග රටේ පවතින ආර්ථික ගැටළු, යූ. එන්. පී විරෝධී ගැටළු මෙන්ම මැතිවරණ කල් දැමීමේ මාර්ගයද ඔවුන්ට හිමි වන බව නානායක්කාර මහතා සඳහන් කළේය.
සමාජවාදී ජනතා පෙරමුණ බොරුල්ල ඇන්. ඇම් පෙරේරා කේන්ද්‍රයේ අද(22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා මෙසේද කීය.
“දිගින් දිගටම රට තුළ සිදුවූ කළහකාරී සිදුවීම්වල දිගුවක් විදියට මෙම සිදුවීම හඳුන්වාදිය හැකියි. මහනුවර දිගන සිදුවීමත් මෙයට සම්බන්ධයි. මෙම ප්‍රහාරය එයට වඩා පළල්, ජාත්‍යන්තර බලයක් සහිතව ක්‍රියාත්මක වූ කුමන්ත්‍රණයක් විදියට අපි දකිනවා.
මේ ප්‍රහාරයේ ප්‍රතිඵල විදියට මේ අය බලාපොරොත්තු වුණේ විශාල මුස්ලිම් විරෝධී කෝලහාලයක්. එයින් මුස්ලිම්වරු අතර වඩාත් සටන්කාමී කණ්ඩායම් එකතු කරගැනීමයි ඔවුන්ට අවශ්‍ය වුණේ.
එක්සත් ජාතික පක්ෂයත් මේක තමන්ගේ වාසියට හරවාගැනීමට උත්සාහ කරනවා. මොකද මේ ප්‍රහාරයත් එක්ක රටේ ආර්තික ප්‍රශ්න, යූ එන්. පී විරෝධී ප්‍රශ්න යටපත් වෙනවා. තවත් කලකට ඡන්දයක් නොපැවැත්වීමේ මාර්ගය පෑදෙනවා. එක්සත් ජාතික පක්ෂයේ උවමනාවත් තවුහිත් ජමාන් අයගේ වුවමනාත් අතර එක්තරා විධියක සංධිස්ථානයක් තියෙනවා කියලා අපිට පෙනෙනවා.
මුස්ලිම් විරෝධී කලකෝලහලයක් ඇතිවුණොත් මේ ඇතිකරපු පිපිරීම් සීමාව මෙපමණයි කියලා මම හිතන්නේ නැහැ. මේ වෙච්ච සිද්දි අනුව මෙයට වඩා ලොකු හැකියාවක් ඔවුන් සතුව තියෙනවා කියන එක අපිට පැහැදිලියි.
මේ පිළිබඳව රාජ්‍ය බුදධි අංශවලින් කළ අනතුරු ඇඟවීම් තමන් සහ කැබිනට් මණ්ඩලය නොදැන සිටි බවට අගමැතිතුමා කරපු ප්‍රකාශය පිළිබ`දව අපි පුදුම විය යුතුයි. අගමැතිතුමන් එම ප්‍රකාශයෙන් තමන් විත්තිකරුවෙක් වුණා. කොහොමද අගමැති කෙනෙක් කියන්නේ මේ රටේ රාජ්‍ය බුදධි අංශවලින් කරන ලද අනතුරු ඇඟවීමක් ඔහු නොදැන හිටියා කියලා. මේ හදන්නේ ජනාධිපතිතුමා පිට වරද පටවන්නයි. ඒවගේම එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ උත්සාහයක් තියෙනවා.
මේක දුරදිග ගියොත් ව්‍යවස්ථාවට පිටින් අනීතික ආණ්ඩු බලයක් ඇතිවීමේ අවධානමක් පවා තියෙනවා. ඒ නිසා මේ සිදුවීම් පිළිබඳ සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුයි ” යැයිද වාසුදේව නානායක්කාර මහතා එහිදී පැවසීය.
ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ, සමාජවාදී ජනතා පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතීඥ රාජා කොල්ලූරේ යන මහත්වරුන් සහ දේශ විමුක්ති ජනතා පෙරමුණේ උපසභාපති ගලගම ධම්මරංසි හිමියෝ ද මීට සහභාගී වූහ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘එජාපය තමන්ගේ ගැළවීමට බෝම්බ පිපිරීම් සිද්ධි යොදාගන්නවා’