(රෝවන් පෙරේරා)
2013 වසරේ ඥානසාර හිමියෝ සහරාන්ගේ කල්ලිය ගැන හෙළිදරව් කරලා තියෙනවා.ඒ වේලාවේ ක්‍රියාත්මක වුණා නම් මේ ජීවිත හානිය සිදු නොවන්නට තිබුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා අද (30) ආණමඩුවේදී පැවසීය.
ආණමඩුව එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පැවති ජන හමුවකදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
මන්ත්‍රීවරයා එහිදී මෙස්ද කීය.
‘‘එදා ශරියා විශ්ව විද්‍යාල හදන්න හිස්බුල්ලාට ඉඩ දුන්නා. මන්නාරම් ප්‍රදේශයේ ජනපද ඉදිකරන්න දුන්නා.විපතට පත් වුණා කියලා පුත්තලමට ඇවිත් ලියාපදංචි නොවී ස්ථීර නිවාස හදාගෙන ජීවත් වෙන්න ඉඩ දුන්නා.
පදිංචිය පුත්තලමේ ලියාපදිංචිය මන්නාරමේ ඡන්දය කාලෙට සී ටී බී බස් අරගෙන මන්නාරමට යනවා.ලියාපදිංචි නොවී සිටියත් මෙහෙ ඉඳගෙන සියලු වරප්‍රසාද ලබා ගන්නවා.10,000 වැඩි පිරිසක් ඒ විදිහට කල්පිටිය සහ පුත්තලමේ ඉන්නවා.
ලියාපදිංචිය සම්බන්ධයෙන් කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නැහැ.ආරක්ෂාව සම්බන්ධ ක්‍රියා මාර්ග නොගැනීම නිසා තමයි අද මේ තත්වය ඇති වෙලා තියෙන්නේ.
නිතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හරියට කටයුතු කළා නම් ඇතිවූ තත්වය වළක්වා ගන්න තිබුණා.මේවා පිළිබඳ කටයුතු කරන්න දැනුමක් තිබෙන්න ඕනා.මේසන් බාස්ට වහල ගහන්න දිලා හරියන්නෙ නැහැ. දැන් පාර්ලිමේන්තුවෙත් වෙලා තිබෙන්නේ ඒකයි.
ආරක්ෂක විෂය පිළිබඳ මෙලෝ දෙයක් දන්නැති අඩුම ගානෙ කැඩෙට් කණ්ඩායමකවත් හිටපු අය නෙවෙයි. ඒවට පත් කරලා තිබෙන්නෙ සුදුස්සාට සුදුසු තැන නොලැබීම තමයි මේකට හේතුව.සුදුසු අය පාර්ලිමේන්තුවේ නිකම් ඉන්නවා.
රටක් ගැන හිතලා වැඩක් කරනවා නෙවෙයි තමන්ගෙ පරපුර ගැන හිතලා තමයි බොහෝ දෙනා වැඩ කටයුතු කරන්නෙ. ඒකෙ ප්‍රතිඵල නිසා තමයි රටේ මිනිස්සුන්ට පරිප්පු කන්න වෙලා තිබෙන්නෙ. ශ්‍රිලංකා, යූ එන් පී, ජේ වී පී එපා වෙලා තියෙන්නේ. මේක රුපියලේ කාසිය වගේ තමයි.උඩ දාන විට එක පැත්තකට මුණ අනිත් පැත්තට පොල්ල වැටෙනවා දැන් පොල්ලයි මූණයි දෙකම එපා වෙලා තිබෙන්නෙ.මහින්දගෙ කාලෙත් මේ කාලෙත් එකමයි.
ආණ්ඩුවේ ඉන්න රිෂාඩ්ට වගේම හිස්බුල්ලටත් , අසාද් සාලිටත් ඒ චෝදනාම තිබෙනවා.හැබැයි රිෂාඩ්ට වගේ අනිත් අයට ගහන්නෙත් නැහැ. පසු ගාමිකයින්ට ගහන්නෙත් නැහැ.සෝෂල් මීඩියා එකෙත් ප්‍රධාන රූපවාහිණි නාලිකාවලත් ගහන්නෙ නැහැ.ආණ්ඩුවට පක්ෂ නම් ගහනවා.
එක එක්කෙනාට ගහ ගහ ඉන්න අවශ්‍ය නැහැ.නීතිය හා සාමය ඇමතිකම තිබෙනවා ආරක්ෂක ලේකම්ට හදීසි නීති බලතල අනුව හරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව හරි මාස 18 කාලයක් පුද්ගලයකු රඳවා තබා ගෙන විමර්ශන කරන්න පුලුවන්. චෝදනා තිබෙනවා නම් මේ බලතල පාවිච්චි කරලා කටයුතු කිරීම තමයි සිදු කරන්න ඕන.
මේ සේරම තියාගෙන පිඹුරුපත් හදනවා ඊලඟ ජනාධිපතිවරණයට එන්න එක පැත්තකින් බෞද්ධ ජනතාවගේ 74% සිංහල ජනතාවගෙ ඡන්ද ටික ගන්නෙ කොහොමද කියලා බලනවා.මුසිලිම් නායකයො ආරක්ෂා කරමින් ඒ අයගෙ ඡන්ද ටික ගන්න හදනවා .
දැන් බලන්නෙ 300 නෙවෙයි 3000 මැරුණත් මට කමක් නැහැ මට ඕනා ඊලඟ සැරේ ජනාධිපති ධූරය පමණයි.දේශපාලන නායකයෝ ඇමති තනතුර නිසා නිවට වෙමින් ඉන්නවා.
නායකත්වය බේර ගන්න නිවට වෙමින් ඉන්නවා.මේ සම්බන්ධ කුමක් හෝ පියවරක් ඉදිරියේදී ගන්න වෙනවා. යම් යම් කණෟඩායම් එකතු වෙලා.එහෙම නැතුව ගියොත් එහෙම එක්සත් ජාතික පක්ෂයත් අර ලෝකයේ වඳවෙන ජාතියක තත්වයට එයි. ඕස්ට්‍රේලියාවේ ඇප්ලෝ ජෙනිස්ලට වෙච්ච දේ ලංකාවේ යූ එන් පී එකටත් වෙයි. අපි කතා නොකර හිටියොත් එහෙම.අපි කටයුතු කරන්නෙ යූ එන්පී එක ශක්තිමත් කරන්නයි.අපි රටක් විදිහට එකතුවී රට වෙනුවෙන් කටයුතු කරමු.‘‘
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘ඕස්ට්‍රේලියාවේ ඇප්ලෝ ජෙනිස්ලට වෙච්ච දේ තමයි ලංකාවේ යූඑන්පී එකට වන්නේ‘‘