IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


කතුන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීම සමාජයේ යහපතට සංවර්ධනයට හේතුවක්

(මුදිතා දයානන්ද)
කාන්තාවන් සතු ආදරය දයාව අනුකම්පාව සංවේදී බව සහිත විශේෂ ගුණාංගය සමාජයේ යහපත සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඔවුන් වැඩි වැඩියෙන් දේශපාලනයට එක්කර ගැනීම වෙනුවෙන් අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවසීය.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසුවේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය හා කාන්තා හා ළමාකටයුතු අමාත්‍යංශය එක්ව සංවිධානය කරන ලද ව්‍යවස්ථාදායකයට වැඩි කාන්තා නියෝජනයක් ඇති කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. මෙහිදී ජනාධිපති අතින් ඇයට බලයක් රටට වෙනසක් වැඩසටහන වෙනුවෙන් කාන්තාවන් දැනුවත් කිරීම සඳහා වෙබ් අඩවියක්ද විවෘත කරන ලදී. 
 
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රිීපාල සිරිසේන මහතා මෙසේද පැවැසීය.
 
අපේ රටේ දේශපාලන සමාජමය වෙනස්කම් සඳහා මෙන්ම රටේ රාජ්‍ය පාලනයට වැඩි කාන්තා නියෝජනයක් පත්කිරීම සඳහා රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයේ වඩාත් ඵලදායී අවස්ථාවක් විදියට මා මේ අවස්ථාව දකිනවා. පළාත් පාලන මැතිවරණ සඳහා බලාපොරොත්තුවන පොදු ජාතික ඉලක්ක සම්පූර්ණ කර ගැනීමේ කාර්යයයේ දී ඉතා වැදගත් අවස්ථාවක ඔබ ඇමතීමට ලැබීම පිළිබඳව ද සතුටට පත්වනවා. 
 
“ඇයට බලයක් රටට වෙනසක්” යන්න මෙහි තේමාව වෙනවා.  කාන්තා නියෝජනය වැඩි කිරීමේ අරමුණ කුමක්ද. ඇයට බලයක් කුමක් සඳහාද. රටේ වෙනසක් සඳහා වැඩි කාන්තා නියෝජනයක් තහවුරු කළ යුත්තේ කුමන අරමුණක් සඳහාද. යන්න මෙහිදී විමසා බැලිය යුතුයි. 
 
අද ලෝකයේ සංවර්ධනය වූ රටවල් හි පාර්ලිමේන්තුව, නැතහොත් දේශපාලන සහභාගීත්වයේ කළමනාකරණය තිබෙන රාජ්‍ය ආයතන වල, බහුතරයක් නියෝජනය කරන්නේ කාන්තාවන්. සමහර රටවල කාන්තා නියෝජනයේ හා පිරිමි පාර්ශ්වයේ නියෝජනය පවතින්නේ සමාන මට්ටමකට.   
 
තවත් පැත්තකින් එම නියෝජනය නීතිය තුළ ශක්තිමත් කිරීම සඳහා නීතියේ ප්‍රතිපාදන සකස් වී තිබෙනවා. උදාහරණ ලෙස ගත්විට ජර්මනිය කැනඩාව වැනි රටවල් වල අමාත්‍ය මණ්ඩලයෙන් හරි අඩක් කාන්තාවන් නියෝජනය කරනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් ගත්විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තර කාන්තා අයිතිවාසිකම් සඳහා සටන් කරන සංවිධාන දීර්ඝ කාලයක් මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම කරනු ලැබුවා.  
 
ජාතික වශයෙන් මෙහි තිබෙන වැදගත්කම පිළිබඳ සාකච්ඡා කළා. සංවාද කළා. දේශපාලන වේදිකාවල කතා කළා. පාර්ලිමේන්තුවේ කතා කළා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මා ඉතාමත් සතුටුවෙනවා වර්තමාන රජය යටතේ මේ තීන්දුව රැගෙන මේ රටේ කාන්තාවන් සඳහා වැඩි නියෝජනයක් ලබාදීමට අවශ්‍ය නීති සම්පාදනය කර පාර්ලිමේන්තුවේ සම්මත කරලා අද එය ක්‍රියාත්මක වන අවස්ථාවක් බවට පත්කර ගැනීමට හැකිවීම ගැන.  
 
මේ වෙනස වශයෙන් අපි හඳුන්වන්නේ කුමක්ද. පවුල් සංස්ථාවක් තුළ, රාජ්‍ය ආයතනයක් තුළ හෝ රාජ්‍ය නොවන ආයතන තුළ පිරිමින් සහ කාන්තාවන් කටයුතු කිරීමේදී ඇතැම් ප්‍රශ්න පිළිබඳව බලන ආකාරය, සිතන විදිය, මෙහෙයවීම තුළ ඇතැම් විට පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ සමානකම් තිබෙනවා. ඇතැම් ප්‍රශ්න වලදී වෙනස්කම් තිබෙනවා. අපි දන්නවා කාන්තාව පිරිමියාට වඩා බොහෝ සංවේදීයි. ආදරය, දයාව, අනුකම්පාව, කරුණාව, සෙනෙහෙබර බව මේ සියල්ලේ දී මාතෘත්වය ඉහළින් සිටිනවා. කාන්තා ශක්තීන් තමයි සමාජයක් තුළ සමාජ බලවේග විදියට තිබෙන්නේ. ඒ නිසයි සමාජ ප්‍රශ්න විසඳීමේදී පවා කාන්තාව සංවේදී වන්නේ. බොහෝ ගැටලු සහ ප්‍රශ්න වලදී කාන්තාවගේ අදහස් වල වෙනස්කම් තිබෙනවා. සමාජයේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන පුද්ගලයින් විදියට අපි මේ සියල්ල දන්නවා.  
 
ඒ පසුබිම තුළ බලාපොරොත්තු වන වෙනස සඳහා කාන්තා නියෝජනයේ වැදගත්කම අපි  තේරුම් ගෙන තිබෙනවා. අද මෙය ආරම්භයක්. බොහෝ දේවල් වල ආරම්භය ගැටලු සහගතයි. කටුකයි. අභියෝගාත්මකයි. එහෙත් ආරම්භය එසේ වුවත් ඉදිරියට යාමේදී ගැටලු, ප්‍රශ්න, අභියෝග මැදින් පොදු අරමුණ කරා යනවා. අවසානයේ එය ජයග්‍රහණය කරනවා.  
 
අපේ රටේ ජනගහනයෙන් සියයට පනස් එකකට වැඩි ප්‍රතිශතයක් කාන්තා නියෝජනය තිබෙනවා. අද රාජ්‍ය සේවයේ ඉහළ නිලයන් කාන්තාවන් විසින් හොබවනවා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ඉඳලා. අද සුරාබදු කොමසාරිස් ජනරාල් කාන්තාවක්. රේගු අධ්‍යක්ෂ ජනරාල් කාන්තාවක්.  අද රාජ්‍ය සේවයේ ඉහළම තැන්වලට කාන්තාව ගිහින් තියෙනවා. 
 
නමුත් දේශපාලන ක්ෂේත්‍රයේ, රාජ්‍ය පාලනයේ, ව්‍යවස්ථාදායකයේ කාන්තා නියෝජනයේ අඩුකම බරපතළ ලෙස කැපී පෙනෙන ලක්ෂණයක්. අප විසින් බලාපොරොත්තුවන ඉලක්කය කරා යාමට තමයි මේ වැදගත් වූ කාර්යය ඔබ සමග එක්ව කරන්නේ. දේශපාලන පක්ෂ විදියට ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා අපි කැපවෙනවා. අමාත්‍යාංශ, ආයතන ඒ සඳහා කැපවන බව අපි දන්නවා. 
 
හොඳ රටක් යහපත් සමාජයක් ගොඩනගන්න ආදරය කරුණාව පිරි ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුත් සමාජයක් ගොඩනගන්න කාන්තා නියෝජනය ඉතාම වැදගත්. අපේ දරුවන්ට හෙට දවස වඩා සුබවාදී කරදීමට පීතෘත්වය සේම මාතෘත්වයේ වටිනාකම් සමග පරිපූර්ණ සමාජයක් ගොඩනැගීමට මේ කාරණා වැදගත් වෙනවා.  යැයිද ජනාධිපතිවරයා කීවේය.
 
 
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙසේ පැවැසීය.
 
අපේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අගමැතිවරයා දේශපාලනය තුළ සියයට විසිපහක කාන්තා නියෝජනයක් ඇති කිරීම සඳහා විශාල කැපවීමකින් කටයුතු කළා. එසේ කළේ අපි මැති ඇමතිවරුන්ගේ නෝනලා, දියණියන් දේශපාලනයට ගෙන ඒමට නොවේ. රටේ පැතිරුණ නිසි කාන්තා නියෝජනයක් ලබාගැනීමටයි. 
 
ඒ සඳහා රට පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. විශ්ව විද්‍යාල ආචාර්යවරු ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුලු සම්මන්ත්‍රණ ගම් මට්ටමින් කළා. එහිදී කාන්තාවන්ගෙන් අතිබහුතරය දේශපාලනයට අකමැති බව අපට පෙනී ගියා. දේශපාලනයට පිවිසි විට ඔවුන්ට මුහුණ දීමට සිදුවන ගැටලු අපහාස උපහාස, ෆේස්බුක් හා අන්තර් ජාලයේ වෙනත් පහසුකම් යොදා ගනිමින් කාන්තාවන්ට සිදුකරන නොයෙකුත් අවලාද වැනි දේවල් ඊට හේතු වන බවත් අපට පෙනී ගියා. ඒ නිසා කාන්තාවන් දේශපාලනයට ඇද ගැනීමට විශාල වැඩකොටසක්, වගකීමක් පැවරී තිබෙනවා. 
 
රාජ්‍ය නොවන ආයතනයත් අපිට විශාල දායකත්වයක් ලැබුණා. එයට හේතුව ලෝකයේ අත්දැකීම් සළකා බැලීමේදී කාන්තාවන් දේශපාලනයට පැමිණි විට දූෂණයේ හා ප්‍රචණ්ඩත්වයේ අඩුවක් දක්නට ලැබීමයි.  අපේ පවුල්වල නායකත්වය ගන්නේ කාන්තාවන්. අපේ බිරිඳ. ඒක රට පාලනයට එක්කර ගන්න හැකිනම් විශාල වෙනසක් ඇති කරන්න පුලුවන්. ඒ අනුව තමයි අපි පළාත් පාලන ආයතනවල සියයට විසිපහක නියෝජනය ඇති කරන්න පනත් ගෙනාවේ. එය ව්‍යවස්ථාදායකය දක්වා ගෙන ඒමට කටයුතු කරනවා. ඒ තුළින් සමාජයේ විශාල වෙනසක් කරන්න හැකිවෙයි කියලා අපි විශ්වාස කරනවා. 
 
අද දේශපාලනයේ යම් කාන්තා නියෝජනයක් තිබුණත් ඒ අයගෙන් අති බහුතරයක් දේශපාලන පසුබිමක් සහිත පවුල්වලින් ආපු අය. අද දේශපාලනය කරන අයගෙන් බොහොමයක් දෙනා දේශපාලන පවුල්. පවුලේ වැඩි පිරිසක් දේශපාලනයට ඇවිත්. ඒ පවුල් පෝෂණය වන්නේ දේශපාලනයෙන්. ඒනිසා අපි උත්සාහ කරනවා එක පවුලකින් එක්කෙනෙක් දේශපාලනයට ගෙන ඒමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට. ඒකට පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ සහය ලැබෙයි කියලා විශ්වාස කරනවා. 
 
අපි ලෝකයේ පළමු නායිකාවන් බිහිකළ රටක්. කාන්තාවන්ට ඡන්දේ නොදෙන්නේ කාන්තාවන්මයි. එයට හේතුව ඔවුන් තුළ විශ්වාසයක් නැතිකමයි. ඒ නිසා අපි ඒ විශ්වාසය ඔවුන් තුළ ඇති කළ යුතුයි. නව ආර්ථික දේශපාලන වෙනසක් සඳහා කාන්තාවන් දේශපාලනයට ඇද ගැනීමේ වගකීමක් අපි සියලු දෙනාටම තිබෙනවා. කාන්තාවන් දිහා වපර ඇසින් බලා ඇයට නිසි තැන ලබාදෙන්නේ නැත්නම් එය සමාජයේ ඉදිරි ගමනට බාධාවක්. සැබෑ වෙනසක් ඇති කරන්න කාන්තා පිරිමි බේදයකින් තොරව ඇය සතු හැකියාව ගැන විශ්වාසය තබා කටයුතු කරන්න. ඒ සඳහා මාධ්‍යයෙනුත් විශාල සහයෝගයක් අපට අවශ්‍ය වෙනවා. ඒ සහයෝගයත් ලබාදෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. 
 
මෙහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය මෙසේ කීවාය.
 
අපි කාන්තාවන් වශයෙන් අපි සියලු දෙනාට ඓතිහාසික දවසක්. ව්‍යවස්ථාදායකයේ වැඩි කාන්තා නියෝජනයක් ලබාදීම නීත්‍යනුකූල කිරීම අප ලැබූ ජයග්‍රහණයක්. මේ ජයග්‍රහණය වෙනුවෙන් අතීතයේ අපි ලේ කඳුළු දහදිය හෙලා තිබෙනවා. නිදහස ලබා දශක හයක් ගතවන අවස්ථාවේදීත් දේශපාලනයේ කාන්තා නියෝජනය ඉතාමත් අල්පයි. එය වැඩිකිරීම සඳහා ක්‍රමවේදයක් තිබුණේ නැහැ. අද අපි සිදුකර තිබෙන්නේ ඒ ක්‍රමවේදය සකස් කිරීමයි.
 
සමාජ ආර්ථික කටයුතු වලදී කාන්තාවන් විශාල දායකත්වයක් ලබාදෙනවා. නමුත් තීන්දු තීරණ ගන්නා තැන්වල ඇය නියෝජනය වන්නේ අඩුවෙන්. ඒ නිසා ජනගහනයෙන් සියයට පනස් දෙකක් සිටින රටේ ව්‍යවස්ථාදායකය ඇතුළු පළාත් පාලන ආයතනවල පවා නිසි කාන්තා නියෝජනයක් මෙතෙක් නොතිබුණේ නැහැ. අද පාර්ලිමේන්තුවේ පවා ඉන්නේ කාන්තාවන් දොළොස් දෙනෙක් පමණයි. 
 
මම දේශපාලනයට ආවේ මගේ පියාගෙන් පසුව. එදා සිට මා ආ ගමන දිහා ආපහු හැරී බලද්දී විශාල දුක්කම්කටොලු රැසකට මුහුණ දුන්නා. අභියෝගවලට මුහුණ දුන්නා. ඒ තත්වයන් වෙනස් කරගෙන ව්‍යවස්ථාදාකයේ කාන්තා නියෝජනය වැඩිකරන්න අපේ ජනාධිපතිතුමා විශාල මැදිහත්කමක් ශක්තියක් ලබාදුන්නා. පාට පක්ෂ භේදයකින් තොරව කාන්තාවන් වෙනුවෙන් හිතලා කාන්තාව දේශපාලනයට ගෙන ඒම වෙනුවෙන් අපි කැප විය යුතුයි. 
 
වසර තිහක යුද්ධයකින් පීඩාවට පත් කාන්තාවන් ගැන, ශ්‍රමිකයන් ලෙස රටට විශාල දායකත්වයක් ලබාදෙන කාන්තාවන් ගැන, සමාජය තුළ විවිධ පීඩාවන්ට ලක්වන කාන්තාවන් ගැන විශේෂ අවධානයක් යොමු කරන්න මේ අවස්ථාව නිසි පරිදි ප්‍රයෝජනයට ගනිමු යැයිද ඇමැතිවරිය කීවාය.



අදහස් (1)

කතුන් වැඩි වැඩියෙන් දේශපාලනයට පැමිණීම සමාජයේ යහපතට සංවර්ධනයට හේතුවක්

Bamunuarachchi Monday, 20 November 2017 03:05 PM

"කාන්තාවන් සතු ආදරය, දයාව, අනුකම්පාව සංවේදී බව සහිත විශේෂ ගුණාංගය සමාජයේ යහපත සංවර්ධනය සඳහා යොදා ගැනීමට ඔවුන් වැඩි වැඩියෙන් දේශපාලනයට එක්කර ගැනීම වෙනුවෙන් අප සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත්දා (14) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවසීය." සිරිසේන මහතාට කතා කරන්න කිසිම ප්‍රශ්නයක් මේ රටේ නැහැ වගේ කාන්තා නියෝජනය කතා කරන්නේ. පුදුම වෙන්න දෙයක් නැහැ තමන් නොදන්නා, ඒ වගේම හීනෙන් වත් නොහිතපු තැනක් මාස ගනකදී ලැබුනාම මනුස්සයා කරකොලා අතහැරියා වගේ වුණා. එක්අයෙක් මාසයකට ලක්ෂ ගණනක් කුලිය හැටියට පාවිච්චි නොකරන ගොඩ නැගිල්ලකට ගෙවනවා. මොන අපරාදයක්ද මේ රටට කරන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site