(***අංජුල මහික වීරරත්න)
කොරෝනා මර්දනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද, එම මුදල්වලට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳව ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දී ඊයේ (1) ප්‍රකාශ කළේය.
කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීම සඳහා ප්‍රමුඛ අවධානය ලබාදිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති එ.ජා.ප. සන්නිවේදන බලකායේ විශේෂ හමුවකට එක්වෙමිනි.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අද මේ රටේ තිබෙන විශාලම ප්‍රශ්නයක් වන්නේ දේශපාලනයේ සිටින දේශපාලනඥයින් ගැන ජනතාව තුළ විශ්වාසයක් නොමැතිවීමයි. දේශපාලනයේ නියැළී සිටින එක්කෙනෙක්වත් විශ්වාස කරන්න පුළුවන්ද කියා ජනතාව ප්‍රශ්න කරනවා. ජනතාව මුහුණ පා සිටින ආර්ථික ප්‍රශ්න, ඔවුන්ගේ අනාගතය, සෞඛ්‍ය වැනි ප්‍රශ්නවලට විසඳුම් තිබෙන්නේ කා තුළද කියා ජනතාව විමසා සිටිනවා. ජනතාවට මුහුණපෑමට සිදුව තිබෙන මේ සැබෑ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නේ කෙසේද කියා අප සොයා බැලිය යුතුයි.
වර්තමානයේ අපට මුහුණපෑමට සිදුව තිබෙන විශාලම ප්‍රශ්නය වන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයයි. මේ සියල්ල ඇතිවුණේ කොරෝනා වයිසය නිසයි. කොරෝනා වයිරසය නොතිබුණා නම් මේ ප්‍රශ්න මීට වඩා වෙනස් වෙන්න තිබුණා. අපට මෙන්ම ලෝකයේ අනිකුත් රටවලට ද කොරෝනා වයිරසය අද පොදු ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. එය රටවල්වලට පමණක් නොව සෑම පුද්ගලයෙකුටමත් බලපානවා.
අප හැම කෙනෙක්ගෙම යුතුකම හා වගකීම වී තිබෙන්නේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල මෙරට පැතිරීම වළක්වාගැනීමයි. කොරෝනා දෙවැනි රැල්ල පැතිරුණහොත් රටේ ආර්ථිකයට මෙන්ම සමාජ වැඩකටයුතුවලට දැඩි බලපෑමක් එල්ලවෙනවා. නැවත රටේ ආර්ථිකය ගොඩගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙනවා.
අද එංගලන්තයේ ආර්ථිකයට මෙය දැඩි ලෙස බලපා තිබෙනවා. එංගලන්තයට ගොඩඑන්න බැරිනම් අපි කොහොමද ගොඩඑන්නේ. අපේ ප්‍රධානතම කාර්යය විය යුත්තේ කොරෝනා දෙවැනි රැල්ල වළක්වා ගැනීමයි. එය කොහොමද කරන්නේ ? පළමු වටයේදී කොරෝනා පැමිණි අවස්ථාවේ දී ජනාධිපතිතුමා එය මැඩපැවැත්වීම සඳහා නියෝග ලබාදෙමින් පියවර රැසක් ගනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂය ලෙස අපත් මේ සඳහා විවිධ ක්‍රමවේදයන් යෝජනා කළා. ඒ නිසා මේ වැඩපිළිවෙළ සාර්ථක වුණා.
මේ වැඩපිළිවෙළේ දී අප යෝජනා කළ ක්‍රමවේදයන්ද අනුගමනය කළ නිසා අපි ඊට විරුද්ධ වුණේ නැහැ. අපිත් ජනතාවට ප්‍රකාශ කර සිටියේ රජය ලබාදෙන නියෝග අනුව ක්‍රියා කරන ලෙසයි. අප ගත් ඒ පියවර නිසා මේ රටේ ජනතාවට ඉන් විශාල සෙතක් සැලසුණා. අප ඒ කටයුතු එලෙස සිදු කරන විට ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කර සිටියේ මම ආණ්ඩුව සමග ඩීල් දැම්මා කියායි. මේ අයගෙන් මා විමසා සිටින්නේ තමුන්ට විකල්ප විසඳුමක් තිබුණා නම් ඉදිරිපත් නොකළේ මන්ද කියායි. මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් අප පෙනී සිටියේ ඉතා සද්භාවයෙන් බව සිහිපත් කළ යුතුයි. ඔබේ සෞඛ්‍ය ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරමින් ඒ පිළිබඳව අපේ විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම ඩීල් දැමීමක් නොවේ. මා ඒ ඩීල් එක දැම්මේ මේ රටේ ජනතාව සමගයි.
නමුත් දැන් මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන අපට ප්‍රශ්න තිබෙනවා. පළමු පියවර අපට අනුමත කළ හැකියි. නමුත් පළමු වටයේ අඩු වෙනකොට තහනම ඉවත් කරන්න තිබුණා. ඒ අනුව කොරෝනා පාලනය කිරීම සඳහා අලුත් පනතක් ගෙන ඒමට අවස්ථාව තිබුණා. එහෙත් එය හදිසියේ කළ නොහැකියි. මේ සම්බන්ධව අප මේ ආණ්ඩුවට විවිධ යෝජනා ඉදිරිපත් කළා. පරීක්ෂණ වැඩි කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. නමුත් ආණ්ඩුව ඒ එකක්වත් පිළිගත්තේ නැහැ. අප මේ සහයෝගය ලබාදුන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. මේ ඉල්ලීම් කළේ ජනතාව වෙනුවෙන්.
හදිසි සෞඛ්‍ය අවස්ථාවක දී ජනතාව ගත යුතු පියවර නමින් කොරෝනා පාලනය කිරීම සඳහා කෙටුම්පතක් අප සකස් කර තිබෙනවා. මේ එකක්වත් නිත්‍යානුකූල නැහැ. නමුත් ආණ්ඩුව මේ යෝජනා සම්මත කරගන්න අපෙන් ඉල්ලුවේ නැහැ.
කොරෝනා දෙවැනි රැල්ල දැන් ආරම්භ වී තිබෙනවා. එය ඇමෙරිකාවේ තිබෙනවා. චීනය කිව්වා වූහාන්වලින් පස්සේ කොරොනා නැහැ කියලා. නමුත් දැන් බීජිංවලටත් එය ව්‍යාප්ත වී තිබෙනවා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අපට කොරොනා ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් මේ වනවිට එරට කොරෝනාවලින් මියගිය සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
ඉන්දියාවට ද පළමු වටයේ පාලනය කර ගැනීමට හැකිවුණා. දැන් දිල්ලි අගනුවර, චෙන්නායි, මුම්බායි යන ප්‍රදේශවලද ඉතා සීඝ්‍රයෙන් කොරෝනා පැතිරී ගොස් තිබෙනවා. මේ වන විට යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල නැවත කොරෝනා දෙවැනි රැල්ල මතුව තිබෙනවා. එංගලන්තයේ ලෙස්ටර් නගරය වසා දැමීමට සිදුව තිබෙනවා. මේ වෛරසය කුමක්ද කියා අප දන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කොට තිබෙන්නේ කොරෝනා දෙවැනි රැල්ල නැවත මතුවන බවයි.
මේ අවදානම නිසා පරීක්ෂණ තවත් වැඩිකළ යුතුයි. මේ සඳහා මුදල් නැහැ කියමින් කල් මරන්න එපා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පසු මා එදා මෙරටට ඩොලර් මිලියන 230 ක් ලැබුණු බව ප්‍රකාශ කළා. නමුත් සෞඛ්‍ය ඇමතිතුමිය කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඩොලර් මිලියන 1.9 ක් ලැබුණු බවයි. සැබවින්ම මුදල් තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නොවේ. ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මුදල් කපා හැරීමෙන් පසු ඒ මුදල් ලෝක බැංකුවෙන් හා යුරෝපා සංගමයෙන් මෙන්ම තවත් රටවල් කිහිපයකින් ලැබුණු බව කිව යුතුයි. ඒ අනුව ඒ මුදල් අපට ද ලැබුණා. මේ පිළිබඳව නිවැරදි ලැයිස්තුව මා ඉදිරිපත් කළා. ඒ අනුව දැනට අප සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200 ක්. එය වැරදි නම් නිවැරදි ගණන කොපමණද කියා වහා ප්‍රකාශ කළ යුතුයි. එය ඩොලර් මිලියන 200 ක්ද 250 ක්ද එහෙමත් නැතිනම් වෙනත් ගණනක්ද කියා හෙළි කරන ලෙස අප ඉල්ලා සිටිනවා.
එපමණක් නොවේ ඊට පසු විවිධ භාණ්ඩ ලබාගැනීමට මුදල් ලැබුණා. ඒ මුදල්වලට සිදුවූයේ කුමක්ද? මේ භාණ්ඩ මිලදී නොගත්තේ ඇයි? පරීක්ෂණ සිදුනොකරන්නේ ඇයි? සෞඛ්‍ය සේවාවල නියැළී ඉන්න අයට ඒවගේම ආරක්ෂක අංශයේ අයට ආරක්ෂාව සඳහා උවමනා ඇඳුම් කට්ටල නොදුන්නේ ඇයි?
නාවික හමුදාවේ භටයින්ට කොරෝනා වෛරසය ඇතුළු වුණා. දැන් ප්‍රකාශ කරන්නේ මේ රටට කොරෝනා ඇතිවුණේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් කියායි. මේ හමුදාවේ අයට කොරෝනා තිබුණත් ඒ වෙනුවෙන් ඔවුන්ට අප දොස් කියන්න යන්නේ නැහැ. ඒ අයට අවශ්‍ය කරන ආරක්ෂාව නිසි ලෙස ලබාදුන්නේ නම් එවැනි තත්ත්වයකට ඔවුන් පත් වන්නේ නැහැ.
කොරෝනා දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා දැන්වත් අප සූදානම් විය යුතුයි. නමුත් අවාසනාවකට මෙන් ඒ දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා අදාළ පියවර ගැනීමට මේ ආණ්ඩුවට තවමත් නොහැකි වී තිබෙනවා. මේ නිසා මෙයට මුහුණදීමට වැඩපිළිවෙළක් සැලැස්මක් නැති මේ ආණ්ඩුව වහා ඉවත් කොට මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් අගෝස්තු මාසයේ අප පිහිටුවා ගත යුතුයි.
රටේ උද්ගතව තිබෙන තත්ත්වය හමුවේ ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා. එදා ත්‍රී විල් රථයකින් තම ගමන් පහසුව සලසා ගත් අය අද අතේ මුදල් නැති නිසා ත්‍රී විල් රථයකට ගොඩවන්නේ නැහැ. මේ නිසා ත්‍රී විල් රථ රියදුරන්ගේ ආදායම කඩා වැටී තිබෙනවා. ඒ වගේම සිල්ලර වෙළඳසැල් හිමියන්ට ඒවා පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එමෙන්ම රටේ අනෙකුත් ව්‍යාපාර කඩාවැටීමකට ලක්ව තිබෙනවා. මේ තත්ත්වයෙන් අප ගොඩ ආ යුතුයි. ලැබුණු මුදල්වලට සිදුවූයේ කුමක්ද කියා මා නැවතත් ප්‍රශ්න කර සිටිනවා.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කොරෝනා දෙවැනි රැල්ලට ආණ්ඩුව නිහඬයි
Raveendra Thursday, 02 July 2020 10:36 AM
ආසියාවේ දැනට සිටින මෝඩ අලින් කියන කතා දෙස බැලූ කල අප රටේ මොනතරම් මිනිසුන් මෝඩද? මෙවැනි වැදගැම්මකට නැති අයව මහජන නියෝජිතයන් ලෙස දියවන්නාවට පත් කිරීමට ගත් තීරණය...
සරත් Thursday, 02 July 2020 10:26 PM
වැදගැම්මකට නැහැ...
sunil Friday, 03 July 2020 11:12 AM
දැන් කොරෝනා ගැන දොඩවනවා. තමුන්ගේ කාලේ මිනිසුන් 360 ක් බෝම්බ වලින් මැරෙන එක වළක්වා ගන්ට බැරිවුණා...
Bamunuarachchi Saturday, 04 July 2020 02:11 PM
මෙන්න මෙයා මුහුද හත්ගව්වක් තියලා අමුඩේ ගහනවා. ඔය කියන්නේ අපිට නොවෙයි එජාපයින්ටයි ජෙප්පන්ටයි