(නාලක සංජීව දහනායක)
සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවක් යටතේ ගෝඨාභය රාජපක්‍ෂට ජම්පර් අන්දන බව කියනවා. මීට කලිනුත් ජම්පර් අන්දන්න හුඟාක් අය සූදානමින් හිටියා. අන්තිමට ඒ අයටම ජම්පර් අදින්න සිදුවූණා යැයි විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අද (26) පැවැසීය.
එබැවින් ජම්පර් අන්දන කතා වැඩිය නොකිය යුතුයැයිද ඔහු කීය.
එහිදී ඔහු මෙසේද කීය.
මේ ආණ්ඩුව බලන්නෙම අපෙන් පළිගන්නයි. අදවනවිට රටේ කිසිම කන්තෝරුවක වැඩක් කෙරෙන්නෙ නැහැ. මුලූ රටම බ්‍රේක් ගහලා. පාලනයට නුසුදුසු අය පාලනයට ආවම මේවගේ දේවල් සිද්ධ වෙනවා. මේවාට වත්මන් ආණ්ඩුව වගකිව යුතුයි. රනිල් විතරක් නෙවෙයි මේ සියල්ලටම සජිත් පේ‍්‍රමදාසත් වගකිව යුතුයි.
අද නැවතත් පේ‍්‍රමදාස යුගයක් ගේන්න කතා කරනවා. ඒ යුගය ඔබට මතකද දන්නේ නැහැ. ටයර් සෑයවල් මතකද? එක දවසක් මම දැක්කා 28 දෙනෙක් යටර් සෑයේ දාලා තියෙන හැටි. මළ කදන් ගොඩ ගැහිලා තිබුණා. ඒ යුගය අමතක කරන්න බැහැ. නැවතත් රට ඒ යුගයට යවන්නත් බැහැ යැයිද ඔහු කීය.
කොළඹ, ඞී.ආර් විජයවර්ධන මාවතේ පිහිටි ප‍්‍රදර්ශණ හා සම්මේලන මධ්‍යස්ථානයේදී අද (26) පැවැත්වූ ව්‍යාපාරිකයන්ගේ සමුළුවට එක්වෙමින් විපක්‍ෂනායකවරයා මේ බව සදහන් කළේය.
ඡායාරූප - ගයාන් අමරසේකර
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
‘ කිසිම කෙනෙක්ට ගෝඨාභයට ජම්පර් අන්දවන්න බැහැ‘