IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘

(නිමල කොඩිතුවක්කු)

කොළ අලි පැටව් රතු අලි පැටව් එකට එකතු වී රනිල් අනුර හොර සන්ධානයක් සකස් කර ඇති බැවින් ජනතාවගේ වටිනා ඡන්දය හොරු රකින සන්ධානයට නාස්ති කරන්න එපා යැයි සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති වීම බව පැවසූ බවත් අද වන විට කොළ අලි පැටව් හා රතු අලි පැටව් එකට එකතුවී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක් නොමැති බැවින් එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ වටිනා ඡන්දය නාස්ති නොකර රට ගොඩනගන වරම සමගි ජන සන්ධානයට ලබා දෙන ලෙසත් ඔහු කීවේය.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන සන්ධානයේ 34 වැනි විජයග්‍රාහී ජන රැළිය මිනුවන්ගොඩ දී අතිසාර්ථක අන්දමින් පැවැති අතර එහිදී අදහස් දක්වමින් සමග ජන සන්ධානයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

කිසිවෙකු ජනතා විමුක්ති පෙරමුණට හෝ අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් එය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමඟ එකට එකතු වී කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් බවත් ඔහු සඳහන් කළේය.

රාජ්‍ය මාධ්‍යවල පවා අනුර කුමාර දිසානායකට ලොකු අවකාශයක් ලබා දිම තුළින් රනිල් අනුර ගිවිසුම අද සත්‍යක් වී ඇති බවත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය රට ගොඩ ගෙන සංවර්ධනය කරාවි, මේ රටේ ගෙවල් හදාවි කියා, මේ රටේ නිෂ්පාදන කර්මාන්ත බිහි කරාවි කියා ඔවුන් බිය වී ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පාසල් 10096ම සුහුරු පාසල් බවට පත් කරා ලක්ෂ 220 රජවෙන යුගය නිර්මාණය වෙනවාට රනිල් සහ අනුර බිය වී ඇති බවත් ඒ නිසා රනිල් අනුර ගිවිසුම බොහොම පැහැදිලිව ක්‍රියාත්මක වන බවත් ඔහු කීවේය.

මේ රටේ ලක්ෂ 220ක් ජනතාව අමනෝඥයෝ කියා ඔවුන් සිතා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කූඨ දේශපාලන කුමන්ත්‍රණවලට හසු නොවී රට ගොඩනගන්න පුළුවන් විශිෂ්ඨ ජන වරම ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බංකොලොත් රට ගොඩගන්න නම් ලොකු සංවර්ධනයක් කළ යුතු බවත් ඒ සඳහා මුදල් සෙවිය යුතු බවත් සමගි ජන බලවේගය 76 වසරක ඉතිහාසය වෙනස් කර මිලියන 1000ක වැඩ රට වෙනුවෙන් ඉටු කර ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

සමගි ජන බලවේගය රට වෙනුවෙන් වැඩක් කරන විට අනුර රනිල් බිය වී ඇති බවත් ඔවුන් හැමදාම කළේ රටට වැඩක් කරද්දි විහිලු සැපයිම බවත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ විහිලු නිසා අද රට බංකොලොත් වී ඇති බවත් එම නිසා වත්මන් රජයත් ජනතා විමුක්ති පෙරමුණත් කරන බොරු ප්‍රෝඩාවට හසු නොවන ලෙසත් ඔහු සඳහන් කළේය.

රනිල්ටවත් අනුරටත් හීනෙකින්වත් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් රටට ගෙන ඒමට තමා කටයුතු කරන බවත් ඒවා ණය නොව ආධාර බවත් විපක්ෂ නායකවරයා පැවසීය. එසේම රට සදාකාලික දුප්පත්කමින් මුදවා යැපුම් සංස්කෘතියෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ක්ෂුද්‍ර කුඩා හා මධය පරිමාණ කර්මාන්ත පවා අද කඩා වැටී ඇති මොහොතක එම කර්මාන්තකරුවන්ට පවා ශක්තියක් ලබා දිය යුතු බවත් ඊට අමතරව නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන බවත් විපක්ෂ නායකවරයා වධාරණය කළේය.

සමගි ජන බලවේගයට නැවත ගෙවල් හදන වැඩපිළිවෙළ ආරම්භ කරන්න රජයේ මුදල් අවශ්‍ය නැති බවත් මේ නිවාස ව්‍යාපෘති සඳහා ආධාර දෙන්න දානපතියන් ඇති බවත් ඔහු කීවේය. ශක්තිමත් රටක් බිහිකිරීම වෙනුවෙන් ඕනෑ තරම් සම්පත් තමාට ලබා ගත හැකි බවත් නැහැ බැහැ බලමු කියන වචන තමා ළඟ නොමැති බවත් 2048 වෙනතුරු බලා සිටිම අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රනිල් අනුර සන්ධානයට කතිරය ගසා ඡන්දය නාස්ති නොකරන ලෙසත් රනිල් අනුර සන්ධානය මේ වන විට ප්‍රසිද්ධ වී ඇති නිසා ලක්ෂ 220ක් ජනතාව දිනවන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න යැයි ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (14)

‘‘කොළ - රතු අලිපැටව් එකතු වෙලා‘‘

dhanushka Saturday, 07 September 2024 07:37 AM

පුතානෝට මතක නෑ. මේ එජාපෙ නියොජ්‍ය නායකයා කියලා... හොර නෝට්ටු අච්චු ගහලා නංගිව බේරගත්තේ කියලා.. අම්මේ මෙන්න මෙයා හොරු අල්ලන්නලු එන්නේ... කොහෙන්ද හිනාවෙන්න ඕනේ අපි..? හොර කල්ලිය මොන බොරු කිවුවත් අපි මේ පාර අනුරට...

:       121       40

Pradeep Kumara Saturday, 07 September 2024 08:01 AM

මරු කියවනවාද? අනුර රනිල් නෙමෙයි රනිල්, සජිත් එකතු කරන්න කට්ටියම දත කන වේලාවක මොනවාද මේ කියවන විහිළු? එක අතකට ඒක පුදුමයකුත් නෙමෙයි. කවද්ද මෙයා වැදගත් කතාවක් කළේ? රනිල් කිව්වේ සජිත්ට අනුරව පරාද කරන්න බෑ කියලා විතරයි.

:       103       29

තුශන් Saturday, 07 September 2024 09:02 AM

මෙයා නම් කට ඇරියොත් ගොන් කතාවක් කියනවාමයි.. සයිකෝ සජිත් කියලා නම දාන්න තිබ්බේ..

:       108       30

pakeer Saturday, 07 September 2024 10:00 AM

රනිල් සහ රනිල්ගේ මාමලා සහ ඒ අයගේ පැලැන්තිය රටට කළ අපරාධයට වන්දියක් විදිහට අනුරට මේ රට හදන්න වෙන්න ඇති. හැබැයි ඉතින් ඒකෙත් වරදක් නැහැ. ඔයා කලබල වෙන්න එපා.. ඔයා හොඳ ඉංග්‍රීසි පන්තියක් දාලා රටේ පොඩි අයට මේ අපායෙන් ගොඩයන්න කියලා දෙන්න.

:       43       108

ගමේ එකාලා Saturday, 07 September 2024 10:11 AM

තමුන් වටේ ඉන්න දූෂිත දේශපාලුවෝ ගැණත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       95       22

අරවින්ද මොනරවිල Saturday, 07 September 2024 11:23 AM

සමහරු රනිල්ගෙන් සංවර්ධන ව්‍යාපෘති වලට යයි කියමින් සල්ලි ගත්තා, තවත් සමහරු බාර් පර්මිට් ගත්තා, තවත් සමහරු අනේ සර් ඕක අත්සන් කරලා දෙන්න සෑර්... යයි කියමින් මරික්... කාර් පර්මිට් ඉල්ලමින් රනිල් ළඟ වැඳ වැටුණා. ගේම් ගහන අය ඩීල් දාන ඉන්න අය ඉන්නේ තමන්ගේ වටේටමයි කියලා නොදන්නා බූරු පුතාණෝ අනුන්ගේ ඩීල් ගැන කතා කරනවා. රට සංවර්ධන කරන්න කලියෙන් අම්මාව ගෙදර එක්කරගෙන ගිහින් බත් කටක් කන්න දීපන්, අම්මාට තවම කන්න දෙන්නේ අපි...

:       93       25

සෙනෙවිරත්න Saturday, 07 September 2024 03:19 PM

මෙයාට ගුවන්ගත වෙන්න බැහැ. එහෙම එකේ මෙයාට හිතන්න බැරි ආධාර, අනේ මෙයාගේ පිනට එවනවා ඇති. මේ කයිවාරුවම ඇති මෙයා ගැන තීරණයක් ගන්න...

:       93       22

සෙනෙවිරත්න Saturday, 07 September 2024 03:20 PM

මරික්කාර් ළඟ තියාගෙනද රනිල් එක්ක ඩීල් ගහන අය ගැන කියන්නේ?

:       106       28

Pankumburage Saturday, 07 September 2024 03:40 PM

ඔහේගේ ළඟම ඉන්නේ රනිල් එක්ක ඩීල් දාන අය. "අනේ සර් අත්සන් කරන්න කෝ " කිය කිය...

:       57       21

Sharm Saturday, 07 September 2024 03:53 PM

පව් දෙයියනේ.. ජනාධිපති වුනාමත් මඩ ගහ ගහ ඉන්නද දන්නෑ හිතං ඉන්නේ.. අනේ මනුස්සයෝ, අන්න අර අම්මාව බලා ගන්න.. ඒකටත් අපේ පොකට් එකටම කෙළවන්නේ නැතුව...

:       56       19

Manjula Pradeep Saturday, 07 September 2024 06:16 PM

පුතණුවන්ට මතක නෑ අරගලය කාලේ ලූයා රතු අලි පැටව් එක්ක වැඩ කරන්න ගිහිල්ලා තමන්ගේ පාක්ෂිකයින් අනුරගේ කතාවලට ඇහුම්කන් දෙන්න ගිහිල්ලා අන්තිමට තමන්ගේ පාක්ෂිකයෝ ටිකයි පුතාණෝගේ කලිසමයි අනුර ගලවාගෙන ගියේ. ඒ කාලේ අනුර හොඳ කෙනෙක් වෙන්න ඇති...!

:       56       10

රාළ Saturday, 07 September 2024 06:52 PM

ගෑස් ටැංකි ටෙලිෆෝන් වැඩක් කියලා ඕනේ එකෙක්ට තේරෙනවා. රනිල් යාළු යාළු කියකිය යන කොට, සජියා, අනුර රනිල් හවුල් කිය කිය යනවා. මේ කථාවෙලා කරන වැඩ. කාර් පර්මිට් වගේ...!

:       53       16

Darshana Saturday, 07 September 2024 08:05 PM

පුට්නෝට් හොරු සමඟ ඔක්කොම හොරු රනිල් සජිත් ගාවට බෙදිලා ගියා ටික දෙනෙක් නාමල් ගාව... ඉතින් ඉරහඳ වගේ අනුර අයියා දිනනවා.. ඔයාලා බහුතරයක් නඩුවෙන් පස්සේ හිරේ...

:       0       0

Kalinga Ruwan Monday, 09 September 2024 01:41 AM

නියත පරාජය අභිමුව සිටින රටට විහිළු සපයන පුතානෝ වියරුවැටී කරන ප්‍රකාශ මීට කලිනුත් අපි අහල තියෙනවා. ඒ රැවටුන යුගය දැන් අවසන්. දැන් දුරකථනය තියාගෙන ඉන්න තොපි ඔක්කොම අලි පැටව් කියල ජනතාව දන්නවා. හොර සල්ලි අච්චු ගහල අරමුදල් කොල්ල කාපු උඹලා දැන් රට හදන්න එනවද. කරන්න දෙයක් නෑ පුතානෝ මාලිමාව ජයග්‍රහණය නියතයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1477 29

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3037 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1419 24

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4433 52

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


‘‘අප හැම තිස්සේම ජනතාව පැත්තේ හිට ගන්නවා‘‘
2025 මාර්තු මස 13 1323 7

මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග


අයවැයෙන් සුරබි දෙන පහල වෙන්නේ නෑ
2025 මාර්තු මස 07 1218 6

අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 242 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 811 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 787 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site