IMG-LOGO

‘ ජනාධිපතිවරණයේදී වැඩ කරන හැටි 5 වැනිදා කියනවා ‘

(ඩයනා උදයංගනී)
 
ඉදිරි ජනාධිපතිවරණයේදී කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ තීන්දුව ලබන 5 වැනිදා පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේ දී ගන්නා බවත්, එහිදී රට වෙනුවෙන් ගත හැකි නිවැරදිම තීන්දුව ගැනීමට සූදානම් බවත් එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.
 
තම පක්‍ෂයට වඩාත් පිළිගත හැකි ප‍්‍රතිපත්ති ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ බැවින් ඔවුන් හා පැවති සාකච්ඡා සාර්ථක කරගැනීමට උපරිම කැපවීමෙන් කටයුතු කළ බව කී මහලේකම්වරයා ඔවුන් ද තම යෝජනා සම්බන්ධයෙන් 5 වැනිදාට පෙර සුබවාදී ප‍්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව සදහන් කළේය.
 
 තම පක්‍ෂයේ අරමුණ පක්‍ෂය ආරක්‍ෂා කරගනිමින් පක්‍ෂයේ සියලූ ඡන්ද පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයාට ලබාදීම බව කී ජයසේකර මහතා එම සියලූ ඡන්ද නොමැතිව එම අපේක්‍ෂකයාට ජයගත නොහැකි බව ද කීවේය.
 
 එක්සත් ජාතික පක්‍ෂයේ ද රටට ආදරය කරන පුද්ගලයින් සිටින නමුත් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති පිළිබද ගැටලූවක් තිබෙන බව ද මන්ත‍්‍රීවරයා කීවේය.
 
 දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (1) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 රට මුහුණ පා ඇති තත්ත්වයෙන් මුදාගෙන දූෂණයෙන් වංචාවෙන් තොර රටක් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තීන්දුව හරි අතට ගැනීමට බලාපොරොත්තු වන බව ද හෙතෙම  සඳහන් කළේය.

 ( ඡායාරූප සහ වීඩියෝ  ශාන්ත රත්නායක)

 



අදහස් (0)

‘ ජනාධිපතිවරණයේදී වැඩ කරන හැටි 5 වැනිදා කියනවා ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site