බිඟුන් මේනක ගමගේ
දින පනහේ ආණ්ඩුව කාලයේදී දේශපාලන කුමන්ත්‍රණයක් වී යැයි ද ඒ සම්බන්ධයෙන් සෙවීමට පාර්ලිමේන්තු පනතක් හරහා විශේෂ කොමිසමක් පත් කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීමෙන් එම දේශපාලන කුමන්ත්‍රණය යම් පමණකට පරාජය කළ නමුත් අවසානාත්මක තැනකට ගෙන යා හැක්කේ වැරැදිකරුවන්ට එවැනි කොමිසමක් හරහා දඬුවම් කිරීමෙන් පමණක් යැයි ද විජිත හේරත් මහතා ‘ලංකාදීප සඳුඳා හමුව’ දේශපාලන සාකච්ඡාවට එක්වෙමින් අවධාරණය කර කීය.
2015 ජනවාරි 8 වැනිදා ද මෙවැනිම කුමන්ත්‍රණයක් අරලියගහ මන්දිරයේදී සිදු වී යැයි කී හෙතෙම යහපාලන ආණ්ඩුව ඊට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් සමඟ ඩීල් දමා දේශපාලන ගේම් ගැසී යැයි චෝදනා කළේය.
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ඒ ගැන නොසොයා ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීමට 19 වැනි සංශෝධනයේ සිදුරු සොයමින් සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රිංගා ගොස් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ ද එයට ජන වරමක් හෝ ජන මතයක් නැතැයි ද එවැනි පියවරකට එක්සත් ජාතික පාක්ෂියන්වත් කැමැති නැතැයි ද විජිත හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
ජවිපෙ දින 50 ගැන කොමිසමක් ඉල්ලයි