IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


තෙල් මිල පහළ යාමේ වාසිය කළමනාකරණය කළා නම් වරාය විකුණන්න - ණය ගන්න ඕන් නෑ

(ජයන්ත සමරකෝන්)

“ගත වූ තුන් වසර තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහත වැටීමෙන් රට තුළ ඉතිරි වූ ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක මුදල නිවැරදිව කළමනාකරණය කළා නම් හම්බන්තොට වරාය විකිණීමටත්, චීනයෙන් ණය ගැනීමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට යටත්වීමටත් සිදුවන්නේ නැතැයි”, ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“එදා මුළු ලෝකයම තෙලෙන් බැදෙද්දී මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව තෙල් මිල ස්ථාවරව පවත්වාගෙන යාමට ගත් උත්සාහයන් අවඥාවට ලක්කළ පිරිස් අද රට පාලනය කරමින් තෙල් මිල සූත්‍ර හඳුන්වාදීමට සැරසෙන බවද”, පුංචි බොරැල්ල, වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා කීය.

ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික කළමනාකරණ ඒකකය විසින් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සංවිධානය කර තිබුණි.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

“ආර්ථිකය ගිනිගෙන දැවෙන දුක්ඛිත යුගයක ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ඇමරිකන් ඩොලරයකට අද රුපියල් 160.20ක් ගෙවන්නට සිදුවෙලා.

එදා මහින්ද රාජපක්‍ෂ රජය රට භාරදෙන විට ඩොලරය 131යි. රුපියල දරුණුතම කඩාවැටීමට ලක්වෙලා. ජනතාවට මේ නිසා සිදුවන මිල පීඩනය දරාගන්නට බැරිවෙලා.

එදා සියලුම පාරිභෝගික භාණ්ඩ හා ප්‍රාග්ධන භාණ්ඩවලට ඩොලරයට ගෙවූ රුපියල් 131 වෙනුවට අද වනවිට 160.20ක් ගෙවන්නට වෙලා.

මේ විදියට ගියොත් වසර අවසන් වීමට පෙර ඩොලරයට රුපියල් 165ක් ගෙවන්නට සිදුවන එක වළක්වන්නට බැහැ.
අද අපගේ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 11ක් වනවිට ආනයන වියදම ඇමරිකන් ඩොලර් බිලියන 21ක වෙළඳ පරතරයක්. ශූද්ධ විනිමය ඉතාමත් අඩුයි.

ආර්ථිකය නූල කැඩුණු සරුංගලයක් වාගේ ඔහේ පාවෙනවා. ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලා ආර්ථිකය කළමනාකරණය කරගන්නට බැරිව විවිධ ව්‍යාජ ප්‍රකාශ කරනවා. ආර්ථිකය කඩා වැටෙන එක වසන් කරන්නට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා චීනයෙන් ලැබුණු ඇමරිකන් ඩොලර් බිලියන එක නිසා විදේශ සංචිතය වැඩිවෙන බව කියනවා.

මේ වාගේ හුදු ප්‍රකාශවලින් රටක ප්‍රශ්න විසඳන්නට බැහැ. අවුරුදු 3ක් තිස්සේ ආණ්ඩුව විනිමය කළමනාකරණය වරද්දාගෙන තිබෙනවා.

එදා 2012, 2013 සහ 2014, වසරවලදී ලෝක වෙළඳපළේ බොරතෙල් බැරලයක් ඇමරිකන් ඩොලර් 160ට ඉහළ ගියා.

2015, 16, 17 වසරවලදී තෙල් මිල එකට එකකින් කඩා වැටුණා. එනම් 2016 වසරේදී ඩොලර් 48ට පහත ගියා. 
මෙවැනි වාසියක් ඉතිහාසයේ කවදාවත් තිබිල නැහැ. ශ්‍රී ලංකා මහ බැංකුව, 2009 වසරේ සිට 2015 ඔක්තෝබර් දක්වා ලෝක තෙල්මිල අඩු වැඩි වීම ප්‍රස්ථාරයකින් පැහැදිලි කර තිබෙනවා. 2015 ඔක්තෝබර් වනවිට පහළම තැනකයි ලෝක තෙල් මිල තිබෙන්නේ.

එහි තෙල් බැරලයක අවම අගය ඇමරිකන් ඩොලර් 36.36යි. මෙම කාලය තුළ රටේ ඉතිරිවූ විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 5.1යි.

මෙම මුදල නිවැරැදිව කළමනාකරණය කළා නම් හම්බන්තොට වරාය විකුණලා බිලියන 1.4, මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් සඳහා චීනයෙන් බිලියන 1ක ණයක්, හා අයි.එම්.එෆ්. එකෙන් බිලියන 1.5ක ණයක්  ගන්නට කොන්දේසිවලට යටත්වන්නට සිදු වන්නේ නැහැ.

මේකෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ දැවැන්ත නොහැකියාවයි.

මහින්ද යුගයේ තෙල් සංස්ථාව 2011 දී රුපියල් බිලියන 94.5කි. 2012 දී රුපියල් බිලියන 89.7ක්, 2013 දී රුපියල් බිලියන 7.9ක් 2014 දී රුපියල් බිලියන 19ක් ලාභ ලබා තිබෙනවා.

එය 2015 දී රුපියල් බිලියන 18.4යි. 2016දී රුපියල් බිලියන 69.6යි. 2017 දී රුපියල් බිලියන 5.1ක ලාභයක් වශයෙන් පෙන්නුම් කරලා.

2016 වසරේදී රුපියල් බිලියන 69.6ක ලාභයක් ලැබූ සංස්ථාවේ එම ලාභය 2017 වසරේදී රුපියල් බිලියන 5.1ට අඩු වීම බරපතළ ප්‍රශ්නයක්.

මේකට ආණ්ඩුවෙන් උත්තරයක් අවශ්‍යයි. 

අද ලෝක වෙළෙඳපළේ භූමිතෙල් මිල අඩුවෙලා. ලංකාවේ භූමිතෙල් මිල වැඩිකරලා කුප්පිලාම්පු දල්වාගෙන ජීවත්වන දුප්පතාට මේ ආණ්ඩුව එළව එළවා පහර දෙනවා.

එදා භූමිතෙල් මිල තිබූ මිලටම සහනාධාරයක් ලෙස ලබා දෙන ලෙසට මහින්ද ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ආණ්ඩුවෙන් ඉල්ලනවා.

තැනිනම් දුප්පතාට මේ මිල පීඩනය දරාගන්නට බැරි වෙයි.
අයි.එම්.එෆ්. එක මිල සූත්‍රයක් හඳුන්වා දෙන්නට කියා බලකරනවා. නැත්නම් 5 වැනි ණය වාරිකය ලැබෙන්නේ නැහැ.

මහින්ද යුගයට වඩා 2017දී මිල අඩුවීමේ දැවැන්ත වාසියක්, රටට ලැබී තිබියදීත් එය ජනතාවට ලබා දී නැහැ. 
මහින්ද පාලන යුගයේදී සප්ත මහා අභියෝගවලින් එකක් වූ ලෝක තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ යනවිට ගත් ක්‍රියාමාර්ග එකක්වත් ගන්නට මේ ආණ්ඩුව අද අපොහොසත් වෙලා. ආර්ථික කළමනාකරණය පිළිබඳ තීන්දු-තීරණ ගැනීමේදී දේශපාලන ප්‍රයෝග යොදාගැනීම බරපතළ වරදක්. ලෝක තෙල් මිළ ඉහළ යනවිට ඉහළ දැමීමටත්, පහළ යනවිට පහළ දැමීමටත් ආණ්ඩුවක් මොකටදැයි ප්‍රශ්න කළ වත්මන් පාලකයින්ට එදා කී දේ අද අමතක වීම ගැන අපි පුදුමු වන්නේ නැහැ. මේ පිළිබඳව ඕනෑම අයෙකු සමඟ විවෘත සංවාදයකට වුවද සූදානම්.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අදහස් දක්වමින් මෙසේ කීය.
“භූමිතෙල් මිල අද සියයට තුන්සියයකින් වැඩි කරලා. ධීවර ප්‍රජාවගේ ජන ජීවිත මුළුමනින්ම කඩා වැටිලා. මුහුදු යාම නතර කරලා.

මාළු මාර්කට් වහලා. කළුකොඩි දාලා, අලුත් ධීවර ඇමැති කියනවා කැබිනට් නෝට් එකක් දැම්මාලු. 18දා පටන් භූමිතෙල් සහනාධාරය දෙනවාලු.

කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා කියනවා ආණ්ඩුවෙන් වරදක් සිදු වෙලාලු.

මෙහෙම ආණ්ඩුවක් ගෙනියන්නට පුළුවන්ද? ධීවර ජනතාව මරණ මංචකයේ ඉදිද්දී ඔක්සිජන් දෙන්නට හදනවා.
මේවා වැඩි කරන්නට පෙර ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කළ යුතුව තිබුණා.
වතුකරයේ ජනතාවට ගොවි ජනතාවට මේකෙන් මරු පහරක් වැදිලා.

අති දූෂිත රජයකට තව තවත් දූෂණය වැඩි කරන්නට මේකෙන් අවස්ථාව ලැබිලා.
මේකත් හරියට ග්ලයිෆොසේට් විසඳුම වගෙයි.
මේ සියලුම ප්‍රශ්නවලට මුල දූෂණය අන්තයට යාමයි.

අයෝජකයින්ගෙන් කප්පම් ගන්නා රටක් මේක. ඔවුන්ට නිදහසේ ජීවත්වෙන්නට බැරි රටක් මේක. කන්තලේ සීනි සමාගමේ ආයෝජකයාගෙන් ජනාධිපතිගේ ප්‍රධාන නිලධාරියෙක් අල්ලස් ගැනීමේ සිද්ධිය පැමිණිලි කළාම ඔහුට මරණ තර්ජන එනවා.

එවැනි රටකට ආයෝජකයින් එයිද? 

මේ තර්ජන කර තිබෙන්නේ එල්ටීටීඊ එකෙන් බවටයි වාර්තා වන්නේ.

අද නීතිය කඩා වැටිලා. පසුගිය අප්‍රේල් මාසයේ පමණක් මිනීමැරුම් 37යි. දවසකට එක බැගින් මිනීමැරුම් සිදුවන රටක් බවට පත් වෙලා.

එදා දෙනවා කිව්ව යහපාලනය අ කෝ, ඒ වෙනුවට අල්ලස, දූෂණය රජ කරනවා. පැමිණිලි කළොත් මරණ තර්ජන.
මහ දවාලේ ප්‍රසිද්ධියේ මිනීමරණ යුගයක් අද උදාවෙලා. 2015 ජනවාරි 8 ආරම්භ වූ වෙනස ඒකයි.

අගමැතිවරයා පමණක් පසුගිය කාලය තුළ ප්‍රතිපත්ති ප්‍රකාශ 8ක් ඉදිරිපත් කරලා. ඒවා රාජාසන කතාව වගෙයි. ඒ වුණාට එකක්වත් ක්‍රියාත්මක වී නැහැ.

මේ ආණ්ඩුව නාඩගම් මඩුවක් වගෙයි. 
ජනතා පීඩනය පුපුරා යන්නට ආසන්නයි.

අවුරුදු 20ක් මැලේසියාව පාලනය කළ මහතීර් මහමුද් අවුරුදු 92දී නැවතත් අගමැති ධුරයට පත්කරලා මැලේසියාවේ දූෂිත පාලකයින් පන්නා දැමූ ජනතාව වගේ ශ්‍රී ලංකාවේත් ඒ දේම සිදුවෙනවා.

මහින්ද රාජපක්‍ෂ හැර මේ රට ගොඩගන්නට වෙනත් නායකයෙක් බිහි වෙලා නැහැ. මහින්දගේ නායකත්වය නැවතත් රටම ඉල්ලා සිටින යුගයක් මේක.

අපි ඡන්දයක් ඉල්ලා සිටින්නේ මේ යථාර්ථය නිසයි. ඡන්දයකින් තොරව ආණ්ඩුවක් වෙනස් කරන්නට බැහැ. ආණ්ඩුව ඡන්ද කල්දාන්නෙත් ඒකයි ” යැයිද ඔහු කීවේය. 

 



අදහස් (10)

තෙල් මිල පහළ යාමේ වාසිය කළමනාකරණය කළා නම් වරාය විකුණන්න - ණය ගන්න ඕන් නෑ

ලුම්බිණි Thursday, 17 May 2018 06:17 AM

2016 ජනවාරි වල සිට ලෝක වෙළඳ පොලේ තෙල් මිල අඩු උනේ නැහැ වැඩි උනා.

:       0       29

himal Thursday, 17 May 2018 06:22 AM

එතකොට අර හෙජින් ගිවිසුම ගහලා බහුජාතික බැංකුවක් පෝසත් කළ වෙලාවේ ඒ සල්ලි ඉතුරු කර ගත්තා නම් කොච්චර වැඩ කරන්න තිබ්බද?

:       0       29

enama Thursday, 17 May 2018 06:58 AM

කළමනාකරණය හරියට කරපු නිසා වෙන්න ඇති 2500 කින් මාසයකට එක පුද්ගලයකුට ජීවත් වෙන්න පුළුවන් කියලා

:       0       31

shan saudi Thursday, 17 May 2018 08:31 AM

ඔය කියන මහා ආචාරවරයා මුදල් ඇමති වෙලා උන්න කාලේ රටේ ආර්ථිකය හරියට කළමනාකරණය කලානම් එදා අද රටේ මුළුමහත් ජනතාවම ලෝකෙට ගෙවා ගන්න බැරි ණය ගොන්නලට හිර වෙන්නේ නැහැ.

:       0       32

BamunuarachchiFriday, 18 May 2018 01:57 AM

ඊට කලින් කළමනාකරණය කල අය නිසා තමයි යුද්දය අවුරුදු 30 ඇදුනේ. කලමනකරණයේ හොඳ නිසා තමයි යුද්ද කාලෙත් යුද්දය ඉවර වෙලත් 2015 වනතුරු ඩොලරය රු 130 ගානට තියාගෙන සිටියේ.

:       56       0

Chanak Los angelesSaturday, 19 May 2018 04:31 PM

130 ට තියාගෙන හිටියේ කොහොමද කියලා දන්නා අය නම් දන්නවා.

:       0       54

BamunuarachchiMonday, 21 May 2018 12:36 AM

ඩොලරයේ අගය සම්බන්දව කටයුතු කරන්නේ මහා බැංකුව මිස ජනාධිපති නොවන බවවත් ඉගෙන ගන්න.

:       0       0

Bamunuarachchi Thursday, 17 May 2018 09:04 AM

ඔව් බන්දුල මහතා ඒකතෙරුම් ගැනීමේ බුද්දියක් ආසියාවේ ලොකුම කෙරුමට තිබුණේ නැහැ. එහෙම තේරුම් ගන්න යහපාලකයෝ එකෙකෙකුටවත් පුළුවන් උනෙනත් නැහැ. අනික 62 කොටළුවෝ තාම හිතාගෙන ඉන්නේ ඇයි ඔබතුමාලා ඒ වාසිය වාහන හිමියනට නොදුන්නේ කියලා. යහපාලකයෝ සෝබනේට ඉන්ධන මිල අඩුකලාට සතේක ලාබයක් ජනතාවට නොවුබව මේ මැට්ටෝ අදවනතුරු දන්නේ නැත. නමුත් ඉන්ධන මිල වැඩිඋනාම වාහන හිමියනට පමණක් නොව කාට කාටත් දනුනානේද?

:       115       2

vidya Friday, 18 May 2018 01:39 AM

මෙයාවයි රාජිතවයි එකට බැඳලා කුඹුරක් හාන්න හොඳයි . ඔහේ ක‍ට තියන පලියට කියවනවා.

:       0       44

Bamunuarachchi Friday, 18 May 2018 12:36 PM

විද්‍යාපීඨ හරහා පහර වදිනකොට හිතෙනවා මිනිහව මඩට දාලා මිනිහව දක්කන්න.

:       33       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 5336 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 617 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1976 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3656 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1560 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4689 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 139 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 932 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site