(එෆ්.අස්ලම්)
රටේ ප්රජාතන්ත්රවාදය වනසමින් ඒකාධිපතිත්වය කරා ගෙනයාමේ උත්සහාය පරාජය කිරීමේ ගෞරවය හා ආඩම්බරය දෙමළ ජාතික සන්ධානයට තිබෙන බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පැවසීය.
රනිල් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය අධිකරණය හමුවට ගිය බවට ඇතැමුන් නගන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදට එරෙහි ක්‍රියාදාමයකට රනිල් වික්‍රමසිංහ ද පැමිණෙන්නේ නම් ඔහුට එරෙහිවද දෙමළ සන්ධානය අධිකරණය හමුවට යන බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත ජෝෂප් පරරාජසිංහම් මහතාගේ 13වැනි ගුණ අනුස්මරණ උත්සවය මඩකලපුව ඇමරිකා මිෂන් ශාලාවේදී පැවති අතර එම උත්සවයේ අදහස් පලකරමින් සුමන්තිරන් මහතා එසේ කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමන්තිරන් මහතා මෙසේද කීය.
‘‘සපා කන බල්ලව අල්ලල ගැට ගහල තියන්න ඕන.ඒ වගකීම අපි කළා.අපි ගනුදෙනු කතා කරන කොට අපි එක්ක ගනුදෙනු කතා කරපු උදවියම ගැටහසා සිටි සපන බල්ලව ලිහා දැම්මා. එනිසා ඒ සපා කන බල්ලව ගැට ගහල තියන්න අපට උවමනා වුනා.ඒ දෙය අප සිදුකළා.
දකුනේ ජනතාවට දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇති ගෞරවය වැඩිවෙලා තියෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ඔවුන් එක්ක කතා කරන කොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔවුන් අතරට ගෙන යනකොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ අවශ්‍යතාව ඒ ජනතාවටත් අවබෝධ වී තිබෙන බව පෙනී යනවා.
ජේ.ආර්.ජයවර්ධන ගෙන ආ පූර්ණ බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමයට 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා තවත් බලතල වැඩිකරගනු ලැබුවා. එදා ඒ සංශෝධනය දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ පියසේනත් සහාය දුන්නා.
මේ රටේ ඒකාධිපති පාලනයක් ඇති කරල ප්රජාතන්ත්රවාදය විනාශ කර දමමින් මහින්ද රාජපක්ෂ කටයුතු කළා.රටේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් දකුණේ ප්‍රගතශීලී දේශපාලන බලවේග ඊට එරෙහිව නැගී සිටියා.ඒ ගමනට දෙමළ ජාතික සන්ධානය විදිහට අපත් එක්වුනා
ඒ කාලයේම ජනාධිපතිවරණයක් කැඳවූවා.ඒ මැතිවරණයට පොදු අපේක්ෂකයෙක් ගේන්න අපට උවමනා වුනා. ඒ පොදු අපේක්ෂකකමට ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයෙකු යොදවල ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද කඩල මහින්ද රාජපක්ෂව පරාජය කිරීමේ අරමුණින් කටයුතු කරන්නට සිදුවුනා.
එලෙස පොදු අපේක්ෂකයා වශයෙන් අප තෝරගත් ශ්‍රීලනිප මහ ලේකම්ව සිටි මෛත්‍රිපාල සිරිසේන රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වෙලා ආව පළමු රැස්දීමේදීම පොරොන්දු තුනක් ලබා දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කර කොට්ඨාසයට වගකියන්න පුළුවන් නියෝජිතයින් පත්කරන්න පුළුවන් මැතිවරණ ක්‍රමයක් හදුන්වාදීම සහ රනිල් වික්‍රමසිංහ අගමැති කිරීම එම පොරොන්දු තුනයි.
දෙමළ ජනතාව යුද හමුදාපතිවරයාව සිටි සරත් පොන්සේකාට ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා දුන්නා. ඒ වගේම 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය ලබා දුන්නා. ඒ ඔවුන් දෙදෙනා කෙරෙහි ආදරය හා විශ්වාසය නිසයි. මහින්ද රාජපක්ෂ පරාජයට පත්කිරීම සඳහා ජනතාව එලෙස ඡන්දය ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගද සදහන් කලා. දෙමළ ජනතාව ඔබට ඡන්දය දුන්නේ ඔහුව එලවන්න මිසක් ඔහුව නැවතත් බලයට ගෙන එන්න නෙවෙයි කියල ජනාධිපතිවරයාට කියා සිටියා.ඔහුව නැවතත් බලයට ගෙන ඒම දෙමළ ජනතාව කිසි විටක පිළිගන්නෙ නැති බව පෙන්වල දුන්නා.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම නව මැතිවරණ ක්‍රමයක් ගෙන ඒම, දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් ගෙන ඒම යන අරමුණු ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න හැදුවා.
2016 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ජනාධිපතිවරයා විවිධ අදහස් පලකර සිටියා.ඒ වසරේදීම නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේ කටයුතු ඉදිරියට කරගෙන යාම වෙනුවෙන් මෙහෙයුම් කමිටුවක් පත්කරල අතුරු වාර්තාවක් සකස් කර ඉදිරිපත් වූ අවස්තාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂය බාධක් රැසක් එල්ල කලා.මෙම උත්සහායට ශ්‍රීලංකා නිදහස් පක්ෂය විරුද්ධ වෙන්න හේතුව 2017 වසරේ සැප්තැම්බර් 23වනදා හෙලිවුනා.දීර්ඝ කාලයකට පසුවයි ඒ බව ප්‍රකාශ වුනේ.
ඒ අවස්ථාවේදී අපි ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එරෙහිව ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් එල්ල වන බාධාවන් ගැන ජනාධිපතිවරයාට එහිදී පෙන්වල දුන්නා.එහෙම වෙන්නෙ නැහැ මම කොහොමහරි නව ව්‍යවස්ථාවක් ගෙන එනව කියල එහිදී ජනාධිපතිවරයා පොරොන්දුවක් ලබා දුන්නා.එවන් බාධක තත්වයක් මැද මේ වසරේ නොවැම්බර් හත් වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව විසින් සකස් කළ නව ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.ඊට දින කිහිපයකට කලින් තමයි මේ රටේ ආණ්ඩු වෙනසක් සිදුවුනේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ උත්සහාය වැළක්වීමේ අරමුණින් රටේ ආණ්ඩු වෙනසක් සිදුකළ බව පවසනවා.එම ව්‍යවස්ථාව නිසා රට දෙකඩ වෙනව කියල කියනවා.රටේ දේශපාලන වශයෙන් සිදුවුන වෙනසට මෙයද එක් හේතුවක් වූ බව අප අමතක කරන්න නරකයි.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සදහා ජනධිපතිවරයාට තිබෙන බලය බල රහිත කර තිබෙනවා.ඒ සදහා බලයක් දන් ජනාධිපතිවරයාට නැහැ.මහ මැතිවරණයකින් පසුව අගමැතිවරයකු පත්කර ගැනීමේ බලය ජනාධිපතිවරයාට ලැබී තිබෙනවා.බහුතරය ඇති පාර්ශ්වයක අයෙකු එම ධූරය සදහා පත් කරන්න පුළුවන්.
ඒ අනුව බහුතරය පෙන්වීම සඳහා අල්ලස් දීල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම පක්ෂයට එක්කරගෙන තමන්ට නැති බහුතරයක් පෙන්වීමේ උත්සහායන් සිදුවුනා.අමාත්‍යධූර අල්ලස් වශයෙන් ලබා දුන්න කියන එක සැවම දන්නා රහසක්.ඒ අල්ලසට අපේ ව්‍යාලේන්ද්‍රන් ද හසුවුනා.අල්ලස් දීල මන්ත්‍රීවරුන් කඩා ගැනීමේ උත්සහායන් සිදුවුනා.ජනාධිපතිවරයාද පසු කාලයේ ඒ බව සදහන් කළා.දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමග මේ ගණුදෙනු කතා කළා.ඒත් දෙමළ ජාතික සන්ධානය මේ ඩීල් වලට එකග කරගන්න බැරි වුනා. එක්කෙනෙක් විතරක් එකතු වුනා.එවන් තත්වයක් මැද පාර්ලිමේන්තු බහුතරය මුදලට ගන්න ගත්ත උත්සහායද ව්‍යර්ථ වුනා. ඒ ආකාරයෙන් හෝ බහුතරය පෙන්වීමට නොහැකි වීම නිසා තමයි පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ.
එයද ජනාධිපතිවරයාට නොමැති බලයක් උපයෝගී කරගනිමින් විසුරුවා හරිනු ලැබුවා.ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව වසරකින් විසුරුවා හැරීමට ඇති බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අහිමි වී තිබෙනවා.ඒ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ වසර හතර හමරකින් පසුවයි.
රටේ දේශපලන් අර්බුධකාරී තත්වය මතුවූ කාලයේ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළත් කිසිම විසදුමක් නොලැබුන නිසා ජනපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අපි අධිකරණය හමුවට ගියා.රට නැවතත් ඒකාධිපතිත්වයට ගෙන යාමේ උත්සහාය වළක්වාලීමේ ගෞරවය ආර්.සම්බන්ධන් මහතා ප්රමුඛ දෙමළ ජාතික සන්ධානයට හිමිවනවා.අධිකරණයෙන් සාධරණයක් ඉටු නොවනු ඇති කියල සමහරුන් අදහස් දක්වා සිටියා.විනිසුරුවරුන් අපක්ෂපාතීව කටයුතු කරයිද කියන සැකය බොහෝ දෙනා අතර පැවතියා.ස්වාධීන කොමිෂමක් ස්ථාපිත කිරීමෙන් හා අධිකරණය ස්වාධීනව කටයුතු සිදුවීමෙන් අපක්ෂපාතී තීන්දුව ලබා දුන්නා.
මෙම පෙත්සම් විභාගයට විනිසුරු මඩුල්ල වැඩිකරන්න කියල මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලීමක් කර තිබුනා.තම පාලන කාලයේ සිටි විනිසුරුවරුන් යොදවන්නේ නම් යම් වෙනසක් සිදුවෙයි කියල විශ්වාස කරල විනිසුරු මඩුල්ල හතක් දක්වා වැඩිකර ගත්තා.නමුත් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය වැරදියි නීතියට පටහැනියි කියල අධිකරණය විසින් තීන්දු කළා.
මේ නීතිමය ක්‍රියාමාර්ගයන් පතා අප අවතීර්ණ වීමේදී බොහෝ තැන්වල දෙමළ ජාතික සන්ධානය ගැන කතා කළා.රනිල් වෙනුවෙන් ටී.එන්.ඒ උසාවි ගියා කියල චෝදනා කලා.අපි රනිල් වෙනුවෙන් එහෙම උසාවි ගියේ නැහැ.රනිල් වික්‍රමසිංහ වුනත් ව්‍යවස්ථාවට විරුද්ධව එහෙම ක්‍රියාමාර්ගයක් ගත්ත නම් අපි ඔහුට විරුද්ධවත් අපි උසාවි යනවා. රටේ ප්රජාතන්ත්රවාදයට හානිවන විනාශ වන බලපෑම් එල්ල වන අවස්තාවකදී එම උත්සහායන් වැළක්වීමේ වගකීමක් යුතුකමක් අප හැමෝටම තියෙනවා.
ප්රජාතන්ත්රවාදය විනාශ වී යාමෙන් ඉන් අගතියට පත්වන මුල්ම ජන කොට්ඨාසය දෙමළ ජනතාවයි.මේ රටේ අපි ජීවත් වෙන්න ඕන.අපට එක්සත් ලංකාවක් තුළ අපිට අපිවම පාලනය කරගන්න පුළුවන් දේශපාලන විසදුමක් අවශ්‍යයි.අපි කිසි විටක වෙනම රාජ්‍යක් ඉල්ලන්නෙ නැහැ.
ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.
නුදුරු අනාගතයේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ දී අද (11) පැවසීය.
දේශපාලන දර්ශනය සහ ප්‍රතිපත්ති සිය දේශපාලන දිවියේ ඉදිරියේ ඇති බවත් තනතුරු වරදාන වරප්‍රසාද නිලතල නම්බුනාම සහ මුදල් දේශපාලනයේ දී සැළකිල්ලට ලක් නොකරන බව
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි
නිර්ධන පන්තියේ යැයි කියන ජනපති තෙල් මිල සංශෝධනයේ දී ධනපති පන්තියට සහන දී ඇතැයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
'ප්රජාතන්ත්රවාදයට එරෙහිව යනවා නම් රනිල්ට එරෙහිවත් උසාවි යනවා’