IMG-LOGO

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා


’පුරාණ පන්සල් සියල්ල සංරක්ෂණය කරනවා’

(අංජුල මහික වීරරත්න, කුලියාපිටිය උපේන්ද්‍ර හේරත්, චාමර විමලරත්න සහ හෙට්ටිපොල ආර්. තිලකරත්න)

අනාගත පරපුරට ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අභිමානය පෙන්වාදීම සඳහා පුරාණ විහාරස්ථාන සියල්ල සංරක්ෂණය කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කුලියාපිටියේදී පැවැසීය.

මධ්‍යම සංස්කෘතික අරමුදල මැදිහත් වී පෞරාණික විහාරස්ථාන සංරක්ෂණය සඳහා අවශ්‍ය සියලූ සම්පත් දෙන්නේ යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව කීවේ කුලියාපිටිය දණ්ඩගමුව සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ ධර්ම ශාලාව සහ විහාරයේ ප‍්‍රතිසංස්කරණයෙන් පසු සසුනට පූජා කිරීම නිමිත්තෙන් පැවැති පුණ්‍යත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

රටපුරා වෙහෙර විහාරස්ථාන 12000 ක් පිළිසකර කිරීමේ ජාතික වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල පිළිසකර කටයුතු කළේය.

විහාරාධිපති පහළ දොළොස් පත්තුවේ අධිකරණ සංඝනායක මගුලාගම උපතිස්ස නාහිමියන්ගේ අනුශාසනා පරිදි පුණ්‍යෙත්සවය පැවැත්විණි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය.

දණ්ඩගමුව විහාරස්ථානයේ උත්සවයට සහභාගිවන්න ලැබීම භාග්‍යයක් ලෙස සලකනවා. මෙහි අල්ලපු ගම වන උඩුබද්දාවේ සිට අපද පැමිණි අයයි. අප කුඩා කල මේ ප‍්‍රදේශයට පැමිණෙන විට දණ්ඩගමුව මෙන්ම කුලියාපිටියත් කුඩා ගම්මාන ලෙස පැවතුනා. පසුව ලයනල් ජයතිලක මැතිතුමා යටතේ කුලියාපිටිය විශාල දියුණුව ලබාගත්තා.

සත්කෝරළේ ඉතා පැරණි විහාරස්ථාන තිබෙනවා. මේ විහාරස්ථානයත් ඉතා පැරණි යුගයට අයත් බව කිව යුතුයි. මේ විහාරස්ථානය මහනුවර යුගයට අයත් බව සඳහන් වුණා. නමුත් ටැම්පිට විහාර සම්ප‍්‍රදාය ඊටත් වඩා පැරණි බව මාගේ පිළිගැනීමයි.

දඹදෙණි යුගයේදී තුන්වැනි විජයබාහු රජතුමා යටතේ දන්ත ධාතුන් වහන්සේ මේ ප‍්‍රදේශයට ගෙන යළිත් බෞද්ධ පුනරුදයක් ඇති වුණා. මේ ප‍්‍රදේශය ආශ‍්‍රිතව විහාරස්ථාන ගණනාවක් තිබුණා. දෙවැනි පැරකුම් රජු යටතේ බෞද්ධ හා සාහිත්‍ය ප‍්‍රබෝධය ඇති වුණා. දෙවැනි පැරකුම් යුගය අපගේ සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. ඉන් පසුව හයවැනි පරාක‍්‍රමබාහු යුගය සාහිත්‍ය සම්බන්ධයෙන් වැදගත් වන බව කිව යුතුයි.

ටැම්පිට විහාරය ඉතා පෞරාණික අගයකින් යුක්තයි. සත් කෝරළයේ විහාර සියල්ලම ආරක්ෂා කළ යුතුයි. පෘතුගීසීන් පැමිණීමෙන් පසුව, සීතාවක යුගයෙන් පසුව භික්ෂූන් වහන්සේලා නැතිවීම නිසා විහාරස්ථාන ගණනාවක් පරිහානියට පත් වුණා.

කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දුන් උදව් උපකාර නිසා නැවත දියුණුව ඇති වුණා. කැළණිය රජමහා විහාරයටත් අත් වූයේ මෙවැනිම ඉරණමක් බව කිව යුතුයි.

සංරක්ෂණය කළ යුතු ටැම්පිට විහාර පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල ලැයිස්තු සකස් කර තිබෙනවා. සමහර විහාරස්ථානවල පැරණි ලේඛන තිබෙනවා. පැරණි පුස්කොළ පොත් තිබෙනවා. ඒ සියල්ල ගැන ලේඛණගත කර ආරක්ෂා කර උදවු උපකාර කිරීම අපේ අරමුණයි.

සත් කෝරළයට දැන් හොඳ අවස්ථාවක් ලැබී තිබෙනවා. බුද්ධශාසන ඇමැති සත් කොරළයේයි. එමෙන්ම සංස්කෘතික ඇමැති සංස්කෘතික ත‍්‍රිකෝණය බාර ඇමැතිවරුන්ද සත්කෝරළයේයි. අප සත් කෝරළයට හැන්ද පමණක් නොව පිඟානත්, ගෑරුප්පුවත් දුන්නා. බෙදා ගැනීම ඔබේ වැඩ කටයුත්තයි. මේ ප‍්‍රදේශයේ හොඳ දියුණුව ඇති කර ගන්නැයි මා දැනුම් දෙනවා.

පන්සල් නිසා අපේ පැරැණි ඉතිහාසය ආරක්ෂා වෙනවා. තමන්ගේ ගමේ ඉතිහාසය, පවුල්වල ඉතිහාසය, සත්කෝරළ යුගයේ මෙහි සිටි දිසාවේවරුන්ගේ ඉතිහාසය ගැන පන්සල්වල සඳහන් වෙනවා.

රජ සමයේ පිළිමතලාවේ හා ඇහැලේපොල දිසාවේවරුන් සත්කෝරළයට වැදගත් වෙනවා. හය වැනි පරාක‍්‍රමබාහු රජුගේ සමයේ, සපුමල් කුමරු රජවූ සමයේ දී සත් කෝරළය වැදගත් අංගයක් ලෙස පැවතුණා. ඒ සංස්කෘතිය ඉතිහාසය ආරක්ෂා කිරීම ගැන අපට කිසිම සැකයක් නැහැ. ඇමැතිතුමාත් ක‍්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළයි.

මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් අප උත්සාහ කරන්නේ පෞරාණික විහාර සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සම්පත් දීමයි.

වැඩි ආදායමක් ඇති හින්දු දේවස්ථාන මගින් දුප්පත් දේවස්ථාන ආරක්ෂා කිරීම සඳහා මුදල් දීමට ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රාදේශ්හි නීතියක් තිබෙනවා. තිරුපති දේවස්ථානය ඇතුළු ප‍්‍රධාන දේවස්ථාන ඒ කාර්යභාරය කරනවා.

එමෙන්ම අපත් අමාත්‍යාංශ හරහා ආගමික සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය මුදල් දෙනවා. වර්තමානයේ විවිධ ධනපතියන් ව්‍යාපාරිකයන් වෙහෙර විහාර සමග එකතුවී සිටිනවා. ඔවුන් ද මේ සඳහා එකතු කරගන්නවා නම් මේ වැඩකටයුතු ඉතා ලෙහෙසියෙන්ම කළ හැකියි.

බුදුරාජාණන් වහන්සේ උපන් නේපාලයේ ලූම්බිණි ප‍්‍රදේශයෙත් බුදුරජාණන් වහන්සේගේ කුඩා කාලය, තරුණ කාලය ගෙවූ කපිලවස්තුපුරයත් සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු සඳහා ආධාර උපකාර දීමට මේ වනවිට අපට හැකිවී තිබෙනවා. එය ඉතා වැදගත් වනවා. ඉන්දියා ආණ්ඩුව සාරානාත්හි සංවර්ධන කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන්ම ඉන්දියාවේ කීර්තිමත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන්නේ බුදුරජාණන් වහස්සේයි. ඉන්දියාවේ රාෂ්ඨපති භවන් වෙත ඇතුල්වන විට එහි තිබෙන්නේ එක පිළිරුවක් පමණයි. එය බුදුරජාණන් වහන්සේගේ පිළිරුවයි. රාෂ්ඨපති භවන් ඉදි කළේ සුද්දන්ගේ කාලයේදීයි. නමුත් එහි පියස්සේ ඉහළින්ම තනා ඇත්තේ සාංචි ස්තූප අනුරූපයයි.

අප මේ වනවිට ලංකාවේත් ඉන්දියාවේත් බෞද්ධාගමික සිද්ධස්ථාන දියුණු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. අපට දැන් ඉතිරිව තිබෙන්නේ බුදුන් වහන්සේ උපන් නේපාලයේ ප‍්‍රදේශ ආරක්ෂා කිරීමයි. එවිට අපේ සංඝයා වහන්සේටත් ගිහි ජනතාවටත් ලූම්බිණිය කපිලවස්තු පුරය ආදිය වැඳ පුදා ගැනීමේ වැඩි අවස්ථාව ලැබෙනවා.

මා කපිලවස්තු පුරයට ගියේ මීට අවුරුදු 20 කට පෙරයි. එදා ඒ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු කෙරෙමින් පැවතුණා. මාර්ගයට තාර දමා තිබුණෙත් නැහැ. ඒ නිසා ජිප් රථයකින් තමයි අප කපිලවස්තු පුරයට ගියේ.

එය ඉතා ලස්සන ප‍්‍රදේශයක් වනවා. බුදු රජාණන් වහන්සේගේ ජීවිත කථා ප‍්‍රදේශයට ගැළපෙන බව ඒ ග‍්‍රාමීය සුන්දර පරිසරය දුටු විට වැටහෙනවා.

ඒ ප‍්‍රදේශයට විශාල ඉතිහාසයක් තිබෙනවා. එහි වෙළෙඳාම සහ නගර ඉතා ඉක්මනින් දියුණුවට පත් වුණා. ඒ අනුව බුදු දහම පළමුවෙන්ම වැළඳ ගත්තේ ඉන්දියාවේ නගරවාසීනුයි. ඇතැම් පිරිස් ජෛන ආගම වැළඳ ගත්තා. බුදු දහම ගම්මාන සඳහා ව්‍යාප්ත කිරීමේ විශාලම කාර්ය භාරය වූයේ ශ්‍රී ලංකාවෙනුයි.

මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන විට මෙහි විශාල වෙළෙඳ නගර තිබුණේ නැහැ. අනුරාධපුරය එකල විශාල නගරයක් නොවෙයි. වැඩි වශයෙන් ලංකාවේ පැවතුනේ කුඩා ගම්මාන ස්වරූපයේ ජනාවාසයි. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ගේ පැමිණීම සහ ශ්‍රී මහා බෝධි අංකුර ශ්‍රී ලංකාවට දීම හරහා ඒ ගම්මානවල ජනතාව බුදු දහම වැළඳ ගත්තා.

ආගමික වැඩ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට මහා විහාරය ඇති වුණා. ඒ සමගම ජේතවනාරාමය ඇති වුණා. ජේතවනාරාමයත් අභයගිරියත් වෛතුල්‍යවාදී ස්වරූපයක් ගත්තා. කෙසේ නමුත් අපට වඩා වැදගත් වූයේ මහා විහාරයයි.

මහා විහාරයේ මේ වනවිට ප‍්‍රතිසංස්කරණ කටයුතු කර නැහැ. අටමස්ථානාධිපති රුවන්වැලි සෑයේ නායක ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡා කර මහා විහාර ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස මා ඇමැතිතුමාට පැවසුවා.

ථෙරවාදී බුදු දහම අද වනවිට ශ්‍රී ලංකාවේ පැතිරී විශේෂයෙන් තායිලන්තයට, මියන්මාරයට, කාම්බෝජයට, ලා ඕසයට, වියට්නාමයට සහ දකුණු වියට්නාමයට එය පැතිරී ගොස් ආරක්ෂා වූවා. ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ පැතිර තිබූ මහායාන බුදු දහම ආරක්ෂා වුණේ නැහැ.

අපේ මහා විහාරය ආරක්ෂා කළ යුතුයි. එය අපේ බුදු දහමේ කේන්ද්‍රස්ථානයයි. අග්නි දිග ආසියාවෙන් පැමිණි භික්ෂූන් වහන්සේලා දිඹුලාගලින් උපසම්පදාව ගත්තා.

දිඹුලාගල ප‍්‍රදේශවල පුරාවිද්‍යාත්මක සාධක සොයා ගැනීම සඳහා මූලික කැණීම් කටයුතු දැනටමත් ආරම්භ කරලා. දිඹුලාගල සහ මහා විහාරය පිළිබඳ විශේෂ අවධානය යොමු කළ යුතුයි. බුදු දහම ප‍්‍රචාරයට විශේෂයෙන්ම දායක වූයේ මේ දෙපාර්ශ්වයයි.

මුස්ලිම් ජනතාවට මක්කම ආරක්ෂා කිරීමට හැකි නම් ක‍්‍රිස්තියානි ජනතාව ජෙරුසලම ආරක්ෂා කරනවා නම් අප නේපාලය, ලූම්බිණිය කපිලවස්තු පුරයේ සංරක්ෂණ වැඩ කටයුතු කරමින් අපේ බුදුදහමේ මූලස්ථාන වන මහා විහාරය සහ දිඹුලාගල වැනි ස්ථාන ආරක්ෂා කළ යුතුයි.

බුදු දහම ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමේදී සත්කෝරළය විශේෂ කාර්ය භාරයක් කළා. දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා යටතේ සිංහල සාහිත්‍ය දියුණු වුණා. දෙවැනි පරාක‍්‍රමබාහු යුගය සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය යුගය ලෙස සලකනවා. ඉන් පසුව වීදාගම මහා මෛත‍්‍රී, තොටගමුවේ ශ්‍රී රාහුල වැනි ස්වාමීන් වහන්සේලා සිංහල සාහිත්‍ය දියුණු කළා.

ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත කෞතුකාගාරවල සිංහල භාෂාවේ සහ සාහිත්‍යයේ ක‍්‍රමික දියුණුව පිළිබඳවත් සඳහන් කළ යුතුයි. දණ්ඩගමුව විහාරස්ථානයේ ඉදිරි ගමනට මා සුබ පතනවා යැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය රකිල විරාජ් කාරියවසම් මහතා

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් විශාල වැඩකොටසක් කෙරෙනවා. ඊට ප‍්‍රාණ ජීවය දුන්නේ වත්මන් අගමැතිතුමායි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විධිමත් ක‍්‍රමවේදයකට අනුව සංරක්ෂණ කටයුතු කරනවා. අප හමුවී සාකච්ඡා කර මෙරට පුරාවිද්‍යා සංරක්ෂණය කළයුතු තැන් ප‍්‍රමුඛතා අනුව සංස්කරණය කෙරෙනවා.

විදෙස් සංචාරකයන්ට විකුණන ටිකට්පත්වලින් මධ්‍යම සංස්කෘතික අරමුදලට මුදල් ලැබෙනවා. ඉතා ඉක්මනින් මේ සිද්ධස්ථාන සංරක්ෂණය කිරීම අපේ අරමුණයි.

සංස්කරණය කළ යුතු පන්සල් මොනවාදැයි අප හඳුනාගෙන තිබෙනවා. අඩු පහසුකම් සහිත පන්සල්වලට පහසුකම් දී මේ වසරේදී වෙහෙර විහාර දහසක් අලූත්වැඩියා කිරීම අපේ අරමුණයි.

පාට කණ්ණාඩියෙන් නොබලා බුදුන් වදාළ අයුරින් කරුණු විමසා තේරුම් ගන්නා ලෙස මෙරට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අගමැතිතුමන්ට බුදු දහම ගැන ගැඹුරු අවබෝධයක් තිබෙනවා.

මෙරට අධ්‍යාපනයේ හොඳම සංකල්ප හඳුන්වා දුන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතායි. ඒ ගැන විවාදයක් නැහැ. රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩිපුරම කාර්යභාරයක් කළේ වත්මන් අගමැති තුමයි.

කුලියාපිටියට යහපාලන රජයෙන් බොහෝ දේ ලැබුණා. ඉදිරියේදී තවත් කර්මාන්තශාලා මේ ප‍්‍රදේශයට ලැබීමට නියමිතයි.

දණ්ඩගමුව සුධර්මාරාම පුරාණ විහාරාධිපති පහළ දොළොස්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක මගුලාගම උපතිස්ස නාහිමියෝ.

අප විහාරයට රාජ්‍ය නායකයන් පැමිණි අවස්ථා දෙකක් තිබෙනවා. 1982 වසරේ ආර්. පේ‍්‍රමදාස මහතා මෙහි පැමිණියා. ඉන් පසුව අපගේ කල්‍යාන මිත‍්‍ර අකිල විරාජ් කාරියවසම් ඇමැතිතුමාගේ මැදිහත්වීම මත වත්මන් අගැමති රනිල් වික‍්‍රමසිංහ මහතා පැමිණියා.

මෙහි බෝධිය වසර 2000 ක් පමණ පැරණියි. ටැම්පිට විහාරය මහනුවර යුගයේ ඉදිකළ බව පැවසෙනවා. මේ බණ මඩුව ඉතා පැරණි යුගයට අයත් එකක් වනවා.

අතීත බණ මඩුව ජරාජීර්ණ වී තිබූ මොහොතක රජය මැදිහත්වී මෙහි ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරැඹුවා. අකිල විරාජ් කාරියවසම් මහතා ඊට මුල්වී කටයුතු කළා. මේ විහාර ප‍්‍රතිසංස්කරණය ගැන මහා සංඝරත්නය ඉතා සතුටට පත් වෙනවා.

තිස්සව රජමහා විහාරාධිපති වයඹ පළාතේ ප‍්‍රධාන සංඝනායක මුගුණුවටවන ශ්‍රී සිද්ධත්ත නාහිමියෝ

අගමැතිතුමා මෙරට බුදු සසුන පිළිබඳ වගකීම මැනවින් වටහාගෙන සිටිනවා. ශාසනික මෙන්ම අධ්‍යාපනික වශයෙන් ප‍්‍රදේශයට විශාල කාර්යභාරයක් කෙරෙනවා.

අගමැතිතුමාත් වයඹට සම්බන්ධකම් කියන බව කිහිප අවස්ථාවකදීම පවසා තිබෙනවා.

මේ ආකාරයට සමස්ත ලංකාවේම සිද්ධස්ථාන ප‍්‍රතිසංස්කණය කෙරෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය නිශාන්ත ගුණවර්ධන මහතා

දණ්ඩගමුව රජමහා විහාරය මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ප‍්‍රතිසංස්කරණය කළා.

අතීත මහා සම්ප‍්‍රදාය රැක ගැනීමට විහාරස්ථාන විශාල දායකත්වයක් දුන්නා.

මෙවැනි පුණ්‍ය ස්ථාන සංරක්ෂණය කර අනාගතයට බාරදීම සඳහා රජය විශාල කාර්යභාරයක් කරනවා.

බුදු දහම චිරාත් කාලයක් පවත්වාගෙනයාම සඳහා වෙහෙර විහාර සංස්කරණයට අමතරව භික්ෂුන් වහන්සේලාගේ සිව්පසයන් පිළිබඳව සොයා බැලීම පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල නිරත වෙනවා.

මේ අවස්ථාවට බුද්ධ ශාසන තිරසාර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා, සංස්කෘතික කටයුතු වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න, වයඹ පළාත් අණ්ඩුකාර අමරා පියසීලි රත්නායක, ප‍්‍රධාන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු වන නලින් බණ්ඩාර, තුෂාර ඉඳුනිල් යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිිරිසක් සහභාගි වූහ.



අදහස් (5)

’පුරාණ පන්සල් සියල්ල සංරක්ෂණය කරනවා’

sathyayaa Saturday, 09 September 2017 01:09 AM

බයිලා වලින් බුදු බණ කියන්න හැකි එකම ගායකයා දේශපාලකයෙක් ද වීම මොනතරම් අරුමයක්ද?

:       0       181

raveendra Saturday, 09 September 2017 03:24 AM

අනේමන්ද මගේකුඔුරේ නියරවල් ටිකවත් බලාගන්න බැරි මම හීනයක් ද මේ නැත්නම් මම " මදුවැල් කැද " බිවුවද මතක නැහැ.

:       0       178

අප්පොහාමි Saturday, 09 September 2017 04:42 AM

පිං කැට කඩනවා.. මහ බැංකු කඩනවා.. ව්‍යවස්ථා හදනවා.. නංගිලාට මල්ලිලාට රත්තරන් බ්‍රේස්ලට් දෙනවා.. අවි ගබඩා ගිනි තියනවා.. දේශපාලනේ.... ලාභායි...

:       0       125

raveendra Saturday, 09 September 2017 08:24 AM

සත්‍යය සහ අප්පුහාමි යන ඔබ දෙපලගේ අදහස් වලින් අපගේ ලේ යම්තාක් දුරට පිරිසිදු කරගැනීමට හැකිවීම ගැන ඔබ දෙදෙනාටම ස්තුතිවන්ත වන්නෙමු.

:       0       5

sathyayaa Friday, 06 October 2017 05:05 PM

රවීන්ද්‍ර සොයුර ! ඔබටත් පින්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2127 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 495 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1919 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 49 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 199 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 729 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site