IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ පළපුරුදු පිරිසක්

(අංජුල මහික වීරරත්න)

පළපුරුද්දක් නැති පිරිසක් පාර්ලිමේන්තුවට පත්වුණොත් එයින් රටට යහපතක් වේ යැයි සිතන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මීගමුවේ දී අද (27) පැවසීය.

අද මාලිමාවේ සිටින පිරිස කවුදැයි ජනතාව හඳුනන්නේවත් නැතැයි කී විජයවර්ධන මහතා ගෑස් සිරින්ඩරයෙන් තරඟ වදින නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කණ්ඩායම සතුව දක්ෂ පළපුරුදු කණ්ඩායමක් සිටින බව සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ජන හමුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

අපගේ බලාපොරොත්තුව වූයේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි.මේ රටේ ආර්ථිකය හදන්නට හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහට පමණයි.රට බංකොලොත් වූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ එතුමා පමණයි.අප සියලු දෙනාට ජීවත්වීම සඳහා ඔහු වාතාවරණය හදා දුන්නා.

නමුත් අවාසනාවකට ජනතාව වෙනත් තීන්දුවෙන් ගත්තා. පත් වූ ජනාධිපතිගේ කකුලෙන් අදින්නට අප බලාපොරොත්තු වන්නේ නැහැ.නමුත් එතුමාගේ ඇතැම් තීන්දු තීරණ ගැන අප සතුටු වන්නේ නැහැ.එතුමාට අත්දැකීම පලපුරුද්ද ටිකක් අඩුයි.රටේ නායකත්වය භාර ගැනීම යනු ලේසි පහසු වගකීමක් නොවේ.

රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථිකය පිළිබඳව තිබෙන දැනුම නිසා රටේ ආර්ථිකය යම් තත්ත්වයකට ගෙන ඒමට ඔහුට හැකියාව ලැබුණා. එදා අනුර එදා කියූ දේ සහ අද කියන දේ බලන විට පරස්පර විරෝධී බවක් පෙනෙන්නට තිබෙනවා. මේ මැතිවරණයේදී වත් රටට හරි නායකත්වයක් දෙන්නට අප කල්පනා කළ යුතුයි.

වත්මන් පාලකයන්ටත් වගකීම අතහැර යන්නට සිදුවුණහොත් යළි රටේ වගකීම බාරගන්නට පළපුරුදු කණ්ඩායමක් සිටිය යුතුයි" යනුවෙන්ද රුවන් විජයවර්ධන මහතා කීය.

ඡායාරූප:- ප්‍රදීප් පතිරණ

 

 



 

 
 

දේශපාලන

වර්තමාන ආණ්ඩුව ජනතාවට බරක් නොවන බව ඔප්පු කළා
2025 අප්‍රේල් මස 17 851 9

වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය


පච දේශපාලනය රජ වෙලා
2025 අප්‍රේල් මස 17 1084 22

මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 7052 4

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 842 1

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 2049 34

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3755 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 978 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 425 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site