IMG-LOGO

‘බංකොලොත් දේශපාලකයින්-කණ්ඩායම් අපට පහර ගහනවා‘

( දිනේෂ් උපේන්ද්‍ර)                                                                    

අද වනවිට විපක්‍ෂයේ බංකොලොත් දේශපාලකයින් හා වෙනත් කණ්ඩායම් වරදින වචනයක් දෙකක් අල්ලගෙන පහරපිට පහර එල්ලකරන මට්ටමකට පත්ව ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
 

අද (06)  කුලියාපිටිය නගරශාලාවට කැඳවා තිබූ ආසන බලමණ්ඩල නියෝජිතයින් පිරිසක් හමුවීමෙන් අනතුරුව , මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින්  ඒ  මහතා  පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහලේකම් වරයා මෙසේද පැවසීය.
 
අපි හොඳ  සිංහල බෞද්ධයෝ, විපක්‍ෂය අපිව අබෞදධයො කරමින් එ පිළිබදව උගන්නන්න ආවට අපේ රජය පත්වුණායින් පස්සෙ තමයි විහාරස්ථාන වැඩිපුරම දියුණු කළේ. මධ්‍යම සංස්කෘතික අරමුදල මා යටතේ තියෙද්දි විහාරස්ථාන එක්දහස් පන්සියයකට ලක්‍ෂ 5 බැගින් දුන්නා. අනුරාධපුර මහාවිහාරය, රුවන්වැලිසෑය ප‍්‍රතිසංස්කරණයට කෝටි ගාණක් මුදල් දැම්මා. දීඝවාපියටක් කෝටි 80ක් දුන්නා.
 
අපේ ජනපති අපේක්‍ෂකතුමත් පන්සල් වෙහෙර විහාරස්ථානවලට එමගින් වැඩකරලා තියනවා. රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගිනුත් ඉතිහාසෙ කවදාවත් නොවූ විදිහට වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කළා යැයි පැවසීය.
 
තවද බෞද්ධකම ඉදිරියට දමා බෞද්ධකම පොරවා දේශපාලනය කරන්නේ කවුද යන්නත් සත්‍ය ලෙසම බෞද්ධයින් වෙනුවෙන් වෙහෙර විහාර දියුණු කළේ කවුද යන්නත් ජනතාව තුළ අවබෝධයක් පවතින බවද හෙතම පැවසීය.



අදහස් (1)

‘බංකොලොත් දේශපාලකයින්-කණ්ඩායම් අපට පහර ගහනවා‘

sharm warn Thursday, 10 October 2019 10:30 AM

තවද අඟහරු ලෝකෙන් පැමිණි බංකොලොත් අධ්‍යාපන ඇමති එසේ පැවසීය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 220 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 557 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site