(නිමල කොඩිතුවක්කු)
මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත බුදුදහම සුරකිමින් සෙසු ආගම්වලට ද නිසි තැන ලබාදෙමින් මේ අසීරු අවස්ථාවේ රට ගොඩනගන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහාසංඝරත්නය හමුවේ පැවසීය.
ආගම් අතර ජාතින් අතර එකමුතුභාවය සංහිඳියාව විශාල ශක්තිය බවට පත් කර බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමට දැවැන්ත බලවේගයක් නිර්මාණය කරන බවත් විපක්ෂනායකවරයා සඳහන් කලේය.
සමගි ජන බලවේගයේ ජාතික සඟ සමුළුව කොළඹදී අමතමින් සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේය.
සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර රට සෞභාග්‍යය සම්පන්න දැහැමි ජන ප්‍රජාවක් නිර්මාණය කළ යුතු බවත් තම පාලන කාළයේදි ඒ වෙනුවෙන් කැපවන බවත් විපක්ෂනායකවරයා පැවසිය. අද රටේ ඇත්තේ දහම් පාසල් තරගවලටත් අනුගහය ලබා දිය නොහැකි රාජ්‍ය පාලනයක් බවත් එය කණගාටුවට කරුණක් බවත් ප්‍රේමදාස මහතා කීවේය.
මහා සංඝරත්නය ඉටු කරන ආගමික සාසනික සේවාව ශක්තිමත් කළ යුතු බවත් ආගම් අතර ජාතින් අතර එකමුතුභාවය සංහිඳියාව විශාල ශක්තිය බවට පත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.
විහාරස්ථානවල වැඩ සිටින මහා සංඝරත්නය ගම් නියම්ගම් නගර කේන්ද්‍ර කර ගෙන අප රටට සාමය සමෘද්ධිය සෞභාග්‍යය හා සංවර්ධන උදෙසා ශිෂ්ටසම්පන් ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩ නැගීමට ඓතිහාසික කාර්යභාරයක් ඉටු කරන බවත් ප්‍රේමදාස මහතා කීවේය.
රාජ්‍ය පාලනය ගෞරවනීය මහා සංඝරත්නය ප්‍රමුඛ අනෙකුත් ආගමික නායකයන්ගේ අවවාද අනුශාසනා මත සිදුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ග්‍රාමීය හා නාගරික සංවර්ධන කඩාවැටී ජනජීවිත කඩා වැටි ජීවනෝපාය බිදවැටි අද රට බහුවිධ අභියෝගවලට මුහුණ දෙන බවත් ඔහු සඳහන් කළේය.
ඉතිහාසය පුරා රටට අභියෝග එල්ල වන විට අවවාද අනුශාසනා ලබාදුන්නේ මහා සංඝරත්නය බවත් ඒ නිසා මේ අවස්ථාවේ මහා සංඝරත්නයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මානුෂීය ගුණාංග ක්ෂය වෙන සමාජයේ ආගමික නායකත්වයන් තුළ ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩ නැගිය යුතු බවත් ඔහු සඳහන් කළේය.
කඩාවැටුණු ගරා වැටුණු දේශය දහම් අධ්‍යාපනය කේන්ද්‍රීයව සුචරිතවත් ජන සමාජයකට මුල පිරිය යුතු බවත් දහම් පාසල් දරුවන්ට තරුණයන් ට සුහුරු අධ්‍යාපනය ලබා දෙන ස්ථන බවට ආගමික ස්ථාන පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එමෙන්ම පන්සල් තුළ රටට යහපත් සිදුවන දේවල් අඩපණ වී ආගමික සිද්ධස්ථාන වැසී යන නිසා ඒවා රැකගත යුතු බවත් කැපකරු මාපිය ක්‍රම, සූර්ය බලශක්ති ලබා දීම, සුහුරු අධ්‍යාපනය ලබා දීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘‘බුදු දහම සුරකිමින් සෙසු ආගම්වලට නිසි තැන දෙනවා‘‘
සෙනෙවිරත්න Thursday, 12 September 2024 01:33 PM
ඒකට අවංක කැපවීමක් තියෙනව නම් ඔය ලිට්රො එකෙන් පඩගත්ත උන්නාන්සෙත් පොලිස් කාන්තාවකට අයුතු යෝජනාවක් කරපු උන්නාන්සෙත් ලවා විරුද්ධ මත දරන අයට බොරුු අවලාද කරන්න එපා කියන්න. එයාල හිතන ඒව අනුන්ගෙ අදහස් විදියට ප්‍රසිද්ධියේ කියන එක බුදුු දහමට එකඟ නැහැ
යෝගා Thursday, 12 September 2024 01:39 PM
කතාව දෝලාවෙන් ගමන පයින් තමා වෙන්නේ. ආර්යාව නම් දෝලාවෙන් යයි
අරවින්ද මොනරවිල Thursday, 12 September 2024 02:18 PM
ඒකට ලබන සැරේ වත් උත්සාහ කරලා බලන්න !
ගමේ එකාලා Thursday, 12 September 2024 03:12 PM
කැසිනෝ කාරයන්ගේ පිහිටෙන් කටයුතු කරන තමුන් කියන කතා කවුද විස්වාස කරන්නේ?
Rata Perata Thursday, 12 September 2024 03:32 PM
ආර්යාව දැන්මම වැඩ පටන් අරගෙන වගේ. අර බලෙන් අල්ලගෙන ඉන්න ගොඩනැගිල්ල දෙන්නේ නැද්ද?
ddd Friday, 13 September 2024 12:35 PM
ජනාධිපති වෙන්න තියා, විපක්ෂ නායක කමටවත් සුදුසු නැත. අවුරුදු කීයක් නම් විපක්ෂ නායක වෙලා හිටියද? මෙලෝ රහක් තිබුණද මෙයා තනිකර ජෝකර් කෙනෙක් ... කටින් බතල හිටවනවා. කියන්න ඔක්කොම දන්නවා කියලා... ඒත් දන්න කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ විපක්ෂ නායකකමවත් මෙයාට ලැබෙන්න එපා.