(මුදිතා දයානන්ද )
ආණ්ඩුවේ බැරිකම් වහගන්න, ආණ්ඩුවේම අය දෙකට බෙදිලා දෙපැත්තට චෝදනා කරගනිමින් නැවතත් ජනතාව නොමග යවන්න හදනවා. මේ අය බලයට ආවෙම වැඩපිළිවෙලක් ඇතිව නොව ජනතාව බිය වද්දලා. ඒකයි ඇත්ත යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අද (18) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ බත්තරමුල්ල, සුභූතිපුර පාරේ, අවකාශ මධ්‍යස්ථානයේ පිහිටි ජාතික ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදී “ජනාධිපතිට වැඩක් කරන්න ඕන කමක් තිබෙනවා ඒත් ඉඩක් නෑ වගේ අදහසක් තිබෙනවා නේද?”යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි ඔහු මෙසේද පැවසීය.
එක කණ්ඩායමක් කියනවා මෙයාට වැඩක් කරන්න ඕන කම තිබෙනවා ඒත් අරගොල්ලන්ගෙන් ඉඩක් නැහැ කියලා. ඒ කණ්ඩායම කියනවා මෙතුමාට නම් වැඬේ කරන්න පුලුවන්, ඒත් අරයට වැඩ කරන්න තේරෙන්නේ නැහැ කියලා. මේ විදිහට දෙගොල්ල දෙපැත්තට කියා ගනිමින් ජනතාව නොමග යවනවා. ඒත් ඇත්තටම ඔවුන්ට රට හදන්න පුලුවන් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ණය අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියලා මාධ්‍යවේදින් එදා ඇහුවාම මල්ලී අය්යගේ මූණ දිහා බැලුවේ.
අයියා කිව්වා ආ ඒක සුලු දෙයක්. අපිට දුන්නොත් කරලා පෙන්වන්නම් කියලා. දැන් ඉන්දියාවට ගිහින් අඬනවා වසර තුනකට ණය කල්දාලා දෙන්න කියලා. ඕක තමයි ඇත්ත.
ජාතික ආරක්ෂාව මූලික සටන් පාඨය කරගෙන බලයට ආවේ. ඒත් තවමත් අපේ රටේ ආරක්ෂාවට විිශාල තර්ජනයක් වන ඇක්සා, ගිවිසුම අහෝසි කරන්න කටයුතු කරලා නැහැ. සෝෆා, එම්සීසි ගිවිසුම්වලට ගිවිසුමට මොකද කරන්නේ කියලා කියන්නේ නැහැ. තවමත් රටට ආරක්ෂක ලේකම්වරයෙක් මිස ඇමතිවරයෙක් නැහැ.
ජනතාවට සහන දෙනවා කිව්වා. ඒත් දීපු බදු සහනයෙන් වත් ජනතාවට සහනයක් වුණේ නැහැ. අඩුආදායම් ලාභී පවුල්වලට දෙනවා කියපු රුපියල් තුන්දාහේ සහන මල්ල නැහැ. ඒ අයට ලැබෙන ආදායමෙන් වත් කන්න බැරි තරමට බඩුමිල දවසින් දවස වැඩිවෙනවා. සැපයුම අඩුවෙනකොට මිල ඉහළ යනවා ඒක වළක්වන්න බැහැයිලු. එහෙම කියන්න ආණ්ඩුවක් මොකටද කියලා ඒ ගොල්ලොම ඉස්සර කිව්වා.
ඇත්තටම ඒකට ආණ්ඩුවක් ඕන නැහැ. වතුකම්කරු වැටුප රුපියල් දාහකින් වැඩි කරනවා කියලා විශාල බොරුවක් කළා. 2016න් පසු විශ්‍රාම ගිය අයට 2020දී වැඩිවිය යුතු වැටුප ලබානොදී මගඇරලා. ජනතාවට කිසිම සහනයක් මේ ආණ්ඩුවෙන් නැහැ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘ බැරිකම් වහගන්න ආණ්ඩුවෙම අය දෙකට බෙදිලා‘