IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවනවා

(ආරියරත්න රණබාහු)

ජනතාවගේ අරමුණ සහ පාලකයන්ගේ අරමුණ එකක් වන ආණ්ඩුවක් මෙවර පිහිටුවන බව  ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා මාලඹේ දී පැවසීය.


ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ කැමැත්ත මත ය එසේ පිහිටවන ආණ්ඩුව ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යැයි ඒ මහතා සඳහන් කළේය.

රට අනුරට තේමාව යටතේ මළඹේ නගරයේ දි පැවති ජාතික ජන බලවේගයේ  ප්‍රචාරක රැළියේදී මෙම අදහස් පළ කළ දිසානායක මහතා එහිදී මෙසේද කිය.

‘අපේ රටේ ජනතාව දැන් වසර කීපයක් තිස්සේ චන්දයක් දිහා බලාගෙන ඉන්නවා. පළාත් පාලන ඡන්දය පවත්වනවා කියලා දැන් අවුරුදු එකහමාරක් වෙනවා ඒක දුන්නේ නැ. ජනාධිපති ඡන්දය නොකියා ඉන්න ආණ්ඩුව පුළුවන් තරම් උත්සාහ ගත්තා. නමුත් එය නොපවත්වා සිටීමට තරම් ආණ්ඩුවට නොහැකි වුණා
මීට කලින් චන්ද පවත්වන විට ඒ ගැන උනන්දුව තිබුණේ පාලකයට නමුත් අද පාලකයාට ඡන්ද එපා වෙලා. රටේ. ලක්ෂ සංඛ්‍යාත  ජනතාවට ඡන්දේ උවමනා වෙලා.

තව අපට ඡන්දයට තියෙන්නේ ඉතාම කෙටිකා.ලයි.. ඒ කෙටි කාලයත් මේ ආව වගේම ශක්තිමත් වැඩ කරමු. මාලිමාව දිනවීමට කටයුතු කරමු  අපි සැලසුම් කරල කරන වැඩ ප්‍රමාණයට වඩා වැඩ ප්‍රමාණයක්  ජනතාව අපව දිනවීම සඳහාකටයුතු කරන බව පේනවා. ලංකාවෙ ප්‍රථම වතාවට ඡන්දයක  වගකීම ජනතාව විසින් පවරාගෙන තිබෙනවා‍

සමාජ මාධ්‍යවල ලියන කියන අය අපි නොදන්න අය අපිව මුණ නොගැසුණු අය අපි වෙනුවෙන් ලියන්න කියන්න පටන් අරගෙන තියෙනවා. ගමේ ගමේ අය තමන්ගේ ඥාතීන් හිතුවතුන් සමඟ ඒ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙනවා. මම දැක්කා කාර්යාල වල ඡන්ද තියෙනවා. කාර්යාල ඇතුලේ කැන්වැසින් යනවා. ත්‍රීවිල් එකට ගොඩ වුණත් ඒක වීදුරු මහත්තයා මේ කතාව කියන්න ගන්නව දොස්තර මහත්තයා ගාවට ගත් ඒ කතාව කියන්න ගන්නවා. කොණ්ඩේ කපාගන්න සැලූන් එකට ගියත් මේ කතාව එතනත් එහෙමයි. අද මුළු මහත් රටේම ජනතාව ජාතික ජන බලවේගය කරා හැරිලා තියෙනවා. මේක කවදාවත් තිබුණු තත්ත්වයක් නෙමෙයි.

වෙනදා වෙනත් දේශපාලන පක්ෂ රැස්වීම් වලට සෙනග ගේන්නේ කන්න බොන්න දීලා ඒ රැගෙන ආවහමත් විවිධ දේවල් බෙදෙනවා. නමුත් මේ සැරේ මේ අවස්ථාව තමයි දේශපාලන ව්‍යාපාරක් වෙනුවෙන් මුළුමහත් ජනතාව මැදිහත් වෙලා. වැඩ කරන්නේ ඒකෙන් කියන්නේ මේ ගොඩනැගෙන්නේ ජාතික ජන බලවේගය ක්‍රියාකාරීන්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ගේ ආණ්ඩුව ක් ද නැහැ. මේ ගොඩ නැගෙන්නේ ජනතාවගේ ආණ්ඩුවක්.
අපි ඔබසැමට සහතිකයක් දෙනවා අප කෙරෙහි මේ තබා තිබෙන විශ්වාසය කුඩා ප්‍රමාණයකින් හෝ හානි වීමට ඉඩ තබන්නේ නෑ. ඒ විශ්වාසය ඒ විදියටම ආරක්ෂා කරනවා.

වෙනදා ආණ්ඩු හැදෙනකොට ජනතාවට අරමුණක් තිබුණා නමුත් පාලකයන්ට ඊට වඩා වෙනත් අරමුණක් තිබුණා. ජනතාවගේ අපේක්ෂාවයි පාලකයා අපේක්ෂාවයි දෙකක්. ජනතාවගේ අපේක්ෂාව වංචා දුෂණ නතර කරන්න. නමුත් පාලකයාගේ අපේක්ෂාව ඇති පදමට වංචාවේ දූෂණයේ යෙදෙන්න. මහජනගේ අපේක්ෂාව හොරකං කළ දේපළ අරගෙන ඒ අයට දඬුවම් දීම. ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන ගෙනාවා කළේ මහින්දට නැවත අගමැතිකමදීම. හොරකම් කළ අයට ත් දඬුවම් දෙන්න ගෝඨාභය රාජපක්ෂ ගෙනාවා එයා කළේ රනිල්ට ජනාධිපතිකමදීම. ඒ අය වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කළා ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැට්ටෙව්වා. යැයි දිසානායක මහතා කීය.



 

 



අදහස් (17)

බහුතර කැමැත්තෙන් ආණ්ඩුවක් පිහිටුවනවා

Sanath Wednesday, 28 August 2024 11:42 AM

දූෂිත පාලකයින් බියෙන් සලිත කළ සිංහ නාදය​, අනුර​...

:       83       57

Kumara Wednesday, 28 August 2024 11:43 AM

9 වන විධායක ජනාධිපති දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක​.

:       83       53

Nissanka Wednesday, 28 August 2024 11:43 AM

මව්බිමේ අවසන් බලාපොරොත්තුව මාලිමාව.

:       103       60

Chandana Wednesday, 28 August 2024 11:45 AM

රට අනුරට​. හොරු හිරගෙට​...

:       60       53

Vajira Wednesday, 28 August 2024 11:47 AM

රනිල්ට, සජිත්ට, නාමල්ට අසූචි පහවෙලා ඉන්නේ, අනුරගේ රැල්ල දැකලා.

:       63       48

Chandra Wednesday, 28 August 2024 11:51 AM

රටම අනුරට​... මේක නම් රැල්ලක් නෙවෙයි සුනාමියක්...!

:       71       48

රංබොඩ Wednesday, 28 August 2024 12:01 PM

පලා බබා අපට එපා කියලා කැරැලි ගහපු ජන කොටස තමයි මේ...!

:       43       57

HemalWednesday, 28 August 2024 01:16 PM

රංබොඩ​, පළාත් සභා ක්‍රමයෙන් රටට වුණ සෙතක් තියෙනවාද​?

:       58       29

fairoos Wednesday, 28 August 2024 12:33 PM

ජයවේවා...! 

:       65       42

Nimal Wednesday, 28 August 2024 01:03 PM

අහන අහන අය අනුරට...

:       61       37

සිල්වා Wednesday, 28 August 2024 01:24 PM

ජාතික ජනබලවේගය ගෝබල් න්‍යාය පාවිච්චි කරන විදිහට නම් පරාජයට පත්වන අවස්ථාවකදී පිස්සු වැටී මහා කලබලයක් ඇතිකිරීම වැළැක්විය නොහැකිය.

:       25       45

පැරකුම් Wednesday, 28 August 2024 02:29 PM

නමවන සහ අවසාන විධායක ජනපති.

:       44       26

Gamini Wednesday, 28 August 2024 03:27 PM

ලංකාවේ මිනිස්සු ආයෙත් පාරක් රැවටෙන්න යන්නේ...!

:       11       35

Priyantha Dissanayake Wednesday, 28 August 2024 05:04 PM

සිංහල බෞද්ධ රටක් මේක. අවමයෙන් හෝ සිංහල බෞද්ධ සංස්කෘතියට අවනත වන සහ අවමයෙන් හෝ බෞද්ධ හැදියාවක් ඇති අයෙකුට මිස අන්‍යාගමික හෝ නිරාගමිකයෙකුට ජනාධිපති වෙන්න බැහැ. මිනිසුන් රවටන්න බැහැ. සම්ම්‍යක්දෘෂ්ඨික දෙවිවරු මේ පින්බිමට රැකවරණය දෙනවා.

:       7       37

sugathWednesday, 28 August 2024 06:59 PM

පහුගිය කාලේ රට බංකොලොත් වෙලා මිනිසුන් පෝලිම්වල ඉන්නකොට ඔය දෙවිවරු සෙට් එක කොහේද හිටියේ...?

:       10       33

Rohana Wednesday, 28 August 2024 06:12 PM

දුන් පොරොන්දු අකුරක් නෑර ඉටුකරන්න වෙනවා. එහෙම නොවුනොත් ආයෙත් ලැබෙන්නේ 3% ටත් අඩුවෙන්.

:       4       35

Nishan Thursday, 29 August 2024 06:39 AM

බහුතර කැමැත්තෙන් නෙවෙයි 51% ක කැමැත්තෙන් වෙන්න ඕනේ. ඒ කියන්නේ ලක්ෂ 75 ක් විතර... ඔයාට ලක්ෂ 75ක් තියා එයින් තුනෙන් පංගුවක්වත් ලැබෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දේශපාලන

මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 6202 35

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


’’ජනතාවට අවශ්‍ය සියලු සහන සලසනවා’’
2024 සැප්තැම්බර් මස 18 4827 23

රටේ ආර්ථිකය වැඩිදියුණු කර ගන්නා තෙක් ජනතාවට අවශ්‍ය සියලු සහන සලසන බව ජාතික ජනබලවේගයේජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහ


’’මම බලයට ඇවිත් මාස හයෙන් පාතාලය වනසනවා’’
2024 සැප්තැම්බර් මස 18 10275 24

දූෂණය වංචාව පිටුදකිමින් සුවහසක් ජනතාවගේ කඳුළු පිස දමන සෞභාග්‍යමත් යුගය ලබන 21 වනදායින් ආරම්භ කරන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂනායක සජිත


‘‘සතුටින් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 886 6

මේ රටට සතුටු දැයක් නිර්මාණය කිරීමට මේ රටේ ජනතාවට සතුටින් ජීවත් වීමට හැකි වාතාවරණයක් උදා කර දීම ආදරය සෙනෙහස ලබා දීම අපේ අරමුණ යැයි සර්ව ජන බල සන්ධානයේ ජන


‘‘රජයේ ප්‍රතිසංස්කරණ ඉදිරියටම යා යුතු බව අයි.එම්.එෆ් කියා තිබෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 17 514 9

වත්මන් රජය ගෙන යන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යා යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පත්වන නව රජයට කොන්දේසි තුනක් පනවමින් පවසා ඇතැයි ජනාධිපති රනිල් වික්‍


‘‘වංචනික දේශපාලකයන් ගෙදර යවන්න එක් වන්න‘‘
2024 සැප්තැම්බර් මස 17 1109 12

දශක ගණනාවක් මුළුල්ලේ මේ රටේ සියලුම ජනතාව වංචාවෙන් බොරුවෙන් රවටන තමන්ගේ වාසිය පමණක් බලන චංචනික දේශපාලකයින් ගෙදර යැවීමට මාලිමාව හා එක්වන්නැයි ජාතික ජන


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18143 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 277 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site