( දිනේෂ් උපේන්ද්‍ර)
මනාපය යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ට අයත් දෙයක් නොවන බවත් එය තමන් සිතැඟි පරිදි භාවිතා කිරීම ජනතාව සතු හිමිකමක් වුවත් පොහොට්ටුව ඉදිරියේ කතිරය සළකුණු කරන්නැයි ඉල්ලීම යුතුකමක් වශයෙන් සළකා සිදුකරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බැව්පැවසීය. එහිදී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.
ඇතැම් අපේක්‍ෂකයින් ගෙන්ගෙට ගොස් මේ මේ අපේක්‍ෂකයින් තුන්දෙනාට මනාප ගහන්න කියලා ආකෘති පත්‍රිකාවකුත් දෙනවා. එතකොට ඒ දේ සපුරන්න ගිහාම ඇත්තටම ඒ ඡන්ද දායකයාට මනාප කෙනෙකුට තමන්ගෙ මනාපය දෙන්න විදිහක් නැතිවෙනවා.
ඒනිසයි මම කියන්නෙ කිසිම කෙනෙකුට මනාප ඉල්ලීමේ අයිතියක් නැහැ. ඒත් පක්‍ෂය දිනවන්න කටයුතු කළයුතුයි. මනාපෙට බලපෑම් කරන එක වරදක්. ඡන්ද දායකයා තීන්දු කරාවි කාටද මනාප ලබාදියයුත්තෙ කියලා.
දැන් විපක්‍ෂයේ ප්‍රධාන කඳවුරු දෙකක් අතරත් ප්‍රහ්නය උග්‍ර අතට හැරෙමින් යන්නෙ. අපිටත් පුදුමයි මේ සජිත් මහත්තයා විසිදහස දෙන්නෙ කොහොමද කියලා. ඇහුවම කියන්නෙ නැහැ. ඇත්තටම කොහොම දෙන්නද ලෝක ආර්ථිකේ කඩාවැටිලා ඒ හරහා අපේ රටේ තත්වයත් එහෙම තමයි. කොවිඞ් වසංගතය නිසා ඇඟලුම් ක්‍ෂෙත්‍රය වගේම අනෙකුත් කර්මාන්ත ඇණහිටලා විදේශ විනිමය එන්නෙත් නැහැ. විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වාගන්න කියලා හැමදාම ඉල්ලීම කරන තත්වයක රට තියෙන අතරතුර රුපියල් විසිදහස දෙන්න හදන්නෙ.
ඇමරිකාවෙ බිලියන 3.2ක් අච්චුගහල දුන්නා වගේ සජිත් මහත්තයා සල්ලි අච්චුගහලා දෙන්නද දන්නෙ නැහැ හිතං ඉන්නෙ. එතුමලාට ගමේ ඔබට අපිට තේරෙන උද්ධමනය තේරෙන්නෙ නැහැ.
එහෙව් ආර්ථික විශේෂඥයො විශ්වාස කරන්නනම් එපා. පසුගිය කාලෙ ඒ ඔස්තාර්ලා තමයි රටේ ආර්ථිකය වලපල්ලට යවන්න කටයුතු කළේ. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා බලය ඉල්ලන්නෙ දේශීය ආර්ථික වැඩපිළිවෙලක් ක්‍රීයාවට නංවන්න.
අපේක්‍ෂකයින් සංවිධානය කරන ජනහමු වලට එතුමා පඬුවස්නුවර ආ වෙලාවෙ මම ඉල්ලුව කරුණු 3 ගැනත් එතුමා විශේෂ අවධානය යොමුකළා. මේ ප්‍රදේශයේ තියන වැව් හයදහස් හත්සියයෙන් ඇතැම් වැව් කිසිම නඩත්තුවක් වෙලා නැහැ.
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව
අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව
මෙම රජය කලින් තිබූ රජයන් මෙන් නොව ඕනෑම දෙයක් පිළිබදව සාකච්ඡා කළ හැකියි. නමුත් රෝගීන් ඇපයට තබාගෙන රෝගීන් දුෂ්කරතාවට පත්වන ලෙස කටයුතු කරන්නේ නම් ජනතාවග
අයවැයෙන් සුරබිදෙන පහල වන්නේ නැති නැති නමුත් මෙතෙක් කලක් ගෙන ආ අසාර්ථක ආර්ථික කළමනාකරණය නතර කොට ආර්ථිකය හැරවුම් ලක්ෂයකට ගෙන එන බව ප්‍රවාහන සහ මහාමාර්ග
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
‘මනාප යනු ජනතාවට අයිති දෙයක් මිස දේශපාලනඥයින්ගේ දෙයක් නොවේ‘