IMG-LOGO

2025 අප්‍රේල් මස 13 වන ඉරිදා


මහින්ද රජය ණය කන්දක රට හිර කළැයි කීම ඔප්පු කරන්න බැරි ප්‍රකාශයක්

(නාලක සංජීව දහනායක)

ඔරොත්තු නොදෙන තරම් ණය කන්දක පසුගිය රජය රට හිරකර ඇති බවට අගමැතිවරයා එල්ලකරන චෝදනාව සංඛ්‍යා දත්ත මඟින් කිසිදා ඔප්පු කළ නොහැකි හුදු දේශපාලන ප‍්‍රකාශයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා  පැවසීය.

පුංචි බොරැල්ල, වජිරාස‍්‍රමයේදී, එකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (17) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද පැවසීය.

රටෙහි ඇතිව තිබෙන ආර්ථික අර්බුදයට මුහුණ දීමට නොහැකි නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉක්මන් ජනාධිපතිවරණයක් කැඳවූ බව අගමැතිවරයා පසුගිය දිනක ප‍්‍රකාශ කර තිබුණා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා මේ රට දැවැන්ත ණය කන්දක හිරකර තිබෙන බවත් ඒ නිසා කිසිම ක්‍ෂේත‍්‍රයකින් රටට ප‍්‍රගතියක් ලබාගැනීමට නොහැකිව තිබෙන බවත් අගමැතිවරයා ප‍්‍රකාශකර තිබුණා. ඔහුගේ මේ ප‍්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. එම ප‍්‍රකාශය සංඛ්‍යා, දත්ත මඟින් කිසිදා ඔප්පුකරන්න බැරි හුදු සටන් පාඨයක් පමණයි. අගමැතිවරයා පමණක් නොව, හිටපු මුදල් ඇමැතිවරයා හා ජනාධිපතිවරයාත් මේ බොරුව දිගින් දිගටම සමාජ ගත කරන්න උත්සාහ ගන්නවා.

යම් රටක රාජ්‍ය ණය ඒ රටට දැරීමට පුළුවන්ද, බැරිද යන්න පිළිබඳව ඒ රටේ රාජ්‍ය ණය අනුපාතය පිළිබඳ දර්ශකයෙන් පෙන්නුම් කෙරෙනවා. යම් රටක සම්පූර්ණ ණය ප‍්‍රමාණය ඒ රටේ දළ දේශීය ආදායමෙන් බෙදලා එම අගය සියයෙන් වැඩි කළාම ලැබෙන අගය රාජ්‍ය ණය අනුපාතය පිළිබඳ දර්ශකය වශයෙන් හඳුන්වනවා. 2001x2004 යුගයේදී රටේ ණය ප‍්‍රමාණය ඉහළගොස් දළ දේශීය නිෂ්පාදනය අඩු වුණා. ඒ නිසා රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒ බව එවකට අගමැතිධූරයේ කටයුතු කළ වත්මන් අගමැතිතුමාම ජාතිය අමතමින් ප‍්‍රකාශ කළා. ඒ නිසා එවැනි අර්බුද අනාගත රජයකට ඇති නොවීම සඳහා ජාත්‍යන්තරයේ උපදෙස් අනුව 2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අනුව රජයක් විසින් ලබා ගන්නා ණය සම්බන්ධ තොරතුරු වරින් වර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි.

ඒ පැවැති ණය අර්බුදයට 2005 වසරේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ රජයට මුහුණ දීමට සිදුවුණා. එතුමා ක‍්‍රම ක‍්‍රමයෙන් මේ දැවැන්ත ණය කන්ද අඩුකරගෙන ආවා. නමුත් 2009 අප රෙටි පැවැති යුද්ධය නිසා මේ ණය ප‍්‍රමාණය යළිත් වැඩිවුණා. නැවත යුද්ධයෙන් පසුව 2010 x2014 වසර දක්වා කාලය තුළදී රටේ ණය අනුපාතය සියයට 71.3ක් දක්වා අඩුවුණා.

නමුත් 2015 වසරේදී මෙම රජය බලයට පත්වූ මොහොතේ සිට නැවතත් අපේ රටේ ණය අනුපාතය අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. දළ දේශීය නිෂ්පාදනය අනුව අපේ රටේ තිබිය යුතු ණය අනුපාතය වන්නේ සියයට 80යි. මේවන විට රටේ ණය අනුපාතය සියයට 79 දක්වා ඉහළ ගොස් තිබෙන බව  මහබැංකු වාර්තාවල ස`දහන් වෙනවා. නමුත් මේ වනවිට රටේ ණය අනුපාතය සියයට 83.3 දක්වා ඉහළ ගොස් තිබෙන බව  විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවල ස`දහන් වෙනවා. මේ යන විදියට 2025 වසර වනවිට රට දැවැන්ත ණය අර්බුදයකට මුහුණ දෙනවා. ඒ වනවිට බලයට පත්ව සිටින අපේ රජයට ඒ ණය අර්බුදයට මුහුණ දීමට සිදුවෙනවා.

එමෙන්ම පසුගිය කාලයේ ඇතිවූ ආපදාවන්හීදී ජනතාවට සහන ලබානොදුන් බවට අගමැතිවරයා දෙණියායේදී රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කර තිබුණා. රජය විසින් වෙන්කරන ලද ආධාර මුදල් නිලධාරීන්ට ලැබෙන්නේ නැහැ. ආධාර මුදල් නොලැබීමට සම්පූර්ණයෙන්ම වගකිව යුතු වෙන්නේ හිටපු මුදල් ඇමැතිවරයායි. ඔහු 2016 වසරේදී අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කළ යුතු මුදලින් සියයට 32 ලබාදී නැහැ. සමස්ත අයවැයෙන් සියයට 20ක් වියදම් කර නැහැ. රජය මුදල් වියදම් නොකරන විට ජනතාව අතර මුදල් ගැවසෙන්නේ කොහොමද? 2016 වසරේ අයවැයෙන් වියදම් නොකර ඉතිරිවූ මුදලින් මත්තල ගුවන්තොටුපළ වැනි ගුවන්තොටුපළවල් 30ක්, නෙළුම් කුළුණු 80 මේ රටට ඉදිකරන්න හැකි බවද පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මෙසේ පැවසීය.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා සම්බන්ධයෙන් ඇතිව තිබෙන ප‍්‍රශ්නය මේ රටට අවමානයක්. නමුත් ඒ සම්බන්ධව ජනතා අවධානය මදි. ඔහු විදේශීය පුරවැසියෙක්. ඔහු මේ රටට අලූත් දේශපාලන පක්‍ෂයක් හදනවා. ඒ දේශපාලන පක්‍ෂයේ අපේක්‍ෂකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග‍්‍රහණය කරනවා. මේ යන විදියට අනාගතයේදී වෛයිකෝටත් අපේ රටේ දේශපාලන පක්‍ෂයක් හදාගන්න පුළුවන්. මේක තමයි අද යහපාලනේ ඇත්ත තත්ත්වය. මේ පුද්ගලයා ලංකාවේ බැංකු කොල්ල කාලා. මහ බැංකුව ශුද්ධ කරලා. දැන් කොල්ල කන්නේ ජාත්‍යන්තර බැංකු. කවුද මේවා කරන්නේ. රජයේ සබදකම් සහිත පුද්ගලයින්.

අපේ රජය සමයේ අපි මේ රටේ ජනතාවගේ ආර්ථිකය ආරක්ෂා කිරිම සඳහා කටයුතු කළා. සුවිශේෂ ගනුදෙනු වන විට එ් ගැන සෙවීමක් කළා. විදේශයට ගලා යන මේ මුදල් ගිනි අවි. මත්ද්‍රව්‍ය, ත‍්‍රස්තවාදයට සම්බන්ධද කියන සැකය ඇති වෙනවා. මුණසිංහව ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස පත් කළේ කවුද? රජයේ නිල බලය කම්බ හොරෙකුට ලබා දුන්නේ කවුද? මේ විදේශිකයා හා රජයේ ප‍්‍රබල චරිත අතර තියෙන සම්බන්ධය මොකක්ද? ලැබුණු මුදල සම්පූර්ණයෙන් ගියේ කොතැනටද කියන දේ දැනට පැහැදිලි නැහැ. මේවා ගැන සෙවිය යුතුයි.

පසුගිය රජය පෙරළීමට දැවැන්ත ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් දියත් වුණා. ඒ සඳහා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතුගාලා දැමීම අවශ්‍ය වුණා. පියවරෙන් පියවර සැලසුම් සහගතව ඒ දේ වුනා. ගුරුවරුන් දණ ගැස්වූ පුද්ගලයන්ටත් අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක කම් ලැබෙනවා. එකේ වාසිය යන්නේ එක්සත් ජාතික පක්ෂයට. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විනාශ කරන්නේ නැතුව මේ රටේ සම්පත් කුණු කොල්ලයට විකුණා දමන්න බැහැ. මත්තල විදේශීය සමාගමකට ලබා දීමෙන්  සිදුවෙන්නේ සම්පුර්ණ ගුවන පාලනය විදේශිකයින්ට ලබාදීමක්. කිසියම් ආණ්ඩුවක අහස පිළිබඳ පාලනයක් නැත්නම් එ් රටට කිසිම ස්වාධිපත්‍යයක් නැහැ. හැංගි හොරා විනිවිද භාවයකින් තොරව කරගෙන යන වැඩපිළිවෙළක් තියෙන්නේ.

තංගල්ල අධිකරණයෙන් ඇප නොලැබුණු පුද්ගලයන් වෙනුවෙන් හම්බන්තොට මහාධිකරණයට යන්න අපි තීරණය කළා. ඒ නීතියේ රාමුව තුළින් ඇප ගන්න. ඒ.එස්.පී දළුවත්ත කියන පොලිස් නිලධාරියාගේ හැසිරීම මුළු රටම දැක්කා. මාධ්‍යවේදියකුගේ කනට පහරදුන් ඒ පුද්ගලයා නිදැල්ලේ. සිද්ධිය දැකපු අය හිරේ. එම නිලධාරීයා දණ්ඩ නිති සංග‍්‍රහය අනුව බරපතළ තුවාල කරලා තියෙන්නේ වද හිංසා පනත යටතේත් නඩු පැවරිය හැකියි. හම්බන්තොටින් මාතරට තල්ලූ කිරීමෙන් ඒ ප‍්‍රශ්නය විසෙඳන්නේ නැහැ. අත් අඩංගුවට ගන්න පුද්ගලයින්ට තඩිබාන්න පොලීසියට අයිතියක් නැහැ. ඒ නිසා මේ නිලධාරියා අත්අඩංගුවට ගෙන දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දිය යුතු යැයිද පැවසීය.



අදහස් (1)

මහින්ද රජය ණය කන්දක රට හිර කළැයි කීම ඔප්පු කරන්න බැරි ප්‍රකාශයක්

sathyayaa Wednesday, 25 October 2017 12:24 AM

පසුගිය ආණ්ඩුවේ දැවැන්තයින් වගේම පොඩියන් ලාත් හවුලේ කළ හොරකම් වංචා පිලිබඳ ප‍්‍රකාශත් සම්පූර්ණයෙන්ම බොරුවක්. එම ප‍්‍රකාශය සංඛ්‍යා, දත්ත මඟින් කිසිදා ඔප්පුකරන්න බැරි හුදු සටන් පාඨයක් පමණයි.....හ්ම්ම් හරියට හරි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දේශපාලන

ජනපතිට ජපානයෙන් ආරාධනයක්
2025 අප්‍රේල් මස 11 2185 0

මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.


පිරිසිදු පුංචි ආණ්ඩු ටිකක් හදාගන්න
2025 අප්‍රේල් මස 11 507 0

අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා⁣ ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය


සුබ නැකතට රට අනුරට දුන් අය විපතකට
2025 මාර්තු මස 26 1920 32

සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද
2025 මාර්තු මස 25 3569 16

රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත


පළාත් පාලන ආයතනවල බලයත් ‘මාලිමාවට’ දෙන්න
2025 මාර්තු මස 21 1557 25

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවත් ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව


මේ වේගෙට ගියොත් සිංගප්පූරුව අල්ලන්න අවුරුදු 65ක් යනවා
2025 මාර්තු මස 21 4681 55

අද සිංගප්පූරුව තියෙන ආර්ථිකයට පැමිණෙන්න නම් මේ වේගයෙන් ගියොත් තව අවුරුදු 65ක් වත් යන බව පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 50 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 740 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site