(බිඟුන් මේනක ගමගේ )
මීළඟ ආණ්ඩුවේ බලවත් චරිතය වනු ඇත්තේ ජනාධිපතිවරයා නොව අගමැතිවරයා යැයි කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය මේනක හරන්කහ මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
මීළඟ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් උණුසුම් සාකච්ඡාවක් රටේ හටගෙන තිබෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සමාජයට ඇති අනවබෝධය නිසා යැයි ද ඒ මහතා කීවේය.
19 වැනි සංශෝධනයේ ක්‍රියාත්මක වීම නිසා මීළඟ ජනාධිපතිවරයාට මෛත්‍රිපාල සිරිසේන මහතාට තරම්වත් බලයක් නැතැයි ද ඔහු හෝ ඇය බල රහිත දුර්වල නාමික ජනාධිපතිවරයකු වනු ඇතැයි කී හෙතෙම එවැන්නෙකුගෙන් රටේ පරිවර්තනයක් අපේක්ෂා කිරීම මිථ්‍යාවක් යැයි අවධාරණය කර කීය.
එහෙත් මේ තත්ත්වය ගැන බොහෝ දෙනෙකුට අවබෝධයක් නැතැයි ද එනිසා දේශපාලන කණ්ඩායම් එක්ව මේ දිනවල නඩත්තු කරන්නේ ව්‍යාජ දේශපාලන සාකච්ඡාවක් යැයි ද ආචාර්ය හරන්කහ මහතා පැවසීය.
ජනාධිපති අපේක්ෂකයන් යැයි කියන පිරිස් කළයුත්තේ තමන්ගේ සුදුසුකම් ගැන ජනතාවට ඒත්තුගැන්වීමට වඩා තමාට වැඩ කිරීමට සිදුවන්නේ කවර අගමැතිවරයකු යටතේදැයි සොයාබැලීම යැයි ද ජනතාව කළයුත්තේ ඊනියා ජනාධිපති අපේක්ෂකයකු පසුපස දුවන්නේ නැතිව ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම හරහා වඩා ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් බිහිකරගැනීම යැයි ද ආචාර්ය හරන්කහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
මාලිමා ආණ්ඩුව යටතේ ගොවියා රජ කරවීම කෙසේ වෙතත් පච දේශපාලනය නම් රජ වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
සුබ නැකැතට රට අනුරට දුන් ජනතාවට ජීවත් විමේ අරගලයක නිරත වීමට සිදුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණවිරුවන්ට බ්‍රිතාන්‍ය පැනවූ තහනමින් ප්‍රවර්ධනය වන්නේ මානව හිමිකම් නොව ත්‍රස්තවාදී අභිලාෂයන් බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘මීළඟ ආණ්ඩුවේ බලවතා අගමැතිවරයායි‘
chandima Wednesday, 10 July 2019 12:12 PM
ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති වරයට පැවරූ බලතල ජනතා කැමැත්ත නොවිමසාම පාර්ලිමේන්තුවට පවරාගෙන. මෙවැනි රාජ්‍ය බලය පැවරීමකට ජනමත ව්‍යවස්ථාවක් අවශ්‍යමයි...
කමල්Thursday, 11 July 2019 03:16 PM
සුළු කරුණු වෙනස් කරගන්න නම් ජනමත විචාරණ ඕනෑ නෑ. නමුත් ඔය කියන වෙනස්කමේ ප්‍රමාණය හොඳටම වැඩියි. ව්‍යවස්ථාවේ විශාල වෙනස්කම් ඡන්දයෙන් පත්කෙරෙන පිරිස ස්වකැමැත්ත මත පමණක් සිදුකිරීම සුදුසු නෑ. ඔහොම ගැටලුවක් ඇති වෙලා නම් නුසුදුසු වුවත් ඒ බව නොසඟවා ජනතාවට කියලා හරි නව ජනාධිපති කෙනෙක්ව පත් කරා කියමුකෝ... එතකොට ජනාධිපතිගෙන් ඉවත්වන බලතල යන්න ඕනෑ අඩුතරමින් ඒ වෙනස්කම ගැන දැනගෙන සිට ජනතාව විසින් පත් කෙරෙන පාර්ලිමේන්තුවකට නේද? ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයක් එනකම් තියෙන හිදැස් කාලයේදී මොකද වෙන්නේ? ව්‍යාකූලත්වයකට තුඩුදෙන ඔය ආකාරයේ වරදක් වෙලා නම් දැනට ඉන්න පිරිසම අඩු තරමින් ඉදිරි ජනාධිපතිවරණයට කලින් ඒ දෝෂය නිවැරදි කරගන්නවා නම් තමයි හොඳ... මගේ නීති දැනුම සීමිතයි. සාමාන්‍ය දැනුමෙනුයි ලිව්වේ...
කමල්Thursday, 11 July 2019 05:30 PM
මම ලියපු දේ වරදක් තියෙනවා. දැනට ඇති පාර්ලිමේන්තුව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පත්කරගත් පාර්ලිමේන්තුවක්. ඒ නිසා මම ඒ ගැන ලියපු දේ සත්‍ය වශයෙන් ගැටළුවක් වන්නේ නෑ. තවත් දෙයක් පසුව මතක් වුනා. කලින් ජනාධිපතිවරණයේදී ව්‍යවස්ථාවේ ඔය ආකාරයේ වෙනසක් කරන බවට මෛත්‍රීපාල ජනාධිපතිතුමා එකල අපේක්ෂකයෙකු ලෙස ජනතාවට කීවා නේද? ජනාධිපතිවරණයයි ව්‍යවස්ථාව වෙනස් කිරීමයි දෙකක් තමයි, නමුත් ඒ අපේක්ෂකයෙකු ලෙස කී දේට කොච්චර බරක් දෙන්න පුළුවන්ද? මේ දවස්වල ජනාධිපති අපේක්ෂකයෙකු කියලා කියන නාගානන්ද කොඩිතුවක්කුත් ජනාධිපති වීමත් එක්ක කරන සම්පූර්ණ ව්‍යවස්ථා වෙනස් කිරීමක් ගැන කියනවා. ජනාධිපති අපේක්ෂකයෙකු ජනතාවට දෙන පොරොන්දුවක් මත පමණක් ව්‍යවස්ථාවේ මහා පරිමාණ වෙනස්කමක් කරන්ඩ පුළුවන් නම් ඒ හැකියාව පහසුවෙන්ම විනාශකාරී ලෙස භාවිතා කරන්න පුළුවන් බව පේනවා. අධිකරණ පද්ධතියෙනුත් මත විමසලා නේද ඔය කියන 19 වන ව්‍යවස්ථා වෙනස කළේ? එහෙමත් එකේ ඔහොම ලොකු වෙනසක් ජනමත විචාරණයකින් තොරව කෙරී ඇත් නම් කොහොමද එහෙම උනේ? නැත්නම් මේ කතිකාචාර්ය තුමා කියන්නේ නිවැරදි නොවන දෙයක්ද?
chandanaFriday, 26 July 2019 06:03 AM
ඕක මොකක්ද අනේ... අපිට ඡන්දයේ අයිතිවාසිකම ආරක්ෂා කරල දෙන්න කැප විය යුතු කොමිසමක සාමාජිකයෙක් ඒක වලක්වන්න කටයුතු කලා මතකද..? ප්‍රජාතන්ත්‍රවාදය හරියට අර අයාලේ ගිය යහපාලනය කියන වචනය වගෙයි. අපිට අවශ්‍ය වන්නේ ජාතිවාදය නැති, ත්‍රස්තවාදය නැති, මෙච්චර පුංචි රට තව තවත් කැබලි වලට කඩන්නේ නැති, දරුවන්ට නිදහසේ රට තුල අධ්‍යාපනය ලබන්න (සල්ලි බලයට නොව දක්ෂතාවය මත) හා ජීවත්වෙන්න පුළුවන් රටක්. එහෙම ජීවත්වෙන්න පුළුවන්නම් ඒක ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවුනට කමක් නැහැ. ගඩාෆිගේ ප්‍රජාතන්ත්‍රවාදී නොවුනු ලිබියාවේ ජීවත්වෙන්න තිබුණු කිසිම පහසුකමක් අද නැහැ නේද. ඒ නිසා කිසිම ව්‍යවස්ථා බාධාවකින් තොරව වරදට දඩුවම් දි හැකි පාලන ක්‍රමයක් අවශ්‍යයි. වැරදි කාරයො ඒකට බය වුනාට සාමාන්‍ය ජනතාවට බය වෙන්න දෙයක් නැහැ.
chandima Wednesday, 10 July 2019 01:46 PM
ජනතාව විධායක බලතල දුන්නේ ජනාධිපතිවරයාට. නමුත් ජනාධිපති ඉවත්වෙන්නේ ඒ බලතල අගමැතිට පවරලා. නැතිනම් පැවරෙන විදියට වැඩ කටයුතු සලස්වලා. මේ සඳහා ජනතා කැමැත්ත අවශ්‍යයි. ඒ ගොල්ලන්ට හිතුමතේට රටේ ජනතාවගේ නායකත්වය හසුරුවන්නට බැහැ.
නයෝමල් Saturday, 27 July 2019 12:32 PM
මොලේ විකෘති වෙලාද? මෙයා හිතන් ඇති ව්‍යවස්ථාව කියන්නේ ටියුෂන් පොතක් කියලා...